lankasocialist
Thursday, August 13, 2026
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024

Taniya by Taniya
December 4, 2024
in Articles
0
මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024
Share on FacebookShare on Twitter

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ ආයතනයේ හිටපු සාමාජිකයෙකු වූ මහාචාර්ය කුමාර් ඩේවිඩ් පසුගිය ඔක්තෝබර් 14 වන සඳුදා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි සිටියදී සදාකාලික විවේකය සඳහා පිටත්ව ගියේය. 1980 ජූලි මාසයේදී නව සම සමාජ පක්ෂයෙන් ඉවත් වූ දා සිට පසුගිය දශක ගණනාවක් පුරා ඔහු වර්ධනය කල විසම්මුතික, නමුත් ජනතාවාදී ඉදිරිදර්ශන සාකච්ඡා ඔහුගේ කියවීම් “වාම” නැඹුරු ඉංග්‍රීසි පාඨකයාට මග හැරෙනු ඇතැයි අපි විශ්වාස කරමු. පොදු වශයෙන් දේශපාලනික, ඔහු ”‍විසිරුණු වමේ සමගිය”‍ වෙනුවෙන් පෙනී සිටියේය.

වෘත්තීයමය වශයෙන්ද ඔහු සුවිශේෂී, ප්‍රායෝගික චින්තකයෙකු ලෙස කැපී පෙනුණු අතර ඒ සඳහා බොහෝ අයගේ පිළිගැනීමට ලක්විය. 1970 දී, ජූලි මාසයේ සිදුවූ ආණ්ඩු මාරුවෙන් පසුව ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වූ ලාබාලතම ඉන්ජිනේරුවරයා ඔහු බව අපි විශ්වාස කරමු. ඒ වන විට කුමාර්ට අවුරුදු 30ක්වත් විය හැකිය. 1979 දී ජේ.ආර්.ගේ ආණ්ඩුවෙන් මහවැලි යෝජනා ක්‍රමය ගැන සංවර්ධන බලශක්ති උත්පාදන අධ්‍යයන නිරීක්ෂණ සඳහා සැලැස්මක් නිකුත් කරන විට ඔහු ඒ ගැන දැඩි නිර්මාණශීලි විවේචකයෙකු විය.

අපට නම්, කුමාර් අපගේ ආරම්භක තරුණ සමසමාජ ක්‍රියාකාරීන් අතර සිත්ගන්නා තර්ක වාදකයෙක් විය. එවකට අපි ප්‍රවේශවාදී ක්‍රියාවක් අනුගමනය කරමින් ලසසපය නැවත ට්‍රොට්ස්කිවාදී දේශපාලනය වෙත හැරවීමට උත්සාහ කළෙමු. වික්‍රමබාහු, සුමනසිරි ඇතුළු අනෙකුත් විද්වතුන් අතර සිටි, ”‍වාම-සමසමාජය”‍ යනුවෙන් කටයුතු කල මෙම කුඩා ක්‍රියාකාරී කණ්ඩායමේ ප්‍රධාන ක්‍රියාකාරීන් වූ ශාන්ත ද අල්විස්, නලින් ද සිල්වා, ක්‍රිස් රොද්‍රිගෝ වැනි අය සමග කුමාර් එකඟ නොවු ඕනෑම සාකච්ඡාවකදී ඔහු අවංකව සහ දැඩි මැදිහත්කරුවෙකු ලෙස කැපී පෙනුනු කාර්්‍යයක් ඉටු කලේය. ඔහු බොහෝ ආකාරවලින් අද්විතීය චරිතයක් විය. ඔහු වාද විවාදවලදී දැඩි ලෙස පහර දෙන අතර උපහාසාත්මක ස්වභාවයක් ගනිමින් මැදිහත් වූ අතර, විටෙක ඔහු දැනුවත්වම සිංහල යෙදුම් අවශ්‍ය ලෙස වැරදි ලෙස උච්චාරණය කිරීම හෝ වැරදි ස්ථානයක ඒවා භාවිතා කිරීම, හරහා සාකච්ඡාවලදී ඔහුට අවශ්‍ය සියලු‍ අවධානය දිනා ගැනීමට සමත් විය.

කුමාර්ට තිබු විශේෂ ශක්තිය වූයේ දේශපාලනිකව ගැටලු‍ දෙස ගැඹුරින් බැලීමට ඔහු තුල තිබූ හැකියාවයි. අපි නව සම සමාජ පක්‍ෂය තුල නායකයින් ලෙස කටයුතු කරමින් සිටි අවධියේ 1980 ජූලි වැඩ වර්ජනයේ ඇති විය හැකි ප්‍රතිඵලය ගැන ඔහු අප දෙදෙනාට පැවසු දෙය තවමත් මතකයේ රැදී ඇත. 1980 ජූලි වැඩ වර්ජනයට දෙසතියකට පෙර ඔහු සිම්බාබ්වේ හි අධ්‍යයන තනතුරක් භාර ගැනීමට අවශ්‍යව තිබු නිසා නසසප මධ්‍යම කාරක සභාවෙන් ඉල්ලා අස්විය. ඔහු ශ්‍රී ලංකාවෙන් සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතව තිබූ දින සවස් වරුවේ ඔහුගේ නිවස ඉදිරිපිට තිඹිරිගස්යාය ජාවත්ත පාර හරහා ගමන් කරමින් සිටියදී අපට ඔහුව අහම්බෙන් හමු විය. ඔහු එහිදී අපෙන් ඇසුවේ වැඩ වර්ජනයේ තත්වය කොහොමද යනුවෙන්ය. අප වර්ජනය ගැන ඉදිරිපත් කල අදහස් උපේක්ෂාවෙන් උපහාසයට ලක් කරමින් ඔහු පැවසුවේ, “මචෝ, ජේ.ආර්. තව ටික දවසකින් මුළු වර්ජනයම අනුකම්පා විරහිතව කුඩුපට්ටම් කරනවා. ලිපිකරුවන් සමඟ පමණක් මහා වැඩ වර්ජනයක් සාර්ථක කල හැකිද යන්න ප්‍රශ්නයක් නේද? ජයවර්ධන ඉල්ලීම්වලට ඇහුම්කන් දීමට අවශ්‍ය නම් මේ යුගයේ ඔබ ලංවිම වැනි ප්‍රධාන ආයතන වල හෝ වර්ජනය සාර්ථක කළ යුතුයි ඔහු අපට පැවසීය. ඔහු එදා නිවැරදි බවට සැකයක් නැත.

