lankasocialist
Tuesday, August 25, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

රුසියානු විප්ලවයේ විජයග‍්‍රහනය

New Admin by New Admin
August 13, 2026
in ලිපි
0
රුසියානු විප්ලවයේ විජයග‍්‍රහණය
Share on FacebookShare on Twitter

1014504492

රුසියානු විප්ලවයේ විජයග‍්‍රහනය

1917 වසරේදී (නූතන දින දර්ශනයට අනුව නොවැම්බර් 7* රුසියාව තුල සිදුවූ ඔක්තෝබර් විප්ලවය මානව ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සිදුවීම ලෙස සැලකේ. බොල්ෂේවික් පක්ෂයේ නායකත්වය යටතේ ලෝකයේ ප‍්‍රථම මෙන්ම දීර්ඝ කාලයක් මුළුල්ලේ බලය රඳවා ගැනීමට සමත්වූ කම්කරුවන් විසින් මෙහෙයවනු ලබන ආණ්ඩුවක් බිහිකිරීමට රුසියානු විප්ලවයට හැකිවිය. එමගින් ලෝකයේ කම්කරුවන්ට රුසියානු විප්ලවයේ ගමන් මගට අවතීර්ණවීමට ආයාචනා කරන ලද අතර වැඩ වසම් ක‍්‍රමයත්, ධනවාදයත් පෘථිවි තලයෙන් අතුගා දැමීමට සමාජවාදී විප්ලවයට හැකිබව අවධාරණය කෙරින. මෙසේ බිහිවූ සෝවියට් ආණ්ඩුව ආරම්භක කාලයේ ඉතාමත්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුවක් විය. කම්කරුවන් මුල්වරට බලය අල්ලාගත් 1871දි ඇතිවූ පැරිස් කොමියුනය වෙතින් හා 1905 පරාජිත විප්ලවයේදී රුසියාවේ කම්කරුවන් විසින් ගොඩනැගූ සෝවියට් සභා (කමිටු* වෙතින් බොල්ෂේවික්වරු සිය අත්දැකීම් උකහා ගත්හ. සියළුම ප‍්‍රධාන පෙලේ තීරණ ගැනීම සිදුවූයේ කම්කරුවන් සොල්දාදුවන් හා ගැමි ජනතාවගෙන් සැදුම්ලත් ප‍්‍රාදේශීය පළාත්බද හා ජාතික තලයන්හිදී තෝරාපත්කර ගත් කවුන්සිල පද්ධතියක් මගිනි. වැටුප් ගෙවීමක් ලබන නියෝජිතයන් එ් අතරවී නම් ඔවුන් යලි යලිත් තෝරා පත්කර ගැනීම සදහා ජනතා කමිටු වෙත ඉදිරිපත් විය යුතුවූ අතර ඔවුනට කම්කරුවන්ගේ සාමාන්‍ය වැටුපට වැඩි යමක් හිමි නොවිණ. මාක්ස්වාදී නායකයින් මුලින් උපකල්පනය කළේ සමාජවාදී විප්ලවයක් සිදුවන්නේ දියුණු කම්කරු පන්තියක් සිටින ජර්මනිය වැනි කාර්මීකරණයවූ රටක් තුල බවයි. පසුකාලීනව එමගින් ඇරෙඔන විප්ලවය එතරම් දියුණුවක් නොමැති ආර්ථිකයක් සහිත සෙසු රටවලටද පැතිර යනු ඇති බවය. එහෙත් සැබැවින්ම සිදුවූයේ ධනේෂ්වර ක‍්‍රමයේ ඉතාම දුර්වල පුරුකක් වූ අඩුදියුණු රුසියාව තුළදී ධනවාදය කැඞීබිදී විප්ලවය සිදුවීමය. හමුදා භටයන්ගෙන් හෝ ගම්බද ප‍්‍රදේශවලින් ප‍්‍රමාණවත් සහායක් නොලද නිසා 1905 ප‍්‍රථම රුසියානු විප්ලවය පරාජයට පත්විය. දෙසැම්බර් 3 වනදා පොට‍්‍රාග‍්‍රෑඞ්හි සෝවියට් කමිටුව විසුරුවාහැර එහි නායකයින්ව අත්අඩංගුවට ගන්නා ලදී. එ් අනුව එහි සභාපතිවූ ලියෝන් ට්‍රොට්ස්කිද අත්අඩංගුවට පත්විය. බොහෝ විරුද්ධ පාක්ෂික සටන්කරුවන් මරා දැමින. 1917දී ඇතිවූ විප්ලවය සදහා 1905 විප්ලවය පූර්ව රංගනයක් මෙන්විය.

