lankasocialist
Thursday, August 13, 2026
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ණය උගුල හා රනිල්ගේ සෙප්පඩ විජ්ජා දේශපාලනය

New Admin by New Admin
October 31, 2022
in Articles
0
Share on FacebookShare on Twitter

ණය උගුල හා රනිල්ගේ සෙප්පඩ විජ්ජා දේශපාලනය

රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති විසින් මේ දින වල අනුගමනය කරන ක්‍රියාදාමය තුළින් ඔහු රටට පෙන්වා දෙන්නේ තමන් වික්‍රමසිංහ නොව රනිල් රාජපක්‍ෂ යන නමට අනුව කටයුතු කරන බවයි. මෙය තහවුරු කරමින් නාමල් රාජපක්‍ෂ “පොඩි මයිනා” පසු ගියදා ප්‍රකාශ කලේ රනිල් දැන් බටහිර බලපෑමෙන් ඉවත්ව පොහොට්ටුවේ දේශපාලන මතවාදය පිළිගන්නා බවය. රනිල් ආරක්‍ෂා කිරීමට කටයුතු කරන වික්‍රමබාහු වැනි ඊනියා වාමාංශිකයින් හා රාජ්‍ය නොවන සංවිධාන රනිල් පසු පස බඩගාමින් ඉල්ලා සිටින්නේ රනිල් මහින්ද රාජපක්‍ෂ භූමිකාවෙන් ඉවත්ව පැරණි රනිල් වික්‍රමසිංහ භූමිකාවට පැමිනෙන ලෙසය. වාමාංශික සලු පිළි ගලවා දමා දක්‍ෂිණාංශික දේශපාලනය වැළඳ ගෙන සිටින පාරාජිකාවූ මෙම අවස්ථාවාදීන්ට නොතේරෙන්නේ රනිල් විසින් රාජපක්‍ෂ මාවතේ බොහෝ දුර මේ වන විටත් ගමන් කර ඇති බවය. රාජපක්‍ෂ වරුන් අසමත් වූ අධිරාජ්‍යවාදීන් ඉල්ලා සිටින ජනතා ද්‍රෝහී වැඩ පිළිවෙල ක්‍රියාවට දැමීමට රනිල් අත ගසා ඇත. ඉතිහාසයේ ද්‍රෝහීම වැඩ කොටස ඉටු කර ගැනීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවේග රනිල්ට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් සිටී.

