lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

රනිල් වැල් පාලමෙන් ඇද වැටෙයි

Taniya by Taniya
August 13, 2026
in ලිපි
0
රනිල් වැල් පාලමෙන් ඇද වැටෙයි

Abyss or cliff concept with trees, sky and clouds. Vector illustration.

Share on FacebookShare on Twitter

රනිල් පසුගිය කාලයේ නිතර ප්‍රකාශ කළ හුණුවටයේ කථාවේ ගෲෂා විසින් දරුවා සමග වැල්පාලමෙන් ගොඩවූ අන්දමට තමන්ද වැල්පාලමෙන් එගොඩ යන බව කියන කයිවාරුව මේ දිනවල වැඩිය අසන්නට නොලැබේ. ඊට හේතුවන්නේ රනිල් – රාජපක්‍ෂගේ දේශපාලන වැඩ පිළිවෙල ආර්ථික වැඩපිළිවෙලද ඔහු හිතූ ලෙස සාර්ථකත්වයක් පෙන්නුම් නොකිරිමය. විශේෂයෙන් දේශපාලන කරලියේ ඔහු බලාපොරොත්තු වූ මැජික් පෙන්වීමට රනිල් ඇතුලු නඩය අසමත් වූ බව මෙවර මැයි දිනයෙන් පෙන්නුම් කෙරින. රනිල්ගේ ජනාධිපති අපේක්‍ෂක කම මැයි දින වේදිකාවේදී ඔහු විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබු අතර සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයෙන් හර්ෂ, එරාන්, කබීර් හා තලතා ඇතුලු මන්ත්‍රි කණ්ඩායමක් එක්සත් ජාතික පක්‍ෂයට යලි සමබන්ධ වීම ගැන ඔවුන් තුල විශාල බලාපොරොත්තු ඇති කරගෙන තිබුණි. නමුත් එය එලෙසින් සිදු නොවීම නිසා රනිල් කඳවුරට විශාල පසු බැසීමක් වූ අතර රනිල් විසින් පෙර පොරොන්දු වූ අයුරින් තම අපේක්‍ෂකත්වය ප්‍රකාශයට පත් කිරීමද අකුලා ගන්නා ලදි.

පසුගිය දිනවල සිදුවූ දේශපාලන වර්ධනයන් සලකා බැලීමේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය ලබා ගැනීම ගැන ඔහුට විශ්වාසයක් නොතිබීම රනිල්ගේ අදහස මේ අන්දමට පසු පසට ගැනීමට හේතුවී තිබේ. රුවන් විජේවර්ධන විසින් “රනිල්ට ඉඩ දෙමු” යනුවෙන් දකුණේ සංවිධානය කළ මෝටර් සයිකල් පෙළපාලිය අතිශයෙන්ම අසාර්ථක එකක් වීම රනිල්ට ගම් මට්ටමින් තිබෙන ජනතා විරෝධය පෙන්නුම් කිරීමක්ද විය. එම සයිකල් පෙලපාලියට නගරබද හා ගම්බද ජනතාවගෙන් කිසිදු සහයෝගයක් නොලද අතර එය තනිකරම එජාප හිතවතුන් කීප දෙනෙකු මුදල් යොදවා කළ අසාර්ථක ප්‍රයත්නයක් බව පැහැදිලි විය. එසේම රනිල් පසුගිය දිනවල උතුරේ සංචාරය කරමින් දෙමළ ජනතාව රවටා ගැනීමට ගත් උත්සාහයන්ද රනිල්ගේ බලාපොරොත්තු බිද දැමීමට හේතු විය. දුප්පත් ජනතාවට නොමිලේ සහල් මල්ලක් ලබාදීම, ඉඩම් ඔප්පු ලබා දීම වැනි ඡන්දය ඉලක්ක කරගෙන දියත් කළ ව්‍යාපෘති වලින්ද ඔවුන් බලාපොරොත්තුවූ ප්‍රතිචාර නොලැබීම නිසා රනිල් හිතවාදීන් කළ කිරීමට පත්ව ඇති බව පෙනෙන්නට ඇත.

