lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

චීන ජනාධිපති ෂී ජින් පින් සියලු බලය තමාවෙත පවරාගනී.

Taniya by Taniya
August 13, 2026
in ගෝලීය, ලිපි
0
චීන ජනාධිපති ෂී ජින් පින් සියලු බලය තමාවෙත පවරාගනී.
Share on FacebookShare on Twitter

 

ඔක්තෝබර් 16-22 දක්වා බීජිං හි පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ (CCP) 20 වැනි ජාතික සම්මේලනය, මහලේකම් ෂී ජින්පින්ගේ චරිතය වටා බලය කේන්ද්‍රගත කිරීමෙහි කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබුණි. ඔහු පෙර නොවූ විරූ තුන්වන වාරයක් සඳහා රටේ ජනාධිපති බවට පත් කරන ලදී. (Xi ගේන් පසු පැහැදිලි උරුමක්කාරයෙකු නොමැති වීමෙන් පෙන්නුම් කරන්නේ ඔහු තවත් වසර පහක් සහ සමහර විට ඊට වැඩි කාලයක් චීනය පාලනය කිරීමට අදහස් කරන බවයි.) චීන පාලනයේ ප්‍රබල දේශපාලන මණ්ඩල ස්ථාවර කමිටුව දැන් ආධිපත්‍යය දරනු ඇත්තේ Xi ගේ මිත්‍ර පාක්ෂිකයින් විසිනි (සාමාජිකයින් හත් දෙනෙකුගෙන් යුත් දේශපාලන මණ්ඩලයේ ස්ථාවර කමිටුව සහ ආසන 24 කින් සමන්විත දේශපාලන මණ්ඩලය යන දෙකම සම්පූර්ණයෙන්ම පිරී ඇත්තේ “හන්” ජන වාර්ගික පිරිමි නියෝජිතයින්ගෙන් පමණි. මෙම තත්වය කිසිසේත්ම ඊනියා චීන කොමියුනිස්ට් පක්ෂයේ ස්ථාවරය වන “විවිධත්වය” ප්‍රදර්ශණය කිරීමක් නොවන්නේය.

මාඕ සේතුං පාලනය යටතේ පැවති පුද්ගලික පෞරුෂ සංස්කෘතිය සිහිගන්වමින් “නව යුගයක් සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පින් චින්තනය” යන්න පක්ෂයේ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට සම්මේලනය තීරණය කිරීම ඒකාධිපති බලයක් ගොඩනැගීමේ පියවරකි. මෙම සම්මේලනයේ දී ගත් තීරණ සලකුණු කරන්නේ ‘සංස්කෘතික විප්ලවයේ’ නැගිටීම් සහ මාඕගේ මරණයෙන් පසුව ඇති වූ ‘සාමූහික නායකත්වය’ යැයි කියනු ලබන පියවරයන්ගෙන් නිශ්චිත වෙන්වීමක් සනිටුහන් කිරීමකි.

තවද චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ ආන්ඩුවෙහි මධ්‍යගත පාලනය දැඩි කිරීම සහ චීන ආර්ථිකය මන්දගාමී වීම කෙරෙහි පාලක තන්ත්‍රයේ නොසන්සුන් කම කෙරෙහි ප්‍රතිචාරය පෙන්නුම් කිරීමකි. ඉදිරියේදී කම්කරු ආරවුල් ඉහළ යාමක් පිලිබඳව මතුව තිබෙන බිය සහ එක්සත් ජනපදය සමග වැඩෙන වෙලඳ හා මිලිටරි ආතතීන්ද, හේතු කොට ගෙන ෂී පාලනය බියට පත්ව ඇත. මහජන විමුක්ති හමුදාව තායිවානය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරනු ඇති බවට සංඥා කරමින් චීනයේ ඉහළ හමුදා නායකත්වයේ සංශෝධනයක් කිරීමට මෙම සම්මේලනය පියවර ගනු ලැබුහ. පාලන තන්ත්‍රයට තවමත් විශාල සම්පත් සහ සමාජ ආධාර සංචිත ඇති අතර ඒවා බොහෝ දුරට ආර්ථික වර්ධනය අඛණ්ඩව ලබා දීම මත පදනම් වේ. එහෙත් ෂී බලයේ සිටීම තුන්වන වාරයක් දක්වා දීර්ඝ කිරීම සහ ඔහුගේ අත්තනෝමතික භූමිකාව පෙන්නුම් කරන්නේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ ශක්තියේ සලකුනු නොව, එහි යටින් පවතින දුර්වලතාවය සහ අවිනිශ්චිතතාවයයි.

