lankasocialist
Thursday, August 13, 2026
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ආණ්ඩුවේ මර්දන සූදානමට එරෙහිව පන්තියේ සටන් ශක්තිය ගොනුකරමු

New Admin by New Admin
November 11, 2021
in From the Press
0
Share on FacebookShare on Twitter

ජනාධිපති නන්දසේන ගෝඨාභය විසින් අගෝස්තු මාසය අවසානයේදී සහ සැප්තැම්බර් මාසය ආරම්භයේ පනවන ලද හදිසි අවස්ථා නියෝග නැවත ගැසට් නොකිරීම නිසා අහෝසි වී ගොස් ඇත. එම හදිසි නීති රෙගුලාසි මගින් අපේක්ෂා කරන ලද්දේ ජන ජීවිතයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව සැපයීම සහ ඒවායේ උපරිම මිල ගණන් ඉක්මවා අලෙවි කිරීම පාලනය කිරීමත්‍ ය. ඒ සඳහා අත්‍යවශ්‍ය සේවා පිළිබඳ කොමසාරිස් ජෙනරාල්වරයකුද පත්කරන ලදී. කෙසේවෙතත් හදිසි නීති රෙගුලාසි මගින් අපේක්ෂා කරන ලද ඒ කිසිවක් ඉටු කරගැනීමට නොහැකි වීමෙන් එක අතකට හදිසි නීතියත් අනෙක් අතට ජනාධිපතිවරයාත් ලෝකය ඉදිරියේ බලුවී ඇත.

හදිසි නීතිය පනවනුයේ මහජන ආරක්ෂක ආඥාපනත ක්‍රියාත්මක කිරීමෙනි. රටේ වෙනත් ආකාරයක හදිසි තත්වයක් උද්ගතව නැති අවස්ථාවක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම මුල්කරගෙන හදිසි නීතිය ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙයයි. මෙවර හදිසි නීතිය සමග අත්‍යවශ්‍ය මහජන සේවා පනතද ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව ජනජීවිතයට බලපාන අත්‍යවශ්‍ය සේවාවන් වශයෙන් හඳුනාගත් සේවාවන් කීපයක එම සේවාවන් පවත්වාගෙන යාමට බාධාවන ආකාරයේ කිසිදු ක්‍රියාවක් කිරීම දඬුවම් ලැබිය වරදක් බවට පනවා ඇත. මේ අනුව එම සේවාවන්හි වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා අරගල කිරීමද තහනම් වේ. එවැනි ක්‍රියා කරන අය අත් අඩංගුවට ගැනීමටල හිරගත කිරීමටල දේපළ රාජසන්තක කිරීමට පවා හැකිවන අයුරින් රෙගුලාසි පනවා ඇත.

ගෝඨාභය ජනාධිපතිවරයා අත්‍යවශ්‍ය මහජන සේවා පනත ක්‍රියාත්මක කළේ මීට මාස පහකට පමණ පෙරය. ඒ කොරෝනා උවදුර මර්දනය කිරීම සඳහා අවශ්‍ය ඇතැම් ක්‍රියාමාර්ග සම්බන්ධ ආණ්ඩුවේ පිලිවෙත්වලට විරෝධය පළ කිරීම පිණිස ග්‍රාම නිලධාරීන් වැඩ වර්ජනයකට සූදානම් වූ අවස්ථාවේදීය. එම අවස්ථාවේදී සමස්ත රාජ්‍ය පරිපාලන සේවයම අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත්කරන ලදී. එමෙන්ම සෞඛ්‍යය හා ඒ හා බැඳුනු තවත් සේවාවන් කීපයක්ද අත්‍යවශ්‍ය සේවාවන් වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී. කෙසේවෙතත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවක අරගල මර්දනය කිරීමට මේ රෙගුලාසිවලට හැකි නොවීයග සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනවල නියැලුනා පමණක් නොව ඒ ඔස්සේ තමන්ගේ ඉල්ලීම් යම් පමණකට දිනා ගැනීමටද සමත් වූහ.