ණය ප්‍රතිව්‍යුහගත කරණය කෙරෙහි ඔවුන් විසින් තැබු බලාපොරොත්තු අසාර්ථක වීම හා එම වැඩ පිළිවෙල තව තවත් කල් යන තත්වයක් උදා වීම සමග ආර්ථික ක්‍ෂේත්‍රයේ රනිල්ගේ බලාපොරොත්තු බිඳවැටීමට හේතුවී ඇත. එසේම ෂඵත්‍ විසින් දූෂණය නතර කිරීම සම්බන්ධව කෙරනු ලබන අවධාරණය සාර්ථක කිරීම සඳහා පියවර ගැනීමට රනිල් – රාජපක්ෂ ආණ්ඩුවට නොහැකි වීමද මෙම අර්බුදය උග්‍ර කිරීමට හේතුවී ඇත. අනෙක් පැත්තෙන් රක්‍ෂණය, විදුලිබලය හා ටෙලිකොම් වැනි රාජ්‍ය දේපොල විකිණීම සඳහා කළ යුතු ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ඔහු විසින් ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව කම්කරු පංතිය තුළින් මතුවී තිබෙන බරපතල විරෝධයද රනිල් පසු පසට තල්ලු කිරීමට සමත් වී ඇත. මෙම පසුබිම තුළ වජිර අබේවර්ධන වැනි රනිල්ගේ කේවට්ටයින් කුමන කයිවාරු ගැසුවද රනිල් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන නැවත දෙගිඩියාවකට පත්ව තිබෙන බව පැහැදිලිව දැකිය හැකිය. රනිල් වැල්පාලමෙන් ගොඩ වීම ගැන නිතර සිදු කළ වගාඩම්බරය ගැන දැන් නිහඬ වීම පෙන්වන්නේ වැල් පාලමෙන් ගොඩවීම කෙසේ වුවද රනිල් වැල් පාලමෙන් ඇද වැටීමට නියමිත බවය.

පොහොට්ටුව හා රනිල් අතර මතුවෙමින් එන කඹ ඇදිල්ලද රනිල්ගේ බලාපොරොත්තු බිඳවැටීමට හේතුවී තිබේ. පොහොට්ටුවේ අයිතිකරුවා වන බැසිල්ගේ දැඩි අදහස වී තිබෙන්නේ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්විය යුතු බවය. එසේම මෙවර මැයි දිනයේදී රනිල් තරඟ කරන්නේ නම් ඒ බව ප්‍රකාශයට පත් කරන ලෙස බැසිල් විසින් රනිල්ගෙන් කරන ලද ඉල්ලීමද ඔහු ප්‍රතික්‍ෂේප කිරීම ඔවුන් අතර තිබෙන සීතල යුද්ධයේ ස්වභාවය ප්‍රකාශයට පත්වීමකි. මේ අතර නාමල් රාජපක්‍ෂ විසින් මීලග ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ අනිවාර්්‍යයෙන්ම පොහොට්ටුවේ ඡන්ද සලකුණ තිබෙන බවට කළ ප්‍රකාශයද රනිල් පාර්ශවයට ගැසූ කම්මුල් පහරක් වී ඇත. කෙසේ වුවද රනිල්ගේ අදහස වන්නේ පොහොට්ටුව, එජාපය ඇතුලු ආණ්ඩු පක්‍ෂයට සම්බන්ද සියලු දෙනාගේ සහයෝගය මත පොදු අපේක්‍ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමටය. කුමන පදනමකින් රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද ඔහුට ජයග්‍රහණය කිරීමට නොහැකි වන අතර ස්ථීර වශයෙන්ම පරාජයට පත් වනු ඇත. කොළඹ මැද පන්තික නාගරික ජනතාවගේ යම් ප්‍රතිශතයක් රනිල් කෙරෙහි බලාපොරොත්තු රදවා තැබුවද කම්කරු පංතිය ප්‍රමුඛ ගොවි හා ධීවර ජනතාව පමණක් නොව උතුර හා නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජනතාවගේ සහයෝගයද ස්ථිර වශයෙන් රනිල් ඔහු නොලැබෙනු ඇත. මෙම පසුබිම තුළ රනිල්ට ඔහු ජනාධිපතිවරණයට තරඟ කරනවාද නැද්ද යන්න ගැන නැවතත් සලකා බැලීමට සිදු වන බව නම් පැහැදිලිය.