අතිශයින් විශාල ප්‍රචාරයක් සහිත පැවති සම්මේලනයට සුදානමක් ලෙස චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් මිලියන 96.7 නියෝජනය කිරීමට නියෝජිතයින් 2,296 ක් තෝරා පත් කර ගන්නා ලදි. කෙසේ වෙතත්, මෙම ක්‍රියාදාමයට විරුද්ධ හඬක් මතු වූ අතර ඔක්තෝබර් 13 වන දින, හුදකලා තනි විරෝධතාකරුවෙකු විසින් බීජිං හි පිහිටි සිටොං පාලම මත බැනර් එල්ලා ටයර් පුළුස්සා දැමීමට කටයුතු කළේය. විරෝධතා බැනර් වල තේමාවවූයේ ෂී ජින්පින්ග්ගේ පුද්ගල පෞරුෂය ඉස්මතු කිරීම ඒකාධිපතිත්වය, මානව හිමිකම්, වාරණය, ෂී ජින්පිං නැවත තේරී පත්වීමට උත්සාහ කිරීම හා ‘ශුන්‍ය-කොවිඩ්’ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ කම්කරු පංතියේ වැඩ කරන කාලය දීර්ඝ කිරීම ඇතුළත් විය. එක් බැනරයක මෙසේ සඳහන් විය: “පාසලේ සහ වැඩ බිමේ වැඩ වර්ජනයක් ආරම්භ කරන්න, ඒකාධිපති සහ ජාතික ද්‍රෝහී පාලනයක් ගෙන යන ෂී ජින්පින් ඉවත් කරන්න!” යනුවෙන් එහි සඳහන්ව තිබුණිරාජ්‍ය නිලධාරීන් විසින් විරෝධතාකරුවා ඉතා ඉක්මනින් ඉවත් කරන ලද නමුත්, සිටොං පාලම අසල සිදුවීම පාලන තන්ත්‍රය විසින් වාරණය කරන තෙක් එම විරෝධතාවය ගැන චීන සමාජ මාධ්‍යවල වෛරසක් මෙන් ගලා යන්නට විය. ඕනෑම ආකාරයක විරුද්ධත්වයක් මතු වීම කෙරෙහි චීන පාලන තන්ත්‍රයේ පවතින චකිතය සහ කඩිනම් මර්දනයකට යොමු වීම, ඉදිරියේ විවෘත වීමට ඉඩ ඇති වඩාත් දුෂ්කර කාල පරිච්ඡේදයේ ස්වභාවය පිළිබඳ පිළිබිඹුවකි.
පක්ෂ සම්මේලනයේ අවසන් දිනයේදී හිටපු ජනාධිපති හූ ජින්ටාඕ රැස්වීමෙන් පිටතට බලහත්කාරයෙන් කැඳවාගෙන යන විට තවත් ප්‍රසිද්ධ නොකළ සිදුවීමක් ද එහිදී සිදුවිය. මෙම සිදුවීම යන්තම් චීන මාධ්‍යවල වාර්තා වී ඇති නමුත්, හූට සැබෑ ලෙසම අසනීප වී ශාලාවෙන් පිටවීමට උපකාර අවශ්‍ය වූයේ ද එසේත් නැතිනම් ඔහු ඉවත් කිරීම ‘හූට වඩාත් සමීපව සම්බන්ධ වූ චරිතයක් ප්‍රසිද්ධියේ අවමානයට ලක් කිරීමේ ක්‍රියාවක් ද යන්න පිළිබඳ ප්‍රශ්ණය මතු වී තිබේ. ෂීට පෙර පැවති සාමූහික නායකත්වයේ වසර කීපයට සම්බන්ධ Xiගේ වර්තමාන පාලනය විවේචනය කරන බවට වාර්තා වන CCP හි තරුණ අංශය සමග හූ ජින්ටාඩ් සමීපව කටයුතු කිරීම මෙහි සැඟවුනු අර්ථය බව දැන් ප්‍රකාශයට පත්ව ඇත.