බොල්ෂේවික් – මෙන්ෂේවික් බෙදිම

1912දී රුසියාවේ ප‍්‍රධාන කම්කරු පක්ෂය එනම් රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්ෂය දෙකකට කැඞී ගියේය. එම පක්ෂ දෙක බොල්ෂේවික් හා මෙන්ෂේවික් ලෙස හැඳින්වින. බොල්ෂේවික්වරු වඩාත්ම උත්සුක වූයේ පුහුණු කාඩර්වරුන්ගෙන් සමන්විත කර්මාන්ශාලා තුල වඩාත් දැඩිව කැපවූ කම්කරු නායකයින්ගෙන් හා හමුදා සෙබළුන්ගෙන් යුක්ත වන විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමටය. මෙන්ෂේවික්වරු ඊට වඩා වෙනස් වඩාත් ලිහිල්වූ පක්ෂ සංවිධානයක් අපේක්ෂා කළහ. එසේ වුවද මේ වනවිට මෙම දෙපක්ෂයම අනාගත විප්ලවයේ ස්වභාවය ගැන එකම මතයක් දැරූහ. එනම් විප්ලවයේ ප‍්‍රථම අවස්ථාව විය යුත්තේ සාර්වාදය මගින් පිළිබිඔු වන වැඩවසම් ක‍්‍රමය හා ඉඩම්හිමි ධනපතියන්ට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයක් දියත් කිරීම බවයි. ඉන් පසුව ධනවාදයේ වර්ධනාත්මක යුගයකින් පසුව සමාජවාදී විප්ලවය උදෙසා පියවර ගතයුතු බවයි. මෙම පසුබිම තුළ ට්‍රොට්ස්කි සිය නොනවතින විප්ලවය යන න්‍යාය පිලිබදව අදහස් ගොනුකලේ 1904 වසරේ මුලදී තරම් ඈත කාලයක සිටය. රුසියාව වැනි පසුගාමී ධනවාදී රටක රදළ වැඩවසම් ක‍්‍රමය තුරන් කිරීමට අවශ්‍යවේ නම් එය කල හැක්කේ කම්කරු පන්ති නායකත්වයකින් යුත් සමාජවාදී විප්ලවයක් තුළින් බවට ලෙනින්ටත් පෙර ට්‍රොට්ස්කි න්‍යායිකව තර්ක කළේය. ට්‍රොට්ස්කි බොල්ෂේවික් පක්ෂයට බැඳුනේ 1917 ජූලි මාසයේදීය. එ්වන විටත් ඔහු සමාජවාදී විප්ලවයේ අනාගත ස්වරූපය ගැන න්‍යායික විග‍්‍රහය ඉදිරිපත් කරමින් අති දක්ෂ නායකයෙකු ලෙස කම්කරු පංතිය හා ජනතාව තුළ පිලිගැනීමට ලක්ව සිටියේය. 1917 පෙබරවාරි විප්ලවය හටගත්තේ මාස ගණනක් පුරා පැවති වැඩවර්ජන හා ජනතා අරගලයන් වලින් පසුවය. Samsung coque ජාත්‍යන්තර කාන්තා දිනයේදී (නූතන දින දර්ශනයේ එය මාර්තු 8 වනදා ලෙස සැලකේ* පෙට්‍රොග‍්‍රෑඞ් නගරයේ රෙදිපිලි අංශයේ කම්කරු වනිතාවෝ තම කර්මාන්තශාලා වලින් පිටතට පැමිණියහ. ආහාර ද්‍රව්‍ය හිඟය නැතිකරන මෙන්ද පාරිභෝගික මිල ගණන් පහත දමන මෙන්ද විශේෂයෙන්ම යුද්ධය නිමා කරන මෙන්ද කාන්තාවෝ උද්ඝෝෂණය කළහ. දස දහස් ගණන් අනෙකුත් කම්කරුවෝද දැඩි උද්යෝගයෙන් යුතුව ඔවුනට එක්වූහ. එම වසරේ මැයි මාසයේදී මෙන්ෂේවික් පාක්ෂිකයින් හා සමාජ විප්ලවවාදීන් :ීඍ* කෙරෙන්ස්කිගේ සභාග ආණ්ඩුවට එක්වීමට තිරණය කළහ. මේ අතර බොල්ෂේවික් පාක්ෂිකයින් ධනවාදී අමාත්‍යවරු දස දෙනා වහාම ඉවත් කරනු යනුවෙන් බලවත් සටන්පාඨයක් ඉදිරිපත් කළේය. සැබැවින්ම විප්ලවය නියෝජනය කරන ආණ්ඩුවක් පිහිටුවීමට මෙන්ෂේවික්වරු අසමත් බව හෙලිදරව්වී ඇති බව බොල්ෂේවික්වරු කියා සිටියහ. ආණ්ඩු පාලනයේ වෙනසක් වුවද සිදුවී ඇත්තේ ඉතා සුළු වෙනසක් පමණක් වූ අතර රුසියාව තුළ යුද්ධය දිගටම සිදුවිය. තාවකාලික රජය විසින් කර්මාන්ත කේෂ්ත‍්‍රය තුල සිටි ධනවාදීන්ට හෝ වැඩවසම් ක‍්‍රමය දිගටම පවත්වාගෙන ගිය ඉඩම්හිමියන් බලයෙන් පහකොට නොතිබු අතර බොහෝ විට මෙම දෙපිරිසම එකම පිලක් වූහ. මේ අතර ගම්බද ප‍්‍රදේශයන්හි පවා විප්ලවීය රැුල්ල ලැව්ගිනි මෙන් පැතිර ගියේය. කම්කරුවන් මහා වතුයායවල් අල්ලාගනු ලැබූ අතර තේජමානව පැවති මහා මන්දිර ගිනි තැබිණ. නගර තුල යුද්ධයට එරෙහි විරෝධතාවය රැුල්ලක් මෙන් පැතිරිණ. බොල්ෂේවික් පාක්ෂිකයන්ගේ සාමය පාන් හා ඉඩම් යන සරල සටන්පාඨය ජනතාවගේ හදපත්ලෙන්ම නැගෙන අභිලාෂයන් මුදුන්පත් කිරීමට සමත් විය.

