lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

වියරු ධනේශ්වරයට එරෙහිව වැඩකරන ජනයාගේ බලයක්…- ශ්‍රිනාත් පෙරේරා

Taniya by Taniya
August 13, 2026
in ලිපි
0
වියරු ධනේශ්වරයට එරෙහිව  වැඩකරන ජනයාගේ බලයක්…- ශ්‍රිනාත් පෙරේරා
Share on FacebookShare on Twitter

මැයි දිනය – ලෝක කම්කරු දිනය ගෙවී ගියා. වාමාංශික පක්ෂ, වෘත්තීය සමිති වගේම ධනේශ්වර පක්ෂත් මැයි දිනය සැමරුවා. සැමරුවා කියනවට වඩා උචිත වෙන්නේ මැයි දිනය නාමයෙන් රැස්වීම් පැවැත්වුවා.ලොකු ලොකු ටෝක් දුන්නා ඔවුන් අරක කරන්නම් මේක කරන්නම්, මේක දෙන්නම් අරක දෙන්නම් ආදි වශයෙන් පොරොන්දු තොගයක් දුන්න. රැලිවලට පැමිණි ජනයා/කම්කරුවෝ අත්පොලසන් ගසමින් ඒව අහන් ඉඳල හොඳට බීල ආපහු ගියා.
කම්කරු දිනය දූෂණය කර ඇති යූඑන්පීය, පොහොට්ටුව, සජබ වගේ කම්කරු විරෝධී ධනපති පක්ෂ හැමදාමත් කළේ මේ දේම තමයි. කම්කරු දිනය කම්කරුවන් වෙනුවෙන් කැප කරනවා වෙනුවට උන් කරන්නෙ ඒක උන්ගෙ නායකයන් වෙනුවෙන් කැප කරන එකයි. මේකෙ හොඳම උදාහරණය තිබුණේ 1993 වසරෙදියි. එදා බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ නායකයා වුනේ ජනාධිපති ආර්. ප්‍රේමදාසයි. මැයි දිනය නිමිත්තෙන් ගෝල්ෆෙස් පිටියේ පොල් ගහක් තරම් උසට ප්‍රේමදාසගෙ රුව සහිත කටවුට් එකක් සවි කොට තිබුණා. ”වියරු මිනිසා” කියල චිත්‍රපටයක් ප්‍රදර්ශනය වුනෙත් ඒ ආසන්න කාලෙක නිසා මේ කටවුට් එකටත් ජනයා උපහාසයෙන් කිව්වෙ වියරු මිනිසා කියලයි. ඒ කාලයේ ප්‍රේමදාස ජනාධිපතිවරයා වැඩකළේ වියරු මිනිසකු වගේ නිසා ඒ යෙදුම හොඳට ගැලපුනා. එම වසරේ යූඑන්පී මැයි දින පෙළපාලිය මෙහෙයවමින් සිටියදී තමයි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ප්‍රේමදාස මියගියේ.

මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ කම්කරු පන්තියට වැඩකරන ජනතාවට සිය අයිතිවාසිකම් දිනාගැනීමට පදනම දැමූ කම්කරු දිනයේදී පවා කම්කරුවන් දීන තත්ත්වයට පත්කොට නායකයන්ට පාලකයන්ට හුරේ දමන තත්ත්වයකට පත්කොට ඇති බවයි. කම්කරුවන්ගේ අභිමානය සහ සටන්කාමීත්වය මත පදනම්ව මැයි දිනය සැමරූ සමසමාජ පක්ෂය ධනපති පන්තිය සමග සභාග දේශපාලනයට නතුවීමෙන් පසු තමයි මේ නස්පැත්තිය වැඩකරන ජනතාවට උදාවුනේ. එය දැන් ආපහු හැරවිය නොහැකි මට්ටමට පන්ති ව්‍යාපාරය දූෂණය කරල කිඳා බැහැල තියෙන්නෙ.

මෙවර මැයි දිනය එයිනුත් එහාට ගියා. ඒ තමයි මෙවර මැයි දින ක්‍රියාකාරකම් ඉදිරියේ එන බවට අපේක්ෂා කරන මැතිවරණ ඉලක්ක කොට පැවැත්වීමයි. සියලු ප්‍රධාන පක්ෂ මැතිවරණ මුල්කොට කම්කරු දිනය පාවාදුන්න එහෙම නැත්නම් යටපත් කළා. කම්කරු පන්තිය ගැන කිසිදු හැඟීමක් නැති ධනේශ්වර පක්ෂ එලෙස ක්‍රියා කිරීම තේරුම් ගන්න පුලුවන්. ඒත් වැඩකරන ජනයාගේ පීඩිතයන්ගේ විමුක්තිය ගැන කතාකළ ජනතා විමුක්ති පෙරමුණත් කම්කරුවන් ගැන අමතක කරල ලෝක කම්කරු දිනය මුළුමනින්ම මැතිවරණ සෙල්ලමක් වෙනුවෙන් පාවාදුන්න එක සමාව නොදිය හැකි වරදක්.

