lankasocialist
Friday, October 23, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

මෛත්‍රෙයි රාමකිෂ්ණන් ට එරෙහිව වර්ගවාදී ප්‍රහාරයන් සහ ලාංකේය නූතන සමාජ මාධ්‍යයේ ජාතිවාදී දේශපාලනය

New Admin by New Admin
October 15, 2026
in From the Press, දේශීය, රතු තරුව, ලිපි
0
මෛත්‍රෙයි රාමකිෂ්ණන් ට එරෙහිව වර්ගවාදී ප්‍රහාරයන් සහ ලාංකේය නූතන සමාජ මාධ්‍යයේ ජාතිවාදී දේශපාලනය
Share on FacebookShare on Twitter

තමන් කවුරුන්දැයි පැවසීම මිනිසෙකුගේ මූලික අයිතියකි. එහෙත් ශ්‍රී ලංකාවේ ජාතිවාදී දේශපාලනයේ කොටසක් ඉදිරියේ එම අයිතිය පවා අද ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. කැනඩාවේ උපත ලද දෙමළ සම්භවයක් ඇති නිළි මෛත්‍රෙයි රාමකිෂ්ණන් තම දෙමළ අනන්‍යතාවය පිළිබඳව කළ ප්‍රකාශයන් හේතුවෙන් මුහුණ දුන් සමාජ මාධ්‍ය ප්‍රහාරය එයට නවතම උදාහරණයකි.

මෛත්‍රෙයි රාමකිෂ්ණන්  Never Have I Ever හරහා ලෝක ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූ අතර, 2026 සැප්තැම්බර් 18 දා Netflix වෙත නිකුත් වූ Best of the Best චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරයි. චිත්‍රපටයේ ඇයගේ චරිතය තම අනන්‍යතාවය පැහැදිලි කරන අවස්ථාවේ “I’m Tamil. My family’s from Tamil Eelam” යන දෙබස භාවිත කරයි. එය හුදෙක් තිර රචනයක වාක්‍යයක් නොව, රාමකිෂ්ණන්ගේ සැබෑ සංස්කෘතික අනන්‍යතාවය පිළිබඳ ඇයගේම ප්‍රකාශනයක් බවට පත්විය. ඇය තමන්ගේ රට කැනඩාව බවත්, තම සංස්කෘතික මූලයන් දෙමළ බවත් මීට පෙරද ප්‍රසිද්ධියේ පවසා තිබේ.

මෙම ප්‍රකාශය සිංහල සමාජ මාධ්‍ය අවකාශය තුළ ප්‍රසිද්ධියට පත් වීමත් සමග මෙම අනන්‍යතාවය ප්‍රකාශයට පත් කිරීම ලාංකේය වර්ගවාදී කොටස් වලට පිළිගත නොහැකි දෙයක් විය. ඒ අනුව මෛත්‍රෙයි රාමකිෂ්ණන්ට එරෙහිව සමාජ මාධ්‍ය අවකාශය තුළ වර්ගවාදී ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රවණතාවක් ආරම්භ විය. සංවිධානාත්මකව සමාජ මාධ්‍ය පිටු හරහා ඇයට විරුද්ධව ද්වේශ සහගත අපහාස, ලිංගික තර්ජන Post, Meme, Reels ඉදිරිපත් කෙරිණි. ඇතැම් සිංහල ජාතිකවාදී සමාජ මාධ්‍ය කණ්ඩායම් විසින් මෙය දේශපාලන ප්‍රහාරයකට හරවා තිබේ. එහි වඩාත් පැහැදිලි උදාහරණයක් වන්නේ The Sri COM  වැනි සමාජ මාධ්‍ය පිටුය. Jaffna Monitor විසින් පරීක්ෂා කර වාර්තා කර ඇති පෝස්ට් අනුව, එම Facebook පිටුව තම අනුගාමිකයන්ට Best of the Best චිත්‍රපටයට IMDb හි එක් තරුව ලබාදෙන ලෙස සංවිධානාත්මකව කැඳවා තිබේ. තවද, ChatGPT හෝ Google Gemini භාවිත කර මෛත්‍රෙයිගේ රංගනය විවේචනය කරන සෘණාත්මක reviews නිර්මාණය කර ඒවා IMDb වෙත පළ කරන ආකාරය පිළිබඳ උපදෙස්ද ලබාදී තිබේ.

