• #1387 (no title)
  • 2024 நாடாளுமன்றத் தேர்தல்
  • About Us
  • Articales
  • Articles
    • දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
  • Contact USP
  • Donate
  • Join Us
  • May Day
  • MayDay
  • MAYDAY 1
  • MAYDAY 1
  • New Menu 1
  • Ratutaruwa
  • Ratutaruwa artical
  • Ratutharuwa
    • ratutaruwa
  • Ratutharuwa
  • Sri Lanka:Tremendous success of book launch in Jaffna
  • Tamil
  • The Left
  • this year
  • USP MAYDAY
    • MAY DAY 2017
  • උතුරේ මහ ඇමති විග්නේශ්වරන් ප්‍රමුඛ දෙමළ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් “එලුංග තමිල්” නම්න් පැවති උද්ඝෝෂණය කෙරෙහි උද්ගතව ඇති තත්වය ගැන එක්සත් සමාජවාදී පක්ෂය, වමේ හඬ සංවිධානය, අක්ෂය සාමූහිකය එක්ව පවත්වන ලද පුවත් පත් සාකච්ජාව
  • ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ
Lanka Socialists
No Result
View All Result
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

වතු කරයේ ඉරණම සියවස් දෙකක් කඹුට……! – ලලිත් අබේසිංහ

Taniya by Taniya
January 9, 2023
in Articles
0
වතු කරයේ ඉරණම සියවස් දෙකක් කඹුට……! – ලලිත් අබේසිංහ

 

වතු කරයේ ඉරණම සියවස් දෙකක් කඹුට……!

දැන් අප ඉන්නේ 2023 ය. අප රටේ සුවිශේෂී ජන කොට්ඨාශයකට 2023 වසර මහත් වැදගත්කමක් සනිටුහන් කරයි. ඒ මෙරට තේ වතු ආශ්‍රිතව ජීවත් වන වතුකරයේ දෙමළ ප්‍රජාවටය. ජන සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව මෙම ජන කොටස හඳුන්වා දෙන්නේ “ඉන්දීය දෙමළ” ලෙසය. මෙම ජන කොටස තමන්ව හඳුන්වාගන්නේ “මලයහ මක්කල්” ලෙසය. එහි තේරුම කඳුකර ජනතාව ලෙසය. කෙසේ වෙතත් මෙම ජන කොටසට 2023 මෙම වර්ෂය වැදගත් වන්නේ ඔවුන් මෙම රටට ගෙන්වාගෙන වසර 200 ක් සපිරෙන නිසාවෙනි.

වාර්තාවන් අනුව බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් මෙරට වතු වගාව සදහා සංවිධානාත්මක ලෙස කණ්ඩායම් ලෙස මෙම ජන කොටස පලමුවෙන්ම ගෙන්වා ඇත්තේ 1823 වසරේදීය. ඒ කෝපි වගාව සඳහාය. කෝපි වගාවට දිගටම පවතින විශාල ශ්‍රම බලකායක් අවශ්‍යය නොවීය. කෝපි පැල සිටුවිමටත් අස්වනු නෙලීමටත් විශාල පිරිසක් අවශ්‍යය වූ අතර කෝපි පැල බලා කියා ගැනීමට එතරම් පිරිසක් අවශ්‍යය නොවීය. කෝපි වගාව දිලීර රෝගයක් නිසා විනාශ වී ගිය අතර ඉන් පසුව ඇති කළ සිංකෝනා වගාවද අසාර්ථක වූ පසු නිත්‍යය වශයෙන්ම තේ වගාව ආරම්භ වූයේ 1870 කාලයේදීය. එය ආරම්භ වුයේ දෙල්තොට ලුල්කදුර වතුයායේය. තේ වගාව ආරම්භ වී එය වාණිජ වගාවක් ලෙස ස්ථාපිත වූ පසු එයට විශාල නේවාසික ශ්‍රම බලකායක් අවශ්‍යය විය.