ජුලි සිදුවීම

ජුලි මාසයේදී මහා වැඩ වර්ජනයක් සංවිධානය කිරීමට හා යුද්ධයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමටත් එමගින් ආණ්ඩුව පෙරලා දැමිමටත් පසුපෙළ නායකයින්ගෙන් යෝජනාවක් මතුවූ විටද බොල්ෂේවික් නායකයින්ගේ මතය වූයේද එයට තවමත් සුදුසු කාලය එලඹ නොමැති බවයි. එහෙත් එම යෝජනාව කම්කරුවන් විසින් කි‍්‍රයාවට නැංවූ විට ලෙනින් ඇතුලූ බොල්ෂේවික් නායකත්වය එයට පූර්ණ ලෙස සහයෝගය දැක්විය. ඔවුන් අපේක්ෂා කළ පරිද්දෙන්ම එම කි‍්‍රයාමාර්ගය තුලින් හමුදාභටයින් තමාවෙත නම්මා ගැනීමටත් අවම වශයෙන් ඔවුන් අපක්ෂපාතී තත්වයකට පත්කර ගැනීමටවත් පුළුවන් විය. සාර්ථක ලෙස රාජ්‍ය බලය අල්ලා ගැනීමේදී ඉහත සදහන් පරිදි හමුදාවේ පහල කොටස්වල පක්ෂපාතීත්වය දිනාගැනීම ඉතාමත් අත්‍යවශ්‍යවෙයි. රුසියානු විප්ලවය දිගහැරීම සමග ජුලි මස හටගත් මෙම කැරැුල්ල රතු ලෙයින් ලියවුණු කථාවක් ලෙස නිමාවිය. coque de telephone samsung s7 ඉනික්බිතිව නායකත්වයේ ඉතාම වැදගත් කාර්්‍යය භාරය වූයේ අවශ්‍ය සියළුම කොන්දේසි සපුරා ඇති කල්හි කි‍්‍රයාත්මකවීමේ මොහොත තීරණය කිරීමයි. ජනතා අරගලයක් නියම මොහොතට කලින් දියත් කිරීමට වෑයම් කළහොත් එය උපන්ගෙයිම විනාශ වනු ඇත. අනවශ්‍ය ලෙස ප‍්‍රමාද කළහොත් එය මල උපතක් වන අතර ප‍්‍රතිගාමීන්ට ජයග‍්‍රහණය හිමිකර දෙනු ඇත. රුසියාවේ අභ්‍යන්තරික ප‍්‍රතිගාමී බලවේග හා ජර්මන් ආක‍්‍රමණිකයින්ද කෙරෙන්ස්කි ආණ්ඩුව පරාජය කිරීමට බොල්ෂේවික් පාක්ෂිකයින් ලද අවස්ථාව ව්‍යර්ථ කිරීමට තර්ජන එල්ල කළහ. මෙම අවස්ථාව ප‍්‍රයෝජනයට ගතයුතුම විය. ඔක්තෝබර් 24වනදා කැරැුල්ල ආරම්භ විය. ප‍්‍රධාන උපක‍්‍රමික මර්මස්ථාන අත්පත් කර ගැනීම පිණිස යුධ හමුදා විප්ලවීය කමිටුව සන්නද්ධ කණ්ඩායම් පිටත්කර හැරියේය. එදින උදැසන වන විට කෙරෙන්ස්කි පලාගොස් තිබිණ. coque samsung galaxy රතු බලඇණිය ශිත මාලිගය (උසබඑැර ච්ක්ජැ * අත්පත් කරගෙන සිටියේය. බලය අල්ලා ගැනීම ක්ෂනිකවම සිදුවිය යුතු කාර්ය්‍යයක් විය. වඩාත් ප‍්‍රබලවූ මොස්කව් නුවර අල්ලා ගැනීමේ සටන සතියකින් නිමාවිය.