කොංග්‍රසයේ ආරම්භක දිනයේ, කොවිඩ් ප්‍රතිපත්තය, ආර්ථිකය, හොංකොං සහ තායිවානය ප්‍රශ්නය සමඟ සම්බන්ද කරමින් ප්‍රධාන දේශනය ෂී විසින් පවත්වන ලදී. කොංග්‍රසය නව යුගයක ආරම්භය සනිටුහන් කළ බවත්, අවසානයේදී චීනය දශක තුනකින් පමණ “නවීකරණය වූ සහ සමෘද්ධිමත් ලෝක බලවතෙකු” වනු ඇති බවත් ෂී ප්‍රකාශ කළේය. එය සාක්ෂාත් කර ගැනීම සඳහා කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය ආරක්ෂා කිරීම ඉතා වැදගත් බව ෂී අවධාරනය කළේය. වෙනත් වචන වලින් කිවහොත්, ස්වාධීන කම්කරු ව්‍යාපාරයක් මත පදනම් වූ විපක්ෂයක් ගොඩනැගීම, පාලක තන්ත්‍රය විසින් කිසිදු අවස්ථාවක ඉඩ නොදෙන බව ඔහු අවධාරණය කළේය. “චීන ලක්ෂණ සහිත සමාජවාදය” යන ධජය යටතේ ආර්ථිකය “ජාතික සංවර්ධනය” කෙරෙහි අවධානය යොමු කරන බව ෂී නිවේදනය කළේය. මෙය යුක්රේන යුද්ධයෙන් පසු උත්සන්න වූ බීජිං සහ වොෂින්ටනය අතර මිලිටරි ආතතීන්ගේ සහ ඔවුන්ගේ ආර්ථිකයන් ‘විසංයෝජනය කිරීමේ‘ විකාශනය වන ක්‍රියාවලියේ පිලිබිඹුවකි. ඊට ප්‍රතික්‍රියාවක් වශයෙන්, එක්සත් ජනපද-චීන වෙලඳ ආතතීන් මධ්‍යයේ 2018 දී රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉහළ ගිය “ගෝලීය සම්බන්ධතා බිඳ වැටීමට” කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවා ඇත. ගෝලීයකරණයේ මන්දගාමිත්වයක් පැවතියද, ලෝකයේ ප්‍රමුඛ ආර්ථිකයන් දෙක වන චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය, ලෝක ආර්ථිකය මත තවමත් රඳා පවතී. චීනයට තම භාණ්ඩ විකිණීමට සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනය සහ දියුණු තාක්ෂණය සඳහා ලෝක වෙළඳපොළට ප්‍රවේශය අවශ්‍ය වේ. ඇත්ත වශයෙන්ම, රටේ සෘජු විදේශ ආයෝජන මේ වසරේ මුල් මාස නවය තුළ පෙර වසරට වඩා 15.6% කින් ඉහළ ගොස් ඇත.

එහෙත් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සිය ආධිපත්‍යයට ඇති ලොකුම තර්ජනය ලෙස චීනය සලකන අතර බීජිනයට වල කැපීමට ඔවුන් අධිෂ්ඨාන කරගෙන සිටී. ජනාධිපති බයිඩන් හිටපු ජනාධිපති ට්‍රම්ප් විසින් පනවන ලද වෙළඳ තීරුබදු නොකඩවා පවත්වාගෙන ගිය අතර එම ලැයිස්තුවට උසස් අර්ධ සන්නායක එකතු කළේය. චීනයේ ජෛව තාක්ෂණය සහ කෘතිම බුද්ධි කර්මාන්ත ඉලක්ක කර ගනිමින් නව සම්බාධක සමඟ එක්සත් ජනපදය මෙය අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එක්සත් ජනපදයේ මෙම දැඩි වෙළඳ සම්බාධක චීන පාලන තන්ත්‍රය තමන්ගේම තාක්ෂණය දියුණු කිරීමට දරන උමතු උත්සාහයන් දැකිය හැක. ජනාධිපති ෂී 20 වැනි පක්ෂ සම්මේලනයේදී මූලික තාක්ෂණයන්හි “සටන ජය ගන්නා ලෙස” චීනයෙන් ඉල්ලා සිටියේය. දැනට, එක්සත් ජනපදය සහ චීනය අතර සම්බාධක ගැටුම ලෝකය නව අවපාතයකට ඇද දැමීමේ බරපතල සාධකයක් ලෙස ක්‍රියා කළ හැකිය.

