lankasocialist
Friday, October 23, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ජ.වි.ප.යේ දිවි නසා ගැනීම

New Admin by New Admin
October 15, 2026
in From the Press, දේශීය, රතු තරුව, ලිපි
0
ජ.වි.ප.යේ දිවි නසා ගැනීම
Share on FacebookShare on Twitter


බොහෝ දේශපාලන ව්‍යාපාර බලය ලබා ගැනීමට පෙර හුදෙක් පවතින ක්‍රමවේදය සහ පාලකයින් විවේචනය කිරීම පමණක් සිදුකරයි. නමුත් එම විවේචන මතම යැපෙමින් සිටින බලවේගයකට මැතිවරණයකින් නොසිතූ බලයක් ලැබුණු විට ඔවුන් දැඩි අර්බුදයකට ලක්වේ. මන්ද එම පරිවර්තනය සඳහා ජනතාවගේ මතය හා ශ්‍රමය දෘෂ්ටිවාදිමය වශයෙන් ඔවුන් සංවිධානය කර නොමැති නිසාත් බලය ලබා ගත් පසු කළ යුතු ප්‍රායෝගික වැඩපිළිවෙලක්ද ඔවුන් සතුව නොමැති වීමත්ය. එහි ප්‍රතිඵලය වන්නේ තමන්ගේ ක්‍රියාමාර්ගවල හිස් බව වසා ගැනීමේ අර්බුදයට ඔවුන් ගොදුරු වීමයි. ලෙනින් එය හැඳින්වූයේ සැබෑ ප්‍රතිපත්ති පාවාදී බලය වෙනුවෙන් කරන අවස්ථාවාදය ලෙසයි. ජ.වි.ප.ය ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව අද මුහුණ දී සිටින්නේ මෙම දේශපාලන යථාර්ථයටයි. ලෙනින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ න්‍යාය යනු ‍ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය සඳහා පවතින සිතියමක් බවත් වැරදි සිතියමක් ගෙන නුපුරුදු නගරයක ගමන් කරන පුද්ගලයෙකු ලෙස වැරදි න්‍යායක් මත පිහිටා භාවිතයට බසින දේශපාලන ව්‍යාපාරයක්ද අනිවාර්යෙන් ප්‍රපාතයට ඇද වැටෙන බවයි.


පදනම දෝෂ සහිත වන විට එමගින් උපදින ක්‍රියාවලියද ව්‍යසනයකින් කෙළවර වීම වැළැක්විය නොහැකි බව අවධාරණය කෙරුණි. ජ.වි.ප.ය ආරම්භයේ සිටම මේ දක්වා ඔවුන්ගේ දේශපාලන මතවාද ගතික ස්වභාවයකින් යුක්ත විය. විටෙක බලය ලබා ගැනීමේ උපාය මාර්ගය සන්නද්ධ අරගලය ලෙස විශ්වාස කළ ඔවුන් විටෙක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය තැබූහ. සබාග දේශපාලනය තුළින් බිහිවන පංති සහයෝග දේශපාලනය දැඩිව ප්‍රතික්ෂේප කල ජ.වි.ප.ය චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ සමඟ සභාග දේශපාලනයට ඇතුළු වෙමින් පන්ති සහයෝගී දේශපාලනයට ප්‍රවේශ විය. නව ලිබරල් වාදය හා IMF ලෝක බැංකූ න්‍යාය පත්‍රයන් දැඩිව විවේචනය කල ජ.වි.ප.ය අද වන විට සිය මාර්ගෝපදේෂකයා වශයෙන් එම මූල්‍ය ආයතන තෝරා ගනිමින් ද එපමණක් නොව ඇමරිකානු අධිරාජ්‍යවාදය හා ඉන්දියානු ව්‍යප්තවාදය ගැන කෑමොර දුන් ජ.වි.ප.ය අද වන විට එම ධනපති රාජ්‍යන් සමග හොර ගිවිසුම් වලට එළබෙමින් සීටි. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ඉන්දියාව හා චීනය අතර වෙන්දේසියේ යෙදෙමින් සිටී. පොදු රාජ්‍ය සම්පත් විකිණිමට එරෙහිව දිවි හිමියෙන් කැප වන බව සපථ කරන බව පැවසූ ජ.වි.ප.ය අද වන විට රාජ්‍ය සම්පත් සූක්ෂම ලෙස පෞද්ගලීකරණයට ලක් කරමින් සිටී. මෙම සියලු සාධක කැටි කොට ගත් කල පෙනී යන්නේ ජ.වි.ප.ය මෙතෙක් වංචනික ලෙස පොරවාගෙන සිටි වාම වාදී අවසන් සළුපිලිත් ගලවා දමා ඔවුන්ගේ දේශපාලනික වශයෙන් වනවූ සැබෑ දේශපාලන නිරුවත ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය කරමින් සිටී.


