lankasocialist
Sunday, June 28, 2026
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා

Taniya by Taniya
December 4, 2024
in Articles
0
ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා
Share on FacebookShare on Twitter

කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ හා බි්‍රතාන්‍ය හා වේල්සයේ සමාජවාදී පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ලින් වොල්ෂ් සහෝදරයා පසුගිය නොවැම්බර් 15 වන දින අපගෙන් සදහටම සමුගත්තේය. ලිපි, පොත් පත් ලිවීම හා ගැඹුරින් අදහස් දැක්වීම වගේම වාද විවාද වලට මැදිහත් වීමට ඔහු විශේෂ දක්‍ෂතා දැක්වූ අයෙකි. 1968 ප්‍රංශ විප්ලවයේ සිදුවීම් ගැන හා 1974 පෘතුගාල විප්ලවයේ දිග හැරීම් ගැන ඔහු ඉදිරිපත් කළ විග්‍රහයන් තවමත් අප අතර සාකච්ඡා වලට ඉමහත් දායකත්වයක් සපයනු ලබයි.

1989දී සෝවියර් සංගමය හා බැදි පැවැති අනෙකුත් නැගෙනහිර කලාපයේ ස්ටැලින්වාදී රාජ්‍ය පද්ධතිය බිඳ වැටීමේ ප්‍රථිපලයක් ලෙස විවරවූ නව කාල පරිච්ඡේදය හමුවේ මතු වූ අභියෝගයන් වූ ගෝලීය සබදතා, ධනේෂ්වර ආර්ථිකයේ ගමන් මග ගැනද බලවතෙක් ලෙස නැගී එන චීනයේ පංති ස්වභාවය, හා යුරෝපයේ පංති අරගලයේ වර්ධනයන් ගැන ලින්ගේ දායකත්වය බෙහෙවින් වැදගත් භූමිකාවක් ඉටු කරන ලදි. ජාත්‍යන්තර පරිමානව ලෝක සමාජවාදී විප්ලවයට නායකත්වය සැපයීම සඳහා අත්‍යවශ්‍ය ස්වයං බද්ධ සාධකය වන විප්ලවවාදී පක්‍ෂය ගොඩ නැගීම කෙරෙහි ඔහු තුල පැවැති අධිශ්ඨානය එහිදී කැපී පෙනුනි.

බි්‍රතාන්‍ය ලේබර් පක්‍ෂය තුල ප්‍රවේශවාදී උපායක් දියත් කරමින් ඊට පරිබාහිරව විප්ලවවාදී පක්‍ෂය ගොඩනැගීම සඳහා වසර ගනනාවක් ලින් දේශපාලන කටයුතු වලට මැදිහත් විය. 1983 දී පිටර් ටැෆ්, කීත් ඩිකින්ෂන්, ටෙඩ් ග්‍රාන්ට්, ක්ලෙයාර් ඩොයිල් සමග ලින් වොල්ෂ් ලෙබර් පක්‍ෂ නායකත්වය විසින් නිලධාරීමය පියවරක් අනුගමනය කරමින් නෙරපීමට කටයුතු කළේ විශාල ආන්දෝලනයක් මතු කරමිනි. 1988 සමයේ ආර්ථික අවපාතය සම්බන්දයෙන් ඉතා තික්‍ෂණ විවරණයක් ඉදිරිපත් කිරීම හරහා ලින් ආර්ථික විද්‍යාව ගැන මාක්ස්වාදී දැනුම ලෝකයටම ප්‍රදර්ශණය කිරීමට සමත් විය. Militant International Review හා Socialism Today යන මාක්ස්වාදී සඟරා වල වසර ගනනාවක් ප්‍රධාන කතෘ ධූරය හෙබවු ඔහු පසුගිය වසර කීපය තුල ක්‍රියාකාරී දේශපාලනයේ නිරත නොවීමට ඔහුගේ දැඩි අසනීප තත්වය හේතු විය. එක්සත් සමාජවාදී පක්‍ෂයේ හා එහි පූර්වගාමි සංවිධානය වූ මාක්ස්වාදී කම්කරු ප්‍රවනතාවයේ සම්මේලන ගනනාවකටම සහභාගී වීම හරහා ඔහු අප පක්‍ෂයේ සමාජිකයින් අතර සමීපතයෙකු බවට පත් විය.

ලින්ගේ ජීවිත කාලය තුල ඔහු මුහුණ දුන් ඉතාම අවාසනාවන්ත සිදුවීම ලෙස ඔහු මා හමුවු අවස්ථාවක ප්‍රකාශ කලේ ඔහුගේ ජීවන සහකාරියවූ ලොරේන් ඩාවිස්ගේ අකල් මරණය සිදුවීමය. ඉන් වසර කීපයක් යාමට මත්තෙන් සුවකල නොහැකි ලෙස ඇස් නොපෙනීම යාම නිසා ඔහු මානසික වශයෙන් දුර්වල තත්වයකට ඇද වැටුණි. දශක ගනනාවක් පුරා ඉතා සමීපව දේශපාලන වාද විවාද වලට සහභාගි වූ ඉතා සමීප මිත්‍රයෙකු හා දේශපාලන සගයෙක් වශයෙන් ලින් අප වෙත ලබා දුන් සහයෝගය සදා අමරණීය වේ. CWI ජාත්‍යන්තයේ නවක සහෝදරවරුන් ලින් කිසි දිනක මුණ නොගැසුනද ඔහු මාක්ස්වාදයේ හා ට්‍රොට්ස්කිවාදයේ ආරක්‍ෂාව සඳහා ඔහු එකතු කළ ලිපි ලේඛණ වලින් නවක සහෝදරවරුන්ට ලින්ව හඳුනා ගැනීමට හැකිවනු ඇත.

මියයන තුරු මාක්ස්වාදී න්‍යාය පෝෂණය කරමින් ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයට මහගු දායකත්වය උරුම කර දුන් ලින් වොල්ෂ් සහෝදරයාට විප්ලවීය ආචාරය පුද කරමු.
සිරිතුංග ජයසූරිය

Related Posts

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.
Articles

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.

ජාතික ජන බලවේගය බලයට පත්වූයේ දැවැන්ත පොරොන්දු තොගයක් සමග බව අපි කවුරුත් දනිමු. ”‍පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ ප්‍රකාශනයේ අන්තර්ගත...

by Taniya
February 3, 2026
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි
Articles

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා...

by Taniya
August 31, 2025
“ AI Bot” තාක්‍ෂණය  නිවැරදිව හඳුනා ගනිමු
Articles

“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු

ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ...

by Taniya
December 11, 2024
මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024
Articles

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ...

by Taniya
December 4, 2024
Next Post
මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 - 2024

Lanka Socialists

Separated they live in Bookmarksgrove right at the coast of the Semantics, a large language ocean. A small river named Duden flows by their place and supplies it with the necessary regelialia. It is a paradisematic country, in which roasted parts of sentences fly into your mouth.

Subscribe Our Newsletter

  • From the Press
  • Articles
  • Activities
  • Ratutharuwa
  • USP Statements
  • Upcoming Events
  • World News
  • Books
  • Other
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.