විප්ලවය ජයගනී

ඔක්තෝබර් 25 වන දින අළුයම වන විට පෙට්‍රොග‍්‍රෑඞ් සෝවියට් කමිටුව වෙත බලය පැවරෙන නියෝගය නිකුත් කරන ලදී. එම දිනයේ සන්ධ්‍යාවේදී දෙවන සමස්ත රුසියානු සෝවියට් කොන්ග‍්‍රසයේ සැසිවාරය විවෘත විය. නව සෝවියට් ආණ්ඩුවේ ප‍්‍රථම නිල නියෝග මගින් විප්ලවයේ මූලික ඉල්ලීම් තුන වන සාමය පාන් හා ඉඩම් යන කරුණු සහතික කිරීම සදහා වන පදනම ප‍්‍රකාශයට පත් කළේය. බැංකු හා කර්මාන්තවල පාලනය කම්කරුවන් විසින් පත්කරනු ලබන ඔවුන්ගේ නියෝජිතයින් විසින් වහාම පවරා ගනු ලැබීමත් එම ආයතන පූර්ණ අයුරින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදි ලෙස සැලසුම් කල රජය සතු ආර්ථිකයේ කොටසක් වශයෙන් කළමණාකරණය කිරීමත් ඉන් පසුව සිදුවිය. සිවිල් යුද්ධයේදී ප‍්‍රතිගාමී බලවේගයන්ට සහාය වීම සදහා අධිරාජ්‍යවාදී රටවල් විසින් හමුදාවන් 21ක් එවා තිබිණ. මෙම හමුදා ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ රතු හමුදාවේ වීරෝධාර බලවේග විසින් පරාජය කරනු ලැබුවේ බොහෝ ජීවිත ගණනක්ද පුජා කරමිිනි. එමෙන්ම අති විශාල ආර්ථික පිරිවැයක්ද යුද්ධය සදහා දැරීමට ළදරු සෝවියට් රාජ්‍යයට සිදුවිය. coque samsung a8 2018 1924 වසරේදී ලෙනින් මියායමෙන් පසුව ස්ටාලින් විප්ලවය බලහත්කාරයෙන් තමා වෙත නතුකර ගත්තේය. එමගින් කම්කරු ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි කරන ලද අතර ස්ටැලින්ගේ පාලනයට එරෙහිවූ සියළු ප‍්‍රතිවිරුද්ධ බලවේග සමූලඝාතනයට ලක්විය. 1917 විප්ලවයට නායකත්වය දුන් බොල්ෂේවික් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බොහෝ දෙනා කුප‍්‍රකට නඩු විභාග මගින් මරාදැමූ අතර සෙසු අය රටින් පලාගියහ. එසේ වුවද ස්ටැලින්ගේ මෙම ප‍්‍රතිවිප්ලවීය කි‍්‍රයාවලිය ධනවාදය යලි ප‍්‍රතිෂ්ථාපිත කිරීමේ උත්සාහයක් නොවූ බවද සඳහන් කල යුතුය. (මෙවැන්නනක් සිදුවූයේ බොහෝ කලකට පසු 20 වන සියවසේ අග භාගයේදීය* එය හුදෙක් 1917 විප්ලවයට සබදතාවයක් නොතිබුන පරපෝෂිත නිලධරයේ යහපත උදෙසා කල දේශපාලනික ප‍්‍රති විප්ලවයක් පමණක් විය. ස්ටැලින්ගේ දැඩි නිලධාරීවාදී පාලනය යටතේ වුවද දැවැන්ත සංවර්ධනයක් සිදුවූ බව සත්‍යයකි. ධනවාදය හා වැඩ වසම් ක‍්‍රමය අහෝසි කර තිබූ නිසාත් පස් අවුරුදු සැලසුම් සකස් කර තිබූ නිසාත් ආර්ථිකය