ජවිපෙ නායකයින්ගේ බල්ටි

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මේ දින වල නිතර තම ස්ථාවරයන් වෙනස් කරමින් දේශපාලන බල්ටි ගැසීමේ ක්‍රීඩාවේ යෙදෙන බව දැකිය හැකිය. පසුගිය මස ඔහුගේ බල්ටිය වූයේ ඉන්දියාව සම්බන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භයක් ස්ථාවරය වන ඉන්දියානු ව්‍යාප්තවාදය වෙනස් කරමින් ඉන්දියාව සමග අලුත් දීගයකට ඇතුල්වීමය. මැතිවරණ ආසන්න කාලයේදී දේශපාලන නායකයින් විසින් නිතර සිදු කරන මෙම අවස්ථාවාදී හැසිරීම අනුර කුමාරගෙන් නිතර ප්‍රදර්ශණය වීම අරුමයක් නොවේ. රනිල් වැල් පාලමේ ගමන් කිරීම ගැන කථාව හා එය ෂඵත්‍ එක විසින් ලංකාව වෙත අටවන ලද උගුලක් ලෙස පසුගිය කාලයේ මොරදුන් අනුර කුමාර නොබෝදා රුපවාහිණී සංවාද වැඩ සටහනකට සහභාගි වෙමින් ප්‍රකාශකලේ රනිල් බාගයක් දුර ගමන් කර ඇති වැල්පාලමේ ඉතිරි කොටස ගමන් කිරීමට තමන් සූදානම් බවය. මෙය ජවිපෙ ගමන් කර තිබෙන අවස්ථාවාදී දේශපාලන පිරිහීම මැනවින් ප්‍රදර්ශණය කිරීමකි. ජවිපෙය ක්‍රමානුකූලව පාර්ලිමේන්තුවාදී ධනපති පක්‍ෂයක් බවට පරිවර්තනය වෙමින් පවතින බව මෙම ක්‍රියාදාමයන්ගෙන් තහවුරුකර පෙන්නුම් කරනු ලබයි. දේශපාලනික වශයෙන් ජවිපෙය තුළ සිදුවන මෙම පිරිහීම ජවිපෙ හා භඡඡය වෙත ආකර්ශණය වෙමින් පවතින වාමගාමී කොටස් තේරුම් නොගැනීම බරපතල ඛේදවාචකයකි.
ජාතික ජන බලවේගය නමින් පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් මේ දින වල නිතර රූපවාහිණි වැඩ සටහන්වල දැකිය හැකිය. එවන් රූපවාහිණි වැඩ සටහනකදී ජවිපෙ නායකයෙකු වන නලීන් හේවගේ කළ ප්‍රකාශය ආන්දෝලනාත්මක එකකි. නිවේදකයා නැගූ ප්‍රශ්ණයකට පිළිතුර වශයෙන් නලීන් හේවගේ ප්‍රකාශ කලේ 1988 – 89 භීෂණ කාලයේදී ඝාතනයට ලක්වූයේ මංකොල්ලකාරයින්, ස්ත්‍රි දුෂකයින් හා හොර මත්පැන් වෙළන්දන් බවයි. එකී ඝාතන වලට සිදුවූවාය යන හැඟීම මතු කිරීම සඳහා බාල ඝනයේ උත්සාහයක නලීන් හේවගේ විසින් ප්‍රදර්ශණය කෙරින. ඔහුගේ තර්ක ක්‍රමයට අනුව වර්තමාන රනිල් රාජපක්‍ෂ ආණ්ඩුවේ ටිරාන් අලස්ගේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සිදු කරන අනීතික මිනිස් ඝාතන සාධාරණය කරනවාද යන්න ගැන ජවිපෙ නායකයින් පිළිතුරු දිය යුතුය. ටිරාන් අලස් ප්‍රසිද්ධ රැස්වීමකදී ප්‍රකාශ කලේ කුඩුකාරයින් මරා දැමීම පවක් නොවන බවය. ඔහුගේ මෙම කැලෑනීතියට එරෙහිව නීතිඥ සංගමය දැඩි ප්‍රකාශයක්ද නිකුත් කරන ලදි. ජවිපෙ හිතාමතාම වසන් කිරීමට තැත් කරන සත්‍ය වන්නේ වෘත්තිය සමිති නායකයින්වූ එල්. ඩබ්. පන්ඩිත රජයේ මුද්‍රණාලයේ ජී.ඩී. විමලසේන, ගුරු සංගම් නායක හබරාදුවේ ජොර්ජ් රත්නායක වැනි වමේ නායකයින් ඝාතනය කලේ ඇයිද යන්නය. ඔවුන් ස්ත්‍රි දුෂකයින් හා මංකොල්ලකරුවන් වන්නේද යන්න ගැන ජවිපෙ තම ස්ථාවරය ප්‍රකාශ කළ යුතුය. ජවිපෙ 88-89 දියත් කල කැලෑ නීතිය මගින් තම දේශපාලන විරුද්ධවාදීන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කල බව ජවිපෙයට වසන් කළ නොහැකි ලෙස ඉතිහාසයේ සටහන්ව තිබේ.
මේ අතර ලාල්කාන්ත විසින් ජවිපෙ මැයි රැලියේදී සිදු කල ප්‍රකාශයක්ද මේ දින වල සමාජමාධ්‍ය හරහා සාකච්ඡාවට බදුන් වෙයි. ඔහු එහිදී කියා සිටියේ නීති පැනවීමේ හා යුක්තිය සසඳලීමේ අධිකරණ බලය ගමට ලබා දිය යුතු බවයි. මේ ගැන පොහොට්ටුවේ නායකයින් මෙන්ම සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයේ අයද බරපතල විවේචනයන් සිදු කරන බව දැකිය හැක. ධනපති පංතියේ නියෝජිතයින්ගේ විවේචන කෙසේ වූවද ලාල්කාන්තගේ මෙම ප්‍රකාශය බලය විමධ්‍යගත කිරීමේ සංකල්පය හා එක්ව බැලීමේදී වැරදි අදහසක් නොවන බව කිය යුතුය. ගමේ ප්‍රශ්ණ විසඳීමේ බලය ගමට ලබා දීම ප්‍රගතිශීලි අදහසක් වන නමුදු ජවිපෙය මේ මගින් උත්සාහ කරන්නේ ජවිපෙ කාඩර්වරුන්ට ප්‍රශ්ණ විසඳීමේ බලය හා අයිතිය දීමක් නම් එය කාම්බෝජයේ පොල්පොට්ගේ “කෙමරූෆ්” පාලනය විසින් සිදු කල අමානුෂික ඝාතන සංස්කෘතියකට ලංකාව ඇද දැමීමක්ද යන්න බරපතල ලෙස සාකච්ඡාවට ගත යුතුය. 88-89 පමණක් නොව ජවිපේ ඉතිහාසය පුරා කලු පැල්ලම් වලින් ගහණ වී ඇති බව සැගවිය නොහැක. ජවිපෙ විසින් සිදුකල කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායක දයා පතිරණ ඝාතනය හා අනුරාධපුරේ නන්දන මාරසිංහ ඝාතනයද ඒ අතර කැපී පෙනේ. සැබැවින්ම ජවිපෙ නායක අනුර කුමාර කැනඩාව, ප්‍රංශය වැනි රටවල ලාංකික ප්‍රේක්‍ෂකයින් අමතා කරනු ලබන වහෙන් ඔරෝ භාෂාව අත්හැර දමා මෙකී ඝාතන ගැන විවෘත ප්‍රකාශයක් ඔහු කළ යුතුය.

