lankasocialist
Thursday, August 13, 2026
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

No Capitalism without Racism – Malcolm X – ජාතිවාදයෙන් තොර ධනවාදයක් නැත – මැල්කම් X –

Taniya by Taniya
July 18, 2023
in Articles, Ratutharuwa
0
No Capitalism without Racism – Malcolm X –  ජාතිවාදයෙන් තොර ධනවාදයක් නැත – මැල්කම් X –
Share on FacebookShare on Twitter

ලෝ ප්‍රකට ඇමරිකානු කලු ජාතික විමුක්තිවාදියෙකු වූ මැල්කම් X විසින් 1964 වසරේදී කළ ඉහත සඳහන් ප්‍රකාශයේ ඓතිහාසික වැදගත් කම වර්තමාන ධනේෂ්වර ලෝකය දෙස බැලීමේදී මනාව දැකිය හැකිය.

විශේෂයෙන් ආසියානු කලාපයේ ඉන්දියාව වැනි රටක මෝඩිගේ ඊන්‍ඡ පක්ෂය හරහා සිදු කෙරෙමින් පවතින හින්දු මහ ජාතිවාදී දේශපාලනය මැල්කම් ඞ ගේ එම ප්‍රකාශය වඩාත් තහවුරු කරමින් ඇත. අඩු දියුණු රටවල ධනපති දේශපාලන නායකයින්ගේ අවසාන තුරුම්පුව වන්නේ ජාතිවාදය හා ආගම්වාදය ඉස්මත්තට ගැනීමය. මෙම ලිපියේ අරමුණ රනිල් – රාජපක්ෂ පාලනය තුළ රට මුහුණ දෙන ගැඹුරු ආර්ථික අර්බුදයේ ස්වභාවය විමසා බැලීමය. එසේ වුවද ධනපති පාලනය මුහුණ දෙන අර්බුදය වසන් කර ජනතාව නොමඟ යැවීම සඳහා ධනපති පාලකයෝ ඉතිහාසය පුරාවටම ජාතිවාදය හා ආගම්වාදය අවුස්සා එහි ආරක්ෂකයින් බව පෙන්වීමට නිර්ලජ්ජිත උත්සාහයන් වල යෙදී සිටිති. එසේම මෙම ඊනියා ජාති ආලය ධනපති පක්ෂ වලට පමණක් සීමා වූ ක්‍රියාවක් නොවන අතර පාර්ලිමේන්තුවාදී දේශපාලනය කරපින්නා ගෙන දේශපාලනය කරන සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ (ජාතික ජන බලවේගය) පොහොට්ටු පක්ෂය, එජාපය, ශ්‍රිලනිපය, ඇතුලු ප්‍රධාන ධාරාවේ සියලු දේශපාලන පක්ෂ වලට එකසේ වලංගුවේ.
ජාතිවාදය හා ආගම්වාදය උලුප්පමින් පවත්වාගෙන යන රනිල් – රාජපක්ෂ පාලනයේ අලුත්ම නාටකය වන්නේ කලා නිර්මාණයක් ඉදිරිපත් කළ නතාෂා එදිරිසූරිය හා ක්‍රිස්තියානු පූජකයෙකු වූ ජෙරොම් ප්‍රනාන්දු දඩුකදේ ගැසීමට දරණ නීච උත්සාහයයි. පසුගිය අරගල සමයේ බෙහෙතකටවත් සොයා ගැනීමට නොහැකිව සැඟවී කටයුතු කළ ගලගොඩ අත්තේ ඥානසාරලා, ඇල්ලේ ගුණවංසලා සමග තුට්ටු දෙකේ ජාතිවාදියෙකු වන ඩෑන් ප්‍රියසාද්ලා වැනි අය කළ එළි බැස ඇත්තේ ආණ්ඩුවේ උවමනාවන්ට අනුව ජාතිවාදයෙන් නැවත වරක් රට ගිනිබත් කර රාජපක්ෂවරුන්ට අවශ්‍ය කරන පිට්ටනිය සකස් කර දීම සඳහාය. පොලිස් ඇමති ටිරාන් අලස්ගේ ආණ්ඩුවට අවශ්‍ය ලෙස නීතිය අවභාවිතා කිරීම ඔහුගේ එකම කාර්්‍ය වී ඇති බව ඉතා පැහැදිලිය. ආගම් වලට අපහාස කිරීම සඳහා ඔවුන් උපයෝගී කර ගන්නා ඊනියා නීතිය ආණ්ඩුවට ගැතිකම් කරන දෙරන මාධ්‍යයේ අයිතිකරු වන දිලිත් ජයවීර වැනි අය වෙනුවෙන් ක්‍රියාත්මක නොවීම ගැන ඔවුන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. සිදුහත් කුමාරයා මාර ආතල් පොරක් යයි ප්‍රසිද්ධියේ වාචාල කථාවක් කිරීමට දිලිත් ජයවීරට තිබෙන අයිතිය නතාෂාට හෝ ජෙරම්ට නැත. එපමණක් නොව දළදාව ඌරු දළක් යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ආණ්ඩුවට පක්කලිකම් කරන සමන්ත භද්‍ර භික්ෂුවට ටිරාන්ගේ නීතිය අදාල නොවීමෙන් පෙන්නුම් කරන්නේ නීතිය යනු පාලකයින් අවශ්‍ය ලෙස අවභාවිතා කළ හැකි දෙයක් බවය. මේ සියලු නාට්‍ය ඔවුන් සැලසුම් සහගතව ක්‍රියාවට නගන්නේ රට මුහුණ දෙන දැවැන්ත අර්බුදය අභියස පීඩාවට පත්ව විවිධාකාර උද්ඝෝෂණ වලට එළඹෙන කම්කරු පංතිය ඇතුලු සමස්ථ පීඩිත ජනතාව නොමගයවා ආණ්ඩු විරෝධය කැලේ පැන්නවීම සඳහාය.

Related Posts

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු
Articles

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

මීගමුව හා මහර හා කුරුවිට බන්ධනාගාරවල ඇතිවූ ගැටුම් වලින් රැඳවියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය වූ අතර බන්ධනාගාර නිලධාරීන්ද ඝාතනයට ලක්විය....

by Taniya
August 13, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය
Articles

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා අනුර කුමාරගේ ආණ්ඩුව ගෙන තිබෙන තීන්දුව මේ දිනවල රට තුළ සාකච්ඡාවට භාජනයවී...

by Taniya
August 12, 2026
2026 Ratutharuwa August Issu
Ratutharuwa

2026 Ratutharuwa August Issu

by Taniya
August 12, 2026
2026 Ratutharuwa June Issu
From the Press

2026 Ratutharuwa June Issu

by Taniya
June 2, 2026
Next Post
ගොනා හැරෙන්නේ පොල් පැලය කන්නටයි

ගොනා හැරෙන්නේ පොල් පැලය කන්නටයි

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • Articles
  • Activities
  • Ratutharuwa
  • USP Statements
  • Upcoming Events
  • World News
  • Books
  • Other
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.