lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

අනුර කුමාර අර්බුදයේ ජනාධිපති

Taniya by Taniya
September 24, 2024
in නිවේදන
0
අනුර කුමාර අර්බුදයේ ජනාධිපති
Share on FacebookShare on Twitter

 

2024 සැප්තැම්බර් 21 පැවැති ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ඡන්ද 5740179ක් එනම් සියයට 42.3ක් ලබාගනිමින් ජනාධිපතිධූරයට පත්විය. 1982 සිට මෙතෙක් පැවැති ජනාධිපතිවරණ වලදී ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50ක් ගැනීමට අසමත්වූ එකම ජනාධිපතිවරයා බවට ඔහු ඉතිහාසයට එක්වනු ඇත. මෙම ජනාධිපතිවරණයේදී රටේ දිස්ත්‍රික්ක 22න් 14ක් ජයගැනීමට අනුර කුමාරට හැකිවූ අතර සජිත් ප්‍රේමදාස දිස්ත්‍රික්ක 8ක් ජය ගැනීමට හැකිවීම හා පාර්ලිමේන්තු මට්ටමින් නිකුත් කල ආසන ප්‍රතිඵල අනුව අනුරට ආසන 106ක් හා සජිත්ට ආසන 48ක් ජය ගැනීමට හැකිවීමද පෙන්නුම් කරන්නේ බහුතර ජනවරමක් ඔහුට නොමැති බවය. එසේම මෙම මැතිවරණයේ ප්‍රතිඵල පෙන්නුම් කරන අනෙකුත් සාධකය වන්නේ අනුර කුමාරගේ ජයග්‍රහණයට මූලික වශයෙන් පාදක වූයේ 2022 වසරේ සිදුවු Gota Go Home අරගලයේදී ඉස්මතු වූ වසර 76ක ශාපය ඉවත් කිරීම, ලංකාව ඉතිහාසයේ බරපතලම අගාධයට ඇද දැමු ධනපති දූෂිත පවුල් දේශපාලනය අතුගා දැමීම හා පාර්ලිමේන්තුවේ සිටින 225 ගෙදර යැවිය යුතුය යන පොදු අදහස සමාජගත වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එසේම එම ජනතා අරගලය නවලිබරල්වාදී විනාශයට එරෙහිව ජනතාවගේ විරෝධය අන්තර්ගතව තිබු අභිලාෂයන්ගේ ප්‍රකාශයකි. එහෙත් අනුර කුමාරගේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති හා ජනතා අරගලයේ බලාපොරොත්තු අතර බරපතල පරස්පරයන් පවතින අතර එකී අරගලයේ අපේක්‍ෂාවන් ජාතික ජන බලවේගයේ ආණ්ඩු පාලනයකින් පල නොදරනු ඇත. එසේ වුවද මෙම මැතිවරණ ප්‍රතිඵලය විසින් පෙන්නුම් කරන තවත් වැදගත් සාධකයක් නම් පැරණි සාම්ප්‍රදායික ධනපති දේශපාලනය ප්‍රතික්ෂේප කිරීමට ජනතාව තුල පැවැති දැඩි අභිලාෂයේ ප්‍රකාශණයක් මෙම ඡන්ද ප්‍රතිඵල වලින් පෙන්නුම් කිරීමය.
ප්‍රතිපත්ති දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටින බව ඉතිහාසයේ නැවත නැවත ප්‍රකාශ කරන ලද ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය සඳහා අටවාගත් ජාතික ජනබලවේගය විසින් අනෙකුත් ධනපති අපේක්‍ෂකයින්ගේ පොරොන්දු අභිබවා යමින් පොරොන්දු පිට පොරොන්දු දුන්හ. ඔවුන් විසින් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට අනුර ගොඩ නගන ආණ්ඩුවට හැකියාවක් නොමැති බව වැඩි කාලයක් යෑමට මත්තෙන් ජනතාවට තේරුම් ගැනීමට හැකි වනු ඇත. අඩු තරමින් දූෂණය හා හොරකම් කල දේශපාලඥයින්ට දඩුවම් පැමිණ වීම හා හොරකම් කරන ලද එම මුදල් තොගය ආපසු ලබා ගැනීම සඳහාවත් කටයුතු කිරීමට අනුරගේ ආණ්ඩුවට හැකිවේද යන්න බරපතල ප්‍රශ්ණයකි. පළමු මාස කීපය ජනතාව රැවටීම සඳහා කෙටි මධුසමයක් ගත කිරීමේ ඉඩ කඩක් ඔහුට පැවතිය හැකි වුවද ඉන් ඔබ්බට ගමන් කරමින් රට ඉල්ලා සිටින ගැඹුරු සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණයන් කරා ගමන් කිරීමට ඔහු අසමත් වනු ඇත.
IMF හා ලෝක බැංකුව ඇතුලු නවලිබරල් න්‍යාය පත්‍රය ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා අධිරාජ්‍යවාදී බලවේග සමග අනුර කුමාර ගිවිසුම් ගසා ඇති බව රහසක් නොවේ. ප්‍රධාන පෙලේ ධනපති ව්‍යාපාරික ප්‍රජාව සමග මැතිවරණ සමයේ පැවැති සාකච්ඡා වලදී විවෘතවම ඔහු පොරොන්දු දුන්නේ IMFවැඩ පිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව සපත කරමිනි. අනුර කුමාරගේ වචන වලින්ම ප්‍රකාශ කරන්නේ නම් ඔහු කියා සිටියේ රනිල් වික්‍රමසිංහ IMF සමග ආරම්භ කළ වැල්පාලමේ ඉතුරු කොටස ගමන් කිරීමට ඔහු සූදානම් බවය. රනිල් වික්‍රමසිංහ තම පරාජයෙන් පසු ප්‍රකාශ කලේද දරුවා වැල් පාලමෙන් එගොඩ කිරීම සඳහා නව ජනාධිපතිධූරයට පත් අනුර කුමාරට තමන් බාර දෙන බවය. මෙයින් පෙනී යන්නේ තමන් බලයට පත්කළ ජනතාවගේ අභිලාෂයන්ට පිටුපා අනුර කුමාර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උවමනාවන්ට අනුර රට පාලනය කිරීමට සිදුවන බවය.
