lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

මැතිවරණයක් අබියස අරගලය විකුණාගෙන කෑම

Taniya by Taniya
August 13, 2026
in ලිපි
0
මැතිවරණයක් අබියස   අරගලය විකුණාගෙන කෑම
Share on FacebookShare on Twitter

ගෝල්ෆෙස් අරගලයට වසර දෙකක් පිරුනෙ ගිය 9දාටයි. 2022 ජූලි 9දා තමයි අරගලයේ කූට ප්‍රාප්තිය සනිටුහන් කෙරුනෙ. 69 ලක්ෂයක ජනවරමින් තේරී පත්වුනු ජනාධිපතිවරයා ජනතා බලයෙන් පන්නා දැම්මය කිව්වම තාමත් හිතට දැනෙන ආආස්වාදය අපමණයි. ඒත් ඒ ආස්වාදය වැඩි දවසක් තිබුණෙ නැහැ. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් පත්වුන රනිල් වික්‍රමසිංහ අරගලය පොඩිපට්ටම් කරන්න ගත්තෙ සති දෙකක් විතරයි. දැන් අපට ඉතිරි වෙලා තියෙන්නෙ අරගලය පිළිබඳ මිහිරි ඒ වගේම දුක හිතෙන මතක සටහන් විතරයි. ලංකාවේ ඉතිහාසයේ සටහන් වූ දැවැන්තම ජන අරගලය මේ අයුරින් නිමා වෙයි කියල අරගලයට සම්බන්ධ වූ අපි කවුරුවත් ඒ වෙලාවෙ හිතුවෙ නැහැ. හොල්ලන්නට බැරි මහ කළුගලක් වගේ තිබුණ රාජපක්ෂ බල කඳවුර බිමට සමතලා කරන්න අරගලයට හැකි වුනා. ඔවුන්ට රටේවත් ඉන්න බැරි තරමට අරගලය ඒ කියන්නෙ ජන බලය ඉස්මතු වුනා. රාජපක්ෂල රටට කළ විනාශය පිළිබඳව ජනතා සිත්සතන් තුළ සැඟවී තිබූ කෝපයයි මේ අයුරින් උතුරා ගියේ.

ඒ අරගලය නිමා වි දෙවසරකට පසුවත් අපට අරගලය ගැන ස්තෝත්‍ර ගයමින් ඉන්න හැකියාවක් නැහැ. ගෝටාභය පලායාමෙන් පසුව හිස්වූ ජනාධිපති ධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහ දැන් කරගෙන යන වැඩපිළිවෙළ දිහා බැලුවම ජනාධිපතිවරයකු පලවා හරින්නට තරම් සමත් වූ අරගලයක් රටේ තිබුණද කියල හිතාගන්නත් බැහැ. අරගලය තුළින් පලවා හරින්නට අපේක්ෂා කළ පොහොට්ටුව ප්‍රමුඛ 225 හොර කල්ලිය එක්ක එකතු වෙලා රනිල් වික්‍රමසිංහ අරගලයේ තිබූ උත්තුන්ග පරමාර්ථ එකින් එක වළදාන්න ක්‍රියාකළේ අරගලයේ සිටි අපේ ඇස් ඉදිරිපිටදීමයි. දැන් ජනාධිපතිවරණයත් අත ළඟටම ඇවිල්ල. මේ වනවිට අරගලයේ ක්‍රියාකාරීව හිටපු අයත් සී සී කඩ විසිරිලා. සමහරු සද්දයක් නැතුව තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නව. තව පිරිසක් අරගලය මගින් බැහැර කරන්නට අපේක්ෂා කළ ‘මහ පක්ෂ‘වල මෙහෙකරුවන් බවට පත්වෙලා. තව පිරිසක් විවිධ සංවිධාන හදාගෙන තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් වැඩකරගෙන ඉන්නව. අරගලයේ පරමාර්ථ ඉදිරියට ගෙනයාමට කැපවූ තව පිරිසක් මහජන කවුන්සිල ව්‍යාපාරය හැටියට ගෝල්ෆෙස් අරගලය අලුත් අදියරකින් ඉදිරියට ගෙනයාමට උත්සාහ කරනවා. එක්සත් සමාජවාදී පක්ෂයේ අපි අයිති වෙන්නෙත් මෙන්න මේ කොටසටයි.

