lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ලංකාවේ ආර්-තිකය තවත් ප්‍රපාතයට

Taniya by Taniya
August 13, 2026
in ලිපි
0
ලංකාවේ ආර්-තිකය තවත් ප්‍රපාතයට

SRI LANKA - DECEMBER 01: Ratnapura, Sri Lanka in December, 2004 - Ratnapura, the city of gemstones. The mining is a more economical for the country. It contains the finest rubies in the world. The lunch breaks workers researcher’s gems. (Photo by Michel BARET/Gamma-Rapho via Getty Images)

Share on FacebookShare on Twitter

ලංකාවේ ආර්ථිකය 2023 වසරේදී තවදුරටත් කඩා වැටෙන බව ලෝක බැංකුව පසු ගිය 7වෙනි දින නිකුත් කර තිබෙන අලුත්ම වාර්තාවකින් ප්‍රකාශකර ඇත. ඒ අනුව 2023 වසරේ ආර්ථිකය සෘණ 4.3ක් දක්වා පහත වැටෙන බව පෙන්වාදී තිබෙන අතර දකුණු ආසියාවේ රටවල් අතරින් ආර්ථිකය සෘණ අගයක් ගනු ලබන්නේ ලංකාව පමණකි. ඉන්දියාව ආර්ථිකය 7.2කින්ද මාලදිවයිනේ ආර්ථිකය 6.6කින්ද බංගලාදේශය 5.2කින්ද, භූතානය 4.5කින්ද, නේපාලය 4.1කින් හා පාක්ස්තානය 0.4කින්ද මෙම වසරේ ආර්ථික වර්ධනයක් ලබා ගන්නා බව වැඩි දුරටත් එම වාර්තාවෙන් පෙන්වා දී ඇත. ලෝක බැංකුව තව දුරටත් සඳහන් කරන අන්දමට ආසියාවේ දුප්පත්ම රටවල් අතර 18 වන ස්ථානය ලංකාවට හිමිව තිබෙන අතර දුප්පත් කම අතින් ඉහලින්ම සිටින රට වන්නේ ඇෆ්ගනිස්ථානයයි.
2020 වසරේ ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3720ක් වූ අතර 2022 වසර අවසන් වන විට එය ඇමරිකානු ඩොලර් 3380ක් දක්වා අඩුවිය. ලෝක බැංකුව සඳහන් කරන අන්දමට 2019දී සියයට 11.3ක්ව පැවති ලංකාවේ දිළිදුකම 2022 වර්ෂය වනවිට සියයට 25 දක්වා ඉහළ ගොස් තිබේ. ජනගහනය ලක්ෂ 225ක් වන අප රටේ දුප්පත්කම ලක්ෂ 55 දක්වා වර්ධනය වී තිබෙන බව මෙම සංඛ්‍යා ලේඛණ වලින් ප්‍රදර්ශණය වන අතර ලංකාවේ සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව ලංකාවේ දුප්පත් පවුල් සංඛ්‍යාව 14.98.649ක් වේ. රනිල් ඇතුලු මැති ඇමතිවරු කයිවාරු ගැසුවද 2021 වසරේදී ඇමරිකානු ඩොලර් 88.5ක්වු දළ දේශීය නිෂ්පාදනය 2022 වසර වන විට ඩොලර් බිලියන 77.1ක් දක්වා බිලියන 11.4කින් කඩා වැටී ඇත. 2020ට පෙර ලංකාව පැවතියේ මැදි ආදායම් ලබන රටක් වශයෙන් වූ අතර ගෝඨාභය රාජපක්ෂ පාලන කාලය තුළ ලංකාව පහළ ආදායම් ලබන රටක් බවට ප්‍රකාශයට පත්විය.

ඉහලම ආදායම ලබන ධනවත් පවුල් විසින් සියයට 20ක් හෙවත් රටේ සමස්ථ ආදායමෙන් එනම් දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 51.3ක් අනුභව කරති. එම සියයට 20ට අයත් පවුල් සංඛ්‍යාව ලක්ෂ 11කි. එහෙත් ලංකාවේ දුප්පත්ම පවුල් සියයට 20ක් හෙවත් පවුල් 11ට භුක්ති විදීමට ලැබෙන්නේ සමස්ථ ආදායමෙන් සියයට 4.6ක් පමණය. එසේම මහ බැංකුව ප්‍රකාශ කර තිබෙන අන්දමට ලංකාවේ දේශීය ණය ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 15ක් හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 47කි. රටේ මුලු විදේශ ණය ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 12.5ක් වේ.

