lankasocialist
Friday, October 23, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ආර්. සම්පන්තන්ගේ වියෝව යුගයක අවසානයක්

Taniya by Taniya
July 3, 2024
in නිවේදන
0
ආර්. සම්පන්තන්ගේ වියෝව යුගයක අවසානයක්
Share on FacebookShare on Twitter

රාජවරෝතියම් සම්පන්තන් පසුගිය ජුනි 30 වැනිදා ස්වභාවික හේතූන් මත මිය ගියේය. අවසන් කාලයේ ඉතා දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ ඔහු ඒ වන විටත් දේශපාලන කතිකාවන් රැසකට මැදිවූ අයෙකු විය. 1956දී වයස අවුරුදු 23ක් වූ ඔහු ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ෆෙඩරල් පක්ෂයට සම්බන්ධ වූ සම්පන්තන් වයස අවුරුදු 91 දී මිය යන තුරුම ක්‍රියාකාරී දේශපාලනයේ නිරත විය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, වාර්ගික ගැටුම, වඩ්ඩුක්කෝට්ටෛ සමුළුව, උතුරේ සන්නද්ධ අරගල හා එය පරාජය කිරීමෙන් පසු ඇති වූ දේශපාලන අර්බුදයන් වැනි ඉතා දිගු ඉතිහාසයකට ඔහුගේ ජීවිතය බැදී පවති.

සම්පන්තන්ගේ දේශපාලන ස්ථාවරයන් ප්‍රතිවිරෝධතාවලින් පිරී තිබෙන අතර දැඩි විවේචන රැසකට ඔහුට මුහුණ දීමට සිදුවිය. ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති පිළිබඳ ආස්ථානයන් බොහෝ දුරට දක්ෂිණාංශික විය. එවකට අනෙකුත් දෙමළ නායකයින් ගත් ස්ථාවරයම සම්පන්තන්ද දිගටම පවත්වාගෙන ගියේය. කෙසේ වෙතත්, දෙමළ ජාතිකත්වය සඳහා වූ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුගේ ස්ථාවරය පසුකාලීනව සැලකිය යුතු වෙනස්කම් වලට ලක්ව ඇති බව පෙනේ. 1977 බලයට පත් ජේ.ආර්.ජයවර්ධනගේ ආණ්ඩුව 1983 දී 6වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර ඒකීය රාජ්‍යක් වෙනුවෙන් ප්‍රතිඥ්ඥා දීමට කල නියෝගය ප්‍රතික්ෂේප කිරීම සමග පාර්ලිමේන්තුදූරය අහිමි කර ගත් ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් එක් අයෙකු ඔහු විය. කෙසේ වෙතත්, රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ඉල්ලීම මත එම තීරණය ගන්නවාට වඩා ඔහු පක්ෂයේ තීරණයන්ට බැඳී සිටි බව පෙනේ. අසූව දශකයේ අග භාගයේදී ඉන්දීය හමුදාව යටතේ එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කිරීමේ දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක වන විට ඔහු එම මෙහෙයුම්වලට සම්බන්ධ වූයේය. ඔහුගේ අවධානය යොමුව තිබුණේ පාර්ලිමේන්තු මැතිවරණවල තම පක්ෂය සහභාගී කරවීම කෙරෙහිය. ඔහු කිසි විටෙකත් පාර්ලිමේන්තු මැතිවරණ දේශපාලනයෙන් ඔබ්බට යන ප්‍රතිපත්තියක් කරා ඔහු ගමන් කළේ නැත. ඔහු පූර්ණ ලෙසම ධනපති පාර්ලිමේන්තුවාදී දේශපාලනඥයෙක් විය. 1977 දී අමිර්තලිංගම්ගේ නායකත්වයෙන් ත්‍රිකුණාමලය ආසනය සඳහා ඔහු තරඟයට ඉදිරිපත් වීම ආරම්භක පියවර විය.

එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් කිරීමෙන් පසු දෙමළ දේශපාලන නියෝජනය ද අඩපණ විය. මෙම කාලය තුළ කිසිදු දෙමළ පාර්ලිමේන්තු දේශපාලනඥයකුට ජනතාවගේ පූර්ණ සහයෝගය ලබා ගැනීමට නොහැකි විය. එල්.ටී.ටී.ඊ සංවිධානයේ සහය නොමැතිව කිසිවකුට දෙමළ ජනතාවගේ නියෝජිතයකු ලෙස පෙනී සිටිය නොහැකි විය. කොටි සංවිධානය ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා ආරම්භ කර එකඟතාවකට පැමිණීමට උත්සාහ කිරීම සමග නව යුගයක් ආරම්භ වූ බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. එල්ටීටීඊය සිදුකල ප්‍රහාර වලින් පසුව, විවිධ සන්නද්ධ කණ්ඩායම් ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කිරීම ආරම්භ කලේය. විශේෂයෙන්ම නැගෙනහිර ප්‍රදේශයේද මෙම සන්නද්ධ කණ්ඩායම් විවිධ ක්‍රියාවල නිරත වූහ. මෙම පරිසරය තුල කුඩා පක්‍ෂයක් බවට හැකිලී ගිය දෙමළ කොංග්‍රසය සහ ඔවුන්ගේ සන්ධානයට ජනතා සහයෝගය ඒකරාශී කර ගැනීමට නොහැකි විය. එල්.ටී.ටී.ඊ සංවිධානය දෙමළ ජනතා නියෝජනයක් ඇති කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළේ මේ අවධියේදීය.

එල්.ටී.ටී.ඊ සංවිධානය ඔවුන්ගේ ව්‍යාපාරයෙන් පිටතට බලය විහිදීම සඳහා සංවිධානයක් ලෙස කටයුතු කිරීම නතර කළේ නැත. සම්පූර්ණයෙන්ම අලුත් පක්ෂයක් ගොඩනැගීමට පියවර නොගත් අතර ඔවුන් ඒවන විටත් පාර්ලිමේන්තු මැතිවරණ වලට සම්බන්ධ වී සිටි බලවේග එකතු කර එය ඔවුන්ගේ පාලනයට යටත් කර ගත්හ. එල්.ටි.ටි.ඊ. සංවිධානය මෙයට මැදිහත් වූයේ උපක්‍රමශීලි අයුරිනි. මෙම උත්සාහය සඳහා ඔවුන් සමඟ වැඩ කරන විශ්වසනීය පිරිස් බඳවා ගත්හ. ඔවුන් මුහුණදුන් ලොකුම අභියෝගය වූවේ විසිරි සිටින ජනතාව එකතු කර එක සංවිධාන ජාලයකට ඇතුලත් කිරීමය. එල්.ටී.ටී.ඊ.යට ඔවුන්ගේ සන්නද්ධ හමුදාවන්ගේ බලය භාවිතා නොකර මෙය කළ නොහැකි විය. අනික එල්.ටී.ටී.ඊ.යේ පුර්ණ සහය ඇතිව මැතිවරණයට ඉදිරිපත් වීම ආකර්ෂණය දිනාගත් පාර්ලිමේන්තු ධූරයක් සහතික කරන බව ද සත්‍යයකි. අවසානයේ එල්.ටී.ටී.ඊ සංවිධානය ඉදිරිපත් කළ ඉල්ලීම් සියල්ල පිළිගත් නව සන්ධානයක් ලෙස – දෙමළ ජාතික සන්ධානය 2001 වසරේදී පිහිටුවන ලදී. එල්.ටී.ටී.ඊ.යට පූර්ණ සහයෝගය ලබා දීම සහ එල්.ටී.ටී.ඊ.ය සමඟ සමීපව කටයුතු කිරීම සඳහා සියලු දෙනාගේම එකඟත්වය ප්‍රකාශ කෙරින. එය ප්‍රතිපත්තිමය ස්ථාවරයක් නොවු අතර දෙමළ නායකයින් මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ගනු ලැබූ පියවරයක් විය. ආරම්භයේ සිටම දෙමළ සන්ධානය තුළ බෙදීම් පැවති බව නොරහසකි. මේ අවස්ථාවේදී සම්බන්ධන්ගේ භූමිකාව වැදගත් විය. විසිරුණු බලවේග එක සංවිධානයකට ගෙන ඒමට හැකිවීම ගැන සම්බන්ධන්ගේ මෙහෙවර මෙහිදී කැපී පෙනේ. ඔහු වයසින් වැඩි වූවා පමණක් නොව ඔහු තරම් පාර්ලිමේන්තු දේශපාලනය ගැන අත්දැකීම් තිබෙන වෙනත් කිසිවකු එහි සිටියේ නැත. එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකත්වය සමඟ සෘජු සංවාදයක් පවත්වා ගැනීම සඳහා සම්බන්ධන් විසින් විශේෂ මෙහෙවරක් ඉටු කරනු ලැබීය.

