lankasocialist
Thursday, August 13, 2026
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

රනිල්ගේ බදු යෝජනාවෙන් ජනතාව නොමරා මරයි

New Admin by New Admin
November 1, 2022
in Articles
0
Share on FacebookShare on Twitter

රනිල්ගේ බදු යෝජනාවෙන් ජනතාව නොමරා මරයි

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් රාජපක්‍ෂගේ අලුත්ම අඩව්ව වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ඉදිරිපත් කර තිබෙන ණය ලබා ගැනීමේ කොන්දේසි ඉටු කිරීම සඳහා අඩු ආදායම් ලාභී පීඩිත ජනතාවගේ බොටුව හිර කිරීමටය. තෝරු – මෝරු වැනි විශාල ව්‍යාපාරිකයින්, කැසිනෝකාරයින් රක්‍ෂණ සමාගම් අයිතිකරුවන් හා වෘතිකයින් විසින් ගෙවිය යුතු මහා පරිමාණ බදු නොගෙවා සිටින පසු බිම තුළ රුපියල් ලක්‍ෂයක් උපයන ජීවිතය අමාරුවෙන් ගැට ගසා ගන්නා සාමාන්‍ය ජනතාවගෙන් සෘජු බදු අය කිරීමට ගෙන තිබෙන තීන්දුව පරාජය කිරීමට ජනතාව පෙළ ගැසිය යුතුය.

මේ අතර තේරුම් ගත යුතු වන්නේ කොළඹ වරාය නගර සංවර්ධන පනත යටතේ පිහිටුවා තිබෙන සමාගම් වලින් ආණ්ඩුව බදු අය කිරීම කරනු ලබන්නේ තව අවුරුදු 40ක් ගෙවීමෙන් පසුවය. එසේම උපාය මාර්ගික සංවර්ධන පනත යටතේ පිහිටුවන සමාගම් වලට අවුරුදු 25ක බදු විරාම කාලයක් ආණ්ඩුව විසින් ලබා දී ඇත. මෙලෙස මහා පරිමාණ ව්‍යවසායකයින්ට ආණ්ඩුවෙන් බදු සහන ලබා දී තිබෙන අතර කම්කරු පංතිය ඇතුලු සාමාන්‍ය ජනතාවගේ ලේ උරා බීම සඳහා අලුත් බදු ක්‍රමය හඳුන්වා දී ඇත. උදාහරණයක් වශයෙන් දෛනික පොල් කඩන කම්කරුවෙකු සාමාන්‍යයෙන් දිනකට රු.3000/= ක් පමණ මුදලක් උපයති. එසේම බඩු පැටවීම හා බෑම සිදු කරන ඉතා දුඛ්ඛිත ජීවිතයක් ගත කරන නාටාහාමි වරයෙක් පවා දිනකට රු 3000/= ක පමණ මුදලක් උපයති. රනිල්ගේ මෙම අලුත් බදු යෝජනාව අනුව පොල් කඩන කම්කරුවාගේ සිට නාටාහාමි දක්වා බදු ගෙවිය යුතුය.

රාජ්‍ය ආදායම හා වියදම අතර පියවා ගත නොහැකි විශාල පරතරයක් තිබෙන බව සැබෑවක් වන අතර ඊට වග කියයුත්තේ රනිල් ඇතුලු රට කාබාසිනියා කළ ධනපති පාලක හැත්තය. 2021 වසරේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1457ක් වන අතර රාජ්‍ය වියදම රුපියල් බිලියන 3537කි. මෙම මුදල් වලින් අතිවිශාල මුදලක්ක වැය වන්නේ හමුදාව නඩත්තු කිරීම සඳහාය. යුද්ධය අවසන් වී වසර 13ක් ගතව ඇතත් අයවැයෙන් විශාල පංගුව වෙන් කර තිබෙන්නේ හමුදාව නඩත්තු කිරීමටය. හමුදා වියදම අඩකට වැඩියෙන් කප්පාදු කිරීමට රනිල් පියවර නොගත්තේ ඇයි. ඒ පමණක් නොව මෙතරම් විශාල ආර්ථික අර්බුදයක් තිබෙන පසුබිම තුල විශාල ඇමති මණ්ඩලයක් හා රාජ්‍ය ඇමතිවරු වෙනුවෙන් විශාල මුදලක් කාබාසිනියා කරන්නේ ඇයිද යන්න ජනතාව ප්‍රශ්ණ කළ යුතුය. ඉතා අමාරුවෙන් ජීවිකාව ගෙන යන කම්කරු පංතිය ඇතුලු පීඩිත ජනතාව විසින් පරිප්පු ඇටයේ සිට සබන් කෑල්ල හා ගිනිපෙට්ටිය දක්වා වක්‍ර බදු ගෙවීම සිදු කරන පසුබිම තුල ඔවුන් පිට තවත් සෘජු බදු අය කිරීමට රනිල් විසින් ගෙන තිබෙන පියවරට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුතු බව රතු තරුව අවධාරණය කර සිටී.

Tags: රනිල්ගේ බදු යෝජනාවෙන් ජනතාව නොමරා මරයි

Related Posts

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු
Articles

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

මීගමුව හා මහර හා කුරුවිට බන්ධනාගාරවල ඇතිවූ ගැටුම් වලින් රැඳවියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය වූ අතර බන්ධනාගාර නිලධාරීන්ද ඝාතනයට ලක්විය....

by Taniya
August 13, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය
Articles

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා අනුර කුමාරගේ ආණ්ඩුව ගෙන තිබෙන තීන්දුව මේ දිනවල රට තුළ සාකච්ඡාවට භාජනයවී...

by Taniya
August 12, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්
Articles

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

කම්කරු පන්තියේ කාන්තාවන්ගේ පීඩනය ජය ගැනීම සඳහා වැඩ පිළිවෙලක් ලොව පුරා සිටින කාන්තාවන් විවිධ ආකාරවලින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු...

by Taniya
August 12, 2026
ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.
Articles

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.

ජාතික ජන බලවේගය බලයට පත්වූයේ දැවැන්ත පොරොන්දු තොගයක් සමග බව අපි කවුරුත් දනිමු. ”‍පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ ප්‍රකාශනයේ අන්තර්ගත...

by Taniya
February 3, 2026
Next Post
IMF

IMF

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • Articles
  • Activities
  • Ratutharuwa
  • USP Statements
  • Upcoming Events
  • World News
  • Books
  • Other
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.