පසුගිය මාස කීපය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොව තවත් අංශ ගණනාවකම කම්කරු අරගල උද්ගත විය. එම කිසිදු අවස්ථාවක අත්‍යවශ්‍ය සේවා නියෝග උපයෝගී කරගැනීමට ආණ්ඩුව ක්‍රියා කළේ නැත. එසේ නොකළේ වැඩකරන ජනයා කෙරෙහි ඇති ආදරයකින් නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් සහ අසමසම විධායක බලයක් තිබුණද ආණ්ඩුව මේ මොහොතේ සිටින්නේ දුර්වල අඩියක බව සැඟවිය නොහැකිය. අන් කාටත් වඩා ආණ්ඩුව ඒ බව දනීග නොඑසේනම් ජොන්ස්ටන් ඇමතිවරයා කී ආකාරයට කාක්කෙක් මරා තට්ටක් එල්ලීමට ගෝඨාභය ජනාධිපතිවරයා මෙතරම් කල් බලන්නේ නැත.

එසේවුවද මේ හදිසි නීතිය පැනවීමෙන් සහ අත්‍යවශ්‍ය මහජන සේවා පනත ක්‍රියාත්මක කිරීම මගින් ආණ්ඩුව මේ රටේ ජනතාවට විශේෂයෙන්ම වැඩකරන ජනතාවට දුන් පණිවිඩය සුළුවෙන් තැකිය නොහැකිය. ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් මේ අවස්ථාවේ මේ නීති ක්‍රියාවට නංවා ඇත්තේ නිකම් බලාසිටින්නට නොවේග රජය මේ ඔස්සේ ජනතාවට දෙන පණිවිඩය අඳුනාගැනීමට අටුවා ටීකා අවශ්‍යද නැත. මර්දනය සඳහා රජය ඕනෑම අවස්ථාවක සූදානම් බව සහ ඒ සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදනද කල් ඇතිවම සූදානම් කර ඇති බව මෙයින් දෙන පණිවිඩයයි. ප්‍රශ්නය වන්නේ කම්කරු පන්ති ව්‍යාපාරය පැත්තෙන් මේ අනතුර හරියාකාරව හඳුනාගෙන ඇතිද යන්නයි.

මෑත කාලයේදී වෘත්තීය සටන් ගණනාවක්ම ඇතිවූ නමුත් ආණ්ඩුව මේ මර්දන නීති රෙගුලාසි පාවිච්චි කිරීමට යොමු වූයේ නැත. අවදානම් දීමනාව අත්හිටුවීමට එරෙහිව සෞඛ්‍ය සේවකයන් දිගින් දිගටම සටන් කරමින් සිටී. පොදු සම්පත් විදේශීය රටවලට විකිණීමට එරෙහිව ඛනිජ තෙල්ල වරායල විදුලිය සේවකයෝ ඒකාබද්ධ අරගලයකට සැරසෙමින් ගොනුවෙමින් සිටිති. තැපැල් සහ බැංකු ක්ෂේත්‍රයේද විවිධ ප්‍රශ්න මුල්කරගෙන සේවක නොසන්සුන්තාවක් උද්ගතව ඇත. මේ සියල්ලටම වඩා වැටුප් විසමතාව විසඳන ලෙස ඉල්ලා ගුරු – විදුහල්පතිවරුන් විසින් අරඹා ඇති අරගලය තීරණාත්මක අදියරකට එළඹෙමින් පවතී. දහස් ගණනක ගුරුවරුන් ලෝක ගුරු දිනයේදී වීදි බැස පෙන්නුම් කළ තම අධිෂ්ඨාන සහගත බව තුට්ටුවකට මායිම් නොකර ගුරු අරගලය එය ජෝශප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහට ලඝු කොට අපකීර්තියට පත්කිරීමේ පොහොට්ටු ආණ්ඩුවේ ඉලක්කය මේ දක්වා අසාර්ථක වී ඇත. මේ කිසිදු අංශයක සේවකයන් සම්බන්ධයෙන් හදිසි නීතිය හෝ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යොදාගැනීමට ආණ්ඩුවට හැකිවී නැත. ඒ නිසා මේ නීති රෙගුලාසි දත් නැති කටකට සමාන ලෙසින්ද පෙනීයා හැකිය.