අරගලය තුළ විවිධ පක්ෂ සහ විවිධ දේශපාලන මතවාද දැරූ අය සිටිය වගේම මහජන කවුන්සිල ව්‍යාපාරය තුළත් එවැනි පිරිස් ඉන්නව. ඒත් එම ව්‍යාපාරයේ කටයුතු කරගෙන යන විටදී අප අපේ පක්ෂය හෝ මතවාදය එය තුළට එබ්බවීමට කටයුතු නොකොට අරගලයේ පොදු පරමාර්ථ සාක්ෂාත් කරගැනීමට කටයුතු කරයුතු බවට පොදු එකඟතාවක් තියෙනවා. එලෙස වැඩ කිරීමෙන් විතරයි මහජන කවුන්සිලය කියන්නෙ දේශපාලන පක්ෂ වැඩක් හෝ පක්ෂයක උපකරණයක්/මෙවලමක් නොවන බවට පොදු ජනයා තුළ විස්වාසයක් ජනිත කළහැකි වන්නෙ. මේ කාරණය මෙහෙම ලිව්වෙ මහජන කවුන්සිලය කියන්නෙ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වැඩක් බවට සමාජයේ විශේෂයෙන්ම ප්‍රාදේශීය සමාජ ක්‍රියාකාරීන් අතර පවා මතයක් නිර්මාණය වී තිබූ නිසයි. අරගලයේ ප්‍රධාන පරමාර්ථයක් වූ පාර්ලිමේන්තුවට යට නොවූ ජනතා බලයක් සහ පෙරටුගාමී පක්ෂයේ සටන් පාඨයක් වූ දියවන්නාවෙන් පිටත බලයක් යන දෙක අතර යම් සමපාත වීමකුත් පෙනෙන්නට තිබීම මීට එක හේතුවක් වෙන්න පුළුවන්. අනෙක් අතට මහජන කවුන්සිල ගොඩනැගීමේ කාර්‍යයේදී මුලදී මූලිකත්වය ගත්තෙ අරගලය තුළත් ක්‍රියාකාරීව හිටපු පෙරටුගාමී පාක්ෂිකයන් පිරිසක්. ඒ නිසාම මහජන කවුන්සිල ව්‍යාපාරය ප්‍රාදේශීය මට්ටමින් රට පුරා ව්‍යාප්ත කිරීමට බාධාකාරී තත්ත්වයක් පවතින බවත් අමතක කරන්න බැහැ.

දැනට ප්‍රාදේශීය මට්ටමින් ගොඩනගා ඇති මහජන කවුන්සිල කීපයක්.ම පෙරටුගාමී පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ මෙහෙයවීමෙන් ගොඩනැගූ ඒවා. ඒවා ගොඩනගා වසර කීපයක් ගත වුනත් ඒවා පවතින්නේ එම පක්ෂයේ දැඩි ග්‍රහණය යටතේයි. මේ වැඩපිළිවෙළට කොතරම් එකඟ වුවත්, මහජන කවුන්සිලය පෙරට ගෙනයාම වෙනුවෙන් කොතරම් කැපවී වැඩ කරන්නට අදහස් කළා වුනත් බාහිර කෙනෙකුට මේ ඇතැම් කවුන්සිල හා සම්බන්ධ වී වැඩ කරන්නට ඉඩක්/අවස්ථාවක් නැහැ. මන්ද යත් මේ ඇතැම් කවුන්සිලවලට අරක් ගත් පක්ෂ ක්‍රියාකාරීන් ඒවා පවත්වාගෙන යන්නේ ඉතා සංවෘත විදියටයි. ඒක පොදු සමාජයට විවෘත නැහැ.

