lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

රු. 10000කින් වැටුප වැඩි කරනු

New Admin by New Admin
August 13, 2026
in From the Press
0
Share on FacebookShare on Twitter

ජන ජීවිතයට බලපාන අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ වල මිල දිනපතාම ඉහල නගිමින් පවතී. අයවැයෙන් බඩුමිල ඉහල නොදැමූ බවට පම්පෝරි ගැසූ ආණ්ඩුවේ ගැත්තරයින් අයවැයට පෙර හා පසුව වේගයෙන් ඉහල නගින බඩුමිල ගැන ගොලුවත රකිති. පසුගිය ජුනි මස ඉන්ධනවල මිල විශාල වශයෙන් ඉහල දැමූ අතර මේ වනවිට ගෑස්මිල දෙගුනයකට ආසන්න වශයෙන් ඉහල දැමීය හාල්මිල තින්දු කරන්නේ ආණ්ඩුව බව පම්පෝරි ගැසු මහින්දානන්ද ඇමතියාගේ දෙකොනපූට්ටුවී ඇති අතර හාල්වල මිල රුපියල් 150ට ආසන්නව ඉහල ගොස් ඇත. රුපියල් 100 – 120 අතර පැවති බත් පැකට්ටුවේ මිල මේවන විට රුපියල් 200 හා 250 අතර ප්‍රමාණයකින් වැඩිවී ඇත. පේලේන්ටිය හා කිරිතේ එකක මිල පවා රු.20කින් පමණ ඉහළගිය අතර පාන්ගෙඩියක මිල තවත් රු.10කින් ඉහල නංවා ඇත. එළවලු වල මිලද දෙගුන තෙගුන වී ඇති අතර බිත්තරයක මිල රු25කි. මේ සමග මහ බැංකුව මගින් තොග වශයෙන් මුදල් අච්චුගැසිම සමග ජීවන වියදම රොකට් වේගයෙන් ඉහල නගිමින් පවති.


මේ තත්වයන් තුළ වැඩ කරන ජනතාවට ලැබෙන වැටුපෙන් ජීවත්විමට නොහැකි පරිසරයක් නිර්මාණයවී ඇත. රජයේ සේවකයින් පෞද්ගලික අංශයේ සේවකයින් වතුකරයේ ජීවත්වන වතු කම්කරුවන් පමණක් නොව විශ්‍රාම වැටුපෙන් ජීවත් වන ජනතාවද එදිනෙදා ජීවිකාව පවත්වාගෙන යා නොහැකි තැනකට පත්ව ඇත. මෙම පසුබිම තුළ සියලු අංශවල සේවයේ නියුතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහදාහකින් (10000) වැඩිකරන ලෙසට කරන ඉල්ලීම වටා සියලු අංශවල වැඩකරන ජනතාව පෙල ගැසෙමින් පවතී. ආණ්ඩුව මෙම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් පළමුව ජාතික විරෝධතා දිනයක් පවත්වා දෙවනුව වැඩවර්ජන තින්දුවක් ගැනිම දක්වා ගමන් කිරිමට වෘත්තිය සමිති මේවන විට සාකච්ජා කරමින් පවතී.

කම්කරු පන්තිය තුළින් මතුවී එන වැඩවර්ජන වලට බියෙන් ආණ්ඩුව ඊට මුහුණ දීමට නෙහැකිව ආයතතන ගනනාවක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇති විශේෂ ගැසට නිවේදනයක් ප්‍රකාශයට පත්කර ඇත. වරාය බැංකු ඛනිජ තෙල් විදුලිය යනාදී ආයතන ඇතුලත් වන පරිදි ජනාධිපති ලේකම් විසින් මෙම නියෝගය පනවා ඇත. දිනෙන් දින වර්ධනය වන වැඩ කරන ජනතාවගේ විරෝධතා අත්‍යවශ්‍ය සේවා නියෝග කලින් හෝ රාජ්‍ය බලය යොදා මර්ධනය කළ නොහැකි බව පංති සටන් ඉතිහාසය පෙන්වා දෙන සත්‍යයකි.

Related Posts

From the Press

අවනඩුව

by Taniya
August 14, 2026
0

ත්‍රස්ත පනත කල්දැම්මා මාස දෙකක් ජන විරෝධයයි ඒකට හේතුවුනේ ජන බලයට යටත් නොවන නායකයෙක් කිසිදා...

Read moreDetails
The Left and the Presidential Election 2024

The Left and the Presidential Election 2024

September 10, 2024
ජාත්‍යන්තර කාන්තා දිනය 2023

ජාත්‍යන්තර කාන්තා දිනය 2023

March 14, 2023
නව ලිබරල් ව්‍යාපෘතියට එරෙහි විකල්පය කුමක්ද?  කෘතිය එළිදැක්වීම  22දා පැවති රැස්වීම, ශ්‍රීනාත්  පෙරේරා, පුබුදු ජයගොඩ, සුමනසිරි ලියනගේ  සහෝදරයින්ගේ අදහස් දැක්වීම…

නව ලිබරල් ව්‍යාපෘතියට එරෙහි විකල්පය කුමක්ද? කෘතිය එළිදැක්වීම 22දා පැවති රැස්වීම, ශ්‍රීනාත් පෙරේරා, පුබුදු ජයගොඩ, සුමනසිරි ලියනගේ සහෝදරයින්ගේ අදහස් දැක්වීම…

November 29, 2022

Sri Lanka on verge of economic collapse – An appeal to union activists, students and workers

March 2, 2022
Next Post

ආණ්ඩුවට සොහොන් ලකුණු

අර්බුදය කොයිබටද?

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.