ණය උගුල හා චීන සාධකය

මේ අතර රනිල් රාජපක්‍ෂ ආර්ථික අර්බුදය විසදා ගැනීම සඳහා අවසානයක් නොදකින සාකච්ඡා වටයක හිරවී ඇති අතර ඔහු සාමාන්‍ය ජනතාව මත අධික ලෙස බදු බර පැටවීමට කටයුතු කරමින් සිටී. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ෂඵත්‍) කොන්දේසි වලට අනුව රටකට ණය ගෙවා ගැනීමේ හැකියාව යනු ගිවිසගත් පරිදි අතිරේඛ මුල්‍යයම ආධාරයක් නොමැතිව නියමිත පරිදි ණය හා පොලී මුදල් ගෙවීමට හැකියාව තිබිය යුතුය. එසේ වුවත් අප රටේ තත්වය නම් මුලික ණය ගෙවා ගැනීමට නොහැකි වනවා සේම පොලිය ගෙවා ගැනීමටත් නොහැකි තත්වයකට රට ඇද වැටීමටය. රට මුහුණ දෙන ණය අර්බුදයට පිළියමක් ලෙස ආණ්ඩුව විසින් ඉල්ලා සිටින ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ථ ක්‍රියා වලියම කඩා වැටීමේ අනතුරක් රට ඉදිරියේ පවතී. එමම ගැටලුකාරී තත්වය මතුවීමට මුලික හේතුව වන්නේ අප රට විසින් ගෙවීමට තිබෙන යෝජිත ණය වලින් සියයට 52ක්ම චීනයට අයත් වීම නිසාය. එම ණය මුදල් ඩොලර් බිලියන 7.3ක් වන අතර ප්‍රතිව්‍යුහගත කිරීමට අයත් අනෙක් ණය වලින් සියයට 12ක් අයත් වන්නේ ඉන්දියාවටය. ඉන්දියාවට ගෙවීමට තිබෙන එම මුදල ඩොලර් බිලියන 1.7කි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලංකාවෙන් ඉදිරිපත් කරන ඉල්ලීම වනුයේ මූලික ණය මුදලෙන් සියයට 30ක් හෝ 40ක් කපා හැරීම සඳහා කෙරෙන ඉල්ලීමයි. රටේ ප්‍රධාන ණය හිමියා වන චීනය මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවර මේ දක්වා ප්‍රකාශයට පත් කර නැත. වෙනත් ආකාරයෙන් පැහැදිලි කරන්නේ නම් චීනය මුලු ණය මුදලෙන් කොටසක් කපා හැරීමට එකඟ වන බව පෙන්වා නැත. පසුගිය සැප්තැම්බර් මස ඉක්වදෝරයේ ණය සම්බන්දයෙන් චීනය ප්‍රකාශයට පත් කළේ ණය මුදල් කපා හැරීමට ඉඩ දිය නොහැකි බව හා ණය ගෙවීමට තිබෙන කාලය දීර්‍ග කිරීමට පමණක් තමන් එකඟ බවය. ඉක්වදෝරය විසින් ගෙවීමට තිබෙන ණය සම්බන්ධයෙන් චීනය විසින් ගනු ලැබු මෙම ස්ථාවරයම ලංකාව වෙනුවෙන් ගත හොත් රට තවත් දැවැන්ත අර්බුදයකට ඇද වැටෙනු ඇත. චීනය විසින් ලංකාව සම්බන්ධව ඉදිරියේදී ගැනීමට නියමිත මෙම ස්ථාවරය තීන්දු වනු ලබන්නේ චීනය හා ලංකාව අතර පවතින විදේශ සම්බන්ධතා වල තත්වය මත විය හැකිය. චීනය විසින් අප්‍රිකානු හා දකුණු ඇමරිකානු රටවල් වලට හා ආසියාතික රට වලට ණය ලබා දී ඇත. එසේ වුවද චීනය මෙලෙස ණය ලබා දී තිබෙන කිසිදු රටකට ණය කපා හැරීමේ තීන්දුවක් හෝ සහනයක් දී නොමැති බවද තේරුම් ගත යුතුය.
චීනය ණය ලබා දී තිබෙන රටවල් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාදාමය වනුයේ එම රටවල් සඳහා අලුත් ණය මුදලක් ලබා දී එම ණය මුදලින් පැරණි ණය වලින් කොටසක් ආපසු චීනයට ගෙවා දැමීමට කටයුතු කිරීමයි. මෙම පියවර හරහා සිදුවන්නේ අපට ගෙවීමට තිබෙන ණය ප්‍රමාණය මත තවත් අලුත් ණයක් එකතු වී ගොඩ ඒමට නොහැකි ණය කරුවෙකු බවට පත්වීමය. චීනය මෙලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තීරණාත්මක සාධකය පාවිච්චි කරන්නේ ඔවුන්ගේ කලාපීය දේශපාලන උවමනාවන් ඉෂ්ට කර ගැනීමේ චේතනාවෙනි. ලංකාව මුහුණ දෙන භූ දේශපාලනික ගැටලුවේ එක් පාර්ශවයක් චීනය වන අතර අනෙක් පාර්ශවය වන්නේ ඇමරිකාව, ජපානය ප්‍රමුඛ බටහිර රටවල්ය. අතර මැද ඉන්නා බව අසල් වැසි ඉන්දියාව පෙන්නුම් කළද ඉන්දියාව වඩා සමීප වන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර කලාපයටය. රනිල් රාජපක්ෂ හිරවී සිටින්නේ මෙම මාරාන්තික උගුලේය. මෙම උගුලෙන් බේරීම සඳහා රනිල්ගේ කපටි වැඩ පිළිවෙලට හැකියාවක් තිබෙන බව මේ වන විට පෙන්නුම් කර නොමැත. එසේ වුවහොත් ඩොලර් 2.9 යේ (ෂඵත්‍) සහන පැකේජය පවා ලබා ගැනීමට නොහැකි තත්වයක් උදා විය හැකිය. එම පසුබිම තුළ බැරෑරුම් ප්‍රථිපල වලට රටට මුහුණ දීමට සිදුවිය හැකි වන අතර ආහාර, ඉන්ධන, ඔෘෂධ හා ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගත නොහැකි පරිසරයක් නිර්මාණය විය හැකිය.

 

Tags: ණය උගුල හා රනිල්ගේ සෙප්පඩ විජ්ජා දේශපාලනය

Related Posts

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු
Articles

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

මීගමුව හා මහර හා කුරුවිට බන්ධනාගාරවල ඇතිවූ ගැටුම් වලින් රැඳවියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය වූ අතර බන්ධනාගාර නිලධාරීන්ද ඝාතනයට ලක්විය....

by Taniya
August 13, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය
Articles

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා අනුර කුමාරගේ ආණ්ඩුව ගෙන තිබෙන තීන්දුව මේ දිනවල රට තුළ සාකච්ඡාවට භාජනයවී...

by Taniya
August 12, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්
Articles

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

කම්කරු පන්තියේ කාන්තාවන්ගේ පීඩනය ජය ගැනීම සඳහා වැඩ පිළිවෙලක් ලොව පුරා සිටින කාන්තාවන් විවිධ ආකාරවලින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු...

by Taniya
August 12, 2026
ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.
Articles

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.

ජාතික ජන බලවේගය බලයට පත්වූයේ දැවැන්ත පොරොන්දු තොගයක් සමග බව අපි කවුරුත් දනිමු. ”‍පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ ප්‍රකාශනයේ අන්තර්ගත...

by Taniya
February 3, 2026
Next Post

රනිල්ගේ බදු යෝජනාවෙන් ජනතාව නොමරා මරයි

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • Articles
  • Activities
  • Ratutharuwa
  • USP Statements
  • Upcoming Events
  • World News
  • Books
  • Other
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.