දේශපාලන ප්‍රශ්න මත අපි වීදිවල උද්ඝෝෂණ කරන විට ඊට එරෙහිව පොලිසියේ ප්‍රහාරයන් සිදු කරන අවස්ථාවන් වලදී ඔවුන් දෙස බලා ඔහු හාස්‍යයෙන් යුතුව ඒ ගැන ප්‍රශ්න කරනු ලබයි. අනෙක් සියල්ලන්ට වඩා බොහෝ උස පුද්ගලයෙකු වූ දුඹුරු රැවුලකින් යුක්ත, ඔහුට පොලිස් නිලධාරීන් පවා ගරු කරන අධිපති පෞරුෂයක් නිර්මාණයවී තිබුණි. ඔහු යාපනයේ කතෝලික දෙමළ පවුල්වල මූලයන් සහිත ඉතා ප්‍රභූ පසුබිමකින් පැමිණි අයෙකු බවට සැකයක් නැත. ඔහුගේ පියා දිස්ත්‍රික් විනිසුරුවරයෙකු වූ අතර ඔහුගේ සමීපතම පවුල් වල සිටි තවත් කිහිප දෙනෙකුද විනිසුරුවන් සහ නීතිඥයන් විය.

විදේශ ගතව ජීවත් වුවද ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයෙන් ශ්‍රී ලංකාවට නිතර පැමිණෙන අයෙක්වූ ඔහු ද්විත්ව පුරවැසියෙකු නොවූ නිසා, කුමාර් ජාතික හා ජාත්‍යන්තර දේශපාලන ප්‍රශ්න ගැන උනන්දු වූ අතර ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ඒවා පිළිබඳව තමාගේම අර්ථකථනයකින් ඉදිරිපත් කිරීමට කටයුතු කලේය. ඔහුගේ ඉංග්‍රීසි බුද්ධිය සහ උපහාසය සමග ඔහුගේ නිර්මාණ ඉතා ආශාවෙන් කියවිය හැකි වූ අතර ඒ නිසාම බොහෝ දෙනෙකුට මුද්‍රිත මාධ්‍යවල ඔහුගේ නම මග හැරෙන්නේ නැත. අප අතර බරපතල දේශපාලන වෙනස්කම් සහ ඉදිරිදර්ශන ගැන ප්‍රශ්න තිබියදීත් කුමාර් ගැන මෙවැනි සටහනක් තැබීමට අපගේ වෙනස්කම් බාදාවක් නොවන්නේය.

ඕනෑම සාකච්ඡා සංසදයක ආධිපත්‍යය දැරීමට සමත් පෞරුෂයක් ඔහුට තිබුණු අතර ශ්‍රී ලංකා දේශපාලනයේ මතුවන අනාගත සාකච්ඡා වලදී බොහෝ දෙනෙකුට ඔහුගේ මැදිහත්වීම් මග හැරෙනු ඇත. ඔහුගේ අභාවය ගැන අපගේ ශෝකය බිරිඳ රෝහිණී සහ ඔහුගේ පවුලේ දරුවන් සමඟත්, “‍වාම”‍ දේශපාලනයේ සිටින අනෙක් සියල්ලන් සමඟත් බෙදා ගනිමු. වසර 50කට අධික කාලයක් පුරා ඔබගේ සියලු‍ දායකත්වයට සහ සහයෝගීතාවයට ඔබට ස්තුතියි කුමාර්,

සිරිතුංග ජයසූරිය – එක්සත් සමාජවාදී පක්‍ෂය
කුසල් පෙරේරා – දේශපාලන රචක

Related Posts

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු
Articles

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

මීගමුව හා මහර හා කුරුවිට බන්ධනාගාරවල ඇතිවූ ගැටුම් වලින් රැඳවියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය වූ අතර බන්ධනාගාර නිලධාරීන්ද ඝාතනයට ලක්විය....

by Taniya
August 13, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය
Articles

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා අනුර කුමාරගේ ආණ්ඩුව ගෙන තිබෙන තීන්දුව මේ දිනවල රට තුළ සාකච්ඡාවට භාජනයවී...

by Taniya
August 12, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්
Articles

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

කම්කරු පන්තියේ කාන්තාවන්ගේ පීඩනය ජය ගැනීම සඳහා වැඩ පිළිවෙලක් ලොව පුරා සිටින කාන්තාවන් විවිධ ආකාරවලින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු...

by Taniya
August 12, 2026
ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.
Articles

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.

ජාතික ජන බලවේගය බලයට පත්වූයේ දැවැන්ත පොරොන්දු තොගයක් සමග බව අපි කවුරුත් දනිමු. ”‍පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ ප්‍රකාශනයේ අන්තර්ගත...

by Taniya
February 3, 2026
Next Post
“ AI Bot” තාක්‍ෂණය  නිවැරදිව හඳුනා ගනිමු

“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • Articles
  • Activities
  • Ratutharuwa
  • USP Statements
  • Upcoming Events
  • World News
  • Books
  • Other
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.