මේ අතර තේරුම් ගත යුතු වැදගත් කාරනයක් වන්නේ මෙම දිනවල ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම ගැන තබන බලාපොරොත්තු ඉතාම තාවකාලික සංසිද්ධියක් බවය. මේ අතර ආනයන සීමාවන තවදුරටත් බලපවත්වන පසුබිමක හා ප්‍රාග්ධනය රටින් බැහැරට ගලායාමට සීමාවන් තිබෙන තත්වයක් මත පමණක් නොව එසේම අප විසින් ගෙවිය යුතු විදේශ ණය නොගෙවන පසුබිමක රුපියල තාවකාලිකව ශක්තිමත් වීමක් පෙන්නුම් කර තිබෙන බව තේරුම් ගත් යුතුය. ඒ අනුව ඉදිරි කාලයේදී ආනයන සීමා ලිහිල් කිරීම හා විදේශ ණය ගෙවීම ආරම්භ කිරීම සමග රුපියල අනිවාර්්‍යයෙන්ම අවප්‍රමාණය වනු ඇත. බ්ලුම්බර්ග් :ඊකමපඉැරට* ආයතනය මෑතදී පුරෝකතනය කළ අන්දමට මේ අවුරුද්ද අවසාන භාගය වන විට ඩොලරයේ අගය නැවත රුපියල් 350ක් පමණ දක්වා ඉහල යා හැකිය.

මෙම පසුබිම තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල :ෂඵත්‍* සමග ලංකාවේ ආණ්ඩුව ඇති කරගෙන තිබෙන ගිවිසුම අනුව දෙවැනි ණය වාරිකය ලබා ගැනීම සඳහා එම එකඟතා වලින් සියයට 71ක් සැප්තැම්බර් මාසය වන විට අවසන් කළ යුතුය. එසේ වුවද ජුනි මස ආරම්භ වන විට එම එකඟතා වලින් පූර්ණකර ඇත්තේ සියයට 29ක් පමණක් බව වෙරිටේ රිසර්ච් ආර්ථික පර්යේෂණායතනය පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොබොදා සිදු කල ප්‍රංශ සංචාරයෙන් පසු ලංකාවේ බැංකු පද්ධතිය දින 5ක් වසා තබා දේශීය ණය ප්‍රතිව්‍යුහය ගත කරනය කිරීමට හදීසියේ පියවර ගැනීම තුලින් මූල්‍ය අර්බුදය තවත් උග්‍ර කිරීමට හේතු විය හැකිය. ෂඵත්‍ සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම වසර හතරක් තුළ ක්‍රියාත්මක වන අතර එළඹෙන සැප්තැම්බර් මස සිදු කිරීමට නියමිතව ඇත්තේ එහි පළමු සමාලෝචනයයි. ඒ අනුව බලන කළ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට බලපාන ප්‍රධාන කරුණු කීපයක් මෙහිලා සඳහන් කළ හැකිය. පළමු කාරණය රට ඇතුලත ආදායම වැඩි කර ගැනීමට ආණ්ඩුව අපොහොසත් වීමය. දෙවැනි කාරණය නොනවත්වා තව දුරටත් ණය ගැනීම් වල නිරතවීමයි. තුන්වන කාරණය වන්නේ රජයේ ආදායම් හා වියදම් අතර පරතරය අවම කර ගැනීමට ආණ්ඩුවට නොහැකි වීමය. හතර වැනි කාරණය වන්නේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ආරක්ෂා කර ගනිමින් යහපත් ආණ්ඩු පාලනයක් පවත්වා ගැනීමට අපොහොසත් වීමය.

