lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

මුල්ලිවයික්කාල් ජනඝාතනයට වසර 15යි

Taniya by Taniya
August 13, 2026
in ලිපි
0
මුල්ලිවයික්කාල්  ජනඝාතනයට   වසර 15යි
Share on FacebookShare on Twitter

තිස්වසරක කුරිරු යුද්ධය 2009 මැයි 18 වන දින අවසන්වි මේ වසරට අවුරුදු 15ක් සපිරෙනවා. වසර 15ක් යනු යුද්ධය පැවති කාලවකවානු දෙස බැලිමේදී හරිඅඩක් වෙනවා. මෙරට ලොකුම ජන සංහාරය සිද්ධ වුනේ 2009දි ලංකාවෙ උතුරු ප්‍රදේශයේදි. යුද්ධය අවසන්වුවායයි උදම් අනන සිංහල ජාතිවාදීන්ට තවමත් නොපෙනෙන කාරනය නම් උතුරේ යුද්ධය අවසන්වුවාට උතුරේ ජනතාවගේ ප්‍රශ්න තවමත් විසදී නොමැති බවයි. එදා පැවති දේශපාලන ප්‍රශ්නවලට අමතරව අද වන විට ඔවුන්ගේ ස්වාමියාල දුවල පුතාල සහෝදරයා ආදි සනුහරයම ඝාතනයවී දැනට වසර 15ක් ගතවී තිබේ. යුද්ධය අවසන් සතිය ලංකා ඉතිහාසයේ ඉතාම ඛේදනිය සතියක් වුවාට කිසිදු සැකයක් නැත. ලාංකිය ජනතාවගෙන් එක්ලක්ෂ පනස් දහසකට (150000) ආසන්න දෙමළ ජනතාවක් එදා ඝාතනයට ලක්විය. මෙවැනි කුරිරු ජනඝාතක යුද්ධයක් අමතක කිරිමට කිසිදු මනුෂ්‍යයකුට නොහැකිය. බෞද්ධ යයි සම්මත අපේ රටේ කුරිරු පාලකයින් මියගිය දෙමළ ජනතාව සැමරීමත් දඬුවම් ලැබිය යුතු වරදක් ලෙස පෙන්වාදි තිබේ. 2009 වසරේ මැයි 18 වන දින මුල්ලිවයික්කාල් වලදී සිදුවු යුධ අවසාන සතිය ගැන ලෝකයාම කම්පාවන මොහොතක අපේ රටේ එය සැමරීම තහනමට ලක්වීම මනුෂ්‍ය සංහතියටම කරන නිගාවකි.

ලෝකය පුරාම වෙසෙන දෙමළ ජනතාව මැයි 18ට ආසන්න සතිය මුල්ලිවයික්කාල් කළු සතිය ලෙස නම්කර එය සැමරිම එදා සිට සිදුවිය. අද වගේම හැමදාම පැවති ආණ්ඩුවලින් ඔවුන්ට පැමිනි බාධාවලින් නම් අඩුවක් නොවීය. ලිබරල් යයි සම්මත රනිල් වික්‍රමසිංහගේ ඊනියා ආණ්ඩුව මේවන විට එම සැමරුමට සුදානම්වු අහිංසක දෙමළ වැසියන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. උතුරේ දෙමළ වැසියන් අවසන් සතිය ජීවත්වුයේ කිසිදු අහරක් හෝ බීමට ජලයවත් නොමැතිව මරබියෙනි. යුද්ධය අවසාන දිනවලදී මුහුදුබඩ බිමිතීරුවකට කොටුවී ෂෙල් වෙඩි ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාරවලට මැදිවී රෝගාබාධව සිටී දෙමළ ජනතාවගෙන් සමහරක් නොමැරී දිවි ගලවා ගත්තේ ආහාර ලෙස සපයාගත හැකිව තිබු කැඳ පොල්කටුවෙන් පමනි. එවැනි බිහිසුනු අත්දැකිම් විදිමින් බොහෝ ජනතාවක් තමන්ගේ ජීවිත බේරාගත්තේය. එදා තමන් සමග සිටි තම ඥාතින් මියගිය පසු එය සිහිකිරිම මෙලොව ජීවත්ව සිටින ඕනැම මිනිසකු සිදුකරන ක්‍රියාවකි. බෞද්ධයයි කියාගන්නා පාලකයින් බුදු දහමින් වල්මත්වී සිටින ජනතාවට බුදුන්ගේ ධර්මයත් විකෘති කරමින් මෙලෙස වෛරය පැතිරවිම ඛේදාන්තයකි. ලොවපුරා කිතුනු ජනතාව පාස්කුව සමරන්නේද මියගිය අය සිහිකරමිනි. නමුත් ලංකාව තුල මියගිය දෙමළ ජනතාව සිහි කිරිම තහනම් කිරිම අජාසත්ත යුගයත් පසුකරමින් තිබේ. දෙමළ ජනතාවගේ සංහිදියාව ගැන නන්fදාඩන දේශපාලකයින් මුල්ලිවයික්කාල් සතිය සැමරිම තහනම් කරන්නේ බුදුන්ගේ තෙමගුල සිහිකරන වෙසක් මාසයේම විම හාස්‍යයකි. අද වන විට බුදුන් වැඩසිටියේ නම් මේ මහා බෞද්ධයින් පනපිටින් අපායේ යවනවා නොඅනුමානය. බුද්ධාගමත් විකෘති කරමින් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මිනිසුන්ගේ ඇදහිම් පාවාදෙමින් ලෝකයේ කොතනකවත් නොමැති අදමිටු පාලකයින් සිටින රටක් බවට මේ මහා ධර්මද්වීපය පත්ව තිබේ. තෙමගුලක් සැමරීමට තරම් මොවුන් ධාර්මිෂ්ඨ දැයි ඇසිමට කිසිවකු නොමැතිවිම මේ රටේ ජනතාවගේ අවාසනාවකි.

