lankasocialist
Thursday, August 13, 2026
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

Taniya by Taniya
August 31, 2025
in Articles
0
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි
Share on FacebookShare on Twitter

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා කල පොත් පිංචේ සඳහන් ප්‍රකාශය සමග මා ඔබ ආමන්ත්‍රණය කරමි.

“අධ්‍යාපනය රජයේ වගකීමකි. එය කිසියම් පුද්ගලික පිරිසකට හෝ පුද්ගලයෙකුට පාවදීමට හෝ අතහැරදැමිය නොහැකි වගකීමක් වන්නේය. තමන්ට වගකීමට භාරදී සිටින අධ්‍යාපනයක් සැලැස්වීමට ආණ්ඩුව නිසැඟයෙන් බැදී සිටී.” “නියම අධ්‍යාපනයට යතුර නියම ගුරුමණ්ඩලයයි.” මෙය සිදු කිරීමට විධිමත් අධ්‍යාපන වෘත්තිකයන් සකස් කළ යුතුය.

අපේ රටේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද්දේ 1869 පෙබරවාරි 7 දින තරම් ඈත වකවානුවකදීය. එය ඇමරිකාවේ (1877 මාර්තු) සහ ජපානයේ (1867 මාර්තු) තරම් පැරණිය. යටත් විජිත ලෝකයේ ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා නිදහස් අධ්‍යාපනය ආරම්භ කළ අතර එහි ප්‍රමුඛයෙකු ලෙස ලංකාවද සැළකිය හැකිය.

ඔබ හොඳාකාරවම දන්නා පරිදි ආචාර්්‍ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා මෙරට නිදහස් අධ්‍යාපන ව්‍යාපාරය තනි ශක්තියෙන් මෙහෙයවූ පුද්ගලයා වෙයි. රාජ්‍ය මන්ත්‍රන සභාවෙන් පිටත ඔහුගේ එම ක්‍රියාවට නොපැකිලව ආධාර කලේ එකළ පැවැති වාමාංශික දේශපාලන කණ්ඩායම් පමණි. ජනතාවගේ අධ්‍යාපනය නඟා සිටුවීමෙන් දිළිදු බවින් පොහොසත් භාවයත් නොදත් බවින් දැනුවත් බවත්, දීන බවින් අදීන බවත්, වැඩවසම් යුගයෙන් ප්‍රජාතන්ත්‍රික යුගයටත්, අවිද්‍යාවෙන් විද්‍යාත්මක යුගයටත් ලගා වීමට මෙරට ගොවි කම්කරු හා සාමාන්‍ය ජනතාවගේ දූපුතුන්ට නවීන ලෝකයට ප්‍රවිශ්ඨ වීමට අවකාශය ලැබුණේ එකී නිදහස් අධ්‍යාපනය හරහාය.
මා මෙහි ඉහතින් සඳහන් කලේ අතීත සිදුවීම් තේරුම් ගැනීම සඳහාය. අද අප සිටින්නේ කොතැනද? 1977 බලයට පත් ජේ.ආර්.ජයවර්ධන ආණ්ඩුව නව ලිබරල් දේශපාලනය හා විවෘත ආර්ථික ප්‍රථිපත්තිය මත “අධ්‍යාපනය අත්හල නොහැකි රාජ්‍ය වගකීමකි. ” යන සිද්දාන්තය බැහැර කරමින් එය රුපියල් සත මත පදනම් වූ ලාභදායී ආයෝජන ව්‍යාපාරයක් වශයෙන් සළකා සිය ආණ්ඩුවේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ඇරඹීය. 1980 දශකයේ “අධ්‍යාපන ධවල පත්‍රිකාව” හරහා රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරමින් ලාභය මත පදනම් වූ අධ්‍යාපන ක්‍රමයක් තහවූරු කිරීමට මුලපිරුවේය. නිදහස් අධ්‍යාපනය ආණ්ඩුවේ වැය බරක් වශයෙන් 1977න් පසු මෙරටට බිහිවූ සියලු ආණ්ඩු විසින් කටයුතු කල අතර අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීම සඳහා විවිධ අන පනත් පාර්ලිමේන්තුව තුලින් සම්මත කරගනු ලැබූහ. අධ්‍යාපනය සඳහා අය වැය ලේඛණයෙන් සියයට 6ක වියදමක් දැරීමට කිසිදු ආණ්ඩුවක් උත්සහ නොකලේ අධ්‍යාපනය රාජ්‍ය වගකීමක්ය යන සිද්ධාන්තය නව ලිබරල්වාදී ක්‍රමය අනුගමනය කරන ඔවුන් නොපිළිගත් නිසාය. මෙහි ආසන්නම සිදුවීම වූයේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය, කොතලාවල විශ්ව විද්‍යාල පනත විශ්ව විද්‍යාල කොමිෂන් සභාව අහෝසි කිරීමට උත්සහ දැරීම වැනි අවස්ථාවන්ය.