අනුර කුමාර බලයට පත්වන්නේ අතිවිශාල පොරොන්දු මාලාවක් ජනතාව ඉදිරියේ තබමින් වන අතර එකී පොරොන්දු ඉටු කිරීමට අසමත් වන විට ජනතාවගේ කෝපය ඔහුගේ පාලනයට එරෙහිව විශාල වශයෙන් පුපුරා කරලියට එනු ඇත. එම පරිසරය තුළ කම්කරු පංතිය ඇතුලු පීඩිත ජනතාව තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා පංති සටන් ක්‍රියාකාරිත්වයට එළඹෙනු නියතය. ඊට නායකත්වය සැපයීම වෘත්තිය සමිති ව්‍යාපාරයේ හා සැබෑ වාමාංශිකයින්ගේ වගකීම වන්නේය.
පසුගිය ජනාධිපතිවරණයේදී රට මුහුණ දෙන සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදයට පැහැදිලි විසදුම් මාලාවක් එක්සත් සමාජවාදී පක්‍ෂය විසින් ඉදිරිපත් කරන ලදි. සමාජවාදී ප්‍රවේශයක් පදනම් කර ගනිමින් ඉදිරිපත් කරන ලද එම වැඩ පිළිවෙලට IMF හා W.B. ණය ආපසු නොගෙවීම, ප්‍රජාතන්ත්‍රිය කම්කරු පාලනයක් යටතේ බැංකු හා රක්‍ෂණය වැනි දේශීය ආර්ථික මර්මස්ථාන ජනසතු කිරීම, නවලිබරල් ව්‍යාපෘතියට අනූව දේශීය සම්පත් විකිණීමේ ක්‍රියාදාමය නවතා දැමීම, ස්වයං නිර්ණය අයිතිය මත පදනම්ව ජාතික ප්‍රශ්ණය විසඳීම, සේවක අර්ථ සාධක අරමුදල වෘත්තිය සමිති හා කම්කරු පංති පාලනයකට යටත් කිරීම හා විධායක ජනාධිපතිධූරය වහාම අහෝසි කිරීම වැනි මූලික කරුණු මාලාවක් එයට ඇතුලත්විය.
එක්සත් සමාජවාදී පක්‍ෂය ඉදිරිපත් කළ එම වැඩ පිළිවෙල අනුමත කරමින් අපගේ බලාපොරොත්තු අභිබවා ඡන්ද 8954 ලබා දුන් සහෝදර ඡන්ද දායකයන්ට අපගේ ආදරණීය ස්තුතිය පුද කර සිටිමු. එහිදි විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ අප ඉදිරිපත් කළ වැඩ පිළිවෙල වෙනුවෙන් ඡන්ද 1221ක් ලබා දෙමින් උතුරේ ජනතාවගෙන් ලැබුණු යහපත් ප්‍රතිචාරය හා ඡන්ද 710ක් ලබා දෙමින් නැගෙනහිර ජනතාව ගෙන් ලද ප්‍රතිචාරයට අපගේ උනුසුම් සුබ පැතුම් එක් කරන බවය. ඉදිරියේ මතුවීමට නියමිත ගැඹුරු අර්බුදයේදී එයට මුහුණ දීම සඳහා අප සමග අත්වැල් බැද ගන්නා ලෙසද ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.
එක්සත් සමාජවාදී පක්‍ෂය
23.09.2024

Related Posts

සමාජ පෙරළියක් සිදු කල 2024 පාර්ලිමේන්තු මැතිවරණය
නිවේදන

සමාජ පෙරළියක් සිදු කල 2024 පාර්ලිමේන්තු මැතිවරණය

by Taniya
November 19, 2024
0

කිසිවෙකු අපේක්‍ෂා නොකල අන්දමේ අති විශාල ජයග්‍රහණයක් අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට...

Read moreDetails
In Appreciation of Professor Kumar David

In Appreciation of Professor Kumar David

October 15, 2024
Anura Kumara – President of Crisis

Anura Kumara – President of Crisis

September 24, 2024
ආර්. සම්පන්තන්ගේ වියෝව යුගයක අවසානයක්

ආර්. සම්පන්තන්ගේ වියෝව යුගයක අවසානයක්

July 3, 2024
2024 Socialist May Day organize by Sri Lankan secction of the Committee for Worker’s International – United Socialist Party Sri Lanka

This is the resent interview with Siritunga Jayasuriya with Sandhana TV

May 20, 2024
Next Post
Anura Kumara – President of Crisis

Anura Kumara - President of Crisis

In Appreciation of Professor Kumar David

In Appreciation of Professor Kumar David

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.