වෙන වසරවලදී මැයි දිනය ළං වෙනකොට ජවිපෙ ”රතු මැයි රැලිය” පෝස්ටර්, බැනර් සහ කටවුට්වලින් මුලු රටම වෙලාගන්නව. වෙන කෙනෙකුට පෝස්ටරයක් ගහන්න අවස්ථාවක් හෝ ඉඩක් නැහැ. ඒ වගේම මැයි දින පෙළපාලියෙ මුලින්ම කම්කරු පන්තියේ විමුක්තියට මග පෙන්වූ මාක්ස්, එංගල්ස්, ලෙනින්ගෙ විශාල සේයාරූ රැගෙන යනව. එයට අමතරව ඔවුන්ගේ නිර්මාතෘ වන විජේවීරගෙත් විශාල සේයාරුවක් ගෙනයනව. මේ පාර ඒ මොකක්වත් නැහැ. ඊනියා රතු මැයි රැලිය පොදු ජනතාවට අකැප ධනේශ්වරයේ මැතිවරණ කෙලිය වෙනුවෙන් පාවා දෙනු ලැබුවා.

ඇත්ත කතාව නම් ජවිපෙ මෙවර මැයි දිනය තම මැතිවරණ පෙරමුණ වන ජාතික ජන බලවේගයට පාවාදුන්නා. ඒ හුදෙක්ම ළඟ එන මැතිවරණ බොහෝ විට ජනාධිපතිවරණය වෙනුවෙන්. කම්කරු පන්ති ව්‍යාපාරයේ සටන්කාමීත්වයට අදාළ සියලු ක්‍රියාකාරකම් සහ විශේෂාංග යටපත් කරල ජාජබයේ මැද පන්තික මානසිකත්වයට ආමන්ත්‍රණය කරන රැස්වීමක් සහ එයට අනුපාන වූ පෙයක් තමයි ජවිපෙ පැවැත්වූයේ.
මේ සියලු කාරණා කිව්වෙ පූර්විකාවක් වශයෙන් අපේ ප්‍රධාන ප්‍රස්තුතයට පිවිසුමක් හැටියට. ජවිපෙත් ඇතුළුව අනෙකුත් සියලු ප්‍රධාන පක්ෂ නවලිබරල් ධනවාදය අද දෝතින්ම පිලිඅරගෙන තියෙන්නෙ. එජාපය සජබ, පොහොට්ටුව වගේ පක්ෂවලින් ජවිපෙ/ජාජබ වෙනස් වෙනව නම් වෙනස් වෙන්නෙ ඔවුන් දූෂණයෙන් හොරකමින් තොරව මේ ක්‍රමය පවත්වාගෙන යනව කියන වාග් කියමනින් විතරයි. ජවිපෙ එහිලා කොච්චර අන්තයකට යනවද කිව්වොත් බොහෝ ලිබරල් බුද්ධිමතුන් කියන අය පවා විරුද්ධ වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල් වික්‍රමසිංහ ගසා ඇති ගිවිසුම එලෙසම පවත්වාගෙන යන්නත් ඔවුන් කැප වී සිටිනවා. අනුරකුමාර දිසානායක මේ මෑතකදී රූපවාහිනී සාකච්ඡාවකදී පවා ඒ බව නොපැකිලව ප්‍රකාශ කළා.

අනෙකුත් ධනපති පක්ෂ මේ පවතින සිස්ටම් එක එලෙසින්ම පවත්වාගෙන යන්න කටයුතු කරද්දී මේ සිස්ටම් එකට එරෙහිව දෙවරක්ම කැරලි ගැසූ ජනතා විමුක්ති පෙරමුණ දැන් ඒ සිස්ටම් එක වඩා හොඳට පවත්වාගෙන යන්න පොරොන්දු වෙමින් පෙරට ඇවිත් තියෙනවා. මීට දස වසරකට පමණ පෙර කාලයේදී ”මජර ධනවාදය” ලෙස අනුර කුමාර ඇතුළු ජවිපෙ නායකයන් විසින්ම හඳුන්වන ලද මේ සිස්ටම් එකේ ”මජර ගති” ඉවත් කොට පවත්වාගෙන යන්නයි ජවිපෙ දැන් ඉදිරිපත් වී සිටින්නෙ.

දැන් වෙනකොට ඉතා පැහැදිලිව පෙනීගොස් තියෙන කාරණය තමයි ජවිපෙ කලින් කිව්ව මජර ධනවාදයේ ලොකුම ආරක්ෂකයා රනිල් වික්‍රමසිංහ බව. මේ සිස්ටම් එක එලෙසින්ම පවත්වාගෙන යන්න විතරක් නෙවෙයි එය තවදුරටත් එහි ගැඹුරටම ගිල්වා යලි වෙනස් නොකළ හැකි ලෙස පැලපදියම් කරන්නත් රනිල් වැඩ කරන්නෙ වියරුවෙන් වගේ.