වඩා ජාතික වැඩපිළිවෙලක් පදනම මත හෝ ලෝක වෙලඳපොල හරහා හෝ මේ දෙකේම එකතුවකින් චීන පාලන තන්ත්‍රයට එය මුහුණ දෙන දිගුකාලීන ගැටළු වලින් මිදීමට මගක් නැත. ප්‍රජාතන්ත්‍රවාදී කම්කරුවන්ගේ පාලනයක් සහ කළමනාකරණය යටතේ සැලසුම්ගත ආර්ථිකයක් සහ සැබෑ සමාජවාදී ජාත්‍යන්තරවාදය ඇතුළු සැබෑ සමාජවාදී චීනයකට පමනක් සමෘද්ධිය සහ සාමය සුරක්ෂිත කළ හැකිය. ධනවාදය සහ ඉඩම් හිමිකම පෙරලා දමා විදේශීය ධනේශ්වර බලවතුන් පලවා හරින ලද 1949 චීන විප්ලවය වෙහෙස මහන්සි වී වැඩ කරන ජනතාව සඳහා දැවැන්ත ඉදිරි පියවරක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස සැළසුම් කළ ආර්ථිකයක් යටතේ කම්කරු පන්තියට සහ දුප්පත් ගොවීන්ට සැලකිය යුතු ආර්ථික හා සමාජීය ජයග්‍රහණ ඇති විය. ලෙනින් සහ ට්‍රොට්ස්කි සහ බොල්ෂෙවික් පාලනය යටතේ 1917 විප්ලවයෙන් පසු රුසියාවේ කම්කරු රාජ්‍යයේ මුල් වසර කීපය මෙන් නොව, 1949 න් පසු ආරම්භක කාලයේදීවත් චීනයේ කම්කරු පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය කිසි විටෙකත් ක්‍රියාත්මක නොවීය. ඒ වෙනුවට මාඕ තම පාලන තන්ත්‍රය ගෙන යාමට ආදර්ශයට ගත්තේ ජෝසෆ් ස්ටාලින්ගේ පාලන තන්ත්‍රය විසින් රුසියානු කම්කරු පන්තියෙන් ප්‍රජාතන්ත්‍රවාදී බලය උදුරා ගත් මිනීමරු නිලධරය උදාහරණයට ගනිමිනි.

චීනය ලෝකයට ලාභ භාණ්ඩවල ශ්‍රම අපනයනකරු ලෙස ක්‍රියා කිරීම මත පදනම් වූ ආර්ථික වර්ධනය, පසුගිය වසර 40 තුළ ඉහල නැගීම දක්නට ලැබුණි. චීනය දැන් ලෝක ආර්ථිකයෙන් 18% කට වඩා වැඩි ප්‍රමාණයක් දරන අතර දෙවන විශාලතම රට ලෙස ශේණිගත වී තිබේ. නමුත් මෙම අසාමාන්‍ය වර්ධනය එහිම දැවැන්ත ප්‍රතිවිරෝධතා සහ ගැටලු මතු කර ඇත. එය චීනයේ සමාජ ආතතීන් උත්සන්න වීම, ධනවතුන් හා දුප්පතුන් අතර දැවැන්ත පරතරයක් ද, චීන කම්කරු ජනතාව නිර්දය ලෙස සූරාකෑම ද දක්වා වර්ධනය වී ඇත. ඉදිරි වසර 30ක් සඳහා එහි අඩුම වර්ධන අනුපාත වාර්තා කිරීම කෙරෙහි චීන ආර්ථිකය පුරෝකථනය කර ඇති අතර, දැනටමත් තරුණයන්ගේ සහ ග්‍රාමීය විරැකියා සංඛ්‍යා ඉහල යමින් පවතින අතර, සමාජ පිපිරීම් ඇති වීමේ හැකියාව පෙන්නුම් කරයි. කොවිඩ් වසංගතය නිසා දේශසීමා පාලනය සහ කඩින් කඩ අගුලු දැමීම චීනයේ ආර්ථිකය මන්දගාමී වීමට විශාල සාධකයක් වී ඇති අතර, අවම වශයෙන් පාරිභෝගික වියදම් පහත වැටීමක් ඇති නොකරයි. ඒ වගේම චීනය දේපල අර්බුදයකටත් මුහුණ දෙන අතර වැඩිවන දේපල සංවර්ධකයින් ඔවුන්ගේ ණය පැහැර හරිමින් සිටිති. මුදල් ඒකකය දුර්වල වෙමින් පවතී, ප්‍රාග්ධනය පිටතට ගලායාම ඉහළ යමින් පවතින අතර තරුණ විරැකියාව ජුනි මාසයේදී 19.3%ක වාර්තාගත ඉහළ අගයක් ගනු ලැබීය.