මෙම කාලය දෙමළ දේශපාලනයේ වැදගත් කාල පරිච්ඡේදයක් විය. ඒ සමග සම්පන්තන්ගේ දේශපාලන ජීවිතය වෙනස් කළ තීරණාත්මක කාල පරිච්ඡේදයක් විය. දෙමළ සන්ධානයේ දේශපාලන ප්‍රතිපත්ති ඉදිරිපත් කරන ලද්දේ එල්ටීටීඊ නායකත්වය විසිනි. සංවිධානයේ ප්‍රධාන ප්‍රතිපත්ති ස්ථාවරය ඉදිරිපත් කරන විට සම්පන්තන්ගේ එක්සත් දෙමළ කලාප නිජභූමිය පිළිබඳව ගත් ස්ථාවරයන් හා දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය සම්බන්ධයෙන් ඔවුන් අතර පැහැදිලි එකඟත්වයක් තිබුනි. ජාත්‍යන්තර මැදිහත්වීමකින් සාකච්ඡා ආරම්භ කර සාමය ගොඩනැගීමේ පියවර ගැනීම ගැන ඔවුහු එකඟ වූහ. සම්පන්තන්ගේ නායකත්වයෙන් යුත් සන්ධානය මැතිවරණයට ඉදිරිපත් වූ පළමු මැතිවරණයෙන් සැලකිය යුතු ජයග්‍රහණයක් ලබා ආසන 15 ක් දිනා ගැනිමට හැකි විය. ඒ හරහා ජනතා බලයක් සහිත වැදගත් දෙමළ නියෝජිත ආයතනයක් බවට ඔවුන් පත්විය. සම්පන්තන් දෙමළ සන්ධානයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේදී කළ පළමු කතාව බරපතළ එකක් විය. දෙමළ ජනතාවට ස්ථිර විසඳුමක් නොදුන්නහොත් මීළඟ පාර්ලිමේන්තුවට නොඑන බව ඔහු ප්‍රකාශ කළේය.

යුද්ධය අවසන් වීමෙන් පසු දෙමළ ජනතාවගේ එකම සංවිධානය බවට දෙමළ සන්ධානය පත්වූයේ මේ අයුරිනි. එසේ වූවද නිවැරැදි ප්‍රතිපත්තියක් ඇතිව එය ඉදිරියට ගෙන යාමට නායකත්වය ලබාදීමට කිසිවකු සමත් වී නැත. මේ අනුව දෙමළ සන්ධානයේ බිඳවැටීම සහ මහජන විශ්වාසය ගිලිහීම නොවැළැක්විය හැකි විය. එයට එක් හේතුවක් වූයේ සම්පන්තන් සහමුලින්ම පාර්ලිමේන්තු දේශපාලනයට අනුගත වීමය. අමිර්තලිංගම්ගෙන් පසු විපක්ෂ නායක ධූරයට පත් වූ සම්පන්තන් ඔහුගේ රැඩිකල් ප්‍රතිපත්තිමය ස්ථාවරයන් ආරක්ෂා කර ගත්තේ නැත. එක්සත් ශ්‍රී ලංකාවක් යටතේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීම සඳහා බටහිර රාජ්‍යන් වල සහය ලබා ගැනීමද ඉන්දීය රාජ්‍යයේ සහයෝගය ලබා ගැනීමටද ප්‍රමුඛත්වය දීම වැනි ස්ථාවරයන් දෙමළ දේශපාලන ක්‍රියාකාරිත්වය අර්බුදයට ඇඳ දැමිය. නමුත් මේ තත්ත්වයට සම්පන්තන්ට පමණක් වරද පැටවිය නොහැකිය. දෙමළ කතා කරන ජනතාවගේ නියෝජිතයන් යැයි කියා ගන්නා සියලු දෙනා මෙම තත්වය ඇතිවීමට සාමූහික වගකීම භාරගත යුතුයි.