මෙයට වසර 200 කට පෙර මෙරටට ගෙන්වාගත් මලයහ මක්කල් හෙවත් වතුකරයේ දෙමළ ජනතාවගේ අතිශය ඛේදජනක කථාව මෙතැන් සිට දිග හැරේ. මොවුන් ඉන්දියාවේ සිට ලංකාවට ගෙන්වා ගත්තේම අතිශය රැවටිලිකාර කථා කියමින්ය. එකළ ඉන්දියාවේ සාගත තත්වයක් තිබූ නිසාත් දෙරටම එකම බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිත වූ නිසාත් ලක්ෂ ගණන් මෙම ඉන්දීය ජනකොටස ගෙන්වා ගැනීමට බාධාවක් නොවීය. එම ගමන අතිශය පීඩාකාරි එකක් වූ බව වාර්තාවන් පෙන්වා දී ඇත. ඉතා වැඩි මගින් කොටසක් පටවා ගෙන කිසිදු පහසුකමක් නොමැති බෝට්ටු වල නැගි ගමනාන්තයක නොදැන තලේමන්නාරමට පැමිණි මෙම පිරිස් එහි සිට මධ්‍යයම කඳුකරය දක්වා පා ගමනින් මහා ඝණ කැලෑ මැදින් දිවා රෑ නොතකා ගමන් කර ඇත. මෙම ගමන අතරතුර උණ රෝගයෙන් හා පාචනය නිසා වෙහෙසට හා දැඩි අසනීප තත්වයන්ට පත්වූ බොහෝ පිරිස් මෙම මහා ඝණ කැලෑ තුළ අත්හැර දමා ඒම එකළ විමතියට කාරණයක් නොවු අතර එම අතරමං වූ පිරිසට සිදුවූ දේ අද වන තෙක් දන්නේ නැත. ඉතාම උෂ්ණාධික දකුණු ඉන්දියාවේ සිට ඉතාම ශීත දේශගුණයක් සහිත කඳුකරයේ නාවලපිටිය, හැටන්, නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවෙල ආදි ස්ථාන වල රංචු පිටින් අඩි දහය දහයේ ලයින් කාමර වල ගාල් කරවා ඇත. ඒවා කිසිදු මනුෂ්‍යය වාසයකට සුදුසු නොවු අතර ඛේදවාචකය වන්නේ වතු පාලකයින් අද වන තෙක් එම අශ්ශිල ලයින් කාමර පවත්වාගෙන යෑමය.

මෙම ජන කොටස තේ වගාව සඳහා මහා ඝණ වනාන්තර සුද්දන්ගේ අණ පරිදි අද අප දකින සුමට තේ වතු බවට පත්කර ඇත්තේ කිසිදු යන්ත්‍රයක පිහිටෙන් නොව සිය දෑත් වලිනි. මෙම කටයුතු වලට අමතරව කදුකරයේ ඉතාම දුෂ්කර කලාපයක් ඔස්සේ ඉදි කළ දුම්රිය මාර්ග ඉදිකිරීම සඳහා මෙම ජන කොටස ජීවිත පරිත්‍යාගයෙන් පවා ක්‍රියා කළ බව දන්නේ ඉතාම සුලු පිරිසකි.

කෙසේ වෙතත් ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ තමන්ගේ හා තම පවුල්වල තෝරා ගැනීමක් නොවන ආගන්තුක ප්‍රදේශයක පදිංචිව තම බස කථා නොකරන ජනතාවකගෙන් වටවු දේශගුණික, භූගෝලිය, සංස්කෘතික, භාෂාමය ,ආගමික හා සියලු තත්වයන්ගෙන් මිතුරු නොවු තත්වයකය ඔවුනට ජීවත් වීමට සිදුවූයේ, මෑතකදී පවා ඇතිවූ ඊනියා ජනවාර්ගික අරගල වල අහිංසක වින්දිතයන් වූයේ මොවුන්ය.

කෙසේ වෙතත් සුදු අධිරාජ්‍යවාදින් මොවුන් මෙරට පුරවැසියන් ලෙස සලකා ක්‍රියා කළ බව පෙනේ. ඒ 1931 දී ඩොනමෝර් ප්‍රතිසංස්කරණ හරහා ලැබූනු සර්ව ජන ඡන්ද බලය මොවුනටද හිමි කරදීම නිසාය. මෙම කාලයේ මෙම අතිශය දුෂ්කර හා ඛේදජනක ජීවිතයක් ගතකළ මෙම ප්‍රජාව සමග ලංකා සමසමාජ පක්ෂය දේශපාලන කටයුතූ ආරම්භ කර තිබුණි. මේ නිසාම 1931 සිට 1947 දක්වා පැවති මැතිවරණ වලින් මෙම පලාත් වල සමසමාජ අනුග්‍රහය ලද වාමගාමි දෙමළ මන්ත්‍රීවරු වැඩි පිරිසක් තේරි පත්ව ඇත.