මේ තත්වය තුල දෙමළ ජනතාව මේ දිනය සනිටුහන් කරන්නේ තමන්ගේ මියගිය මිනිසුන් වෙනුවෙන් සාධාරනය ඉල්ලා සිටින දිනයක් ලෙසයි. උතුරු නැගෙනහිර සියලුම ජනතාව මුල්ලිවයික්කාල් සතිය සැමරීම දිගටම කරගෙන ගියා. ඔවුන්ට සාධාරණය ඉටුවන තුරු මෙය ඉදිරියට පවතිවි. ත්‍රිකුණාමලය සාම්පුර් ප්‍රදේශයේ කැඳ දන්සැලක් ලබාදුන් සිවිදෙනෙක් තමයි මේ වන විට අත්අඩංගුවට ගෙන සිරිකර තිබෙන්නේ. මිනිසුන්ගේ වේදනාව හැඟීම් සිරකර තබන්න බැහැ. ඒ හතර දෙනා වෙනුවට දහස් ගනනක් උතුරු නැගෙනහිර ජනතාව 18 වන දාට මුල්ලිවයික්කාල් සැමරුම කරාවි. ලබන 23 වනදාට වෙසක් තෙමගුල වෙනුවෙන් ලංකාව පුරාම දන්සල් පවත්වනවා. සාම්පුර් සිවිදෙනා අත්අඩංගුවට ගත්තේ කැඳ දන්සැල තුලින් රෝග වැලදිය හැකි බව ප්‍රකාශ කරමින්. එසේ නම් 23 දින ලංකාව පුරා පවත්වන දන්සැල් වලින් රෝග වැලදෙන්නේ නැද්දැයි අපි රනිල් වික්‍රමසිංහගෙන් විමසා සිටිනවා. මේ ආණ්ඩුවේ දෙබිඩි ප්‍රතිපත්තිය මෙයින් ලෝකයාටම එලිදරව් වෙනවා. එක රටක නීති දෙකක් පවතින බව එදා සිටිම දෙමළ ජනතාව නගන චෝදනාවක්. මෙවැනි ක්‍රියා තුලින් එහි යථාර්තය මනාව පැහැදිලි වෙනවා.
ඉදිරියේ පවතින මැතිවරණ මූලික කරගෙන සිංහල ජාතිවාදින් සැනසිම වෙනුවෙන් කොටි සැමරුම නතරකලා යයි පවසා ඡන්ද ලබාගැනිමට ආණ්ඩුව කටයුතු කරන බව පෙනේ. එසේ නම් ජනාධිපති රනිල් උතුරට ගොස් දෙමළ ජනතාව ඉදිරියේ ජාතික ප්‍රශ්නය විසදනවා යැයි පිංසෙන්ඩු වන්නේ කුමන අරමුණකින්ද යන්න උතුරේ ජනතාව තේරුම් ගෙන තිබේ. සුමන්තිරන් අද රනිල්ට විරුද්ධව අවි අමෝරාගෙන තිබේ. ඔහු කියන්නේ අපිට මියගිය අය සමරන්නවත් රනිල් ඉඩදෙන්නේ නැත්නම් ඡන්දෙ ඉල්ලගෙන උතුරට එන්න එපා කියලයි. රනිල් ප්‍රමුඛ ධනපති ආණ්ඩුවලට උතුරේ ජනතාවගේ හැඟීම් වෙන්දේසි කල සුමන්තිරන්ලා අද මැතිවරණ බලාගෙන දෙමළ ජනතාව වෙනුවෙන් කිඹුල් කදුලු හෙලමින් සිටි. අද ඔවුන් උතුරෙන් ප්‍රතික්ෂේප වෙන තත්වයක් තුල බොරුවට දෙමළ ජනතාවගේ අයිතින් වෙනුවෙන් පෙනී සිටීයි. වසර 15ක් තිස්සේ අතුරුදහන්වුවන් වෙනුවෙන් කිසිදු පාලකයෙකු කටයුතු නොකල අතර ඔභ් ප්‍රමුඛ සුමන්තිරන්ලා බලා සිටියේය. මැයි 18 සැමරුමට ආණ්ඩුව ඉඩ නොදෙන්නේ නම් තවත් වටයකින් දෙමළ ජනතාව පීඩාවට පත් කිරිමක් වන්නේය. සංහිදියාව වෙනුවට වෛරය පැතිරවිම ධනපති පාලකයන්ගේ පැවැත්ම සදහා යොදාගන්නා මෙවලමකි. මියගියේ කුමන ජාතියකද කුමන ආගමකද යන්න නොව මිය ගිය අය සැමරීම සියලුම මනුෂ්‍යයන්ට ඇති අයිතියකි.

