lankasocialist
Thursday, August 13, 2026
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

යන යකා කොරහත් බිඳගෙන යාමට පෙර…

Taniya by Taniya
May 29, 2024
in Articles
0
යන යකා  කොරහත් බිඳගෙන  යාමට පෙර…
Share on FacebookShare on Twitter

 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඉවසිල්ලක් නැත. රට හදන්නට ඉවසිල්ලෙන් නැත. ඒ වෙනුවෙන් නොකරන දෙයක් නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම ගහන කල් ඔහුට ඉවසිල්ලෙන් නොතිබිණි. ඉන්පසු එහි ණය වාරිකය ලබාගන්නා තුරුද ඉවසිල්ලෙන් නොතිබිණි. ඒ වෙනුවෙන් දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කළයුතු විය. කොතරම් තදින් උත්සාහ කළද විදේශීය ණය ප්‍රතිව්‍යුහගතය පිළිබඳ සාකච්ඡා තාමත් ඉබි ගමනේ ය. එහෙත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නම් විදුලි වේගයෙන් සිදුවිය. ඒ මේරටේ ලක්ෂ සංඛ්‍යාත සේවක පිරිසගේ එකම රැකවරණය හැටියට පවතින සේවක අර්ථ්සාධක අරමුදල බිල්ලට ගැනීමෙනි. එයින් නොනැවතී ඔහු තම නොඉවසිල්ල පෙන්නුම් කරන වැඩ ගොඩකට අතගසා තිබේ.

රටේ සම්පත් විකුණා දැමීමට මේ ජනාධිපතිවරයාට ඇති නොඉවසිල්ල එක අතකට පුදුම සහගතය. ඓතිහාසික ගොඩනැගිල්ලක් වූ නුවරඑළිය තැපැල් කාර්්‍යාලය එලෙසින් පවතිනු දැකීම ඔහුට ඉවසුම් නොදෙයි. ඔහු එය දකින්නේ සල්ලි උල්පතක් ලෙසිනි. එය සංචාරක හෝටලයක් බවට පරිවර්තනය කිරීම සඳහා ඔහුට තිබූ නොඉවසිල්ල මාධ්‍ය මගින් මුළු රටටම දැකගත හැකිවිය. එහෙත් එය ඉටුකර ගැනීමට ඔහුට තවමත් හැකිවී නැත.
විදුලි බල මණ්ඩලය කොටස් 12කට කඩා දෙස් විදෙස් ව්‍යාපාරිකයන්ට විකිණීම සඳහා වන පනත් කෙටුම්පතක් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. රනිල් වික්‍රමසිංහ සහ ඔහු වටේ සිටින සීමිත කල්ලිය හැර ඉංජිනේරුවන් විද්වත් වෘත්තිකයන් ඇතුළු සියලු දෙනා මෙයට විරුද්ධය. රටේ විදුලිය උත්පාදනය සහ බෙදාහැරීම පෞද්ගලික ව්‍යාපාරිකයන් විශේෂයෙන්ම රනිල් වඩාත් ප්‍රියකරන ඉන්දීය හෝ වෙනත් විදේශීය ව්‍යාපාරිකයන් අතට පත්වුවහොත් රටේ බලශක්ති සුරක්ෂිතභාවයට එල්ල වන තර්ජන ගැන මෙම ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයන් රැසක් පෙන්වාදී තිබියදීත් එම සැලසුම එලෙසම ක්‍රියාත්මක කිරීමට ඔහු කැස කවමින් සිටී.

මේ අතරතුරේ රනිල් වික්‍රමසිංහගේ වැඩිම අවධානයක් යොමුවී ඇති ක්ෂේත්‍රයක් වනුයේ අධ්‍යාපනයයි. විවිධ අධ්‍යාපන අවස්ථා සඳහා රටේ ඇති ඉල්ලුම දෙස බලන විට අධ්‍යාපන ක්ෂේත්‍රය තරම් හොඳ ඉල්ලමක් තවත් නැති බව මේ කපටි නරියා දනී. කිසිදු ජන වරමක් නැති නිසා ඔහුට ජනතාවට වගකීමක් ද නැත. ඒ අනුව අධ්‍යාපනය පාපන්දුවක් සේ සලකා රිසි සේ ඒ මේ අතට පාපහර දීමට රනිල් වික්‍රමසිංහ ක්‍රියා කරමින් සිටී. ඔහුගේ මානසිකත්වයට ගැලපෙන පරිදි ප්‍රතිපත්ති සම්පාදනය කරදීමට සමත් ගෝලබාල පිරිසක්ද ඔහුට සිටී. එවන් පිරිසක් විසින් සම්පාදනය කරන ලද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඔස්සේ අධ්‍යාපනය සම්බන්ධ තම අභිලාෂයන් සපුරා ගැනීමටය මේ පාලකයා සැදී පැහැදී සිටින්නේ. මෙම ඊනියා ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම සඳහා රටේ පිලිගත් අධ්‍යාපන විශේෂඥයන් කිසිවකු සම්බන්ධ කරගෙන නැත. ගුරු සංගම්, ශිෂ්‍ය සංගම් හෝ විශ්ව විද්‍යාල ආචාර්ය සංගම් කිසිවක් සමග සාකච්ඡා කොට නැත. මේ ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම සඳහා පත්කර තිබූ කමිටුවේ සිටි වැඩිදෙනා ව්‍යාපාරිකයන් ය. අධ්‍යාපනය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහගේ ආකල්පය කුමක්දැයි මේ අනුව හිතාගත හැකිය.

