lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

කදුකර දෙමළ ජනයාගේ නිම නොවූු අරගලය

Taniya by Taniya
August 13, 2026
in ලිපි
0
කදුකර දෙමළ ජනයාගේ නිම නොවූු අරගලය
Share on FacebookShare on Twitter

ඉන්දීය සම්භවයකින් යුතු වතු කම්කරුවන් ලෙස යම් ආකාරයක පහත් මට්ටමකින් නැත්නම් හැඟීමකින් හඳුන්වන ලද කඳුකර දෙමළ ජනයා ඉන්දියාවෙ සිට මෙරටට රැගෙන ඒම ඇරඹී වසර 200ක් සපිරුනේ මේ වසරටයි. ඒ සම්බන්ධයෙන් රතුතරුව පුවත්පතේ ලිපි කීපයක් පළවුනා. ඒ වගේම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වුනා. ඒ වැඩසටහන්වලින් ප්‍රධානතම වැඩසටහන ලෙස හඳුන්වන්න පුලුවන් තලේමන්නාරමේ සිට මාතලේ දක්වා පැමිණි ”මලෙයියග මක්කල්” පාගමන. ජූලි 28දා සිට අගෝස්තු 12 දා දක්වා දැඩි අව් රෂ්මිය මැද පැමිණි මේ පාගමන එදා අතිශය දුෂ්කර පරිසරයක සහ ගමන්මගක වත්මන් කඳුකර දෙමළ ජනයාගේ මුතුන්මිත්තන් පැමිණි ආකාරය ඡායාමාත්‍රයක් ලෙස ප්‍රතිනිර්මාණය කළා.

කඳුකර දෙමළ ජනයා ගැන මේ අවස්ථාවෙදි නැවත ලියන්න හේතුවුනේ එක අතකට වසර 200ක් ගතවෙලත් රජය පැත්තෙන් මේ කාරණය ගැන මෙතෙක් නිල වශයෙන් යමක් ප්‍රකාශ නොකිරීමත් අනෙක් අතට මේ ජනතාවගේ ඉදිරිය අනාගතය සම්බන්ධයෙන් නව මානයන්ගෙන් කටයුතු කිරීම අවශ්‍ය බව පෙනීගොස් තිබීමත් නිසයි. පහුගිය අගෝස්තු 10දා මේ ජනයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වුනා. ආණ්ඩු පක්ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂයේද මන්ත්‍රීවරුන් එකිනෙකාට ඇඟිලි දික්කරමින් එක එක දේවල් කිව්ව නමුත් ආණ්ඩුව පැත්තෙන් නිල ප්‍රකාශයක් හෝ විපක්ෂය පැත්තෙන් නිශ්චිත යෝජනාවක් හෝ ඉදිරිපත් වුනේ නැහැ. ඒ නිසා ඒක අපතේ ගිය විවාදයක් බවට පත්වුනා.

මේ අතරතුර පාගමන අවසන් වුනත් අරගලය අවසන් නොවන මේ ජනතාව වෙනුවෙන් නැගූ හඬ දිගටම සහ ප්‍රබලව තවදුරටත් නැගීම වෙනුවෙන් මේ සම්බන්ධයෙන් උනන්දුවෙන් ක්‍රියාකරන පිරිසක් එකතු වී කඳුකර දෙමළ ජනයාට යුක්තිය උදෙසා ව්‍යාපාරය නමින් සංවිධානයක් පිහිටුවා ගත්ත සති කීපයකට පෙර. එහි සාකච්ඡාවෙදි මතුවූ කාරණා කීපයක් නිසායි මෙවරත් මේ ජනයා ගැන ලියන්න හේතුවුනේ. මෙතෙක් කඳුකර දෙමළ ජනයාගේ ඉල්ලීම් වශයෙන් අප කතා කළේ ඔවුන්ට නිවාස ලබාදීම, වතු ආශ්‍රිතව නව ගම්මාන බිහිකොට ඒවායේ මේ ජනතාව පදිංචි කිරීම, ඔවුන්ට අනෙකුත් ජන කොටස් හා සමාන ලෙසින් රටේ සමාජ ප්‍රගමනයට දායක වන්නට අවස්ථාව සැලසීම, අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී ක්ෂේත්‍රවල සමාන අවස්ථා ලබාදීම වැනි ඉල්ලීම්.