මෙය සාමාන්‍ය චිත්‍රපට විචාරයකට වඩා වෙනස් ක්‍රියාවකි. කලා කෘතියකට කැමති නොවීමේ අයිතිය සෑම ප්‍රේක්ෂකයෙකුටම තිබේ. නමුත් කලා කෘතියක ගුණාත්මකභාවය නොව, එහි නිළියකගේ වාර්ගික අනන්‍යතාවය ඉලක්ක කරගනිමින් සංවිධානාත්මකව ratings සහ reviews මෙහෙයවීම වෙනස් ප්‍රශ්නයකි. මෙහිදී The Sri COM සම්බන්ධ චෝදනාව තවදුරටත් බරපතළ වන්නේ එම ක්‍රියාව පිළිබඳ පෝස්ට් සහ comments සම්බන්ධයෙන් මාධ්‍යමය පරීක්ෂණයක් සිදු කර තිබීමත්, IMDb විසින්ම Best of the Best සඳහා “Unusual activity” හඳුනාගෙන ඇති බව ප්‍රකාශ කර තිබීමත් නිසාය. තවද, IMDb හි පරිශීලකයෙකු ඉදිරිපත් කළ පැමිණිල්ලක ශ්‍රී ලංකාවෙන් ලැබුණු ratings අතර අසාමාන්‍ය ලෙස එක්-තරු ratings වැඩිවීම පිළිබඳ සංඛ්‍යාත්මක අවධානයක් යොමු කර තිබුණි. එය තනි පුද්ගලයකුගේ චිත්‍රපට විවේචනයකට වඩා වෙනස් රටාවක් පිළිබඳ ප්‍රශ්නයක් මතු කරයි.

වඩාත් බරපතළ කරුණ වන්නේ මෛත්‍රෙයි රාමකිෂ්ණන්ගේ දෙමළ අනන්‍යතාවය LTTE සමඟ සෘජුව සම්බන්ධ කිරීමට ගත් උත්සාහයයි. Jaffna Monitor හි පරීක්ෂණයට අනුව The Sri COM ඇතුළු ඇතැම් පිටු ඇය LTTE ආධාරකරුවෙකු ලෙස හඳුන්වා තිබුණද, එම වාර්තාව ඇය LTTE වෙත සහාය පළ කළ ප්‍රකාශයක් හඳුනාගෙන නොමැති බවද සඳහන් කරයි. මෙහිදී අපට මූලික ප්‍රශ්නයක් මතු වේ. දෙමළ අනන්‍යතාවය ප්‍රකාශ කිරීම LTTE දේශපාලනයට සහාය දැක්වීමක්ද ? එසේ නම් ලෝකයේ දෙමළ ජනතාවගෙන් කී දෙනෙකුගේ සංස්කෘතික අනන්‍යතාවය දේශපාලන අපරාධයක් බවට පත් කළ හැකිද ?

තව ද ඊළාම් අනන්‍යතාවය යන්න සත්‍ය වශයෙන් නොපවතින්නක් ලෙස වර්ගවාදී කොටස් ප්‍රකාශ කරනු ලැබීය. ශ්‍රී ලාංකේය දෙමළ ප්‍රජාවගේ අනන්‍යතාවය ගොඩ නගා ගත යුත්තේ සිංහල බෞද්ධ වර්ගවාදී කොටස් වලට අනුව බව එහි අදහස විය. එමෙන්ම ඇතැම් වර්ගවාදී ශාස්ත්‍රීය උගතුන් ඊළාම් යන වචනය සහ අනන්‍යතාවය පිළිබඳ ව්‍යාජ මත පළ කිරීමට ඉතිහාසකරණය සිතා මතා වෙනස් කිරීමට වැඩ කටයුතු කරන ලද අතර එයට එරෙහි කොටස් වලට වර්ගවාදී ප්‍රහාර එල්ල කිරීම ද සමාජ මාධ්‍ය අවකාශය තුළ දී සිදු විය.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ ජාතිවාදී දේශපාලනය විසින් සිංහල හා දෙමළ වැඩ කරන ජනතාව අතර ඇති පොදු සමාජ-ආර්ථික ගැටලු යටපත් කරමින් ජාතික අනන්‍යතාවය දේශපාලන අවියක් බවට පත් කළ අවස්ථා අපමණය. අද ඩිජිටල් යුගයේ එම ක්‍රියාවලිය නව තාක්ෂණයන් සමඟ තවත් වේගවත් වී තිබේ. Facebook, IMDb සහ generative AI වැනි මෙවලම් දැන් දේශපාලන ප්‍රචාරණයේ නව ක්ෂේත්‍ර බවට පත්ව ඇත. එබැවින් මෛත්‍රෙයි රාමකිෂ්ණන්ට එරෙහි මෙම සිදුවීම එක් නිළියකගේ ප්‍රසිද්ධිය පිළිබඳ ගැටලුවක් පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ ජාතිවාදී දේශපාලනය ඩිජිටල් අවකාශය තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ වැදගත් උදාහරණයකි.

