• #1387 (no title)
  • 2024 நாடாளுமன்றத் தேர்தல்
  • About Us
  • Articales
  • Articles
    • දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
  • Contact USP
  • Donate
  • Join Us
  • May Day
  • MayDay
  • MAYDAY 1
  • MAYDAY 1
  • New Menu 1
  • Ratutaruwa
  • Ratutaruwa artical
  • Ratutharuwa
    • ratutaruwa
  • Ratutharuwa
  • Sri Lanka:Tremendous success of book launch in Jaffna
  • Tamil
  • The Left
  • this year
  • USP MAYDAY
    • MAY DAY 2017
  • උතුරේ මහ ඇමති විග්නේශ්වරන් ප්‍රමුඛ දෙමළ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් “එලුංග තමිල්” නම්න් පැවති උද්ඝෝෂණය කෙරෙහි උද්ගතව ඇති තත්වය ගැන එක්සත් සමාජවාදී පක්ෂය, වමේ හඬ සංවිධානය, අක්ෂය සාමූහිකය එක්ව පවත්වන ලද පුවත් පත් සාකච්ජාව
  • ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ
Lanka Socialists
No Result
View All Result
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

Committee for Worker’s International

Taniya by Taniya
May 29, 2024
in Articles
0
Committee for Worker’s International

ටෝනි සනුවා CWI ලේකම්

මීට වසර 50කට පෙර 1974 අප්‍රේල් 20-21 සති අන්තයේ, ලන්ඩනයේ කැම්ඩන් හි “ඕල්ඩ් මදර් රෙඩ්කැප්” ආපන ශාලාවේ හි කාමරයක කුඩා නමුත් තීරණාත්මක ජාත්‍යන්තර රැස්වීමක් පැවැත්විණි. මෙම රැස්වීම නව විප්ලවවාදී ට්‍රොට්ස්කිවාදී ජාත්‍යන්තර සංවිධානයක් වන කම්කරු ජාත්‍යන්තරයක් සඳහා වූ කමිටුව – CWI දියත් කිරීම සඳහා ඓතිහාසික තීන්දුවකට එළැඹිය. එසේම නව ජාත්‍යන්තරය මාක්ස්, එංගල්ස්, ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ අදහස් හා විධික්‍රම මත පදනම්ව ගොඩනැගීමට තීන්දු කරන ලදි.

එම රැස්වීමට පැමිණ සිටියේ බි්‍රතාන්‍යයේ ‘මිලිටන්ට්’ නැමැති පුවත්පතේ සාමාජිකයින් සහ අයර්ලන්තය, ජර්මනිය සහ ස්වීඩනය යන රටවල පිහිටුවා ඇති ඉතා කුඩා කණ්ඩායම්ය. ශ්‍රී ලංකාව, ජැමෙයිකාව සහ තවත් සමහර රටවල තනි පුද්ගලයින් ද මෙයට එක් විය. එම අවස්ථාවෙහිදී සංඛ්‍යාවෙන් ඉතා කුඩා වුවද, CWI 1970 දශකයේ දෙවන භාගයේ සහ 1980 ගණන්වල වැදගත් ඉදිරි පියවරක් තබමින් ජාත්‍යන්තරව සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට සමත් විය. වසර 50ක් පුරා, CWI ජාත්‍යන්තර කම්කරු පන්තිය සඳහා විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරමින් දේශපාලන අරගලයක නිරත වූ අතර කම්කරු පන්තියේ සහ පීඩිතයින්ගේ අරගල සඳහා සහභාගී වෙමින්, බොහෝ පංති අරගල අවස්ථාවල ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලැබීය.

