lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ

Taniya by Taniya
August 13, 2026
in ලිපි
0
වැඩ කරලා  ඉවර නොමැත දෙවියනේ
Share on FacebookShare on Twitter

කඳුකර දෙමළ ජනයා මෙරටට පැමිණ වසර 200ක් සපිරෙනව මේ වසරට. ඒ ගැන මේ වනවිට බොහෝ දේ ලියවී කියවී තියෙනවා. අපේ පත්තරෙත් පහු ගිය කලාප දෙකතුනකම මේ ගැන ලිපි පළවුනා. කොච්චර ලිව්වත් කිව්වත් එම ජනතාවගේ ජීවන තත්ත්වය එදා තිබුණු තත්ත්වයට වඩා වෙනස් වෙලා තියෙනවා නම් තියෙන්නෙ යන්තමින්. සූරාකෑම ගැන නිදසුනක් පෙන්නන්න කිව්වොත් පෙන්නන්න පුලුවන් හොඳම නිදසුනක් තමයි කඳුකර දෙමළ වතුකම්කරු ජනයාගේ තත්වය. ඉන්දියානු දෙමළ යන පදයෙන් මෑතක් වන තුරුම මේ ජනතාව හැඳින්වීම ඔවුන් පිටස්තරයන් ලෙස සලකමින් සූරාකෑමට ලක්කිරීමට හේතුවක් ලෙස අනියමින් යොදාගෙන තිබුණා. ඉන්න හිටින්න හරිහමන් ගෙයක් දොරක් නැති, ලිපිනයක් නැති උඩින් පාත්වුනු ජන කොටසක මට්ටමේ ඉන්න මේ ජනතාව සූරාකන්නට තමන්ට වරමක් ඇති ලෙසටයි. මේ රටේ පාලක පන්තිය හැසිරිලා තියෙන්නේ. එක අතකට වත්තෙ වැඩකිරීමෙදි සූරාකෑමට ගොදුරු වෙනවා. අනෙක් අතට සූරාකෑමට ලක්වන තැන් හෝ ක්ෂේත්‍රවල වැඩියෙන්ම යොදවාගනු ලැබුවෙත් කඳුකර දෙමළ ජනතාවයි.