මේ ආණ්ඩුවේ වැඩ රටාවේ පවතින නොමේරු ගතිය නිසා වැඩ අනාගන්නා ආකාරය අනුව ඉදිරියේදී නොයෙකුත් සේවා අංශවල එක අතකට බරපතළ බිඳ වැටීමක් සහ ඒ නිසාම සේවකයන් අතර නොසන්සුන්කමක් සහ ඒ ඔස්සේ වෘත්තීය සටන් වෙත යොමුවීමේ ප්‍රවනතාවක් උත්සන්න වනු ඇති බව මේ වනවිටත් පෙන්නුම් කර ඇත. වෘත්තීය සටන් නොවුනත් රටේ හැම අංශයකම ගොවීන් සහ වගාකරුවන් පොහොර සහ පලිබෝධ නාශක නොමැතිකමින් පීඩා විඳින අතර ඔවුන් වඩ වඩාත් අරගල මාවතට යොමුවෙමින් සිටී. අපේ රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සිදුවන බරපතළම බිඳවැටීම මේ මොහොතේ සනිටුහන් වෙමින් ඇති අතර රටේ විවිධ ප්‍රදේශවල සහ විවිධ අංශවල ගොවීන් – වීල එළවළු සහ වෙනත් අතිරේක භෝග වගාකරුවන් සියළු දෙනාම පාහේ මේ වනවිට විරෝධතා පුවරු රැගෙන පාරට බැස සිටිති. වගාවන්ට අවශ්‍ය පොහොරල පලිබෝධ නාශකල උපකරණ සහ වෙනත් යෙදවුම් නොමැති කමින් ඔවුහු බරපතළ පීඩනයකට ලක්ව සිටිති. මේ පීඩනය තනිව විඳ දරාගනිමින් වෙන කිසි දෙයක් කළ නොහැකි වූ විට සිය දිවි නසාගන්නට යොමු වී සිටි ගොවීන් දැන් ගොවිතැනට අවශ්‍ය මෙවලම් ඉල්ලා පාරට බැස උද්ඝෝෂණ පවත්වමින් විරෝධය පළ කරන මට්ටමට පත්ව සිටිතිග මේ මොහොතේ වත්මන් පාලනයට ප්‍රබලම විරෝධය එල්ල වී ඇත්තේ ගොවි ජනයාගෙනි.

ගෝඨාභය රාජපක්ෂ පාලනය මර්දනය පදනම් කරගෙන බලයට පත්වූ ආණ්ඩුවක් වුවද ඒ බලාපොරොත්තු වූ ආකාරයෙන් මර්දනයක් දියත් කිරීමට මේ දක්වා අපොහොසත් වී ඇත්තේ මේ පාලකයන් සිල් ගෙන ඇති නිසා නොවේ. අභ්‍යන්තර සහ බාහිර සාධක කීපයක් මෙහිලා හේතුවී ඇති බව පැහැදිලිය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයල යුරෝපා සංගමය ආදී ජාත්‍යන්තර සංවිධාන ඉදිරියේ වගඋත්තරකරුවකු බවට මේ වනවිටත් පත්වී ඇති ගෝඨාභය පාලනය දැන් නිදහසට කරුණු කියන්නට පටන් ගෙන ඇත. මෑතකදී මෙරට සංචාරය කළ යුරෝපීය සංගම් දූත පිරිස හමුවේ ජනාධිපතිවරයාම කළ කකරුණු දැක්වීමෙන් ඒ බව පෙනීයයි. විරෝධතා පවත්වන්නට වෙනම තැනක් වෙන් කරදී ඇති අතර උද්ඝෝෂණකරුවන්ට කඳුළු ගෑස්ල ජල ප්‍රහාර එල්ල කරන්නට තමන් ක්‍රියා නොකළ බව කියමින් ඔහු පෙන්නුම් කළේ තම අසරණ බව හැර අන් කුමක්ද?