යුද්ධය අවසන්වී වසර 15ක් ගතවුවද ුවෙන් උතුරේ ජනතාවගේ ප්‍රශ්න එලෙසම පැවතිම තුලින් පෙන්නුම් කරන්නේ තව දශක ගණනාවක් ගියත් උතුරේ ජනතාවට සාධාරණය ඉටු කිරිමට දකුනේ කිසිදු ධනපති පාලකයකු සුදානම් නොමැති බවයි. අතුරුදහන්වුවන්ගේ දෙමාපිය උද්ඝෝෂණය මෙයට සමගාමිව උතුරේ පවතින අතර ඒ අයටද තහනම් නියෝග නිකුත් කරමින් නිරන්තරයෙන් විවිධ බාධාවන් පමුනුවමින් සිටී. මෙයින් පෙනී යන්නේ උතුරේ ජනතාවට කිසි ලෙසකින් තමන්ගේ යුක්තිය ලබා ගැනීමට දකුනේ ධනපති සිංහල පාලකයින් ඉඩ නොදෙන බවයි. එබැවින් ඔවුන් ජාත්‍යන්තරයට තම ප්‍රශ්න ගෙනයැම සාධාරණවේ. වසර 30ක් උතුරේ තරුණයන් යුද්ධ කලෙත් තම ජනතාවට සාධාරණය ඉටු කිරිම වෙනුවෙනි. යුද්ධය අවසන්වී අද වනතුරුත් උතුරු නැගෙනහිර ජනතාව ඉල්ලා සිටින්නේ තම අයිතිවාසිකම් ලබාදෙන ලෙසයි. සංහිදියාව ගැන කතාකරන රනිල්ලා උතුරට තහංචි දැමිමෙන් පෙන්නුම් කරන්නේ එම තරුණයන්ගේ බලාපොරොත්තු කඩවීමත් සමග හිගන්නාගේ තුවාලය මෙන් නැවත වටයකින් දෙමළ ජනතාව විමුක්තිය හා නිදහස ඉල්ලා නැගිටීම වැලැක්විය නොහැකිය. මෙහි බරපතලකම තේරුම් ගනිමින් වමේ අපි හැමදාම උතුරේ ජනතාවට ආමන්ත්‍රණය කලේ දකුනේ කම්කරු පංතියත් සමග අත්වැල් බැදගෙන අරගලයට එකතුවන ලෙසයි. මේ රටේ සියලු ප්‍රශ්න වලට විසදුම තිබෙන්නේ රටේ පවතින ජාතික ප්‍රශ්නය විසදිම තුලිනි. ඒ සඳහා දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය පිළිගනිමින් එය සමාජවාදී වැඩපිළිවෙල හා බද්ධ කර සටන් වදින්නේ එක්සත් සමජවාදී පක්‍ෂය පමණක් බව අවධාරණයෙන් සඳහන් කළ යුතුය. ධනපති පාලකයින් කිසිදා එම ප්‍රශ්න විසදීමට සුදානම් නොමැත. ලාංකිය සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ අයිතින් දිනාගත හැකි වන්නේ උතුර දකුණ ඒකාබද්ධවු කම්කරු පංතිය ප්‍රමුඛ බලවේගවන්ගේ එකතුවක් මගින් පමනි. එම නිසා අපි ඔබට ආයාචනා කරන්නේ ඒ සදහා අප හා අත්වැල් බැදගන්නා ලෙසයි.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
වියරු ධනේශ්වරයට එරෙහිව  වැඩකරන ජනයාගේ බලයක්…- ශ්‍රිනාත් පෙරේරා

වියරු ධනේශ්වරයට එරෙහිව වැඩකරන ජනයාගේ බලයක්...- ශ්‍රිනාත් පෙරේරා

රනිල් වැල් පාලමෙන් ඇද වැටෙයි

රනිල් වැල් පාලමෙන් ඇද වැටෙයි

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.