බි්‍රතාන්‍යයේ, ජර්මනියේ, එක්සත් ජනපදයේ සහ තවත් සමහර රටවල වැඩ වර්ජනවල නැගීමත් සමග පන්ති අරගලයේ පිබිදීම සඳහා සීඩබ්ලිව්අයි සාර්ථකව මැදිහත් වී ඇත. ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ දිගහැරුණු බිහිසුණු තත්ත්වයන් තුළ නයිජීරියාව, දකුණු අප්‍රිකාව, චිලී, ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි තීරණාත්මක රටවල විප්ලවීය හරය අපි පවත්වා ගෙන ගිය අතර, අපගේ බලවේග එහි සිදුවන පංති අරගලවලට සක්‍රීයව සහභාගීවීමට හැකිවිය. යුද්ධ තත්වයන් සමග පන්ති ගැටුම් හා අරගලය ත්‍රිවු වීම හා ගෝලීය ධනවාදයේ ගැඹුරු වන අර්බුදය ඉදිරියේ සමාජවාදී ස්වාධීන දේශපාලන විකල්පය ගොඩනැඟීම සඳහා හදිසි අවශ්‍යතාවය කම්කරු පන්තිය ඉදිරියේ මතු කර ඇත.
සීඩබ්ලිව්අයි ජාත්‍යන්තරය එම ක්‍රියාවලියේ කොටසක් වන අතර විප්ලවවාදී ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ලෝක පරිමානව යලි ගොඩ නගමින් අවසානයේ බහුජන පක්ෂ බවට පත්විය හැකි විප්ලවවාදී සමාජවාදී පක්ෂ ගොඩනැගීම සඳහා සක්‍රිය වැඩ කොටසක් ඉටු කරමින් සිටි. එවැනි පක්ෂ ගොඩනැගීමේ අරගලයේදී මතුවන නව බලවේග හා පක්ෂ බිහිවනු ඇත. අප ගොඩනගන සංවිධාන ශක්තිමත් මාක්ස්වාදී න්‍යායික පදනමක් සහිත ඉදිරි දර්ශනයක් සහ වැඩපිළිවෙලක් මත පදනම් වීම අත්‍යවශ්‍ය කරුනකි. ඒ අතරම, ඔවුන් පන්ති අරගලයට සහ පීඩිතයන්ගේ ජීවිතවලට ක්‍රියාකාරීව මැදිහත්වීම් සහ සහභාගීත්වය මූලික කර ගත යුතුය. නවලිබරල් ධනවාදී වැඩපිළිවෙල පරාජය කිරීමට සහ සමාජවාදී අනාගතයක් ගොඩනැගීමට අධිශ්ඨාන කරගත් විප්ලවවාදී සමාජවාදී පක්ෂ සමග CWI ජාත්‍යන්තරය ගොඩනැගීමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බවට අපගේ වසර 50ක ඉතිහාසය පෙන්නුම් කර ඇත.
බි්‍රතාන්‍යයේ Militant සංවිධානය පිහිටුවීම සහ කම්කරු ජාත්‍යන්තර සඳහා කමිටුවේ ආරම්භක සමුළුව අතර දශකයක පමණ පරතරයක් පැවති නමුත් එයින් අදහස් කළේ අප නිහඩව සිටීම නොවේ. බි්‍රතාන්‍යයේ කටයුතු කළ අපි නිරතුරුවම ලෝක සිදුවීම් විශ්ලේෂණය කරමින් ජාත්‍යන්තර වශයෙන් අපේ බලවේග ගොඩනැංවීමේ නව මාර්ග සොයමින් කටයුතු කලෙමු.

ස්කොට්ලන්තයේ සහ අයර්ලන්තයේ – (උතුරේ සහ දකුණේ) ට්‍රොට්ස්කිවාදීන් ලෙස හැඳින්වූ අප දන්නා කණ්ඩායම් සමඟ විවිධ සම්බන්ධතා පවත්වාගෙන ගියෙමු. 1960 ගණන්වල අගභාගයේ සහ 1970 ගණන්වල මුල් භාගයේදී අපි කුඩා සංවිධානයකින් බි්‍රතාන්‍යයේ LPYS ගොඩනඟා ගත්තෙමු, පසුව එහි වාර්ෂික ජාතික සම්මන්ත්‍රණවලදී තරුණයින් 2,000කට නොඅඩු සංඛ්‍යාවක් සිටින තත්වය දක්වා ගොඩනගා ගතිමු.
අවාසනාවකට මෙන්, 1968 මැයි මාසයේ ප්‍රංශයේ විප්ලවවාදී සිදුවීම්වලට මැදිහත් වීමට අපට හැකියාවක් නොතිබුණි. එහෙත් ඒවා පුපුරා යාමට සති කිහිපයකට පෙර, ලන්ඩනයේ පැවැති මහජන විවාදයේ දී, අප සංවිධානයේ ලේකම් පීටර් ටැෆ් හතරවන ජාත්‍යන්තරයේ නායකයින් වැරදි මාර්ගයක ගමන් කරන බව පෙන්වා දුන්නෙමි. ඔවුන් ප්‍රංශයේ සිදු වූ කම්කරුවන්ගේ අරගල බැහැර කරමින් සිටියා පමණක් නොව වියට්නාමයේ ගොවි හමුදාවේ අරගලය 1917 රුසියාවේ බොල්ෂෙවික් විප්ලවයට සමාන බව ප්‍රකාශ කළහ.