මේ සාකච්ඡාවෙදි අවධානය යොමු වූ තව කරුණක් තමයි මේ ජනතාව හඳුන්වන ආකාරය. මෙතෙක් බහුලව භාවිතා කෙරෙනෙ ඉන්දීය සම්භවයක් සහිත කියන නාමකරණයයි. එය අද වනවිට එක්තරා ආකාරයක පහත් කර දැක්වීමේ යෙදුමක් බවට පත්වී තියෙනවා. රජය නිල වශයෙන් මේ ජනතාව හඳුන්වා දෙන්න පාවිච්චි කරන්නෙත් මේ යෙදුමයි. ඒක කෙරෙන්නෙ ජන සංගණනය හරහායි. රටේ ජනගහනය ගණන් කරන ජන සංගණනයේදි මේ ජනයා හඳුන්වන්නෙ ඉන්දීය සම්භවය සහිත කියන පදයෙන්. එහෙත් මේ වනවිට මේ යෙදුම ගැන මේ ජනයා තුළ ප්‍රසාදයක් හෝ කැමැත්තක් නැහැ. ඔවුන් ඉන්දියාවෙන් ආව වුනත් තවදුරටත් ඉන්දියාවට ඈඳල තිබීම ගැන මේ ජනයා තුළ ඇත්තේ අප්‍රසාදයක්. ඒත් අනෙක් අතට තමන් හැඳින්විය යුත්තේ කොයි ආකාරයෙන් ද කියන එක ගැන ඔවුන් අතර එකමිතියකුත් නැහැ. කෙසේවෙතත් සමාජයේ ක්‍රියාකාරී වැඩකොටසක් ඉටුකරන මේ ජනතාවගේ වැඩි දෙනෙක් කඳුකර දෙමළ යන නාමකරණයට කැමැත්තක් දක්වන බවක් පෙනීයනව. එහෙත් ජන සංගණනයෙදි මේ ජනයා හැඳින්වීමට ඉන්දීය සම්භවයකින් යුතු කියන පදය වෙනුවට කඳුකර දෙමළ යන පදය භාවිතා කිරීමට ආණ්ඩුව පැත්තෙනුත් යහපත් ප්‍රතිචාරයක් ලැබිල නැහැ. මේ විදියට යහපත් නාමකරණයක් සඳහා වෙර දරන අතර ඓතිහාසික වශයෙන් කඳුකර දෙමළ ජනයාට සිදුවූ වැරදි නිවැරැදි කරගන්නත් මේ තමයි හොඳම කාලය. ඉහත කී සාකච්ඡාවෙදි මේ කරුණ කෙරෙහිත් ලොකු අවධානයක් යොමු වුනා. ⁣⁣⁣ඒ අනුව අවධාරනය කෙරුනු පධාන කාරණය වුයේ ඓතිහාසික වශයෙන් ප්‍රධාන කොටම මේ ජනතාවට බ්රිතාන්ය පාලකයන් වෙතින් සහ ඊට අමතරව ඉන්දීය සහ ලංකාවෙ ආණ්ඩුවලිනුත් අසාධාරණයන් සිදුවූ බව නිල වශයෙන් පිලිගැනීම ඉංග්‍රීසි පාලකයන්ගේ ක්‍රියාකලාපය හුදු අසාධාරණයකින් එහාට ගොස් අපරාධයක මට්ටමක ලා සැලකිය යුතු බවයි. ⁣ඔස්ටේ්‍රලියාවේ ඇබොරිජින් ජනතාවට සුදු පාලකයන් විසින් සලකන ලද ආකාරයත්, කොරියාව ආක්‍රමණය කළ ජපන් හමුදාව එහි ස්ත්‍රීන් ලිංගික වහලියන් සේ ගැනීමත් අපරාධයක ස්වභාවය ගන්නා බවටත් විවිධ ජාත්‍යන්තර ආයතන විසින් නිගමනය කොට තියෙනවා. මේ ඉල්ලීම ජාත්‍යන්තර මට්ටමින් පෙරට ගෙනයාම ලංකාවේ ආණ්ඩුවේ වගකීමක්. ඒ අනුව බි්‍රතාන්‍ය ආණ්ඩුව තමන් විසින් මේ ජනතාවට කරන ලද අපරාධ සම්බන්ධයෙන් වරද පිලිගෙන සමාව අයැද සිටිය යුතු වෙනවා. බි්‍රතාන්‍යය තුළ වහල් මෙහෙය අවසන් කළත් 1948දි මෙරටින් නික්ම යන තුරුම බි්‍රතාන්‍ය පාලකයන් වතු කම්කරුවන්ට සැලකුවේ වහල් තත්ත්වයෙන්. ඇත්ත වශයෙන් කිව්වොත් 1975 දක්වාම මෙරට තේ වතු පාලනය කළේ සුදු ජාතිකයන්. ඒ නිසා ඉංග්‍රීසි පාලකයන්ගේ ක්‍රියා කලාපය අපරාධකාරී ස්වභාවයක් ගන්නව කියන එක අමුතුවෙන් කියන්න ඕනත් නැහැ.
එබැවින් බි්‍රතාන්‍ය ආණ්ඩුව තම වරදකාරීත්වය පිලි අරගෙන කදුකර දෙමළ ජනයා වෙනුවෙන් වන්දි ගෙවිය යුතු වෙනවා. ලංකා ආණ්ඩුව මේ කාරණය ජාත්‍යන්තර තලයට ගෙනගොස් බි්‍රතාන්‍ය පාලකයන් වෙතින් එදා සිදුවූ වැරැද්දට සමාව ඉල්ලා වන්දි ගෙවීමක් සිදුකළ යුතුයි. එය කිසිසේත් ස්වෙච්ඡාවෙන් සිදුවන දෙයක් නොවනු ඇති. ඒ නිසා ලංකා ආණ්ඩුව මේ කාරණය අතට අරගෙන ඒ සම්බන්ධයෙන් එක අතකට බි්‍රතාන්‍ය ආණ්ඩුව සමග සාකච්ඡා ආරම්භ කළයුතු අතර ජාත්‍යන්තර තලයේ කැම්පේන් එකක් ද ගෙන යායුතු වෙනවා.

