lankasocialist
Tuesday, August 25, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

North

New Admin by New Admin
August 13, 2026
in ලිපි
0
Share on FacebookShare on Twitter

උතුරේ සිදුවීම් දඩමිමා කරගනිමින් හමුද ා – පොලිස් මර්ධනය කැඳවයි. පසුගිය මාස දෙක තුනක කාලය තුළ උතුරේ මිනීමැරීම්, වෙඩිතැබීම්, පහරදිම් හා මංකොල්ලකෑම් ගැන නිතර වාර්තාවිමට පටන්ගෙන ඇත. උතුරේ සිදුවන මෙම සිදුවීම් එකක්වත් අසාමාන්‍ය සිදුවීම් හෝ අප රටේ කොතැනක හෝ කිසිදිනක සිදුනොවූ එ්වා නොවේ. කලූතරදී බන්ධනාගාර රථයකට වෙඩිතබා සිරකරුවන් හා බන්ධනාගාර නිලධාරීන් කීපදෙනෙකු මහ දවල් ඝාතනය කරනු ලැබීය. මෙම අගෝස්තු මස බිලූමැන්ඩල් වලදී රිවෝල්වරයක් හා වෙනත් ආයුධ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට පත්විය. එවැනි සිදුවීම් දකුණේ නිරන්තරව සිදුවන දේවල්ය. තුවක්කු හා පිස්තෝල සමඟ කීපදෙනෙකු නොබෝදා කලූතරදී අත්අඩංගුවට පත්විය. එසේ වුවද උතුරේ සිදුවන මෙවැනි අපරාධවලට විශාල ප‍්‍රචාරයක්දීමට දකුණේ සිංහල මාධ්‍ය හා ජාතිවාදී බලවේග කටයුතු කරන බව පෙනී යයි. නිතිය අභිබවා යමින් උතුර දකුණ නොතකා රටේ කොතැනක හෝ සිදුකරන අපරාධ, මංකොල්ල හා මිනිස් ඝාතන වලට එරෙහිව නීතිය එකසේ කි‍්‍රයාත්මක විය යුතුය. එ් ගැන විවාදයක් තිබිය යුතු නැත. නමුත් ප‍්‍රශ්නය වන්නේ උතුරේ සිදුවන අපරාධ හා මිනීමැරීම් වැනි සිදුවීම් දඩමීමා කරගෙන නැවත වරක් උතුරේ ජනතාව මිලිටරි – පොලිස් මර්ධනයකට යටත් කිරීමට දරණ උත්සාහය පිළිබඳ ප‍්‍රශ්ණයයි. ජුලි 30 වන දින යාපනයේ කොන්ඩාවිල්හිදී කෝපායි පොලිසියේ නිලධාරීන් දෙදෙනකුට පහරදී ඇත. මෙම පොලිස් කොස්තාපල්වරු දෙදෙනා එම ප‍්‍රදේශයේ පැමිනිල්ලක් විභාග කිරීම සඳහා ගමන් කරමින් සිටියදී 11 දෙනෙකුගේ කල්ලියක් ඔවුන් පසුපස හඹාගොස් කඩුවලින් කොටා පලාගොස් ඇත. මෙම පහරදීම ඉහත සදහන් පරීඏණයට සම්බන්ද බවටද තොරතුරු අනාවරණයවී ඇත. ඊට පසු දින එනම් ජුලි 31 වෙනි දින යාපනයේ සංචාරයක යෙදුන පොලිස්පති පූජිත ජයසුන්දර යාපනයේ ආගමික නායකයින් හා සිවිල් කි‍්‍රයාකාරීන් සමග පැවැති සාකච්ජාවකදී මෙසේ ප‍්‍රකාශ කර ඇත. ,ත‍්‍රස්තවාදය අවසන් කළ බව කිව්වත් එ් හා සම්බන්ද සියලූ දේවල් අවසන්වී නැහැ. එල්.ටී.ටී.ඊ සංවිධානය ත‍්‍රස්තවාදය ආරම්භ කලේද මේ අකාරයටමයි. ත‍්‍රස්තවාදීන් අවි ආයුධ ලඏ ගණන් බාරදුන්නත් සියලූ අවි ආයුධ ඉවරයි කියා කියන්න බැහැ., යයිද පොලිස්පතිවරයා ප‍්‍රකාශ කර ඇත. මේ ප‍්‍රකාශය දකුණේ ජාතිවාදින්ට උඩගෙඩි සැපයීමකි. යාපනයේ ආරඏාව තර කිරීම සඳහා විශේෂ කාර්යබලකාය දිවා රාත‍්‍රී මුර සංචාරය සඳහා යොදවා ඇති බවත් ඉදිරියේදී අවශ්‍යතාවය මත ති‍්‍රවිධ හමුදාවේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන බවද ඔහු පවසා ඇත. ජුනි මාසය ඇතුලත යාපනයේ මෙවැනි සිදවීම් කිහිපයක්ම වාර්තාවිය. achat coque samsung pas cher එ් අතර එක් සිදුවීමක් වූයේ යාපනයේ මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතාගේ ආරඏක නිලධාරියෙකු