ඒ නිසාම ඉහළ පෙලේ සල්ලිකාරයන්ගේ වලව්වල, මන්දිරවල බැලමෙහෙවර කම් කරන්න යොදවාගත්තෙත් කඳුකර වතුකරයේ දෙමළ ස්ත්‍රීන්. කට වචනෙට ගෙදරවල වැඩකාරකමට ගන්නව කියල කියන මේ කතුන් ඇත්තටම යොදවන්නෙ වහල් මෙහෙයකට. ඔවුන් තම හාම්පුතුන්ගෙ, ළමාතැනීලගෙ සියළු බැලමෙහෙවර, ආවතේව කරන්න ඕන. උයන්න ඕන. අතුගාන්නෙ ඕන, මල්පැලවලට වතුර දාන්න ඕන. බල්ලට සාත්තු කරන්න ඕන ආදී මේ කී නොකී සබ්බ සකලමනාවම කරන්න ඕන. ඔවුන් පණ තියෙන මිනිසුන් ගැහැනුන් වශයෙන් සැලකෙන්නෙ ඔවුන්ට යන්තම් හරි කන්න දෙන්නත් ඕන හින්ද විතරයි. නැත්නම් ඔවුන් මැෂින් වගේ වැඩ කරන්න ඕන. යන්ත්‍රයක් නම් කැඩුනොත් බොහොම පරිස්සමින් අලුත්වැඩියා කරනව. ඒත් මේ මිනිස් යන්ත්‍ර කැඩුනොත් ඒ කියන්නෙ ලෙඩක් දුකක් හැදුනොත් අනතුරකට ලක් වුනොත් බොහෝ හාම්පුතුන් අතින් කෙරෙන්නෙ යන්තම් බෙහෙත් පොඩ්ඩක් අරන් දෙනඑක එහෙම නැත්නම් ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකට ගාල් කරන එක, එහෙමත් නැත්නම් ගමට ආපහු පිටත්කර අරින එකයි. මේ සන්දර්භය තුළ අපට අඅමතක කරන්න බැරි නම් දෙකක් කියවෙනව. ඒ තමයි හිෂාලිනී සහ රාජකුමාරි. රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයගෙ ගෙදර මෙහෙකාරියක් වශයෙන් සේවයේ යොදවාගෙන සිටි 16 හැවිරිදි හිෂාලිනී ගින්නකට හසුවී මියගියා. ඇය ඩයගම ප්‍රදේශයේ වතුකම්කරු පවුලක දැරියක්. කොළඹ සුප්‍රකට ව්‍යාපාරික කාන්තාවක වූ සුදර්මා නෙත්තිකුමාරගේ නිවසේ මෙහෙකාරියක ලෙස සේවය කල බදුල්ලේ දෙමෝදර ආර්. රාජකුමාරි පහු ගිය මැයි 11දා රෝහල්ගත කළ පසු මියගියා.
මේ පුද්ගල මරණ දෙක ගෘහස්ථ මෙහෙකාර සේවය තුළදී සේවිකාවන් මුහුණදෙන තත්ත්වය කියාපාන අවස්ථා දෙකක්. විශේෂයෙන්ම මෙහෙකාරියන් දරුණු ආකාරයේ සූරාකෑමකට ලක්වනවාය කියන එක ප්‍රසිද්ධ රහසක්. ඔවුන් කළයුතු වැඩවල සීමාවක් නැහැ. ඔවුන්ට විවේකයක් කියන එකක් ඇත්තෙම නැහැ. පැය තුන හතරක් නිදාගන්නව කියන එක හැරුනු කොට ඔවුන්ගේ වහල් මෙහෙයෙහි නිමක් නැහැ. මේ ලිපියේ මාතෘකාව ලෙස යොදාගෙන ඇති මිල්ටන් පෙරේරා ගයන ගීතයේ එන ”… සැපට හැදෙයි බලු පැටියෙක් හරි සැරයි නෝනා ඌට මට වැඩියෙන් ආදරෙයි…” කියන පදපෙළේ පරිදි මේ මන්දිරවල හදන බල්ලන්ට ඒවායේ මෙහෙකාරියන්ට වැඩිය සැප ලැබෙනවා. කෑම බීමද බේත් හේත්ද ගත්තොත් එවන් ගෙදරක බල්ලෙක් වෙලා ඉපදුනා නම් වඩා හොඳයි කියල හිතෙන්න පුලුවන් ඒවායේ වැඩකරන ගෘහ සේවිකාවන්ට.
ඒ වගේම ගෘහ සේවිකාවන් ලිංගික හිංසනයන්ට ගොදුරු වීමේ දැඩි අවදානමකට මුහුණ දෙනවා. ගෘහ සේවයට ගොස් පියකු නැති දරුවකු වඩාගෙන ආපසු වත්තේ ලැයිම් කාමරයට එන ගැහැනුන් ගැන නොයෙක් විට වාර්තා වී තියෙනවා. ඒ අතරම ආපසු වත්තට එන්න නොහැකිව දරුවා දමා හෝ දරුවාත් එක්කම මෙවැනි ස්ත්‍රීන් සිය දිවි හානි කරගත් අවස්ථාත් අඩුවක් නැහැ. ගෘහ සේවිකාවන් කියන්නේ මේ මන්දිරවල හාම්පුතුන්ගේ ලිංගික මනදොල සපුරන භාණ්ඩ ගනයට තමයි පත්කරල තියෙන්නේ. එසේ තමන්ගේ ආසාවන් සපුරාගත්තට පස්සෙ ඇතැම් විට දරුවකුත් සමග ඔවුන් මහමගට ඇද දමන්න මේ සත්ගුණවත් හාම්පුතුන් පසුබට වෙන්නෙ නැහැ. මේ අයුරින් මේ ගෘහ සේවිකාවන් ලක්වන සූරාකෑම මේ රටේ වෙනත් කිසිදු ක්ෂේත්‍රයක, සේවාවක සිදු නොවන තරම් අතිමහත් බව නිසැකවම කියන්න පුලුවන්.