1970 දී අපි ජාත්‍යන්තරය ගොඩනැගීම සඳහා වැඩපිළිවෙලක් නිෂ්පාදනය කරන ලදි. එය දෙවන ලෝක යුද්ධය අවසානයේ සිට අපගේ ජාත්‍යන්තර අත්දැකීම් සාරාංශ කිරීමක් විය. ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳව අපි ලන්ඩනයේ සම්මන්ත්‍රණ පැවැත්වූ අතර, පවතින හතරවන ජාත්‍යන්තරයට නැවත සම්බන්ධ වීමට උත්සාහ නොකිරීමට අපි තීරණය කළෙමු. ඒ සමග ලොවපුරා සිටින අනෙකුත් විප්ලවවාදී සහ වාමාංශික බලවේග සමඟ සාකච්ඡා කිරීම තුළින් ජාත්‍යන්තර වශයෙන් සහයෝගය ගොඩනැගීමට අපි කටයුතු ආරම්භ කළෙමු. අපට හැකි සෑම තැනකම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ අනෙකුත් කම්කරු පක්ෂවල තරුණ කොටස්වලට සමීප වීම සඳහා අපි LPYSහි සංවිධාන ජාලය භාවිතා කළෙමු.

එවකට LPYS සභාපති වශයෙන් කටයුතු කළ පීටර් ඩොයිලි සහ අනෙකුත් සහෝදරවරු විදේශයන්හි විවිධ සම්මන්ත්‍රණවලට ගියහ. ඉන් එකක් වූයේ ස්වීඩන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී තරුනයෝ සංවිධානයේ වාම විරුද්ධ පාර්ශවයේ කොටසක් අපගේ අදහස්වලට දිනාගැනීමය. ජර්මනියේ, තරුණ සමාජවාදී සංවිධානයේ සාමාජිකයින් ගණනාවක් LPYSහි ප්‍රචාරක කටයුතු වලට ආකර්ශනය වී අප හා එක් විය. එය 1980 ගණන් වන විට සැලකිය යුතු ලෙස වර්ධනය වූ ඉතා ධනාත්මක ප්‍රතිචාරයක් ලබා ගැනීමට සමත් විය.

ලෝකයේ ට්‍රොට්ස්කිවාදී පළමු බහුජන පක්ෂය ලෙස පැවති ලංකාවේ “ලංකා සම සමාජ පක්‍ෂය” සමග සම්බන්දතා ආරම්භ වූයේ මෙම කාලයේදීය. එහි සභාගවාදී හා ප්‍රතිසංස්කරණවාදී ප්‍රතිපත්තිවලට විරුද්ධ වූ එම පක්ෂයේ සාමාජිකයන් සමඟ සම්බන්දතා ඇති කිරීමට හැකි විය. 1974 වසරේදී ටෙඩ් ග්‍රාන්ට් සහ පීටර් ටැෆ්, සිරිතුංග ජයසූරිය ඇතුලු සහෝදරවරුන් සමගද පසුව ඉන්දියාවේ ජගදීෂ් චන්ද්‍ර ඇතුළු තරුණ විප්ලවාදීන් හමුවිය. ඔවුන් දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සීඩබ්ලිව්අයි ජාත්‍යන්තරයේ එම රට වල ශාඛා වලට නායකත්වය දෙමින් ආසියාවේ අපගේ බලවේග ගොඩනැගීමේදී එකිනෙකාට සහාය වෙමින් කටයුතු කර සිටින්නෙමු.
යුද්ධ සහ විප්ලව යනු විප්ලවවාදී බලවේගයන් මුහුණ දෙන විශාලතම පරීක්ෂණය වන්නේය. ඔවුන්ගේ සංවිධානාත්මක ශක්තිය පවත්වා ගැනීම සම්බන්ධයෙන් පමණක් නොව, පංති අරගල වලට මැදිහත් වීම තීරණාත්මක සාදකයකි. ගෝලීය වශයෙන් සළකා බැලීමේදී අපගේ බලවේග තවමත් සාපේක්ෂ වශයෙන් දුර්වල වුවද, දේශපාලනික වශයෙන් අප මෙම පරීක්ෂණ වලදී ඉහලින් සමත් වී ඇති බව අපට විස්වාසය. එහෙත් කම්කරුවන් හා තරුනයින් අපගේ සංවිධාන වලට බැඳීමට ඒත්තු ගැන්වීමට අපට පහසු නොවූ අතර අතීතයේ ප්‍රතිසංස්කරණවාදී හා ස්ටැලින්වාදී සංවිධානවල පාවාදීම් වල වැරදි දේශපාලනය සමග අපට නිරන්තර අරගල කිරීමට සිදුවිය. එම ක්‍රියාදාමය ඉදිරියටත් එසේම වලංගුය.

