lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

වතු කරයේ ඉරණම සියවස් දෙකක් කඹුට……! – ලලිත් අබේසිංහ

Taniya by Taniya
August 13, 2026
in ලිපි
0
වතු කරයේ ඉරණම සියවස් දෙකක් කඹුට……! – ලලිත් අබේසිංහ
Share on FacebookShare on Twitter

 

වතු කරයේ ඉරණම සියවස් දෙකක් කඹුට……!

දැන් අප ඉන්නේ 2023 ය. අප රටේ සුවිශේෂී ජන කොට්ඨාශයකට 2023 වසර මහත් වැදගත්කමක් සනිටුහන් කරයි. ඒ මෙරට තේ වතු ආශ්‍රිතව ජීවත් වන වතුකරයේ දෙමළ ප්‍රජාවටය. ජන සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව මෙම ජන කොටස හඳුන්වා දෙන්නේ “ඉන්දීය දෙමළ” ලෙසය. මෙම ජන කොටස තමන්ව හඳුන්වාගන්නේ “මලයහ මක්කල්” ලෙසය. එහි තේරුම කඳුකර ජනතාව ලෙසය. කෙසේ වෙතත් මෙම ජන කොටසට 2023 මෙම වර්ෂය වැදගත් වන්නේ ඔවුන් මෙම රටට ගෙන්වාගෙන වසර 200 ක් සපිරෙන නිසාවෙනි.

වාර්තාවන් අනුව බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් මෙරට වතු වගාව සදහා සංවිධානාත්මක ලෙස කණ්ඩායම් ලෙස මෙම ජන කොටස පලමුවෙන්ම ගෙන්වා ඇත්තේ 1823 වසරේදීය. ඒ කෝපි වගාව සඳහාය. කෝපි වගාවට දිගටම පවතින විශාල ශ්‍රම බලකායක් අවශ්‍යය නොවීය. කෝපි පැල සිටුවිමටත් අස්වනු නෙලීමටත් විශාල පිරිසක් අවශ්‍යය වූ අතර කෝපි පැල බලා කියා ගැනීමට එතරම් පිරිසක් අවශ්‍යය නොවීය. කෝපි වගාව දිලීර රෝගයක් නිසා විනාශ වී ගිය අතර ඉන් පසුව ඇති කළ සිංකෝනා වගාවද අසාර්ථක වූ පසු නිත්‍යය වශයෙන්ම තේ වගාව ආරම්භ වූයේ 1870 කාලයේදීය. එය ආරම්භ වුයේ දෙල්තොට ලුල්කදුර වතුයායේය. තේ වගාව ආරම්භ වී එය වාණිජ වගාවක් ලෙස ස්ථාපිත වූ පසු එයට විශාල නේවාසික ශ්‍රම බලකායක් අවශ්‍යය විය.

මෙයට වසර 200 කට පෙර මෙරටට ගෙන්වාගත් මලයහ මක්කල් හෙවත් වතුකරයේ දෙමළ ජනතාවගේ අතිශය ඛේදජනක කථාව මෙතැන් සිට දිග හැරේ. මොවුන් ඉන්දියාවේ සිට ලංකාවට ගෙන්වා ගත්තේම අතිශය රැවටිලිකාර කථා කියමින්ය. එකළ ඉන්දියාවේ සාගත තත්වයක් තිබූ නිසාත් දෙරටම එකම බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිත වූ නිසාත් ලක්ෂ ගණන් මෙම ඉන්දීය ජනකොටස ගෙන්වා ගැනීමට බාධාවක් නොවීය. එම ගමන අතිශය පීඩාකාරි එකක් වූ බව වාර්තාවන් පෙන්වා දී ඇත. ඉතා වැඩි මගින් කොටසක් පටවා ගෙන කිසිදු පහසුකමක් නොමැති බෝට්ටු වල නැගි ගමනාන්තයක නොදැන තලේමන්නාරමට පැමිණි මෙම පිරිස් එහි සිට මධ්‍යයම කඳුකරය දක්වා පා ගමනින් මහා ඝණ කැලෑ මැදින් දිවා රෑ නොතකා ගමන් කර ඇත. මෙම ගමන අතරතුර උණ රෝගයෙන් හා පාචනය නිසා වෙහෙසට හා දැඩි අසනීප තත්වයන්ට පත්වූ බොහෝ පිරිස් මෙම මහා ඝණ කැලෑ තුළ අත්හැර දමා ඒම එකළ විමතියට කාරණයක් නොවු අතර එම අතරමං වූ පිරිසට සිදුවූ දේ අද වන තෙක් දන්නේ නැත. ඉතාම උෂ්ණාධික දකුණු ඉන්දියාවේ සිට ඉතාම ශීත දේශගුණයක් සහිත කඳුකරයේ නාවලපිටිය, හැටන්, නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවෙල ආදි ස්ථාන වල රංචු පිටින් අඩි දහය දහයේ ලයින් කාමර වල ගාල් කරවා ඇත. ඒවා කිසිදු මනුෂ්‍යය වාසයකට සුදුසු නොවු අතර ඛේදවාචකය වන්නේ වතු පාලකයින් අද වන තෙක් එම අශ්ශිල ලයින් කාමර පවත්වාගෙන යෑමය.