මෙම වසරේ චීනයේ වර්ධනය 3.2% දක්වා මන්දගාමී වනු ඇතැයි IMF අපේක්ෂා කරයි, එය කොවිඩ් වසංගතයේ පළමු වසර හැර දශක හතරකින් පසු එහි කුඩාම ව්‍යාප්තියයි. චීනයට දිගු කාලීන ගැටලු ඇති බව IMF අනතුරු අඟවා ඇත. නිෂ්පාදනය අඩුවීම සහ වයස්ගත ජනගහනය ද ඇතුළුව. ජපානය සහ දකුනු කොරියාව ඇතුලු චීනය සමග ශක්තිමත් වෙලඳ සම්බන්ධතා ඇති ආසියාවට චීනයේ මන්දගාමිත්වය “සැලකිය යුතු ලෙස නරක” වනු ඇතැයි IMF අපේක්ෂා කරයි. චීනයේ සහ ආසියාවේ ඕනෑම මන්දගාමිත්වයක් හෝ අවපාතයක්, මේ වන විට අවපාතයන් කරා ඇදෙමින් පවතින එක්සත් ජනපදය හා යුරෝපය මුහුන දෙන ආර්ථික ගැටළු විසින් තව තවත් උග්‍ර කරනු ඇත. චීනය සහ එක්සත් ජනපදය අතර මතුව තිබෙන ආතතීන් වඩාත් පැහැදිලිව කේන්ද්‍රගත වී ඇත්තේ හොංකොං සහ තායිවානය මතය. සිය සම්මේලන කතාවේදී, ෂී කියා සිටියේ හොංකොං හි “අවුල්වලින් පාලනයට ප්‍රධාන සංක්‍රාන්තියක්” ඇති බවයි – ෂී තායිවානයේ “සාමකාමී යලි එක්වීම” සඳහා ද ඉල්ලා සිටි නමුත් බලය භාවිතා කිරීම අත් නොහරින බවට දිවුරුම් දුන්නේය. ලෝක වේදිකාවේ චීනයේ ආස්ථානය ගැන ෂී පුරසාරම් දොඩමින් මෙසේ පැවසීය: ”චීනයේ ජාත්‍යන්තර බලපෑම, ආකර්ෂණය සහ ලෝකය හැඩගැස්වීමේ බලය සැලකිය යුතු ලෙස වැඩි වී ඇත යනුවෙනි.”

20 වැනි ජාතික සම්මේලනයෙන් ඉක්බිතිව, ඇමරිකානු පෙන්ටගනයේ ආරක්ෂක මූලෝපායික ලියවිල්ලක් පැවසුවේ, චීනය සමඟ ගැටුමක් “නොවැළැක්විය හැකි හෝ යෝග්‍ය නොවන” නමුත්, බීජිනයේ “ප්‍රධාන කලාපවල ආධිපත්‍යය” වැළැක්වීමට උත්සාහ කළ යුතු බවයි. මෙය දකුණු චීන මුහුදේ චීනය විසින් විශාල මිලිටරි බලය ගොඩ නැගීම සහ තායිවානය දෙසට එහි වැඩි පීඩනය යෙදවීම පිලිබඳ කරන ලද සඳහනකි.
පෙන්ටගන ලේඛනය යුක්රේනයේ රුසියාවේ යුද්ධය සටහන් කරන අතර රුසියාව එහි න්‍යෂ්ටික අවි, සයිබර් මෙහෙයුම් සහ දිගු දුර මිසයිල සමඟ එක්සත් ජනපදයට සහ එහි සහචරයින්ට බරපතල තර්ජනයක් බව පවසයි. එහෙත්, “ජාත්‍යන්තර පර්යාය නැවත හැඩගැස්වීමේ අභිප්‍රාය සහ ඒ සඳහා වැඩි වැඩියෙන් බලය ඇති එකම තරඟකරුවා චීනයයි”, යනුවෙන් එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ප්‍රකාශ කළේය. රුසියාවේ සහ චීනයේ ප්‍රධාන න්‍යෂ්ටික සන්නද්ධ තරඟකරුවන් දෙදෙනෙකුට එක්සත් ජනපදය මුහුණ දී සිටින බව පෙන්ටගන ලේඛනයේ සඳහන් වේ. ඇත්ත වශයෙන්ම, සම්මේලනයෙන් ඉක්බිතිව, චීනයේ විදේශ ඇමති, වැන්ග් යී, රුසියාවේ සිටින ඔහුගේ සගයා වන සර්ජි ලැව්රොව්ට දුරකථන ඇමතුමක් දුන්නේ, “චීනයේ සහ රුසියාවේ ප්‍රගතිය අවහිර කිරීමට දරන ඕනෑම උත්සාහයක් කිසිදා සාර්ථක නොවනු ඇති” බව පෙන්වීමටය. යුක්රේනයේ රුසියාවේ විනාශකාරී යුද ප්‍රයත්නය ගැන බීජිනය දැඩි ලෙස විවේචනය කර ඇතත්, එක්සත් ජනපදයට සහ එහි සහචරයින්ට එරෙහිව රුසියාවේ අත්‍යවශ්‍ය සහචරයෙකු ලෙස පවතී. බොහෝ මිලිටරි විචාරකයින්ගේ මතය අනුව චීනය විසින් තායිවානය ආක්‍රමණය කිරීම ආසන්න නොවුනත්, චීනයේ නැගී එන බලය සහ එක්සත් ජනපදයේ බලය පිරිහෙමින් පවතින තාක් කල් එය තත්ත්වයේ ‘තර්ක’ තුළ රැඳී තිබේ. අවසාන වශයෙන්, ස්වාධීන පන්ති වැඩපිලිවෙලක් මත බලමුලු ගැන්වීමෙන් යුද්ධ හා මිලිටරිකරණ අනතුරු කපා හැරිය හැක්කේ චීනයේ සහ ආසියාවේ සහ ලෝකය පුරා සිටින සංවිධිත කම්කරු පන්තියට පමනි.