ඒ කෙසේවෙතත් මේ ආණ්ඩුවට මෙතෙක් එළිපිට මර්දනය දියත් කිරීමට නොහැකි වී ඇත්තේ විරෝධතාවල නියුතු වූ ජනකොටස් වෙතින් පළවූ අධ්ෂ්ඨාන සහගතබව හේතුවෙනි. ගුරු විදුහල්පති වැටුප් අරගලය එයට හොඳම නිදසුනයි. ලොක්ඩවුන් සීමා පැනවීමට පෙර ලක්ෂ සංඛ්‍යාත ගුරු පිරිසක් වීදි බැස ප්‍රකාශ කළේ තම අඅයිතිවාසිකම් දිනාගැනීමට සටන් කිරීමට ඔවුන් සූදානම් බවයි. මෙයට පෙර නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමට සූදානම් වූ අවස්ථාවේ වරාය සේවකයෝද එවැනිම අධිෂ්ඨාන සහගතබවක් පෙන්නුම් කළහ. සෞඛ්‍ය සේවකයන් ඇතුළුව මෑත කාලයේ අරගල මාවතට පිවිසි බොහෝ අංඅංශවල සේවකයන් පෙර නොපැවති සටන්කාමී බවක් ප්‍රකට කොට ඇත. එම සටන්කාමී බවට පදනම් වී ඇත්තේ වෘත්තීය සමිති භේද තිබුණද ඒවා පසෙක ලා ඒකාබද්ධව සටන් කිරීමට වැඩකරන ජනයා යොමුවීමයි. වත්මන් ගුරු අරගලයේදී පොහොට්ටුවේ ගුරු සංගමයක් යොදාගෙන මේ සටන කඩාකප්පල් කිරීමට ආණ්ඩුවේ ඇතැම් කොටස් උත්සාහ කළද එය අසාර්ථක වූයේ එම පාවාදෙන කොටස් මුළුමනින්ම බැහැර කොට සටන් කිරීමට ගුරුවරුන් ලක්ෂ ගණනක් තුළ තිබූ අධිෂ්ඨානයයි.

මේ සටන්කාමීත්වයල අධිෂ්ඨාන සහගතබව එලෙසින්ම තබාගෙන ආණ්ඩුවේ මර්දන නීති පරාජය කිරීමට කම්කරු පන්ති ව්‍යාපාරය පෙරමුණට පැමිණීම අත්‍යවශ්‍යය. තම ක්ෂේත්‍රවල පවතින ප්‍රශ්න මුල්කරගෙන සටන් මගට අවතීර්ණ වී සිටින වැඩකරන ජන තීරු අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ පනවා ඇති මර්දන රෙගුලාසි ඉවත් කරගන්නා ලෙස බලකරන ඒකාබද්ධ අරගලයකට යොමුවීම මේ මොහොතේ ක්ෂණික සහ හදිසි අවශ්‍යතාවකිග මන්ද යත් මේ මර්දන රෙගුලාසි ඕනෑම අවස්ථාවක සටන් කරන ජනකොටස්වලට එරෙහිව යොදාගැනීමට ඉඩකඩ පවතී.

Related Posts

2026 Ratutharuwa June Issu
From the Press

2026 Ratutharuwa June Issu

by Taniya
June 2, 2026
The Left and the Presidential Election 2024
From the Press

The Left and the Presidential Election 2024

  Original Article: Socialistworld.net The United Socialist Party (USP), the Sri Lankan section of the Committee for a Workers’...

by New Admin
September 10, 2024
ජාත්‍යන්තර කාන්තා දිනය 2023
From the Press

ජාත්‍යන්තර කාන්තා දිනය 2023

කම්කරු පන්තියේ කාන්තාවන් මුහුණ දෙන පීඩනය ජය ගැනීම සඳහා වැඩ පිළිවෙලක් වර්ධනය කිරීම   ලොව පුරා සිටින කාන්තාවන් විවිධ...

by Taniya
March 14, 2023
නව ලිබරල් ව්‍යාපෘතියට එරෙහි විකල්පය කුමක්ද?  කෘතිය එළිදැක්වීම  22දා පැවති රැස්වීම, ශ්‍රීනාත්  පෙරේරා, පුබුදු ජයගොඩ, සුමනසිරි ලියනගේ  සහෝදරයින්ගේ අදහස් දැක්වීම…
From the Press

නව ලිබරල් ව්‍යාපෘතියට එරෙහි විකල්පය කුමක්ද? කෘතිය එළිදැක්වීම 22දා පැවති රැස්වීම, ශ්‍රීනාත් පෙරේරා, පුබුදු ජයගොඩ, සුමනසිරි ලියනගේ සහෝදරයින්ගේ අදහස් දැක්වීම…

https://www.youtube.com/watch?v=NEs--3WFEgM https://www.youtube.com/watch?v=kQsg1BUJUzo https://www.youtube.com/watch?v=RGSg562KXGo

by Taniya
November 29, 2022
Next Post

රට දැවැන්ත අර්බුධයක සමාජවාදී වැඩපිළිවෙළක් එකම විසඳුමයි

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • Articles
  • Activities
  • Ratutharuwa
  • USP Statements
  • Upcoming Events
  • World News
  • Books
  • Other
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.