lankasocialist
Friday, October 23, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ඊශ්‍රායෙල – ගාසා යුද්ධය වහා නවත්වනු !

Taniya by Taniya
October 12, 2023
in ගෝලීය
0
ඊශ්‍රායෙල – ගාසා යුද්ධය වහා නවත්වනු !
Share on FacebookShare on Twitter

Rally round Palestinian people for their national liberation

Support the struggle of Palestinians against the Zionist state of Israel.

තම ජාතික විමුක්තිය වෙනුවෙන් සටන් කරන පලස්තීන ජනයා සමග එක්වෙමු

යුදෙව් මහජාතිවාදී ඊශ්‍රායල් රාජ්‍යයට එරෙහිව පලස්තීන ජනයා ගෙනයන අරගලයට සහාය දෙමු.

පලස්තීනයේ හමාස් සංවිධානය ඊශ්‍රායල් රාජ්‍යයට එරෙහිව සන්නද්ධ ප්‍රහාරයක් අරඹා තියෙනවා. ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු එයට ප්‍රතිචාර වශයෙන් හමාස් සංවිධානයට එරෙහිව යුද ප්‍රකාශ කර තියෙනවා. මේ වනවිට දින තුනක් ඉක්මවා මේ ගැටුම් ඇවිල යමින් පවතිනවා.
හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරවලින් ඊශ්‍රායල් සිවිල් වැසියන් දහසක් පමණ මියගොස් තියෙනවා. එයට අමතරව සිවිල් වැසියන් සිය ගණනක් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රදවාගෙන තියෙනවා. අනෙක් අතට ඊශ්‍රායල් ගුවන් හමුදා ප්‍රහාරවලින් මරාදැමුනු පලස්තීන වැසියන් ගණන 3000කට අධිකයි.
ජාතික විමුක්තිය වෙනුවෙන් සටන් කරන පාර්ශ්වයක් විසින් වුවද සිවිල් වැසියන් මරාදැමීම හෝ ප්‍රාණ ඇපයට ගැනීම වාමාංශිකයන් වශයෙන් අප අනුමත කරන්නෙ නැහැ. එයින් වෙන්නේ එම ජනයා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරන්නේය කියන ධනපති පාලකයන් වෙතට වඩාත් නැඹුරු වීම විතරයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් හමාස් සංවිධානය විසින් සිවිල් වැසියන් මරාදැමීම හෙලා දකිමින් නිවේදනයක් නිකුත් කරල තිබුණා. රනිල් ඇතුළු ලෝකයේ කිසිදු ධනපති නායකයෙක් පසුගිය කාලයක් තිස්සේ සාමකාමී ලෙස විරෝධතා දැක්වූ පලස්තීන වැසියන් ඊශ්‍රායල් හමුදා විසින් කුරිරු ලෙස ඝාතනය කිරීම ගැන වචනයක්වත් කතා කරල නැහැ.
කෙසේවෙතත් හමාස් සංවිධානයත් ඊට පෙර යසීර් අරෆත්ගෙ අල් ෆාටා සංවිධානයත් අනුගමනය කරන පුද්ගල ත්‍රස්තවාදී විධික්‍රමයෙන් පලස්තීන ජනතාවට තම ජාතික විමුක්තිය උදාකර ගත නොහැකි බව වාමාංශිකයන් – සමාජවාදීන් පෙන්වා දෙනවා. අධිරාජ්‍යවාදී බලවතුන් විසින් අරාබිකරයේ ඇති කරන ලද කෘත්‍රිම දේශසීමා හේතුවෙන් අරාබිකරය පුරා විවිධ ආකාරයේ ගැටුම් ඇවිල යන තත්ත්වයක් උද්ගතව තියෙනවා. පලස්තීන ජනයා රටක් නැති සරණාගතයන් බවට පත්වී මේ වනවිට වසර 75ක් ගතවෙලා.
පලස්තීන ජනයාගේ ජාතික විමුක්තිය රදා පවතින්නේ අරාබිකරයේ සහ ඊශ්‍රායලයේ කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිත ජනයා එකසත් වී තමන් යටපත් කරගෙන සූරාකන ධනේශ්වර පාලක පන්තිය එලවා දැමීමෙන් විතරයි. ජාතික සීමාවන් ඉක්මවා ගොස් පීඩිත ජනයා පාලක පන්තියට එරෙහිව කඳවුරු බැඳගත් දවසට අධිරාජ්‍යවාදීන් ඇති කළ මේ ව්‍යසනය අවසන් කරන්න පුලුවන්.

Related Posts

ධනවාදී සංස්ථාව විසින්  නිර් මිත අර් බුධ වලට විසඳුම් සොයන
ගෝලීය

ධනවාදී සංස්ථාව විසින් නිර් මිත අර් බුධ වලට විසඳුම් සොයන

by Taniya
August 13, 2026
0

තරුණ පරම්පරාවේ CWI ගිම්හාන පාසල කම්කරු ජාත්‍යන්තරයක් සඳහා ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ක්‍උෂ ගිම්හාන...

Read moreDetails
චීන ජනාධිපති ෂී ජින් පින් සියලු බලය තමාවෙත පවරාගනී.

චීන ජනාධිපති ෂී ජින් පින් සියලු බලය තමාවෙත පවරාගනී.

August 13, 2026
උඩු යටිකුරු වන යුරෝපා දේශපාලන සිතියම

උඩු යටිකුරු වන යුරෝපා දේශපාලන සිතියම

May 30, 2018
“NO”

“NO”

June 28, 2015
සිරීසා ඡන්දදායකයන්ට අවශ්‍ය කප්පාදු පිලිවෙත් අවසන් කිරීම මිස ට්‍රොයිකාවව සමග තවත් ගිවිසුමක් නොවේ

සිරීසා ඡන්දදායකයන්ට අවශ්‍ය කප්පාදු පිලිවෙත් අවසන් කිරීම මිස ට්‍රොයිකාවව සමග තවත් ගිවිසුමක් නොවේ

June 26, 2015
Next Post
ඊශ්‍රායල-ගාසා යුද්ධය වහා නවත්වනු!

ඊශ්‍රායල-ගාසා යුද්ධය වහා නවත්වනු!

2023 November Ratutharuwa…

2023 November Ratutharuwa...

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.