මේ අනුව ඉදිරි මාස 3ක කාලය රනිල් – රාජපක්ෂ ආණ්ඩුවට ඉතාමත් තීරණාත්මක කාලයක් වනු ඇත. ඊට හේතුව වන්නේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සමග දේශීය සහ විදේශීය වශයෙන්ද බරපතල අභියෝගයන්ට මුහුණ දීමට සිදුවීමය. මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම් ප්‍රකාරව ලංකාවේ ආණ්ඩුව විදේශීය ද්විපාර්ශික ණය හිමියන් සමග මෙන්ම රට තුළ වාණිජ ණය හිමියන් සමගද එකඟතාවයකට පැමිණිය යුතුව ඇත. රජය ණය ලබා ගන්නා බැංකු නොවන ප්‍රධාන මූලයක් වන්නේ සේවක අර්ථසාදක :ෑඡත්‍* අරමුදල වේ. පුද්ගලික අංශයේ සේවය කරන කම්කරුවන් විශ්‍රාම යන විට ඔවුන්ගේ පීවිතයේ සැදෑ සමය ගත කිරීමට තිබෙන එකම බලාපොරොත්තුව ලේ, ඩහදිය වගුරා තමන් උපයා ගත් අර්ථසාධකය පමණි. මෙතුවක් කල් රට පාලනය කළ සියලු ආණ්ඩු අඩු වැඩි වශයෙන් අර්ථසාදක අරමුදල අවභාවිතා කර ඇති බව නොරහසකි. අර්ථසාදක අරමුදල බැඳුම් කර වෙළද පොලේ හා කොටස් වෙළද පොලේ අවභාවිතා කිරීමෙන් එකී කම්කරුවන්ගේ අරමුදලට ඇතිවී තිබෙන අලාභය රුපියල් බිලියන 24.000ක් බව අනාවරණය වී ඇත. අර්ථසාධකය ආණ්ඩුවල උවමනාවන් සඳහා අනීතික ලෙස අවභාවිතා කර තිබෙන බව රජයේ විගණකාධිපතිවරයාගේ ඉදිරිපත් කළ වාර්තාවෙන් ඉතා පැහැදිලිව අනාවරණය කර ඇත. මෙම පසුබිම තුළ ආණ්ඩුව අර්ථසාධකයෙන් ලබා ගෙන තිබෙන ණය කපා හැරිය හොත් කම්කරුවන් හට අයත් පොලිය නොමැතිව දායක මුදල පමණක් ලැබීමට බොහෝ ඉඩකඩ ඇත. රනිල් – රාජපක්ෂ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම මුදල් මංකොල්ලයට එරෙහිව සමස්ථ වැඩ කරන ජනතාව ඒකාබද්ධ උද්ඝෝෂණයකට නොපමාව පියවර ගත යුතුය. එපමණක් නොව දේශීය වාණිජ බැංකු වලින් ආණ්ඩුව ලබා ගෙන තිබෙන ණය ප්‍රතිව්‍යුහකරණය කළහොත් එනම් ණය කපා හැරීම කළහොත් එමගින් බැංකු පද්ධතියේ ස්ථාවරත්වයට ප්‍රබල බලපෑමක් ඇති කළ හැකි බව බැංකු කරුවන්ගේ සංගමයේ ස්ථාවරය වී ඇත. මෙම උගතෝටික ප්‍රශ්ණයට උත්තරයක් සැපයීමට නොහැකි තත්වයට රනිල්ගේ ආණ්ඩුව බංකොලොත් වී ඇති බව පෙනෙන්නට ඇත.

ලංකාවේ ධනපති ආණ්ඩුව රට පාලනය කරන අසංවිධිත ක්‍රියාදාමය ගැන හොද පිළිඹුබුවක් රජයේ ආදායම හා වියදම් අතර තිබෙන අති විශාල පරතරය තුළින් පෙන්නුම් කරනු ලබයි. 2022 වසරේ රජයේ මු`ඵ ආදායම රුපියල් බිලියන 2021කි. එය එසේ වුවද රජයේ වියදම රුපියල් බිලියන 4472කි. ඒ අනුව පෙනී යන්නේ ආදායමට වඩා වියදම දෙගුණයකටත් වඩා වැඩි බවය. එපමණක් නොව ආර්ථික අර්බුදය හමුවේ ලංකාවට ලැබෙන නිමි ඇඳුම් පහල යෑම නිසා ඇඟලුම් කම්හල් සීඝ්‍රයෙන් වැසී යන අතර එම ආයතන වල සේවය කල විශාල සංඛ්‍යාවක් කම්කරුවන්ට රැකියාව අහිමි වී ඇත. ඉදිකිරීම් කර්මාන්තයද බරපතල අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතර සු`ඵ හා මධ්‍යම පරිමාණ වි්‍යුසායන් සෑහෙන ප්‍රමාණයක් පවත්වාගෙන යෑමට අමුද්‍රව්‍ය නොමැති කමින් අත්හැර දමා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා – පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මැයි මස මුලදී පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ඇමරිකන් ඩොලර් 3 ණය මුදල අනුමත කිරීමට පෙර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනය ලංකා ආණ්ඩුව විසින් සම්පූර්ණ කර ගත යුතු බවය. මෙම තත්වය පෙන්නුම් කරන්නේ රනිල් වික්‍රමසිංහ නිතර ප්‍රකාශ කරන අයුරින් ඊැරඑදකඑ ඊරුජයඑ ගේ ඔයැ ක්‍්මජ්ිස්බ ක්‍ය්කන ක්‍සරජකැ අනුසාරයෙන් සකස් වුනු හුණු වටයේ කථාවේ ගෲෂා සත් භාවයෙන් යුතුව දරුවා බේරා ගැනීමට වැල් පාලමෙන් ගොඩ වූ ආකාරයට රනිල්ට නම් වැල් පාලමෙන් එගොඩ වීමට තිබෙන අවකාශය ඉතාම පටු සීමාවකට ඇද වැටී ඇති බවය.

