lankasocialist
Friday, October 23, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

පළාත් සභා අද නොවේ හෙට

Prasad Welikumbura by Prasad Welikumbura
August 13, 2026
in දේශීය, ලිපි
0
පළාත් සභා අද නොවේ හෙට
Share on FacebookShare on Twitter

මේ ආණ්ඩුව බලයට පත්වු මුල් දිනවල දෙනු ලැබූ පොරොන්දුවක් වූයේ යහපාලන ආණ්ඩුව විසින් කල්දමා තිඛෙන පළාත් සභා ඡන්දය ඉතා ඉක්මණින් පවත්වන බවය. මහින්ද හා බැසිල් යන ආණ්ඩුවේ ප්‍රබලයින් මේ ගැන නැවත නැවතත් පොරොන්නදු දෙනු ලැබීය. අලූතෙන් පත්කරනු ලැබු මැතිවරණ කොමිෂමේ සභාපති ඇතුලූ සෙසු සාමාජිකයින් මුණ ගැසුණු අවස්ථාවේ අගමැති මහින්ද ප්‍රකාශ කළේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු ඉක්මනින් කරන ලෙසය. ඒ අතර පළාත් පාලන විෂය බාර ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්  විසින් පළාත් සභා ඡන්දය ඉක්මනින් පැවැත්වීම සදහා අවශ්‍ය කටයුතු කරන මෙන් ඉල්ලා සිටින කැබිනට් පත්‍රි‍රකාවක්ද දෙසැම්බර් අගදී ඉදිරිපත් කරන ලදී .

මේ සමග දෙබරයට ගල් ගැසුවාක් මෙන් පැරණි පළාත් සභා විරෝධින් අවදි වී ඊට එරෙහිව උද්ඝෝෂණය අරඹා ඇත. මෙම විරෝධතා කණ්ඩායමට අලූතෙන්ම එකතුවුයේ බුද්ධ ශාසන මණ්ඩලයයි. පළාත් සභා අහෝසිකර යුතුය යන දැඩි මතවාදයක සිටින ගුණදාස අමරසේකර නලින් ද සිල්වා වැනි අය සමග රංචු ගැසී සිටින පළාත් සභා විරෝධින්ගේ උපායික පියවර වන්නේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරිමෙන් පසුව ඒ ගැන සළකා බලන ලෙසය. දැඩි සිංහල ජාතිවාදීන් හරහා පළාත් සභා විරෝධය මතුවිම සමග ආණ්ඩුව ඇතුලත සිටින වීරවංශ ගම්මන්පිල හා දිනේෂ් වැනි අයද තම විරෝධය ඉස්මත්තට ගෙන තිබේ.

මෙම පසුබිම තුළ ජනාධීපති ඇතුලූ පිරිසක අදහසවී ඇත්තේ කොවිඩ් වසංගතය අවසන් වන තුරු පළාත් සභා ඡන්දය කල්දැමිය යුතු බවය. කබරගොයා තලගොයා කර ගැනීමේ න්‍යාය යොදා කොවිඩ් පෙන්වා පළාත් සභා ඡන්දය කල් දැමිමට සියලූ දෙනා අවසානයේ එකඟතාවය පලකර ඇත . කොවිඩ් වසංගතය මධ්‍යයේ මහ මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් වාචාලකම් දෙසු ඇමතිවරු සියලූ දෙනාම ජාතිවාදී බලවේග වල උවමනාවට පළාත් සභා ඡන්දය කල් දැමිම එහි පළාත් සභා නැවත යථාර්තයක්වීමේ අවසානය පෙන්නුම් කිරිමක් විය හැකිය.

Related Posts

Education or Work
From the Press

ශිෂ්‍ය ප්‍රජාවට හිමි අධ්‍යාපනය ද ? නැතිනම් දවසේ වැටුපද ?

by Saliya Kanugala
October 18, 2026
0

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවගේ අර්ධකාලීන රැකියා අරගලය රටේ ආර්ථිකය “යථා තත්ත්වයට පත්වෙමින්” ඇතැයි සංඛ්‍යා කියයි....

Read moreDetails
Anura Kumara

අනුර කුමාර හා NPP ආණ්ඩුවේ වසර දෙකක ශේෂ පත්‍රය

October 15, 2026
මෛත්‍රෙයි රාමකිෂ්ණන් ට එරෙහිව වර්ගවාදී ප්‍රහාරයන් සහ ලාංකේය නූතන සමාජ මාධ්‍යයේ ජාතිවාදී දේශපාලනය

මෛත්‍රෙයි රාමකිෂ්ණන් ට එරෙහිව වර්ගවාදී ප්‍රහාරයන් සහ ලාංකේය නූතන සමාජ මාධ්‍යයේ ජාතිවාදී දේශපාලනය

October 15, 2026
ජ.වි.ප.යේ දිවි නසා ගැනීම

ජ.වි.ප.යේ දිවි නසා ගැනීම

October 15, 2026
PSTA මර රකුසාමරා දැමීමට පෙළ ගැසෙව්!

PSTA මර රකුසාමරා දැමීමට පෙළ ගැසෙව්!

October 15, 2026
Next Post
ගෝඨා ෆේල්වීම හා සජිත් චම්පික මංගල කරු කලඑළි බැසීම

ගෝඨා ෆේල්වීම හා සජිත් චම්පික මංගල කරු කලඑළි බැසීම

යාපනය සරසවියේ මළවුන්ගේ ස්මාරකය

යාපනය සරසවියේ මළවුන්ගේ ස්මාරකය

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.