කෙසේ වෙතත්, කම්කරු පන්ති අරගලයේ අත්‍යවශ්‍ය සාධකය වන සමාජවාදී වැඩපිලිවෙල මත පදනම්ව කටයුතු කරන පක්ෂ ගොඩ නැගීම පිලිබඳ අපගේ අවධාරනය, තීරණාත්මක සාධකය වන්නා සේම විප්ලවවාදී නායකත්වයන් ගොඩ නැගිමේදී එය බැහැර කළ නොහැක.

සීඩබ්ලිව්අයි ජාත්‍යන්තරය සිය වසර 50 ක පැවැත්ම තුළ ට්‍රොට්ස්කිගේ න්‍යාය මත පදනම්ව සැබෑ කම්කරුවන්ගේ ජාත්‍යන්තරයක් ගොඩනඟමින් සමාජයේ පරිවර්තනය ගෙන යාමට ප්‍රමාණවත් බලවේග ඒකරාශි කරමින් සිටි. ඒ සඳහා ට්‍රොට්ස්කි විසින් ඉදිරිපත් කල සංක්‍රමනීය ක්‍රියාමාර්ගය නැමැති වැඩපිළිවෙල මත පදනම් වීම අපගේ සාර්ථකත්වයේ සංකේතයයි. ධනපති පංතියේ බලවේග ශක්තිමත්ව සිටින පරිසරයක සමාජවාදී පරිවර්තනයක් සාමකාමීව බිහිකිරීම කල හැක්කක් නොවේ. ධනේෂ්වර රාජ්‍යයේ බලවේගවල කොටස් පංති අරගලයේ වර්ධනයන් තුලදී කම්කරු පන්තියේ පැත්තට දිනා ගත හැකිය, එහෙත් ඉතිහාසයේ නොයෙක් වර අප දැක ඇති පරිදි, ධනපති පාලක පන්තිය සටනකින් තොරව ඊට ඉඩ නොදෙනු ඇත.

ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් ගොඩනැගුනු බොල්ෂෙවික් පක්ෂය වැනි පැහැදිලි දැක්මක් ඇති නායකත්වයක් සහිත, කම්කරුවන් විශ්වාස කරන පක්ෂයක්, ගොඩනැගීම ජාතික හා ජාත්‍යන්තර පරිමාණයෙන් ධනවාදය අවසන් කිරීම සඳහා පූර්ව කොන්දේසියක් වන්නේය.

වර්තමාන තත්වයන් තුළ, එක් රටක බලයට පත් වන කම්කරු පංතිය විසින් කරනු ලබන ආයාචනයක් හරහා දේශසීමා බිඳගොස් සාර්ථක විප්ලවයක් ලැව් ගින්නක්සේ අවුලුවාලනු ඇත. සමාජවාදයේ සහ කොමියුනිස්ට්වාදයේ පදනම මත මානව වර්ගයාගේ අනාගතය පරිවර්තනය කිරීම සඳහා ලොව පුරා කම්කරුවන්ගේ අරගල එක්සත් කිරීමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන සැලකිය යුතු සංවිධානයක් බවට කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුව ලොව පුරා ගොඩනැගිය හැකි බව අපගේ මෑත ඉතිහාස ක්‍රියාකාරකම් වලින් මැනවින් පිළිබිඹු කරනු ලබයි.

Previous Post

යන යකා කොරහත් බිඳගෙන යාමට පෙර…

Next Post

ආර්. සම්පන්තන්ගේ වියෝව යුගයක අවසානයක්

Next Post
ආර්. සම්පන්තන්ගේ වියෝව යුගයක අවසානයක්

ආර්. සම්පන්තන්ගේ වියෝව යුගයක අවසානයක්

Categories

  • Activities
  • Articles
  • Books
  • From the Press
  • Local
  • Other
  • Persepectives
  • Ratutharuwa
  • Upcoming Events
  • USP Statements
  • Video/Audia
  • World News
  • අවනඩුව

Archives

  • February 2025
  • December 2024
  • November 2024
  • October 2024
  • September 2024
  • August 2024
  • July 2024
  • May 2024
  • April 2024
  • March 2024
  • February 2024
  • November 2023
  • October 2023
  • September 2023
  • August 2023
  • July 2023
  • June 2023
  • May 2023
  • April 2023
  • March 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • October 2022
  • September 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • April 2022
  • February 2022
  • December 2021
  • November 2021
  • April 2021
  • February 2021
  • January 2021
  • December 2020
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • June 2017
  • May 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • November 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • September 2015
  • August 2015
  • July 2015
  • June 2015
  • May 2015
May 2024
M T W T F S S
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Apr   Jul »

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.