මෙම ජන කොටස තේ වගාව සඳහා මහා ඝණ වනාන්තර සුද්දන්ගේ අණ පරිදි අද අප දකින සුමට තේ වතු බවට පත්කර ඇත්තේ කිසිදු යන්ත්‍රයක පිහිටෙන් නොව සිය දෑත් වලිනි. මෙම කටයුතු වලට අමතරව කදුකරයේ ඉතාම දුෂ්කර කලාපයක් ඔස්සේ ඉදි කළ දුම්රිය මාර්ග ඉදිකිරීම සඳහා මෙම ජන කොටස ජීවිත පරිත්‍යාගයෙන් පවා ක්‍රියා කළ බව දන්නේ ඉතාම සුලු පිරිසකි.

කෙසේ වෙතත් ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ තමන්ගේ හා තම පවුල්වල තෝරා ගැනීමක් නොවන ආගන්තුක ප්‍රදේශයක පදිංචිව තම බස කථා නොකරන ජනතාවකගෙන් වටවු දේශගුණික, භූගෝලිය, සංස්කෘතික, භාෂාමය ,ආගමික හා සියලු තත්වයන්ගෙන් මිතුරු නොවු තත්වයකය ඔවුනට ජීවත් වීමට සිදුවූයේ, මෑතකදී පවා ඇතිවූ ඊනියා ජනවාර්ගික අරගල වල අහිංසක වින්දිතයන් වූයේ මොවුන්ය.

කෙසේ වෙතත් සුදු අධිරාජ්‍යවාදින් මොවුන් මෙරට පුරවැසියන් ලෙස සලකා ක්‍රියා කළ බව පෙනේ. ඒ 1931 දී ඩොනමෝර් ප්‍රතිසංස්කරණ හරහා ලැබූනු සර්ව ජන ඡන්ද බලය මොවුනටද හිමි කරදීම නිසාය. මෙම කාලයේ මෙම අතිශය දුෂ්කර හා ඛේදජනක ජීවිතයක් ගතකළ මෙම ප්‍රජාව සමග ලංකා සමසමාජ පක්ෂය දේශපාලන කටයුතූ ආරම්භ කර තිබුණි. මේ නිසාම 1931 සිට 1947 දක්වා පැවති මැතිවරණ වලින් මෙම පලාත් වල සමසමාජ අනුග්‍රහය ලද වාමගාමි දෙමළ මන්ත්‍රීවරු වැඩි පිරිසක් තේරි පත්ව ඇත.