අනෙක් අතට ලංකාවේ ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් තියෙන වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. 1948දි සුදු යටත් විජිත පාලකයන්ගෙන් ආණ්ඩු බලය ගත්තට පස්සෙ දේශීය පාලකයන් ගත් පළමු පියවර කීපයෙන් එකක් වූයේ වතු කම්කරු ජනයාගේ පුරවැසි අයිතිය අහිමි කිරීමයි. ඒ අනුව ඔවුන් රටක් නොමැති ජනතාවක් බවට පත්කළා. එයින් නොනැවතී 1964දි සහ 1974දි ඉන්දියාවෙ ආණ්ඩු සමග ඇති කරගත්ත ගිවිසුම් හරහා මේ ජනයාගෙන් විශාල පිරිසක් බලහත්කාරයෙන් ආපහු ඉන්දියාවට යැව්ව. ඒ අතරේ නිර්ලජ්ජිත ලෙස ඔවුන්ගේ ශ්‍රමය සූරාගෙන කාල රටේ ආර්ථිකය පවත්වාගෙන යන්න මේ පාලකයො ක්‍රියා කළා. අඩු වශයෙන් 1975දි මේ වතුයායවල් ආණ්ඩුවට පවරගත්තට පස්සෙවත් රටේ ආර්ථිකයේ ජීවනාලිය බදු මේ ජනතාවගෙ ජීවන තත්ත්වය නංවාලන්න දේශීය පාලකයො ක්‍රියා කළේ නැහැ. මේ අනුව බලන කොට ලංකාවෙ ආණ්ඩුවෙ ක්‍රියා කලාපයත් සුදු පාලකයන්ට වඩා ලොකු වෙනසක් නැහැ. ඒ නිසා මෙරට ආණ්ඩුවලටත් ගැලවීමක් නැහැ. ඔවුනුත් ඉංග්‍රීසි පාලකයන් වගේම මේ කාරණයෙදි සම විත්තිකරුවෙක් වෙනවා. ඒ නිසා ලංකාවෙ ආණ්ඩුවත් මේ ජනතාවගෙන් සමාව අයදින්න ඕන කදුකර දෙමළ ජනයාට සිංහල ආණ්ඩුවලින් වූු අසාධාරණයන් සම්බන්ධයෙන්. ඒ වගේම ඒ වෙනුවෙන් වන්දි ගෙවිය යුතුද වෙනවා.

එබැවින් කඳුකර දෙමළ ජනතාව සම්බන්ධයෙන් යුක්තිය ඉටුකර ගැනීම සඳහා අලුත් වටයකින් අරගලයක් ඇරඹිය යුතු වෙන තත්ත්වයක් පවතින්නේ. ඒක එම ජනතාවට ඉඩම්, නිවාස ලබා ගැනීමට වඩා බරපතල කාරණයක්. ඒ වගේම එම ජනතාවට විතරක් තනියම කරන්න පුලුවන් සටනක් නෙවෙයි. මෙරට සියළු ප්‍රගතිශීලී ජනතාවන් එක්වී කළයුතු සටනක්. ඇත්ත වශයෙන්ම මෙහිදී වැඩි වගකීමක් පැවරෙන්නෙ මෙරට වාමාංශික ව්‍යාපාරයටයි. වෘත්තීය සමිතිත් ගොනුකර ගෙන සියළු ප්‍රගතිශීලී ජන කොටස් ඇතුළත් වන හැබෑ ජනතා අරගලයක් තුළින් කදුකර දෙමළ ජනයාගෙ හැබෑ අයිතිවාසිකම් දිනාගැනීමටත්, ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීමටත් වම පෙරමුණ ගතයුතුයි

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
ඊශ්‍රායෙල – ගාසා යුද්ධය වහා නවත්වනු !

ඊශ්‍රායෙල - ගාසා යුද්ධය වහා නවත්වනු !

ඊශ්‍රායල-ගාසා යුද්ධය වහා නවත්වනු!

ඊශ්‍රායල-ගාසා යුද්ධය වහා නවත්වනු!

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.