ධනේශ්වර කඳවුරේ ලිබරල් මතධාරිණියක් වන හරිනි අමරසූරිය ප්‍රමුඛ කණ්ඩායමක් සමඟ සන්ධානගත වෙමින් පිහිටුවා ගත් මාලිමා ආණ්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇද්ද නිර්මාල් දේවසිරි අද පාපොච්චාරණයේ යෙදෙමින් ප්‍රකාශ කරන්නේ මේ ඛේදවාචකයයි. ඔහුට ප්‍රසිද්ධියේ පවසන්නේ මතු වී ඇති ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට තබා ප්‍රශ්නයේ ස්වරූපය හඳුනා ගැනීමට තරම්වත් නොහැකි අසමත් ආණ්ඩුවක් බිහිවී ඇති බවයි.


නව ලිබරල්වාදී ආර්ථික මඩ ගොහොරුවේ එරි ඇති මාලිමා ආණ්ඩුව සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය වන පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ජනතාවට නොලැබෙන ආණ්ඩුව කරවන අයට පමණක් හිමිවන වරප්‍රසාදයක් බවට පත් කරමින් සිටි. පුනරුදය ජනතාව මරණ මංචකය දක්වා කැඳවා ඇති ආකාරය පහත සඳහන් සරළ සංවේදී තොරතුරුවලින් පැහැදිලි වේ. 2026 ලෝක බැංකු වාර්තාවට අනුව ජනගහනයෙන් 65% පමණ දරිද්‍රතා මට්ටමේ පසුවේ. අවුරුදු 05 ට අඩු දරුවන්ගේ 33% ක් ප්‍රෝටීන් උණතාවයෙන් පසුවේ. පසුගිය මාස 5 ට පමණක් කෝටි පහළොස් දහසක රත්තරන් බඩු ජනතාව උගස්කොට ඇත. උගත් තරුණ විරැකියා අනුපාතය 43% පමණ ඉහළ ගොස් ඇති අතර උද්ධමන අනුපාතය 8% දක්වා වර්ධනය වී තිබේ.


ඉහත අයුරින් මතුවන ආර්ථික අර්බුදය හමුවේ ඉදිරියේදී මතුවිය හැකි ආණ්ඩු විරෝධී අරගලයන් මර්ධනය කිරීම සඳහා පෙර ආණ්ඩු වලටත් වැඩියෙන් මාලිමා ආණ්ඩුව මර්ධනීය යාන්ත්‍රනය ක්‍රියාත්මක කරමින් සිටි. 22 වන සංශෝධනය හරහා අධිකරණයට අත තබමින්ද නව PSTA පනත් වැනි ව්‍යවස්ථාපිත මර්ධනීය මෙවලම් හරහාද සමාජ මාධ්‍ය පාලනය කිරීමටද උත්සහ දරමින්ද පොලිස් රාජ්‍යයක් නිර්මාණය කරමින්ද ආණ්ඩුව මේ පෙළගැසෙමින් සිටින්නේ ඉදිරියේදී ඇතිවිය හැකි ආණ්ඩු විරෝධී අරගලයන් රාජ්‍ය මර්ධනීය යාන්ත්‍රණය හරහා පොඩි පට්ටම් කරමින් ඒකාධිපති පාලනයක් කරා ගමන් කිරීමටය.
ජ.වි.ප.ය සිය ගමන් මගේ දේශපාලන දිවිනසා ගැනීමේ ප්‍රවේශයකට ලගා වෙමින් පවතින බව පෙනේ.