මහජන කවුන්සිල වටා ගොනුවී සිටින අරගලයේ ක්‍රියාකාරීන් වැඩිදෙනෙක් මහජන කවුන්සිල දේශපාලන පක්ෂ රාමුවක් තුළ කොටු කරන්නට කැමති වුනේ නැහැ. අර කලින් කිව්ව විදියක් මහජන කවුන්සිල ගොඩනැගීමට බාධාවක් වුනෙත් මේ හැඟීමයි. මෙවන් වාතාවරණයක් තුළ තමයි අරගලය හා සම්බන්ධව සිටි පෙරටුගාමී පක්ෂයේ ක්‍රියාකාරීන් මූලික වෙලා ජන අරගල සන්ධානය නමැති දේශපාලන සංවිධානය ගොඩනැගෙන්නෙ. ඇත්තටම ඒක මැතිවරණ පෙරමුණක්. ඉදිරියේ එන ජනාධිපතිවරණයට මුහුණ නොදී සිටීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයට තියෙන නොහැකියාව නිසා එයට ආවරණයක් වශයෙන් ගොඩනැගූ එකක්. පෙරටුගාමී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණෙන් බිඳී ආ පක්ෂයක් නිසා එහි දේශපාලන තිඹිරි ගෙය ජවිපෙයි. ජවිපෙ දැන් ජාතික ජන බලවේගය ගොඩනගා රටේ පාලන බලය ගැනීමට ඔන්න මෙන්න වගේ ඉන්නව කියල පේන තත්ත්වයක් තුළ පෙරටුගාමී පක්ෂ අනුගාමිකයන් විශාල වශයෙන් ජවිපෙ/ජාජබ දෙසට නැඹුරු වීමේ තත්ත්වයක් පෙන්නුම් කෙරුනෙ. දියවන්නාවෙන් පිටත බලයක් කියල කෑගැහුවට එවැන්නක් කෙරෙන පාටක් නැති නිසාත් ජවිපෙ දියවන්නාවේ බලය අල්ලගන්න ආසන්න වගේ පේන නිසාත් පෙසප අනුගාමිකයන් ජාජබය වෙතට නැඹුරු වීමේ ප්‍රවනතාව පෙසප නායකත්වයට ලොකු අභියෝගයක් වුනා. පෙසප මාධ්‍ය ඔස්සේ සහ වෙනත් ක්‍රියාකාරකම් හරහා මෙතෙක් ගොඩනගාගෙන තිබූ ප්‍රතිරූපය බිඳවැටීමේ අවදානමකට මුහුණ පා සිටි අවස්ථාවක තමයි මේ ජන අරගල සන්ධානය ගොඩනගා ගැනීමට ඔවුන් යොමු වෙන්නෙ.