නල්ලූර් ප‍්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කිරීමය. එසේම ජුනි මස 9වෙනිදා පේදුරුතුඩුවේදී වැලි ප‍්‍රවාහනය කරමින් සිටී ටිපර් රථයකට පොලිසිය විසින් වෙඩිතබා එහි ගමන් කරමින් සිටී තරුණයෙකු ඝාතනයට ලක්වීමය. Achat coque huawei පොලිසිය මේ ගැන ඇඟබේරා ගැනීම සඳහා ප‍්‍රකාශ කලේ මෙම ටිපර් රථය අනවසර වැලි ප‍්‍රවාහණය කරමින් සිටී බවත් අණ නොතකා රථය ධානය කිරීම නිසා එයට වෙඩි තැබිමට සිදුවූ බවත්ය. පොලිසියේ මෙම විහිළු ප‍්‍රකාශ විශ්වාස කරන ජනතාවක් අප රටේ සිටින්නේද ? මේ අතර දකුණේ බංකොලොත් ජාතිවාදී දේශපාලඥයින් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ හා රෝහිත අබේගුණවර්ධන වැනි අය උතුරේ මෙම සිදුවීම් අතිශයෝක්තිකරණයට නංවමින් රාජපඏ පාලනය ඉවත් කිරීමෙන් පසු උතුරේ නැවත ත‍්‍රස්තවාදී කැරලිකාරීත්වයක් ආරම්භ වී ඇති බව දකුණේ සිංහල ජනතාව තුලට කාවැද්දීමට වියරු උත්සාහයක යෙදී ඇත. Coque huawei මොවුන්ගේ නවතම තුරුම්පුව ,ආවාකල්ලියයි,. ආවාකල්ලිය රාජපඏ පාලන සමයේ ගෝඨාභයගේ අනුදැනුම මත නිර්මාණය කල දෙයක් බව මේ ඊනියා දේශපේ‍්‍රමීන්ට අමතකවීම පුදුමයකි. මෙම පරිසරය තුල උතුරේ ජනතාවගේ නායකයින් ලෙස පෙනී සිටින දෙමළ ජාතික සන්ධාන නායකයෝ මෛතී‍්‍ර – රනිල් ආණ්ඩුව සමග සහජීවනයෙන් ඔවුන් පසුපස බඩගාමින් දෙමළ ජනතාවගේ ජාතික ප‍්‍රශ්නය ගැන හෝ එදිනෙදා ප‍්‍රශ්න කෙරෙහිවත් විසදුමක් ඉදිරිපත් කිරීමට නොහැකි බංකොලොත් තත්වයට ඇදවැටී ඇත. යුද්ධයෙන් වසර 8ක් ඉක්මවා ගොස් තිබුනද උතුරේ දෙමළ ජනතාව මුහුණ දෙන එදිනෙදා ප‍්‍රශ්න වන හමුදාව විසින් අල්ලාගෙන සිටින පාරම්පරික ඉඩම් ආපසු ලබා ගැනීම දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම, අතුරුදහන්වුවන් පිළිබද ප‍්‍රශ්නයට වැනි කාරනා ගැන විසදුම් දිමට ආණ්ඩුව අසමත්ව සිටී. coque iphone pas cher වවිනියාව, කිලිනොච්චිය හා මුලතිව් වැනි ප‍්‍රදේශවල අතුරුදහන්වුවන්ගේ දෙමවිපියන් හා ඥතීන්ගේ අඛණ්ඩ උද්ඝෝෂණය මේ වනවිට දින 175කට ආසන්න වෙමින් ඇත. රටපුරා සමස්තයක් ලෙස තිබෙන තරුණ විරැුකියාව ඉතා ඉහල මට්ටමක උතුර හා නැගෙනහිර පලාත් වල වර්ධනය වෙමින් ඇති අතර තරුණ අසහනය උග‍්‍රවෙමින් පවති. මෙම පසුබිම තුල උතුරේ ජනතාව තුල විවිධ උද්ඝෝෂණ හා විරෝධතා මතුවීම කිසිවෙකුට වැලැක්විය නොහැක. මේවාට විසදුම්දිම වෙනුවට මර්ධනය කැඳවීම භයානක ප‍්‍රතිපල අත්කර දියහැකි බව අවධාරණය කළ යුතුය. උතුරේ ජනතාව තමන් මුහුණ දෙන ප‍්‍රශ්ණ වෙනුවෙන් ගෙනයන උද්ඝෝෂනයන්ට දකුණේ කම්කරු පංතිය ප‍්‍රමුඛ ප‍්‍රගතිශිළි ජනතාවගේ සහයෝගය ලබාදිය යුතුව ඇත. ජාතික ප‍්‍රශ්නය විසදීමට අලූත් ව්‍යවස්ථාවක් ගෙනඑ්ම කෙසේ වෙතත් දෙමළ ජනතාවගේ දෛනික ප‍්‍රශ්ණවලට විසදුම් සැපයිය නොහැකි බංකොකොලත් යහපාලන ආණ්ඩුව ඊට පිළියම් ලෙස නැවත වරක් හමුදා – පොලිස් මර්ධනය දියත් කිරීමට සුදානම් වන බව පැහැදිලිව දැකිය හැකිය.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post

USP protested against repressive Chinese regime.

Ratutharuwa May

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.