 1971 හා 1989 දී ජ.වි.ප.ය විසින් දියත් කල සන්නද්ධ කැරළි දෙකේදී තාරුණ්‍ය යේ සැලකිය යුතු කොටසක් ධනපති රාජ්‍ය ගිලටීනයට බිලි දුන්නද ජ.වි.ප.ය කෙරෙහි යම් සමාජ අනුකම්පාවක් ඇති වී තිබුණේ එම ජීවිත පරිත්‍යාගන් වඩාත් යහපත් සමාජයක් වෙනුවෙන් කැපකලාය යන සමාජ මතය ගොඩනැගී තිබූ බැවිනි. එහෙත් මෙවර ජ.වි.ප.යට එවැනි සමාජ අනුකම්පාවක් ඉතිරි කර ගෙන නොමැත. බොරුවෙන් උපන් බොරුවෙන් ජීවත් වන ආණ්ඩුවක්ය යන සමාජ මතය ක්‍රමයෙන් වැඩෙමින් පවතී. ආර්ථික අර්බුධයත් සමග මතුවන ඔවුන්ගේ දේශපාලන පරිහානිය කළමණාකරණය කරගත නොහැකි මට්ටමකට වර්ධනය වී තිබේ.


අවසාන වශයෙන් සදහන් කල හැක්කේ දේශපාලනයේ ර්‍ණසැබෑ දිවිනසා ගැනීම” ආරම්භ වන්නේ තමන්ගේ දේශපාලන සත්‍ය ජනතාවට පැහැදිලි කිරිම වෙනුවට ජනතාවගේ කැමැත්ත හා විශ්වාසය දිනා ගැනීම සඳහා ජනතාවට බොරු කියමින් තමන්ගේ දේශපාලන ස්ථාවරයන් වෙනස් කිරීමට පටන් ගත් දා සිට බව ජගවිගපගය අවබෝධ කර ගත යුතුයග

Related Posts

Education or Work
From the Press

ශිෂ්‍ය ප්‍රජාවට හිමි අධ්‍යාපනය ද ? නැතිනම් දවසේ වැටුපද ?

by Saliya Kanugala
October 18, 2026
0

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවගේ අර්ධකාලීන රැකියා අරගලය රටේ ආර්ථිකය “යථා තත්ත්වයට පත්වෙමින්” ඇතැයි සංඛ්‍යා කියයි....

Read moreDetails
Anura Kumara

අනුර කුමාර හා NPP ආණ්ඩුවේ වසර දෙකක ශේෂ පත්‍රය

October 15, 2026
මෛත්‍රෙයි රාමකිෂ්ණන් ට එරෙහිව වර්ගවාදී ප්‍රහාරයන් සහ ලාංකේය නූතන සමාජ මාධ්‍යයේ ජාතිවාදී දේශපාලනය

මෛත්‍රෙයි රාමකිෂ්ණන් ට එරෙහිව වර්ගවාදී ප්‍රහාරයන් සහ ලාංකේය නූතන සමාජ මාධ්‍යයේ ජාතිවාදී දේශපාලනය

October 15, 2026
PSTA මර රකුසාමරා දැමීමට පෙළ ගැසෙව්!

PSTA මර රකුසාමරා දැමීමට පෙළ ගැසෙව්!

October 15, 2026
Rathu Tharuwa Oct. Edition

Rathu Tharuwa Oct. Edition

October 15, 2026
Next Post
මෛත්‍රෙයි රාමකිෂ්ණන් ට එරෙහිව වර්ගවාදී ප්‍රහාරයන් සහ ලාංකේය නූතන සමාජ මාධ්‍යයේ ජාතිවාදී දේශපාලනය

මෛත්‍රෙයි රාමකිෂ්ණන් ට එරෙහිව වර්ගවාදී ප්‍රහාරයන් සහ ලාංකේය නූතන සමාජ මාධ්‍යයේ ජාතිවාදී දේශපාලනය

Anura Kumara

අනුර කුමාර හා NPP ආණ්ඩුවේ වසර දෙකක ශේෂ පත්‍රය

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.