• #1387 (no title)
  • 2024 நாடாளுமன்றத் தேர்தல்
  • About Us
  • Articales
  • Articles
    • දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
  • Contact USP
  • Donate
  • Join Us
  • May Day
  • MayDay
  • MAYDAY 1
  • MAYDAY 1
  • New Menu 1
  • Ratutaruwa
  • Ratutaruwa artical
  • Ratutharuwa
    • ratutaruwa
  • Ratutharuwa
  • Sri Lanka:Tremendous success of book launch in Jaffna
  • Tamil
  • The Left
  • this year
  • USP MAYDAY
    • MAY DAY 2017
  • උතුරේ මහ ඇමති විග්නේශ්වරන් ප්‍රමුඛ දෙමළ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් “එලුංග තමිල්” නම්න් පැවති උද්ඝෝෂණය කෙරෙහි උද්ගතව ඇති තත්වය ගැන එක්සත් සමාජවාදී පක්ෂය, වමේ හඬ සංවිධානය, අක්ෂය සාමූහිකය එක්ව පවත්වන ලද පුවත් පත් සාකච්ජාව
  • ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ
Lanka Socialists
No Result
View All Result
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

කොවිඩ් 19ට මුවා වී රට මිලිටරීකරණය කිරීමේ උත්සාහය පරදවමු.

Prasad Welikumbura by Prasad Welikumbura
January 3, 2021
in From the Press, USP Statements
0
කොවිඩ් 19ට මුවා වී රට මිලිටරීකරණය කිරීමේ උත්සාහය පරදවමු.

ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විසින් රටේ පාලනය මිලටරීකරණයට යටත් කිරීම සඳහා යන ගමනේ තවත් බරපතල පියවරක් පසුගිය ජනවාරි 01වන දා ගෙන තිබේ. කොවිඩ් වසංගතය පාලනය කිරීමේ දී සම්පූර්ණයෙන්ම ෆේල් වී සිටින වර්තමාන පාලනය එම වසංගත තත්වය දඩමීමා කරගෙන රටේ දිස්ත්‍රික්ක 25 සඳහා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් විශේෂ නිලධාාරීන් වශයෙන් පත්කරීමට පියවර ගෙන ඇත. මෙම පියවර ගැනීම හරහා රටේ පවතින සිවිල් රාජ්‍ය පාලනය යටපත්වන අතර දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක වන දිසාපතිවරුන් හෝ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ බලතල යටපත් වී ඔවුන් හමුදා අණසක යටතේ කටයුතු කරන තත්වයට ඇද දමා ඇත. ගෝටාබය ජනාධිපති ධූරයට පත් වීමෙන් අනතුරුව ඔහු විසින් අමාත්‍යංශ ලේකම් ධූරවලට හමුදා නිලධාරීන් ගණනාවත් පත්කරනු ලැබීය. කොවිඩ් වසංගතය පාලනය කිරීමේ මුවාවෙන් දිස්ත්‍රික්ක 25ටම හමුදා නිලධාරීන් පත්කිරීම සඳහා අළුතෙන් ගනු ලැබූ පියවර රට හමුදා පාලනයකට යටත් කිරීම සඳහා ගෙනයමින් තිබෙන භයානක ක්‍රියාවලියේ තවත් දිඟුවක් වන්නේය.

https://groundviews.org

ඉතා භයානක අන්දමින් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වසංගතය පාලනය කිරීමට හා මර්ධනය කිරීමට කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. ඒ සඳහා කළ යුතුව ඇත්තේ දිස්ත්‍රික්ක වෛද්‍ය නිලධාරීන්, වෛද්‍යවරුන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය සේවයේ නියුතු රාජ්‍ය සේවකයන්ට පූර්ණ බලතල හා අවශ්‍ය පහසුකම් සැපයීම විනා ඔවුන්ට ඉහලින් හමුදා නියෝග දීමට හමුදා නිලධාරීන් පත් කිරීම නොවේ.එපමණක් නොව කොවිඩ් වසංගතය මර්ධනය කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන එන්නත් මෙරටට ගෙන්වීම සඳහා කිසිඳු වැඩපිළිවෙලක් නොමැති මෙම ආණ්ඩුව තමන්ගේ බංකොලොත්බව වසා ගැනීම සඳහා මැති ඇමතිවරුන් හරහා මිත්‍යා මත පතුරවමින් ධම්මික පැනිය වැනි අවිද්‍යාත්මක හිතළු වලට ජනතාව ගොණු කිරීමේ කූට සහ ප්‍රෝඩාකාරී ක්‍රියාවන්වල නිරත වී සිටී.