ඔහුගේ දේශපාලන ජීවිතය දශක හයක් පුරා දිව ගියේය. ඔහු ගැන කතා කිරීමේදී සහ ලිවීමේදී එයින් ඉගෙන ගත යුතු බොහෝ දේ ඇත. ඔහුගේ වියෝව දෙමළ දේශපාලනයේ පසුබෑමක් ද සනිටුහන් කරයි. සම්පන්තන්ට මෙම තත්වයට මුහුණ දීමට සිදු වූයේ ඔහුගේ අභාවය සිදුවන්නට පෙරය. මේ වන විට දෙමළ සන්ධානය පිල් කීපයකට මේ වන විට බෙදී ඇත. ඒ අතර තවත් දෙමළ නියෝජිතයන් පිරිසක් අලුත් මැතිවරණ වේදිකාවක් ගොඩනගමින් සිටී. අද නායකයින් ලෙස ඉදිරියට එන දෙමළ නායකයන් සියල්ලෝම හිස් කතාවලින් හා පුහු සහතිකවලින් වැජඹෙන අය වෙති. දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වලට විසඳුම ලෙස ධනපති විදේශ බලවේග විශ්වාස කිරීම හැර වෙනත් ප්‍රතිපත්තියක් ඔවුන් කිසිවෙකුට නැත. දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් ගෙන යන අරගලයේදී සිදුවූ විනාශයන් හා පාඩු රැසක් විඳ දරා ගනිමින් අරගල දේශපාලනයට අවතීර්ණ වීම හැර වෙනත් මාවතක් ඇත්තේ නැත. පාර්ලිමේන්තු දේශපාලනය එහි කොටසක් ලෙස පමණක් සැළකිය යුතු අතර එම යුගයේ අවසන් නියෝජිතයා ලෙස සම්පන්තන් ඉතිහාසයට එක් වනු ඇත. ඔහුගේ සමුගැනීම මෙතුවක් පැවැති උතුරේ දේශපාලනයේ යුගයක අවසානයක් සනිටුහන් කරයි.

Related Posts

සමාජ පෙරළියක් සිදු කල 2024 පාර්ලිමේන්තු මැතිවරණය
නිවේදන

සමාජ පෙරළියක් සිදු කල 2024 පාර්ලිමේන්තු මැතිවරණය

by Taniya
November 19, 2024
0

කිසිවෙකු අපේක්‍ෂා නොකල අන්දමේ අති විශාල ජයග්‍රහණයක් අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට...

Read moreDetails
In Appreciation of Professor Kumar David

In Appreciation of Professor Kumar David

October 15, 2024
Anura Kumara – President of Crisis

Anura Kumara – President of Crisis

September 24, 2024
අනුර කුමාර අර්බුදයේ ජනාධිපති

අනුර කුමාර අර්බුදයේ ජනාධිපති

September 24, 2024
2024 Socialist May Day organize by Sri Lankan secction of the Committee for Worker’s International – United Socialist Party Sri Lanka

This is the resent interview with Siritunga Jayasuriya with Sandhana TV

May 20, 2024
Next Post
ලේ හැලීම් තවත් එපා  ’83 කළු ජූලියට 41 වසරයි.

ලේ හැලීම් තවත් එපා '83 කළු ජූලියට 41 වසරයි.

August – September 2024

August - September 2024

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.