ශිඝ‍්‍රයෙන් වර්ධනය විය. එහෙත් නැගීආ නිලධාරිවාදය යටතේ කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද සියළු මුලධර්ම විනාශ කර දැමිණ. එම මුලධර්ම සදහා කැපවූ පුද්ගලයින්ට ශාරීරික වශයෙන් වද හිංසා පැමිණවනු ලැබිණ. ලියෝන් ට්‍රොට්ස්කි ද මේ අතර විය. ඔහුට රුසියාවෙන් පිටමංවී මෙක්ෂිකෝවට පලායෑමට සිදුවිය. වීරෝධාර ජනතා ව්‍යාපාර බොහෝ අවස්ථාවලදී බලය සදහා අභියෝග කරන කම්කරු ව්‍යාපාර බවට පත්වෙයි. විටෙක තරුණ පිරිස් එම ව්‍යාපාර තමා අතට ගනිති. උදාහරණ ලෙස 2011 වසරේදී ටියුනීසියාවේ හා ඊජිප්තුවේ ඇතිවූ ජනතා නැගිටීම් විප්ලවයක් ලෙස පෙනී ගියේය. සමහර කරුණු අති ශීඝ‍්‍රයෙන් ඉදිරියට යාමේදී සෑම දිනක්ම වසර 10ක් පමණ වූ කාලයක් සේ පෙනුනි. ජනතාවගෙන් පිරීගිය වීදි බෙන් අලී හා මුබාරක් බලයෙන් පලවාහැරීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන ලදි. එහි සංවිධානයවූ කම්කරුවන්ගේ වැඩ වර්ජන ආදිය දුටුවිට යලි සිහියට නැගෙන්නේ 1917 පෙබරවාරි මාසයේ රුසියාවේ සිදුවූ අසාර්ථක විප්ලවයයි. එ් අනුව ටියුනිසියාවේ හා ඊජිප්තුවේ ජනතා නැගිටීම් රුසියාවේ අත්දැකීම් වලට අනුව පෙබරවාරියට සීමා වූ බව පැහැදිලිය. එසේම මෙම රටවල කැපී පෙනෙන අඩුවක් තිබිණ. විප්ලවය මෙහෙයවන පිරිස තුල පවතින අවිඥානික ස්වභාවය තේරුම් ගැනීමට සමත් බොල්ෂේවික් පන්නයේ විප්ලවවාදී පක්ෂයක් හෝ නායකත්වයක් එහි නොවීය. එවැන්නක් තිබුණි නම් එම ජනතා අරගලය ධනවාදය විනාශකර දමා විප්ලවයේ නිමක් දකින තෙක් ඉදිරියට ගෙනයනු සඳහා එම පක්ෂය කි‍්‍රයා කරනු ඇත. එවැන්නක් නොමැතිවිම නිසා මේ රටවල ඔක්තෝබරය ඇතිවූයේ නැත. එපමණක් නොව එම රටවල ජනතා නැගිටීම් විකෘතිවූ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් හෝ තහවුරුවීම සිදු නොවූ අතර ධනපති පංතිය අතර නැවත බලය තහවුරු කෙරින. අප ජීවත් වන විරූපී ධනවාදී ලෝකය වෙනස් කිරීමට මගක් සොයන සටන්කාමී කම්කරු ජනතාව හා තරුණ ජනතාව රුසියානු විප්ලවය හැදෑරීමෙන් උගන්වන පාඩම් වෙත සිය අවධානය යොමුකර ගැනීම අත්‍යවශ්‍යය.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post

උතුරේ සිදුවීම් දඩමිමා කරගනිමින් හමුද ා - පොලිස් මර්ධනය කැඳවයි.

North

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.