ඒත් අවාසනාව කියන්නෙ මේ ගෘහස්ථ සේවය මේ රටේ කිසිදු කම්කරු නීතියකින් ආවරණය නොවන එකක් වීමයි. ඒ නිසා ගෘහ සේවක/සේවිකාවන්ට කිසිදු කම්කරු නීතියකින් රැකවරණයක් ලැබෙන්නෙ නැහැ. වෙනත් ක්ෂේත්‍රවල නියුතු සේවක සේවිකාවන් භුක්ති විඳින අයිතිවාසිකම් කිසිවක් ඔවුනට නැහැ. වෙනත් අංශවල සේවකයන් නියමිත පැය ගණනක් වැඩ කොට ඊට අමතරව වැඩ කරනව නම් අතිකාල දඑ සඳහා හිමිකම් ලැබුවට ගෘහ සේවිකාවන්ට ඇතැම් විට දවසකට පැය 20ක් පමණ කිසිදු අමතර ගෙවීමකින් තොරව වැඩකරන්න සිදුවෙන්න පුලුවන්.
මේ තත්වය වෙනස් කිරීම සඳහා රට වශයෙන් මෙන්ම ලෝකය වශයෙන් ද පහු ගිය කාලය තුළ යම් යම් වැඩකටයුතු සිදුවී තියෙනවා. රට වශයෙන් ගත්තම ආණ්ඩු පාර්ශ්වයෙන් මේ සඳහා යොමුවීමක් මෙතෙක් සිදුවී නැහැ. ඒත් ගෘහ සේවිකාවන් සංවිධානය කිරීම වෙනුවෙන් කැපවී සිටින ප්‍රොටෙක්ට් චරදඑැජඑ සංගමය ගෘහ සේවය පිලිගත් රැකියා ක්ෂේත්‍රයක් බවට පත්කිරීම සඳහා විශාල වැඩ කොටසක් කරමින් ඉන්නවා. ගෘහ සේවිකාවන්ගේ වැඩ කළයුතු කාලය, විවේකය, අතිකාල සේවය, නිවාඩු, සේවය අතරතුර සිදුවන අනතුරු, සේවක අර්ථසාධනය, සේවා අවසන් ප්‍රතිලාභ වැනි කරුණු සම්බන්ධයෙන් ප්‍රොටෙක්ට් සංගමය එක අතකට ගෘහ සේවිකාවන් සංවිධානය කරමින් සහ අනෙක් අතට ප්‍රතිපත්ති සම්පාදකයන් පෙළඹීමට පත්කරමින් ඉමහත් උත්සාහයක් දරනවා ගෘහ සේවය පිලිගත් රැකියා ක්ෂේත්‍රයක් බවට පත්කිරීමට. ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල එසේ කරතිබෙන නිසා මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. අනෙක් අතට ජාත්‍යන්තර වශයෙන් පවා ගෘහ සේවය පිලිගත් සහ විධිමත් රැකියා ක්ෂේත්‍රයක් කළයුතු බවට හඳුනාගෙන තියෙනවා. ඒ අනුව ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ක්‍ 189 වශයෙන් හඳුන්වනු ලබන ජාත්‍යන්තර වශයෙන් පිලිගත් ලේඛනයක් සම්මත කරගෙන තියෙනවා 2011 වසරේදී. එම සම්මුතිය සම්මත කරන ලද ජූනි මාසයේ 16 දා ජාත්‍යන්තර සුනිසි ාැජැබඑ රැකියා දිනය වශයෙන් ප්‍රකාශයට පත්කරල තියෙනවා. ඒ අනුව වාමාංශිකයන් ප්‍රගතිශීලීන් අපේ ප්‍රමුඛ අවධානයක් යොමුවිය යුතු කාරණයක් තමයි ගෘහ සේවයට නීත්‍යානුකූල බවක් ලබාදී ගෘහ සේවක/සේවිකාවන් කම්කරු නීතියේ රැකවරණය ලබන තත්ත්වයට පත්කිරීම.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
Ratutharuwa 2023 September Issue …

Ratutharuwa 2023 September Issue ...

පොත් දෙක දොරට වැඩුම – සමාජවාදී පොත් පියස

පොත් දෙක දොරට වැඩුම - සමාජවාදී පොත් පියස

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.