වසර 76ක ගෙවී ගිය කාලය තුල ප්‍රධාන ධාරාවේ ධනපති පක්ෂ ගෙන ගිය අවස්ථාවාදී දේශපාලනය මාලිමාව විසින්ද කරගෙන යෑම ආරම්භ කර ඇත. ධනපති දේශපාලන පක්ෂ ජාතිවාදය හා ආගම්වාදය මැතිවරණයක් ආසන්න වන විට කරලියට ගෙන එනු ලබයි. රණවිරුවන් ලෙස හඳුන්වනු ලබන ප්‍රධාන පෙලේ විශ්‍රාමික හමුදා සාමාජිකයන් පමණක් නොව භික්ෂු සංවිධාන බිහිකිරීම පෙන්නුම් කරන්නේ ජාතික ජන බලවේගය පැරණි පාරේම ගමන් කරන පිරිසක් බවය. මෙකී ක්‍රියාවන් හරහා ජාතික ජනබලවේගය උත්සාහ කරන්නේ පොහොට්ටුවට හිතවත් සිංහල බෞද්ධ ඡන්ද පදනම තමන් වෙත ආකර්ශණය කර ගැනීමටය. ඝෝඨාභය ලබාගත් 69 ලක්ෂයෙන් ලොකු කුට්ටියක් කඩා ගැනීම ඔවුන්ගේ ඉලක්කයයි. ජවිපෙය හා ජාතික ජන බලවේගය මෙම ක්‍රියාවේදී සජිත්ගේ සමගි ජන බලවේගයට වඩා මේ සඳහා සමීපකමක් ඇත. ජවිපෙය ආරම්භයේ සිටම ශ්‍රිලනිපයට ආසන්න ස්ථාවරයක් ගත් අතර සිංහල බෞද්ධ ජනතාව (දෙමළ ජනතාව අමතක කර දැමු) කේන්ද්‍ර ගත කර ගත් බලවේගයකි. අනුර කුමාර උතුරට ගොස් දෙමළ ජනතාව රැවටීමත්, නැගෙනහිරට ගොස් මුස්ලිම් ජනතාව රැවටීමත් සිදු කරනු ලැබුවද ජවිපෙ ප්‍රධාන ඉලක්කය දකුණේ සිංහල බෞද්ධ ඡන්ද පදනම තමන්ට දිනා ගැනීමය. ජවිපෙ හා ජාතික ජන බලවේගය අවස්ථාවාදී දේශපාලනය වැළඳගෙන ඇත්තේ ඕනෑම ජරාවක් භුක්ති විඳ බලය ලබා ගැනීම එකම උවමනාව බවට පත් කර ගෙන ඇති බැවිනි.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
යන යකා  කොරහත් බිඳගෙන  යාමට පෙර…

යන යකා කොරහත් බිඳගෙන යාමට පෙර...

Committee for Worker’s International

Committee for Worker's International

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.