අනෙක් පසින් සංචාරක ව්‍යාපාරය නඟාසිටුවීමට මුවාවී කොරෝනා වලින් බරපතල ලෙස උවදුරට පත්ව සිටින බංකොලොත් රාජ්‍යක් වන යුක්ක්‍රේනයෙන් සංචාරකයන් ගෙන්වන්නේ රාජපක්ෂ පවුලේ ඥාති සොහොයුරෙකු වන උදයංග වීරතුංගට මුදල් උපයාගැනීමට අවස්තාවක් ලබාදීම හරහා රාජපක්ෂ පවුල ශක්තිමත් කරගැනීම සඳහය. මේ වනවිට සිදු කරන ලද පරීක්ෂණ වලට අනුව යුක්‍රේන සංචාරකයන් සැළකියයුතු ප්‍රමාණයකට කොවිඩ් වැලඳී ඇති බව තහවුරු වී ඇත.

මෙසේ විදෙස් සංචාරකයන්ට රටතුළට පැමිණීමට අවස්ථාව ලබාදෙන ශ්‍රී ලංකාවේ වර්තමාන රජය මැදපෙරදිග සහ අනෙකුත් රටවල සේවය කරන රටේ ආර්ථකයට අති විශාල දායකත්වයක් සපයන ලද ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන් නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා නිසි වැඩ පිළිවෙලක් සකස් කිරීමට අපොහොසත්ව සිටී. මේවන විට ගුවන් ටිකට් පත් සාමාන්‍ය මිල මෙන් දෙගුනයකටත් වඩා වැඩි මිලක් දක්වා වර්ධනය වී ඇති අතරම, නිරෝධායනය වීම සඳහා තරු 4-5 හෝටල් වලට යොමු කිරීම හරහා දිලිත් ජයවීර ඇතුළු තමාගේ හෙන්චයියන්ට මුදල් ගරා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ. මේ තත්වය හමුවේ මැද පෙරදිග රටවල සේවය කරන සමහර කාන්තාවන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් සහ නිරෝධායන ගාස්තු ගෙවීම සඳහා මුදල් සොයාගැනීම වෙනුවෙන් සිය සිරුර විකුණන තත්වයට පත්ව සිටීම අතිශය අවාසනාවන්ත තත්වයකි.

කොවිඩ් වසංගතය මර්ධනය කිරීමට මෙම ආණ්ඩුවට සැබෑ උවමනාවක් නොමැති බව යුක්‍රේන සංචාරක උදාහරණය පෙන්නුම් කරයි.

මෙවැනි පසුබිමක් තුළ කොවිඩ් වසංගතය පාලනය කිරීමේ අවමනාව පෙන්වා රටතුළ තිබෙන සාමාන්‍ය පරිපාලන ආයතන මරා දමා ඒ වෙනුවට රට මිලිටරි පාලනයකට යටත් කිරීමට ගෝටාබයගේ ආණ්ඩුව විසින් ගෙන තිබෙන මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවර එරෙහිවන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළු කොටස් වලින් ඉල්ලා සිටිමි.

සිරිතුංග ජයසූරිය
ප්‍රධාන ලේකම්
එක්සත් සමාජවාදී පක්ෂය

Previous Post

රටම අනාතයි කුජීතයි

Next Post

අවනඩුව 153

Next Post
අවනඩුව 153

අවනඩුව 153

Categories

  • Activities
  • Articles
  • Books
  • From the Press
  • Local
  • Other
  • Persepectives
  • Ratutharuwa
  • Upcoming Events
  • USP Statements
  • Video/Audia
  • World News
  • අවනඩුව

Archives

  • February 2025
  • December 2024
  • November 2024
  • October 2024
  • September 2024
  • August 2024
  • July 2024
  • May 2024
  • April 2024
  • March 2024
  • February 2024
  • November 2023
  • October 2023
  • September 2023
  • August 2023
  • July 2023
  • June 2023
  • May 2023
  • April 2023
  • March 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • October 2022
  • September 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • April 2022
  • February 2022
  • December 2021
  • November 2021
  • April 2021
  • February 2021
  • January 2021
  • December 2020
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • June 2017
  • May 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • November 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • September 2015
  • August 2015
  • July 2015
  • June 2015
  • May 2015
January 2021
M T W T F S S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Dec   Feb »

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.