එහෙත් නිදහස ලැබූ 1948 වසරේදීම පුරවැසි පනත මගින් මෙම ජනතාවගේ පුරවැසිකම අහිමි කොට එම වසරේදීම ගෙන ආ ඡන්දබල පනත මගින ඡන්ද අයිතියද අහිමි කර දැමීමට ඩී.එස්.සේනානායක ප්‍රමුඛ එජාප ආණුඩුව කටයතු කළේ මෙම වාමගාමි බලවේගය අනාගත තර්ජනයක් වේ යැයි කල්පනා කළ බැවිනි. මේ මගින් ලක්ෂ අටක පමණ ජනගහණයක් අසාධාරණයට පත්ව එක් රැයකින් “රටක් නොමැති ජනතාවක්” බවට පත්විය. එකළ ලෝකයේ සිටියේ එවන් ජන කොටස දෙකක් පමණි. ඒ පලස්තීන ජනතාව හා අපගේ වතුකරේ දෙමළ ජනතාව පමණි.
මෙම ප්‍රශ්නය විසදීමට සිරිමා බණ්ඩාරනායක හා ඉන්දීය අගමැති ලාල් බහදුරි ශාස්ත්‍රී එක්ව සිරිමා ශාස්ත්‍රී ගිවිසුමක් ඇති කර ගත්තේ කිසිදු පාර්ශවයක් නොවිමසා අංක ගණිතමය අභ්‍යාසයක් ලෙසිනි. ඒ වන විට මෙම ප්‍රජාවට අයත් 975,000 ක් සිටියහ. මෙම ප්‍රමාණයෙන් 525,000 ක කොටසක ඉන්දියාවට බාර ගැනීමටත්, 300,000 ක් ලංකාවේ රඳවා ගැනීමටත් ඉතිරි 150, 000 පසුව සලකා බැලීමටත් එකඟ වූහ, මෙම ගිවිසුම අත්සන් කොට තොපි ඉන්දියාවට යා යුතු යැයි කියනතාක් කල් ඒ පිලිබඳව හාංකවිසියක් මෙම ප්‍රජාව දැන සිටියේ නැත. සමහර පවුල් වල අම්මා තාත්තා ඉන්දියාවටය විවාහක දරුවන් ලංකාවටය. මෙම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සියවසක් පමණ ලංකාවට කඹුරා අත්‍යවශ්‍යය විදේශ විනිමය යහමින් ලබා දී සිලෝන ටී සන්නාමය ලෝකයේ ඉහලින්ම තැබූ මොවුනට නැවතත් ගමනාන්තයක් නොදත් ගමනක යෙදෙන්න සිදුවිය. ලංකාවේදි අඩු ලංසුවකින් “ඉන්දීය දෙමළ ” නාමය ලබා ගත් මෙම පිරිස ඉන්දියාවේදි හැඳුන්වූයේ අඩු ලංසු ඉන්දීය නොවන “ලංකා දෙමළ” යන නාමයෙනි. මෙම ලක්ෂ සංඛ්‍යා ජනකායක් පිටමං කිරීම එම සිය වසේ ලෝකයේ සිදුවූ විශාලතම පිටමං කිරීමක් විය. එහෙත් මේ ඛේදජනකාත්මක පිටමං කිරීම ලක් වැසියන්ට දැනුනේ නැත. 1948 ජන්ද බලය අහිමි වීම නිසා මොවුන්ව අත හැර දැමූ සමසමාජයට හෝ මෙය දැනුනේ නැත. තලෙයි මන්නාරමෙන් 1820 ගණන් වල සිට මෙරටට පැමිණ යලිත් තලෙයි මන්නාරමෙන් හිස් අතින් පිටවී යන මෙම මහා ජන ගංගාව ගැන මොකෙක්වත් කවියක් කෙටි කථාවක් හෝ ටෙලියක් හැදුවේ නැත. පරම්පරා ගණනක් මෙහි වාල් වැඩ කළ මෙම පිරිසට රැගෙන යෑමට තිබුනේ ට්‍රන්ක පෙට්ටියක අසුරා ගත් දේපලයක්ය. එක් මහලු මනුස්සයෙක් ගෝනි පඩංගුවක ඔතා ගෙන කට භාගයක්ම ගෙවී ගිය ලී වංගෙඩි කබලක් හිස දරාගෙන යන ඡායාරූපයක් දැක මම සලිත විමි. මෙසේ යලි නොඑන්න බොහෝ අය නංවා ගත් තලෙයි මන්නාරම දක්වා දිවෙන දුම්රිය හැටන් දුම්රිය ස්ථානයෙන් පිටත් වන විට එම ජනතාව නැංවූ විලාප හඩින් හැටන් නගරයම ගිගුම් දුන් බව එකල සතියකට දෙවරක් අත්දකින්න තිබූ ඛේදවාචකයකි. බොහෝ අය කුඩා මැටි කලයක සුදු කඩපිම්මක් බැඳ ගෙන ගිය මහාර්ඝ වස්තුවක් විය. ඒ තමන් වැඩ කළ වත්තෙන් ලබා ගත් පස් අහුරකි. එයද රේගු පරික්ෂාවේදි හලා යෑමට සිදු විය.