එහෙත් නිදහස ලැබූ 1948 වසරේදීම පුරවැසි පනත මගින් මෙම ජනතාවගේ පුරවැසිකම අහිමි කොට එම වසරේදීම ගෙන ආ ඡන්දබල පනත මගින ඡන්ද අයිතියද අහිමි කර දැමීමට ඩී.එස්.සේනානායක ප්‍රමුඛ එජාප ආණුඩුව කටයතු කළේ මෙම වාමගාමි බලවේගය අනාගත තර්ජනයක් වේ යැයි කල්පනා කළ බැවිනි. මේ මගින් ලක්ෂ අටක පමණ ජනගහණයක් අසාධාරණයට පත්ව එක් රැයකින් “රටක් නොමැති ජනතාවක්” බවට පත්විය. එකළ ලෝකයේ සිටියේ එවන් ජන කොටස දෙකක් පමණි. ඒ පලස්තීන ජනතාව හා අපගේ වතුකරේ දෙමළ ජනතාව පමණි.
මෙම ප්‍රශ්නය විසදීමට සිරිමා බණ්ඩාරනායක හා ඉන්දීය අගමැති ලාල් බහදුරි ශාස්ත්‍රී එක්ව සිරිමා ශාස්ත්‍රී ගිවිසුමක් ඇති කර ගත්තේ කිසිදු පාර්ශවයක් නොවිමසා අංක ගණිතමය අභ්‍යාසයක් ලෙසිනි. ඒ වන විට මෙම ප්‍රජාවට අයත් 975,000 ක් සිටියහ. මෙම ප්‍රමාණයෙන් 525,000 ක කොටසක ඉන්දියාවට බාර ගැනීමටත්, 300,000 ක් ලංකාවේ රඳවා ගැනීමටත් ඉතිරි 150, 000 පසුව සලකා බැලීමටත් එකඟ වූහ, මෙම ගිවිසුම අත්සන් කොට තොපි ඉන්දියාවට යා යුතු යැයි කියනතාක් කල් ඒ පිලිබඳව හාංකවිසියක් මෙම ප්‍රජාව දැන සිටියේ නැත. සමහර පවුල් වල අම්මා තාත්තා ඉන්දියාවටය විවාහක දරුවන් ලංකාවටය. මෙම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සියවසක් පමණ ලංකාවට කඹුරා අත්‍යවශ්‍යය විදේශ විනිමය යහමින් ලබා දී සිලෝන ටී සන්නාමය ලෝකයේ ඉහලින්ම තැබූ මොවුනට නැවතත් ගමනාන්තයක් නොදත් ගමනක යෙදෙන්න සිදුවිය. ලංකාවේදි අඩු ලංසුවකින් “ඉන්දීය දෙමළ ” නාමය ලබා ගත් මෙම පිරිස ඉන්දියාවේදි හැඳුන්වූයේ අඩු ලංසු ඉන්දීය නොවන “ලංකා දෙමළ” යන නාමයෙනි. මෙම ලක්ෂ සංඛ්‍යා ජනකායක් පිටමං කිරීම එම සිය වසේ ලෝකයේ සිදුවූ විශාලතම පිටමං කිරීමක් විය. එහෙත් මේ ඛේදජනකාත්මක පිටමං කිරීම ලක් වැසියන්ට දැනුනේ නැත. 1948 ජන්ද බලය අහිමි වීම නිසා මොවුන්ව අත හැර දැමූ සමසමාජයට හෝ මෙය දැනුනේ නැත. තලෙයි මන්නාරමෙන් 1820 ගණන් වල සිට මෙරටට පැමිණ යලිත් තලෙයි මන්නාරමෙන් හිස් අතින් පිටවී යන මෙම මහා ජන ගංගාව ගැන මොකෙක්වත් කවියක් කෙටි කථාවක් හෝ ටෙලියක් හැදුවේ නැත. පරම්පරා ගණනක් මෙහි වාල් වැඩ කළ මෙම පිරිසට රැගෙන යෑමට තිබුනේ ට්‍රන්ක පෙට්ටියක අසුරා ගත් දේපලයක්ය. එක් මහලු මනුස්සයෙක් ගෝනි පඩංගුවක ඔතා ගෙන කට භාගයක්ම ගෙවී ගිය ලී වංගෙඩි කබලක් හිස දරාගෙන යන ඡායාරූපයක් දැක මම සලිත විමි. මෙසේ යලි නොඑන්න බොහෝ අය නංවා ගත් තලෙයි මන්නාරම දක්වා දිවෙන දුම්රිය හැටන් දුම්රිය ස්ථානයෙන් පිටත් වන විට එම ජනතාව නැංවූ විලාප හඩින් හැටන් නගරයම ගිගුම් දුන් බව එකල සතියකට දෙවරක් අත්දකින්න තිබූ ඛේදවාචකයකි. බොහෝ අය කුඩා මැටි කලයක සුදු කඩපිම්මක් බැඳ ගෙන ගිය මහාර්ඝ වස්තුවක් විය. ඒ තමන් වැඩ කළ වත්තෙන් ලබා ගත් පස් අහුරකි. එයද රේගු පරික්ෂාවේදි හලා යෑමට සිදු විය.