ඉදිරි මාස කීපය ධනපති ආණ්ඩුවට මෙන්ම කම්කරු පංතියටද උදාවන්නේ තීරණාත්මක කාල පරිච්ඡේදයකි. රනිල් – රාජපක්ෂ ආණ්ඩුව නැගී එන ආණ්ඩු විරෝධය වැලැක්වීමට සඳහා මර්දන නීතිරීති එක පිට එක ගෙන ඒමට කටයුතු කරමින් සිටී. ත්‍රස්ත විරෝධී පනත, ජන මාධ්‍ය නියාමන පනත, මැතිවරණ පැවැත්වීමේ පනත, කෘෂි කාර්මික ඉඩම් නීතිය වෙනස් කිරීමේ පනත, කම්කරු අයිතීන් හකුලා දැමීමට ගෙන එන කම්කරු නීති සංශෝධන පනත මේ අතර ප්‍රධාන වේ. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මතු වූ විරෝධය හමුවේ ප්‍රතිත්‍රස්ත පනත තාවකාලිකව හෝ අකුලා ගැනීමට ආණ්ඩුවට සිදුවිය. දැන් විකාශන නියාමන පනතක් ගෙන ඒම සඳහා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇත. මෙය ඉතුරු වී තිබෙන ධනපති ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කර දැමීම සඳහා ගනු ලබන පියවරකි. ආණ්ඩුවට කැමති පරිදි ඕනෑම දෙයක් නිර්වචනය කර ඊට එරෙහි බරපතල තීරණ ගැනීමේ හැකියාව මෙහි අන්තර්ගතයයි. නිදර්ශණයක් ලෙස ගත හොත් ජාතික ආරක්ෂාවට, මහජන සාමයට සහ ජාතික ආර්ථිකයට හානියක් වන අන්දමේ ප්‍රවෘත්ති ප්‍රකාශයට පත් කළහොත් මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම, මාධ්‍ය බල පත්‍රය අවලංගු කිරීම හෝ තාවකාලිකව අත්හිටුවීමට හා ඊට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමට බලය අලුතින් පත් කරන කොමිටිය වෙත ලබාගෙන ඇත. මෙවැනි විසකුරු අන පනත් පරාජය කිරීමට හා ඉසිලිය නොහැකි ජීවන වියදමට එරෙහිව ඊට සරිලන වැටුප් වැඩි කීරිම යන ඉල්ලීම් ජයග්‍රහණය කිරීමට වෘත්තිය සමිති ව්‍යාපාරය වහාම එක්සත් ක්‍රියාමාර්ගයකට එළඹිය යුතුය. එසේම යෝජිත පළාත් පාලන ඡන්දය බලහත්කාරයෙන් කල් දැමීමට එරෙහිව සියලු ආණ්ඩු විරෝධී දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වහාම පොදු සටන් ක්‍රියාවක් සඳහා පෙරමුණ ගත යුතුය. එහෙත් අවාසනාවකට මෙන් සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය හා අනුර කුමාර දිසානායකගේ ජාතික ජනබලවේගය වැනි ප්‍රධාන දේශපාලන පක්ෂ වලින් එවැනි පියවරක් ගැනීම සඳහා කිසිදු සූදානමක් පෙන්නුම් නොකරයි. මෙම පරිසරය තුළ කම්කරු පංතිය ආරම්භක පියවරක් වශයෙන් එක් දින සංඛේත වැඩවර්ජනයක් සඳහා පෙරමුණ ගැනීම තව දුරටත් ප්‍රමාධ කළ නොහැකිය.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
No Capitalism without Racism – Malcolm X –  ජාතිවාදයෙන් තොර ධනවාදයක් නැත – මැල්කම් X –

No Capitalism without Racism – Malcolm X – ජාතිවාදයෙන් තොර ධනවාදයක් නැත - මැල්කම් X -

ගොනා හැරෙන්නේ පොල් පැලය කන්නටයි

ගොනා හැරෙන්නේ පොල් පැලය කන්නටයි

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.