රටේ බලශක්ති සම්පාදනයේ ප්‍රමුඛතම කොටසක් වන විදුලිබල ක්ෂේත්‍රය නිර්ලජ්ජිත ලෙස විදේශීය ජාවාරම්කරුවන්ට පවරාදෙන්න රනිල් කන්චන දෙබාන ලහිලහියේ වැඩ කරගෙන යනව. විදුලිබල පනතක් කෙටුම්පතක් වශයෙන් මේ වනවිටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල තියෙන්නෙ. විදුලිබල මණ්ඩලය කෑලිවලට කඩල එහි හොඳම කොටස් අදානි සමාගමට දෙන්න තමයි සැලසුම තියෙන්නෙ. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්තිය, මන්නාරම පදනම් කරගත් සුළං බල ව්‍යාපෘති නිල වශයෙන් දෙන්නත් කලින්ම අදානි සමාගමට ලබාදෙන බව රනිල් වික්‍රමසිංහ මේ මෑතකදීත් ප්‍රකාශ කළා. අඩු මිලට අදානිට දීල ඊට පස්සෙ වැඩි මිලට උන්ගෙන් විදුලිය ගන්නයි අපට සිදුවෙන්නෙ.
රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ වියරු ධනේශ්වරය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳ එක උදාහරණයක් විතරයි මේ. ඔහුගේ පාලනයේ අවසන් මාස කීපය නිසා ඉදිරි මාස කීපයේදී රනිල් වැඩකරනු ඇත්තේ එදා ප්‍රේමදාස වගේ වියරු මිනිසකු ලෙසින්. ධනේශ්වර සාරධර්ම, ධනපති සදාචාරය ගැන කතා කළ ඇතැම් ලිබරල්වාදී බුද්ධිමතුන් කියන අය පවා දැන් නිහඬව ඉන්නෙ රනිල්ගේ මේ වියරු මතවාදයෙන් සහ ක්‍රියාකලාපයෙන් ආලෝලනය වෙලා වගේ. යහ පාලනය එහෙම නැත්නම් යහපත් ආණ්ඩුකරණය ගැන ලියූ කියූ මෙවැනි පිරිස් විශේෂයෙන්ම ඉංගිරිසි කතා කරන සමාජ කොටස් බොහෝමයක් දැන් නිහඬයි. ඔවුන්ට අහිමි වෙමින් පැවති පන්ති ආධිපත්‍යය රනිල් වික්‍රමසිංහ විසින් නැවත තහවුරු කෙරෙන බවට වන අදහසකින් ඔවුන් නිහඬව ඉන්න බවකුයි පෙනීයන්නෙ.

රනිල්ගෙ නායකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන මේ වියරු ධනේශ්වර වැඩපිළිවෙළ පරාජය කරන්න පුලුවන් එකම බලවේගය කම්කරු පන්තිය විතරයි. තම පන්තියේ සාමූහික ශක්තිය මත පදනම් වෙමින් වැඩකරන ජනයා නැවත තම පන්තියේ අයිතිය වෙනුවෙන් සංවිධානය වීම පමා කරන්නට බැහැ. හුදෙක් ජනතාව අතට බලය ගැනීම වැනි වියුක්ත සටන්පාඨවලින් මිදී තම පන්තියේ බලය තහවුරු කරගැනීමට ක්‍රියාකිරීම කම්කරු පන්ති බලවේගවල වගකීමයි.අනෙක ධනපති පන්තිය තම බලය තහවුරු කරගැනීමට ක්‍රියාකරන උනන්දුව සහ වේගය බලද්දී කම්කරු පන්තියට කල් බලන්න කාලයක් නැහැ. වෙන මොන උද්ඝෝෂණ, පෙළපාලි ගියත් වැඩකරන ජනයා තීරණාත්මක ලෙස නායකත්වයේ කාර්ය්‍යභාරයක් නොදරන තාක් දුරට එවැනි අරගලවලින් ලබන්න පුලුවන් අතරමැදි ජයග්‍රහණයක් විතරක් බව පහුගිය අරගලයෙනුත් පැහැදිලි වූ කාරණයක්. ඒ නිසා වැඩකරන ජනතාවගේ පැහැදිලි බලවේගයක් ගොඩනැගීම අත්‍යාවශ්‍යයි. ඒ සඳහා කම්හල් වැඩබිම් මට්ටමේ කමිටු ගොඩනගමින් කම්කරු පන්තිය බිම් මට්ටමේ සිට සංවිධානය කිරීම තමයි මේ මොහොතේ පන්ති බලයක් ගැන විස්වාස කරන සියලු දෙනාගේම වගකීම වෙන්නෙ.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
රනිල් වැල් පාලමෙන් ඇද වැටෙයි

රනිල් වැල් පාලමෙන් ඇද වැටෙයි

යන යකා  කොරහත් බිඳගෙන  යාමට පෙර…

යන යකා කොරහත් බිඳගෙන යාමට පෙර...

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.