මාක්ස්වාදී දෘෂ්ටිකෝණයකින් මෙය තේරුම් ගැනීමේදී තවත් ප්‍රශ්නයක් මතු වේ. ජීවන වියදම, රැකියා අනාරක්ෂිතභාවය, අධ්‍යාපනික අර්බුද සහ ආර්ථික අසමානතාව වැනි සැබෑ ප්‍රශ්නවලට මුහුණ දෙන වැඩ කරන ජනතාව එකිනෙකාට එරෙහිව ජාතිය හා අනන්‍යතාව මත බෙදීම, ඔවුන්ගේ පොදු පන්ති අත්දැකීම යටපත් කරයි. මෛත්‍රෙයි තමන් දෙමළ යැයි පැවසීම ඇගේ අයිතියකි. සිංහලයෙකුට සිංහලයෙකු ලෙස තම අනන්‍යතාවය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය මෙන්ම එයද ආරක්ෂා කළ යුතුය. අද අවශ්‍ය වන්නේ අනන්‍යතාවයන්ට දඬුවම් කරන ජාතිවාදයක් නොව, විවිධ අනන්‍යතාවයන්ට සමාන ගෞරවය ලබාදෙන සමාජයකි. සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු වැඩ කරන ජනතාවගේ සැබෑ සතුරා එකිනෙකා නොව, ඔවුන් මුහුණ දෙන සමාජ හා ආර්ථික පීඩනයයි. ජාතිවාදී බෙදීම්වලට එරෙහිව පන්ති එකමුතුව ගොඩනැගීම අද දේශපාලනිකව අත්‍යවශ්‍ය වන්නේ එබැවිනි.

Related Posts

Education or Work
From the Press

ශිෂ්‍ය ප්‍රජාවට හිමි අධ්‍යාපනය ද ? නැතිනම් දවසේ වැටුපද ?

by Saliya Kanugala
October 18, 2026
0

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවගේ අර්ධකාලීන රැකියා අරගලය රටේ ආර්ථිකය “යථා තත්ත්වයට පත්වෙමින්” ඇතැයි සංඛ්‍යා කියයි....

Read moreDetails
Anura Kumara

අනුර කුමාර හා NPP ආණ්ඩුවේ වසර දෙකක ශේෂ පත්‍රය

October 15, 2026
ජ.වි.ප.යේ දිවි නසා ගැනීම

ජ.වි.ප.යේ දිවි නසා ගැනීම

October 15, 2026
PSTA මර රකුසාමරා දැමීමට පෙළ ගැසෙව්!

PSTA මර රකුසාමරා දැමීමට පෙළ ගැසෙව්!

October 15, 2026
Rathu Tharuwa Oct. Edition

Rathu Tharuwa Oct. Edition

October 15, 2026
Next Post
Anura Kumara

අනුර කුමාර හා NPP ආණ්ඩුවේ වසර දෙකක ශේෂ පත්‍රය

Education or Work

ශිෂ්‍ය ප්‍රජාවට හිමි අධ්‍යාපනය ද ? නැතිනම් දවසේ වැටුපද ?

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.