මෙයට අමතරව 1950 ගණන් වල සිට ජාතිවාදි කෝලහල වලදී ජාති මාමක සිහලුන්ගෙන් ඇති පදම් බැට කෑවේ මොවුන්ය. මොවුන් පනහට පනහ ඉල්ලීමට හෝ ඊලාම් ඉල්ලීමට හෝ වෙන කිසිදු ජනවාර්ගික ඉල්ලීම් වල පාර්ශව කරුවෙකු නොවූහ. එහෙත් යහමින් ජීවිතද දේපලද විනාශ කර ගත් අය වූහ. වරක් ජාතිමාමක සිංහල තරුණයෙකු වියපත් මහලු කාන්තාවක් පෙරලාගෙන පහර දී තිබේ. එම මහලු කාන්තාව විමසා ඇත්තේ එක් ප්‍රශ්නයක් පමණි. “මහ්තතයා ඇයි මට ගහන්නේ” කියාය. මෙම අසරණ මිනිස්සු ඔවුන් ගුටි කන හේතුවවත් දැන නොසිටියහ.
අද වන විටත් ලංකාවේ ජාතික දත්ත වල නරකම දත්ත ඇත්තේ වතුකරයේය. යහපත් දත්ත ජාතික දත්ත මෙන් භාගයකි. අයහපත් දත්ත ජාතික දත්ත මෙන් දෙගුණයකි. මන්ද පෝෂණය, ජලය ආශ්‍රිත රෝග, දෙගුණයකි, උපතේදි ආයු කාලය, ශාක්ෂරතාව, උසස් අධ්‍යාපන වරම් ආදිය භාගයකි.
වසර දෙසීයක් වතුවැඩ කළද, වතු වැඩ පිලිබඳ විශේෂඥයෝ වුවද අද වතු අධිකාරවරයෙක් බිහි කරන්නට මෙම ප්‍රජාවට හැකිවී නැත.

මෙරට ඉඩම් අයිතිය පිලිබඳව සියයට දශම ගණනකින් සංඛ්‍යාවක සටහන් කරන එකම ප්‍රජාවද මෙම දෙමළ වතු ප්‍රජාවය. කිසිම දවසක ඉඩම් කච්චේරියක් මෙම ජන කොටස වෙනුවෙන් පවත්වා නැත, ස්වර්ණ භූමි අර භූමි මේ භූමි වල හිමිකාරිත්වයක් කවදාවත් මොවුනට ලැබී නැත. අදද අඩුම දෛනික වැටුප ලබන්නේ මොවුන්ය. දවසට රුපියල්ම හත්සිය අසූවකි. රුපියල් 1000 ගන්න මසකට දවස් 25 ක් වැඩ කල යුතුය. බොහෝ වතු වල සතියකට ලැබෙන්නේ දින 03 ක වැඩ පමණි.

රටේ බහුතර ප්‍රජාව තවමත් මෙම ජන කොටස පිලිබඳව අවධානය යොමු කර නැති නම්, වසර දෙසියක් මෙම රටට යහමින් කඹුරා තවමත් රුපියල් 1000 ක් වත් ලබා ගන්න බැරිවී ඇත්නම් තවම ජීවත් වන්නේ 1820 ගණන් වල ඇටවු ලයින් කාමර වලනම්, බහුතර සිංහලයන් වශයෙන් හා වාමාංශිකයන් වශයෙන් අප ෆේල්ය.
ලලිත් අබේසිංහ

 

Previous Post

වසන්ත මුදලිගේ බැලීම සදහා එක්සත් සමාජවාදී පක්ෂයේ නියෝජිතයින් ඇතුළු පිරිස පසුගිය දෙසැම්බර් 30 වෙනි දින වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය අවස්ථාව

Next Post

වසන්ත වෙනුවෙන් රටම පෙළගැසෙයි

Next Post
වසන්ත වෙනුවෙන්  රටම පෙළගැසෙයි

වසන්ත වෙනුවෙන් රටම පෙළගැසෙයි

Categories

  • Activities
  • Articles
  • Books
  • From the Press
  • Local
  • Other
  • Persepectives
  • Ratutharuwa
  • Upcoming Events
  • USP Statements
  • Video/Audia
  • World News
  • අවනඩුව

Archives

  • February 2025
  • December 2024
  • November 2024
  • October 2024
  • September 2024
  • August 2024
  • July 2024
  • May 2024
  • April 2024
  • March 2024
  • February 2024
  • November 2023
  • October 2023
  • September 2023
  • August 2023
  • July 2023
  • June 2023
  • May 2023
  • April 2023
  • March 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • October 2022
  • September 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • April 2022
  • February 2022
  • December 2021
  • November 2021
  • April 2021
  • February 2021
  • January 2021
  • December 2020
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • June 2017
  • May 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • November 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • September 2015
  • August 2015
  • July 2015
  • June 2015
  • May 2015
January 2023
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Dec   Mar »

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.