1943දී කන්නන්ගර මහතා විසින් හඳුන්වා දෙන ලද නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය මුළුමනින්ම ආපසු හරවා නූතන බමුණු කුලයක් වෙතට අධ්‍යාපනය වරප්‍රසාදයක් ලෙස අයිති කරදී පහළ පන්තියේ දූදරුවන් අධ්‍යාපනයෙන් පිටමං කොට ඔවුන් පොල් කඩන්නන්, කුලියට වැඩ කරන්නන් ලෙසින් තබාගැනීමේ අලුත් වැඩවසම් සම්ප්‍රදායක් මෙමගින් ඇති කිරීමට උත්සාහයක් දරා ඇත. දැනට දරුවන් 200කට අඩුවෙන් ඉගෙනුම ලබන පාසල් පොකුරු පාසල් ක්‍රමයකට බද්ධ කොට ක්‍රමයෙන් වසා දැමීමත් මෙහි එක අරමුණකි.

මෙම ඊනියා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මේ රටේ මේ වනවිට නාමික හෝ වශයෙන් පවතින නිදහස් අධ්‍යාපනය මුළුමනින්ම පාහේ අහෝසි කොට රාජ්‍යය අධ්‍යාපනය පිළිබඳ වගකීම්වලින් මිදී වෙළෙඳපොළ යාන්ත්‍රණය මත පදනම් කෙරෙන වැඩපිළිවෙළක් බව ඉතා පැහැදිලිය. විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ඇතුළුව විශ්ව විද්‍යාල ආචාර්ය ප්‍රජාවත්, රටේ බුද්ධිමතුන් විශාල සංඛ්‍යාවක් ද දැනටමත් මෙයට විරෝධය පළ කොට ඇත. එහෙත් ප්‍රජාවේ හඬට සවන් නොදෙන වත්මන් ජනාධිපතිවරයා අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් කිරීමේ තම දිගුකාලීන අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ලැබී ඇති මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට මාණ බලමින් සිටී.
මේ හැර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම රටේ නීතියක් බවට පත්කිරීම සඳහා ආර්ථික පරිවර්තන පනතක් හඳුන්වා දීමට ද ඔහු ලහි ලහියේ සැරසෙයි. තම ධුර කාලයේ ඉතිරි මාස පහක පමණ කාලය තුළදී තවත් අලුත් නීති 63ක් පැනවීමට ඔහුට උවමනා වී ඇත. මෙයින් අති බහුතරයක් එක්කෝ ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරන නැතහොත් නව ලිබරල් ගෝලීය වැඩපිළිවෙළට මේ රට ගැට ගහන නීති බව ඔහුගේම ප්‍රකාශවලින් පෙනීයයි. රනිල් වික්‍රමසිංහගේ පාලන කාලය නිමාවන විට මේ රටේ ඉතිරි වන්නේ හපයක් පමණි.

මේ තත්වය කිසිසේත් ඉසුඹු ලන්නට පුලුවන් කාලයක් නොවේ. රනිල්ට විරුද්ධ ජනතාවගේ පාර්ශ්වය විරෝධතා ක්‍රියාමාර්ග සඳහා සැලසුම් සකස් කරද්දී රනිල්ගේ පාර්ශ්වය අඛණ්ඩව වැඩෙහි යෙදෙයි. ඔහු තම යාන්ත්‍රණය ඒ තරම් කාර්ය්‍යක්ෂම ලෙස මෙහෙයවයි. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පවා ඔහු තම ගමන වෙනුවෙන් යොදා ගැනීමට පසුබට නොවෙයි. තමාට වැඩි කාලයක් නැති නිසා යන යකා කොරහත් බිඳගෙන යන ලෙසින් පොදු ජනයා සුන්නත්දූලි කොට මේ රට ලෝක ධනේශ්වර පන්තියට රිසි සේ සූරාකන්නට හැකි තෝතැන්නක් කිරීමටය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලකලෑස්ති වන්නේ.