මෙයට අමතරව 1950 ගණන් වල සිට ජාතිවාදි කෝලහල වලදී ජාති මාමක සිහලුන්ගෙන් ඇති පදම් බැට කෑවේ මොවුන්ය. මොවුන් පනහට පනහ ඉල්ලීමට හෝ ඊලාම් ඉල්ලීමට හෝ වෙන කිසිදු ජනවාර්ගික ඉල්ලීම් වල පාර්ශව කරුවෙකු නොවූහ. එහෙත් යහමින් ජීවිතද දේපලද විනාශ කර ගත් අය වූහ. වරක් ජාතිමාමක සිංහල තරුණයෙකු වියපත් මහලු කාන්තාවක් පෙරලාගෙන පහර දී තිබේ. එම මහලු කාන්තාව විමසා ඇත්තේ එක් ප්‍රශ්නයක් පමණි. “මහ්තතයා ඇයි මට ගහන්නේ” කියාය. මෙම අසරණ මිනිස්සු ඔවුන් ගුටි කන හේතුවවත් දැන නොසිටියහ.
අද වන විටත් ලංකාවේ ජාතික දත්ත වල නරකම දත්ත ඇත්තේ වතුකරයේය. යහපත් දත්ත ජාතික දත්ත මෙන් භාගයකි. අයහපත් දත්ත ජාතික දත්ත මෙන් දෙගුණයකි. මන්ද පෝෂණය, ජලය ආශ්‍රිත රෝග, දෙගුණයකි, උපතේදි ආයු කාලය, ශාක්ෂරතාව, උසස් අධ්‍යාපන වරම් ආදිය භාගයකි.
වසර දෙසීයක් වතුවැඩ කළද, වතු වැඩ පිලිබඳ විශේෂඥයෝ වුවද අද වතු අධිකාරවරයෙක් බිහි කරන්නට මෙම ප්‍රජාවට හැකිවී නැත.

මෙරට ඉඩම් අයිතිය පිලිබඳව සියයට දශම ගණනකින් සංඛ්‍යාවක සටහන් කරන එකම ප්‍රජාවද මෙම දෙමළ වතු ප්‍රජාවය. කිසිම දවසක ඉඩම් කච්චේරියක් මෙම ජන කොටස වෙනුවෙන් පවත්වා නැත, ස්වර්ණ භූමි අර භූමි මේ භූමි වල හිමිකාරිත්වයක් කවදාවත් මොවුනට ලැබී නැත. අදද අඩුම දෛනික වැටුප ලබන්නේ මොවුන්ය. දවසට රුපියල්ම හත්සිය අසූවකි. රුපියල් 1000 ගන්න මසකට දවස් 25 ක් වැඩ කල යුතුය. බොහෝ වතු වල සතියකට ලැබෙන්නේ දින 03 ක වැඩ පමණි.

රටේ බහුතර ප්‍රජාව තවමත් මෙම ජන කොටස පිලිබඳව අවධානය යොමු කර නැති නම්, වසර දෙසියක් මෙම රටට යහමින් කඹුරා තවමත් රුපියල් 1000 ක් වත් ලබා ගන්න බැරිවී ඇත්නම් තවම ජීවත් වන්නේ 1820 ගණන් වල ඇටවු ලයින් කාමර වලනම්, බහුතර සිංහලයන් වශයෙන් හා වාමාංශිකයන් වශයෙන් අප ෆේල්ය.
ලලිත් අබේසිංහ

 

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
වසන්ත වෙනුවෙන්  රටම පෙළගැසෙයි

වසන්ත වෙනුවෙන් රටම පෙළගැසෙයි

ජීවන වියදම දරන්න බෑ!

ජීවන වියදම දරන්න බෑ!

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.