නව ලිබරල් අධ්‍යාපන ප්‍රතිපත්ති හරහා අධ්‍යාපන පුද්ගලීකකරණය තුලින් අධ්‍යාපනයේ විශාල පංගුවක් පෞද්ගලික අංශයට හිමිවීමෙන් අඩු අදායම් ලාභී පවුල්වල දරුවන්ට මුදල් නොමැති බැවින් අධ්‍යාපනයේ සම අවස්ථාවන් එම දරුවන්ට අහිමි වීම සිදු විය. එසේ ඉදිරිපත්වූ නව ලිබරල් ධනපති උත්සාහය පරාජය කළ හැකි වූයේ මෙරට සටන්කාමී ශිෂ්‍ය ව්‍යාපාරය ජීවිත පරිත්‍යාගයෙන් ඊට එරෙහිව සටන් කිරීමත් හා මෙරට වැඩ කරන ජනතාව එක්ව දියත් කළ දැවැන්ත විරෝධයන් නිසාය. එම අතීත සිදුවීම කෙසේවෙතත් මෙවර ජනාධිපතිවරණයේදි මාලිමාව නියෝජනය කරමින් නව ජනාධිපති කෙනෙකු පත්ව ඇත. ඔහුගේ නායකත්වයෙන් තරඟ වැදුනු මාලිමාව පාර්ලිමේන්තුවේ 2/3 වැඩි බලයක් අත්පත් කරගෙන සිටි. බටහිර ලෝකය හා අනෙකුත් අන්තර්ජාතික ජනමාධ්‍ය ඔබගේ ආණ්ඩුව හඳුන්වනු ලැබුවේ වාමාංශික ආණ්ඩුවක් ලෙසය.

ඔබගේ මැතිවරණ පොරොන්දු අතර තවත් ප්‍රබල පොරොන්දුවක් වූයේ ඉහල ආදායම් උපයන වෘත්තීන් 10ය ඇතුලට ගුරු, විදුහල්පති වැටුප් තල පිහිටුවනු බවයි. එදා එන්.එම්.පෙරේරා ප්‍රකාශ කල පරිදි නියම අධ්‍යාපනයකට යතුර නියමිත ගුරු මඩුල්ලයි. මෙය සිදු කිරීමට නම් විධිමත් හා තෘප්තිමත් අධ්‍යාපන වෘත්තිකයන් ගෙන් ගුරු වෘත්තිය පූර්ණ කල යුතුය. වැටුප් විශමතාවය ඇතුලු තවත් නොවිසදුනු ලැබු ගැට`ඵ රාශියක් අධ්‍යාපන ශ්‍රේත්‍රයේ පවතී. ඔබතුමිය ඇතුලු ආණ්ඩුව අධ්‍යාපනය අත්හල නොහැකි රාජ්‍ය වගකීමකි යන සංකල්පය කෙරෙහි කොතරම් විශ්වාසයක් තබන්නේද? යන්න ගැටලු සහගතය.

IMF කොන්දේසි එකහෙලා පිලිගන්නා ඔබගේ ආණ්ඩුව ඉහත සිද්ධාන්ථයන් සමග කොතරම් ශක්තිමත්ව කටයුතු කරයිද? යන්න තවත් ගැටලුවකි. පෞද්ගලීකරන මාවතේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා තුල අධ්‍යාපනය රාජ්‍ය වගකීමක් ලෙස සලකා කටයුතු කරනවා වෙනුවට එය ලාභ ලබන ක්ශ්‍රේත්‍රයක් ලෙස අරමුණ කොට ගත් පෞද්ගලික ව්‍යවසායකයන්ට පාවාදීමක් නොකරන්නේද? අධ්‍යාපනය අයිතියක් මිස වරප්‍රසාදයක් නොවේය යන්න මත සමාජ සාධාරණත්වයක් තුල ඔබට කටයුතු කිරීමට තිබෙන හැකියාව හා උවමනාව පිළිබඳ මෙරට ශිෂ්‍ය ව්‍යාපාරය හා වැඩ කරන ජනතාව මෙන්ම ඡන්දය දුන් ජනතාව ඉතා ඉවසිල්ලෙන් බලා සිටින බව නොකිවමනාය.

 

– ප්‍රසන්නජිත් පුංචිහෙට්ටි –

Related Posts

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු
Articles

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

මීගමුව හා මහර හා කුරුවිට බන්ධනාගාරවල ඇතිවූ ගැටුම් වලින් රැඳවියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය වූ අතර බන්ධනාගාර නිලධාරීන්ද ඝාතනයට ලක්විය....

by Taniya
August 13, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය
Articles

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා අනුර කුමාරගේ ආණ්ඩුව ගෙන තිබෙන තීන්දුව මේ දිනවල රට තුළ සාකච්ඡාවට භාජනයවී...

by Taniya
August 12, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්
Articles

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

කම්කරු පන්තියේ කාන්තාවන්ගේ පීඩනය ජය ගැනීම සඳහා වැඩ පිළිවෙලක් ලොව පුරා සිටින කාන්තාවන් විවිධ ආකාරවලින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු...

by Taniya
August 12, 2026
ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.
Articles

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.

ජාතික ජන බලවේගය බලයට පත්වූයේ දැවැන්ත පොරොන්දු තොගයක් සමග බව අපි කවුරුත් දනිමු. ”‍පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ ප්‍රකාශනයේ අන්තර්ගත...

by Taniya
February 3, 2026
Next Post
2025 February Ratutharuwa

2025 February Ratutharuwa

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • Articles
  • Activities
  • Ratutharuwa
  • USP Statements
  • Upcoming Events
  • World News
  • Books
  • Other
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.