එසේ වුවද මේ විනාශයට එරෙහිව රට පුරා විරෝධතා මතුවෙමින් තිබේ. තම තමන්ගේ අංශවලට අදාළ ප්‍රශ්න විසඳාගැනීම සඳහා විශ්ව විද්‍යාලවල අනධ්‍යයන සේවකයන්, ග්‍රාම නිලධාරින් ඇතුළුව ක්ෂේත්‍ර කීපයකම සේවකයන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී තිබිණ. තම වැටුප් විසමතාවට අදාළ ඉතිරි තුනෙන් දෙක ලබාගැනීම සඳහා ගුරු විදුහල්පතිවරු සංවිධානය වෙමින් සිටිති. රජයේ විධායක නිලධාරින් පවා පාරට බහින තත්ත්වයක් දැන් උද්ගතව ඇත. සියලු රාජ්‍ය සේවකයෝ ජීවත්වීමට සරිලන වැටුපක් ලබා ගැනීම සඳහා අරගලයකට සූදානම් වෙමින් සිටිති.

එහෙත් බරපතළම තත්ත්වය ඇත්තේ වතුකරයේය. දැනට ගෙවන වහල් වැටුප යාන්තම් රුපියල් 700කින් වැඩිකර ගැනීම සඳහා හීන දකින්නට, හූල්ලන්නට වතු කම්කරුවන්ට සිදුව ඇත. රනිල්ගෙ 1700යේ විහිළුවට එදා අත්පුඩි ගැසුවද තමන් රැවටීමට ලක්වූ බව වතු කම්කරුවන් දැන් තේරුම් ගනිමින් සිටිති.

මේ තත්ත්වයෙන් පෙනී යන්නේ සියලු ක්ෂේත්‍රවල වැඩකරන ජනයා බරපතළ අසහනයකින් පෙළෙන බවත් තම අයිතීන් දිනාගැනීම සඳහා සටන් කිරීමට අවශ්‍ය බව ඔවුන් තේරුම් ගනිමින් සිටින බවත් ය. වතු කම්කරුවන් මුහුණ පාන වැටුප් ගැටලුව හැර අනෙක් හැම අරගලයක්ම කොළඹ කේන්ද්‍රීය සටන් වෙයි. වතු කම්කරු වැටුප් සටන දකුණේ වෘත්තීය සමිති අරගල සමග බද්ධ කරගැනීම මූලිකවම කළයුතු දෙයක්. වෘත්තීය හෝ කම්කරු අරගල නොමැති වුවද තම ජාතික අයිතිය වෙනුවෙන් දිගුකාලීන අරගලයක නිරත වී සිටින උතුරු නැගෙනහිර දෙමළ ජනයා මේ අරගල සමග සම්බන්ධ කරගැනීමත් ඒ වගේම අත්‍යවශ්‍ය කාරණයක්. මෙවැනි පුළුල් දැක්මකින් කම්කරු පන්ති ව්‍යාපාරය ක්‍රියාත්මක වුවහොත් රනිල්ගේ මෙම නව ලිබරල්වාදී වැඩපිළිවෙළ සහ එයත් සමග ඈඳී ඇති ප්‍රහාරය වළක්වා ගතහැකි වනු ඇත.

Related Posts

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු
Articles

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

මීගමුව හා මහර හා කුරුවිට බන්ධනාගාරවල ඇතිවූ ගැටුම් වලින් රැඳවියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය වූ අතර බන්ධනාගාර නිලධාරීන්ද ඝාතනයට ලක්විය....

by Taniya
August 13, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය
Articles

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා අනුර කුමාරගේ ආණ්ඩුව ගෙන තිබෙන තීන්දුව මේ දිනවල රට තුළ සාකච්ඡාවට භාජනයවී...

by Taniya
August 12, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්
Articles

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

කම්කරු පන්තියේ කාන්තාවන්ගේ පීඩනය ජය ගැනීම සඳහා වැඩ පිළිවෙලක් ලොව පුරා සිටින කාන්තාවන් විවිධ ආකාරවලින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු...

by Taniya
August 12, 2026
ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.
Articles

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.

ජාතික ජන බලවේගය බලයට පත්වූයේ දැවැන්ත පොරොන්දු තොගයක් සමග බව අපි කවුරුත් දනිමු. ”‍පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ ප්‍රකාශනයේ අන්තර්ගත...

by Taniya
February 3, 2026
Next Post
Committee for Worker’s International

Committee for Worker's International

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • Articles
  • Activities
  • Ratutharuwa
  • USP Statements
  • Upcoming Events
  • World News
  • Books
  • Other
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.