2014 දී දෙරට අවසන් වරට හමුවු අවස්ථාවේ සිට නේටෝ හමුදාවන් විසින් දැඩි ලෙස සම්පත් හා පුහුණු කරන ලද යුක්රේන හමුදාවට මුහුණ දීම සඳහා සූදානම් නොවී යුක්රේනයට තම හමුදාව යැවූ මොස්කව්හි මිලිටරි වැරදි පියවර වලින් බීජිං ඉගෙන ගනු ඇත. බොහෝ බටහිර යුධ විශේෂඥයින් විසින් ඇස්තමේන්තු කර ඇත්තේ චීනය විසින් තායිවානය සාර්ථකව ආක්‍රමණය කිරීමට තවත් වසර කිහිපයක් ගත වනු ඇති බවයි. මෙය එසේ වුවද, මේ අතර, එක්සත් ජනපද සහ චීන හමුදා නාවික යාත්‍රා අතර ඇති වන ගැටුම් ඇතුළුව කලාපයේ ඕනෑම ‘අහම්බ’ සිදුවීම් මගින් වඩා පුළුල් හා විනාශකාරී ගැටුමක් ඕනෑම මොහොතක අවුලුවාලිය හැකි බවයි. මෙම තත්වයට මුහුණ දීම සඳහා චීනයේ සහ සමස්ථ ආසියාව පුරා ධනේෂ්වරයෙන් ස්වාධීන වූ පන්ති වැඩපිලිවෙලක් සමග කම්කරු පන්තියේ බහුජන පක්ෂ ගොඩනැගීම අත්‍යවශය සාධකයකි. එමගින් ධනපතියන් සහ ධනවාදී නිලධාරී පැලැන්තිය පාලන බලයෙන් ඉවත් කිරීමටත්, කම්කරුවන්ගේ ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් හඳුන්වා දීමටත් අත්‍යවශය පූර්ව අවශ්‍යතාවයක් බව අවධාරණය කළ යුතුය.

රතු තරුව විදේශ ලියුම්කරු……

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
2023 January Ratutharuwa

2023 January Ratutharuwa

වසන්ත මුදලිගේ බැලීම සදහා එක්සත් සමාජවාදී පක්ෂයේ නියෝජිතයින් ඇතුළු පිරිස පසුගිය දෙසැම්බර් 30 වෙනි දින වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය අවස්ථාව

වසන්ත මුදලිගේ බැලීම සදහා එක්සත් සමාජවාදී පක්ෂයේ නියෝජිතයින් ඇතුළු පිරිස පසුගිය දෙසැම්බර් 30 වෙනි දින වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය අවස්ථාව

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.