තමන්ගේ දේශපාලන ධාරාවට අනුගත කුඩා සංවිධාන/කණ්ඩායම් කීපයක් සහ සටන්කාමී අරගලකාරී උවමනාව හැර දේශපාලනයේ ගැඹුරක් නොදුටු අරගලයේ ක්‍රියාකාරීන් පිරිසක් එකතු කරගෙන ජන අරගල සන්ධානය ගොඩනැගෙන්නෙ මේ සන්දර්භය තුළයි. මෙය හඳුන්වා දෙන්න පුළුවන් හොඳම යෙදුම තියෙන්නෙ ඉංගිරිසි බසින්. එය ්කකස්බජැ දf ජදබඩැබසැබජැ එකක්. ගැඹුරු දේශපාලන සංවාදයකින් පසුව ඇති කරගත් කල් පවත්නා ප්‍රතිපත්ති රාමුවක් උඩ ගොඩනැගුනු එකක් වෙන්න බැහැ. අරගලයේ අරමුණු ඉදිරියට ගෙනගොස් හැබෑ ිහිඑැප ජය්බටැ එකක් කරන්න මේ සන්ධානය ගොඩනැගූ අයට ඇත්ත උවමනාවක් තිබුණ නම් ඒ වෙනුවෙන් කැපවී ක්‍රියා කළ, ඒ වගේම පෙසප නායකත්වය හොහොඳින් දන්නා එක්සත් සමාජවාදී පක්ෂය සමග මේ ගැන කතා නොකළේ ඇයි? මේ සන්ධානයේ අනෙකුත් කොටස් නොදන්නව උනාට පෙසප නායකත්වය හොඳට දන්නව මැතිවරණයකදී තමන්ගෙ ජාම බේරගන්න හදන සන්ධානයකට එක්සත් සමාජවාදී පක්ෂය එකතු නොවන බව. ඕනෑම ආකාරයක සන්ධානයක් පෙරමුණක් ගොඩනැගීමට ඕනෑම පක්ෂයකට අයිතියක් තියෙනවා. එහි ප්‍රතිපත්ති/වැඩපිළිවෙළ විවේචනයට ලක්වුනත් ඒ අයිතිය බැහැර කරන්න බැහැ. හැබැයි මේ අවස්ථාවෙදි මේ ජන අරගල සන්ධානය බොහෝ දේශපාලන සහ සමාජ ක්‍රියාකාරීන්ගේ ඇහි බැම උඩට කරන්නට හේතු වුනේ අරගලය කියන නම මැතිවරණ පෙරමුණක නමට යොදා ගැනීම නිසයි. ඒ කියන්නෙ අරගලයෙ අයිතිකාරයො මොවුන්ද? අරගලය නමින් ඡන්දය ඉල්ලන්න මොවුන්ට අයිතියක් තියෙනවද? වගේ ප්‍රශ්න ඔවුන් මතු කරනව.

ඇත්ත කාරණය තියෙන්නෙ පෙරටුගාමී පක්ෂය පිළිබඳව මුලින් කී විස්තරය තුළයි. තමන්ගෙ නොහැකියාව වසාගන්නට පෙරටුගාමී සමාජවාදී පක්ෂ නායකත්වය ගත් මේ පියවර අනාගතයට බලපාන්නෙ කොහොමද කියන එකයි අප විසින් බැලිය යුතු මූලික කාරණය. පෙසපට අනුගත කොටස් හැර සමාජයේ අරගලයට හිතවාදී කොටස් මෙය දකින්නෙ අරගලය විකුණාගෙන කෑමක් හැටියට කියන කාරණය හංගන්න බැහැ. මේ වෙලාවෙ තමන්ගෙ පැවැත්ම යන කෙටිකාලීන අරමුණ ඉටුකර ගන්නට ඉවහල් වුනත් මේ ක්‍රියාමාර්ගය නිසා ඉදිරියේදී එදා ආකාරයෙන් අරගලයක් මතුවීමට තියෙන අවස්ථා මේ නිසා දැඩි ලෙස ඇහිරී යනවා. පෙසපයේ මෙම ක්‍රියාකලාපය පොදුවේ වමේ ව්‍යාපාරයටම පොදු අරගල ක්‍රියාකාරීත්වයක් ගොඩනැගීමට තිරිංගයක් විදියට ක්‍රියා කරනු ඇති. ඒ නිසා අරගලයේ ජීව ගුණය සුරැකීමටත් එය තව ශක්තිමත් කොට ඉදිරියට ගෙනයාමටත් කැපවී ක්‍රියා කිරීම මේ දේශපාලන උපායට හසු නොවූ අයගේ වගකීමයි.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
The Left and the Presidential Election 2024

The Left and the Presidential Election 2024

අනුර කුමාර අර්බුදයේ ජනාධිපති

අනුර කුමාර අර්බුදයේ ජනාධිපති

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.