lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

කොවිඩ් 19ට මුවා වී රට මිලිටරීකරණය කිරීමේ උත්සාහය පරදවමු.

Prasad Welikumbura by Prasad Welikumbura
January 3, 2021
in From the Press, නිවේදන
0
කොවිඩ් 19ට මුවා වී රට මිලිටරීකරණය කිරීමේ උත්සාහය පරදවමු.
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විසින් රටේ පාලනය මිලටරීකරණයට යටත් කිරීම සඳහා යන ගමනේ තවත් බරපතල පියවරක් පසුගිය ජනවාරි 01වන දා ගෙන තිබේ. කොවිඩ් වසංගතය පාලනය කිරීමේ දී සම්පූර්ණයෙන්ම ෆේල් වී සිටින වර්තමාන පාලනය එම වසංගත තත්වය දඩමීමා කරගෙන රටේ දිස්ත්‍රික්ක 25 සඳහා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් විශේෂ නිලධාාරීන් වශයෙන් පත්කරීමට පියවර ගෙන ඇත. මෙම පියවර ගැනීම හරහා රටේ පවතින සිවිල් රාජ්‍ය පාලනය යටපත්වන අතර දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක වන දිසාපතිවරුන් හෝ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ බලතල යටපත් වී ඔවුන් හමුදා අණසක යටතේ කටයුතු කරන තත්වයට ඇද දමා ඇත. ගෝටාබය ජනාධිපති ධූරයට පත් වීමෙන් අනතුරුව ඔහු විසින් අමාත්‍යංශ ලේකම් ධූරවලට හමුදා නිලධාරීන් ගණනාවත් පත්කරනු ලැබීය. කොවිඩ් වසංගතය පාලනය කිරීමේ මුවාවෙන් දිස්ත්‍රික්ක 25ටම හමුදා නිලධාරීන් පත්කිරීම සඳහා අළුතෙන් ගනු ලැබූ පියවර රට හමුදා පාලනයකට යටත් කිරීම සඳහා ගෙනයමින් තිබෙන භයානක ක්‍රියාවලියේ තවත් දිඟුවක් වන්නේය.

https://groundviews.org

ඉතා භයානක අන්දමින් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වසංගතය පාලනය කිරීමට හා මර්ධනය කිරීමට කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. ඒ සඳහා කළ යුතුව ඇත්තේ දිස්ත්‍රික්ක වෛද්‍ය නිලධාරීන්, වෛද්‍යවරුන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය සේවයේ නියුතු රාජ්‍ය සේවකයන්ට පූර්ණ බලතල හා අවශ්‍ය පහසුකම් සැපයීම විනා ඔවුන්ට ඉහලින් හමුදා නියෝග දීමට හමුදා නිලධාරීන් පත් කිරීම නොවේ.එපමණක් නොව කොවිඩ් වසංගතය මර්ධනය කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන එන්නත් මෙරටට ගෙන්වීම සඳහා කිසිඳු වැඩපිළිවෙලක් නොමැති මෙම ආණ්ඩුව තමන්ගේ බංකොලොත්බව වසා ගැනීම සඳහා මැති ඇමතිවරුන් හරහා මිත්‍යා මත පතුරවමින් ධම්මික පැනිය වැනි අවිද්‍යාත්මක හිතළු වලට ජනතාව ගොණු කිරීමේ කූට සහ ප්‍රෝඩාකාරී ක්‍රියාවන්වල නිරත වී සිටී.

අනෙක් පසින් සංචාරක ව්‍යාපාරය නඟාසිටුවීමට මුවාවී කොරෝනා වලින් බරපතල ලෙස උවදුරට පත්ව සිටින බංකොලොත් රාජ්‍යක් වන යුක්ක්‍රේනයෙන් සංචාරකයන් ගෙන්වන්නේ රාජපක්ෂ පවුලේ ඥාති සොහොයුරෙකු වන උදයංග වීරතුංගට මුදල් උපයාගැනීමට අවස්තාවක් ලබාදීම හරහා රාජපක්ෂ පවුල ශක්තිමත් කරගැනීම සඳහය. මේ වනවිට සිදු කරන ලද පරීක්ෂණ වලට අනුව යුක්‍රේන සංචාරකයන් සැළකියයුතු ප්‍රමාණයකට කොවිඩ් වැලඳී ඇති බව තහවුරු වී ඇත.

මෙසේ විදෙස් සංචාරකයන්ට රටතුළට පැමිණීමට අවස්ථාව ලබාදෙන ශ්‍රී ලංකාවේ වර්තමාන රජය මැදපෙරදිග සහ අනෙකුත් රටවල සේවය කරන රටේ ආර්ථකයට අති විශාල දායකත්වයක් සපයන ලද ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන් නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා නිසි වැඩ පිළිවෙලක් සකස් කිරීමට අපොහොසත්ව සිටී. මේවන විට ගුවන් ටිකට් පත් සාමාන්‍ය මිල මෙන් දෙගුනයකටත් වඩා වැඩි මිලක් දක්වා වර්ධනය වී ඇති අතරම, නිරෝධායනය වීම සඳහා තරු 4-5 හෝටල් වලට යොමු කිරීම හරහා දිලිත් ජයවීර ඇතුළු තමාගේ හෙන්චයියන්ට මුදල් ගරා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ. මේ තත්වය හමුවේ මැද පෙරදිග රටවල සේවය කරන සමහර කාන්තාවන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් සහ නිරෝධායන ගාස්තු ගෙවීම සඳහා මුදල් සොයාගැනීම වෙනුවෙන් සිය සිරුර විකුණන තත්වයට පත්ව සිටීම අතිශය අවාසනාවන්ත තත්වයකි.

කොවිඩ් වසංගතය මර්ධනය කිරීමට මෙම ආණ්ඩුවට සැබෑ උවමනාවක් නොමැති බව යුක්‍රේන සංචාරක උදාහරණය පෙන්නුම් කරයි.

මෙවැනි පසුබිමක් තුළ කොවිඩ් වසංගතය පාලනය කිරීමේ අවමනාව පෙන්වා රටතුළ තිබෙන සාමාන්‍ය පරිපාලන ආයතන මරා දමා ඒ වෙනුවට රට මිලිටරි පාලනයකට යටත් කිරීමට ගෝටාබයගේ ආණ්ඩුව විසින් ගෙන තිබෙන මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවර එරෙහිවන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළු කොටස් වලින් ඉල්ලා සිටිමි.

සිරිතුංග ජයසූරිය
ප්‍රධාන ලේකම්
එක්සත් සමාජවාදී පක්ෂය

Related Posts

From the Press

අවනඩුව

by Taniya
August 14, 2026
0

ත්‍රස්ත පනත කල්දැම්මා මාස දෙකක් ජන විරෝධයයි ඒකට හේතුවුනේ ජන බලයට යටත් නොවන නායකයෙක් කිසිදා...

Read moreDetails
සමාජ පෙරළියක් සිදු කල 2024 පාර්ලිමේන්තු මැතිවරණය

සමාජ පෙරළියක් සිදු කල 2024 පාර්ලිමේන්තු මැතිවරණය

November 19, 2024
In Appreciation of Professor Kumar David

In Appreciation of Professor Kumar David

October 15, 2024
Anura Kumara – President of Crisis

Anura Kumara – President of Crisis

September 24, 2024
අනුර කුමාර අර්බුදයේ ජනාධිපති

අනුර කුමාර අර්බුදයේ ජනාධිපති

September 24, 2024
Next Post
අවනඩුව 153

අවනඩුව 153

පළාත් සභා අද නොවේ හෙට

පළාත් සභා අද නොවේ හෙට

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.