lankasocialist
Friday, October 23, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

රනිල්ගේ ඊනියා සවිමත් අනාගතයකට – 2024 අය වැය සහ IMF

Taniya by Taniya
August 13, 2026
in ලිපි
0
රනිල්ගේ ඊනියා සවිමත් අනාගතයකට  –  2024 අය වැය සහ IMF
Share on FacebookShare on Twitter

ඔහු මුලින් කිව්වේ 2048දී සංවර්ධිත රටක් ගොඩනැගීම ගැනය. ඊට පසුව කිව්වේ 2048දී ස්මාට් රටක් හදනවා කියාය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔහු යන යන රැස්වීමක් ගානේ කියන්නට අලු‍තෙන් දෙයක් ගොතාගනී. ඒ අලු‍ත් වචනයකට, පදයකට මේ රටේ ජනතාව රවටාගත හැකියයි ඔහු සිතන බවක් පෙනේ.

මේ පිං ජනාධිපතිවරයාගේ අලු‍ත්ම තේමාව වී ඇත්තේ සවිමත් අනාගතයකට පෙරවදනක් යන්නයි. 2024 අයවැය කතාවට තේමාව වශයෙන් යොදාගෙන ඇත්තේ එයයි. කාගෙන් හෝ ණයට ඉල්ලාගත් තේමාවක් බව පෙනෙන මෙයින් ඔහු කොයිතරම් වසඟයට පත්වූයේද යත් අයවැය කතාවට පසුදිනම තම ගෝලබාලයන් ලවා තමාට ප්‍රශංසා කරන පෝස්ටර් රට පුරා අලවා ගැනීමට ක්‍රියා කළේය.

බුදු බණින් පටන් ගෙන අයවැය ඉදිරිපත් කළ රනිල් අන්තිමට කළේ පොදු ජනයාගේ පසුම්බිය පික් පොකට් ගහන වැඩකි. රටේ ඉදිරි ගමනට කිසිදු ආකාරයකින් ඉවහල් නොවන නිරර්ථක හිස් යෝජනා රැසකින් ගහන මේ අයවැයේ එකම පලදායී යෝජනාව ලෙස පෙනීයන්නේ කොළඹ නගරයේ මහල් නිවාස අඩු ආදායම් ලාභී නිවැසියන්ට පවරා දීමට කළ යෝජනාව පමණි. රබන් ගසා රතිඤ්ඤා පත්තු කර එය පිලිගත්තද ක්‍රියාත්මක කිරීමේදී ගැටළු රැසක් මතුවනු ඇති බව සැඟවිිය නොහැකි වනු ඇත. සරලම අර්ථයෙන් කිවහොත් අදාළ අඩු ආදායම් ලාභීන් තෝරා ගැනී⁣මේ⁣ සිට මෙය ප්‍රශ්නවලට තුඩු දෙනු ඇත.

මුලු‍ අයවැය කතාව පුරාම අහන්නට ලැබුණේ අරකට මෙච්චර මුදලක්, මේකට මෙච්චර මුදලක් වෙන් කරනවා වැනි ප්‍රකාශයන්ය. වෙන් කරන්නට මුදල් තිබිය යුතුය. එසේ ඇති මුදලක් නැත. මුදල් සොයා ගන්නේ ජනතාව මත බර පැටවීමෙනි. වැට් බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩිිකරන බව අයවැයට කලින්ම ප්‍රකාශයට පත්කෙරිනි. මෙතෙක් වැට් බද්දට යටත් කර නොතිබූ හාල්, ළදරු කිරිපිටි, ඛනිජ තෙල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලද මෙම සියයට 18 වැට් බද්දට යටත් කිරීමෙන් පෙනීයන්නේ වික්‍රමසිංහ – රාජපක්ෂ පාලනය ඉතාම කෲර ලෙස පොදු ජනයාගේ රීරි මාංසයම උරා බොන්නට සැදී පැහැදී සිටින ආකාරයයි. ෆිච් රේටින්ස් ආයතනය ගණන් බලා ඇති අයුරු සියයට 3කින් වැට් බද්ද වැඩිිකිරීම නිසා භාණ්ඩ මහ සේවා මිල සියයට 8.7කින් ඉහළ යනු ඇත. සීනි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සත 25 සිට රුපියල් 50 දක්වා වැඩිිකිරීම නිසා සීනි මිල ඉහළ ගොස් ඇති අයුර බැලීමෙන් මේ කාරණය පැහැදිලි වේ.

මේ අයවැයේ යෝජනා කීපයක් පරීක්ෂා කිරීමේදී ඒවායේ හිස් බව පෙනීයයි. මහා විහාර විශ්ව විද්‍යාලයක් ඇරඹීම සඳහා රුපියල් මිලියන 400ක් වෙන්කොට ඇත. පාසල් ක්‍රිකට් සංවර්ධනයට රුපියල් බිලියන 1.5කි. හිඟු‍රක්ගොඩ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ඉදකිරීම සඳහා මූලික කටයුතු ඇරඹීමට රුපියල් බිලියන 2කි. ලොකුම විහිලු‍වක්⁣ ලෙස දැක්විය හැක්කේ 2042ට යෙදෙන පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සියවස් සමරුව සඳහා මූලික පියවර ගන්නට රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට යෝජනා කිරීමයි. 2042, 2048 වැනි දුර ඈත නොපෙනෙන ඉලක්ක කරා ජන මනස යොමු කර ඒ තුළින් ජනයා රැවටිය හැකියයි රනිල් කල්පනා කරන බවක් පෙනේ. ජනාධිපතිවරයාගේ මේ යෝජනාවලින් පෙනෙන්නේ ඔහු කොයිතරම් ිඅසංං⁣වේදී ⁣දේශපාලකයකුද යන්නයි. කෙනෙකුට හොඳ යෝජනාවක් ලෙස පෙනී යාහැකි ක්‍රිකට් සංවර්ධනය කිරීම පිළිබඳ යෝජනාව ගෙන බැලු‍වහොත් එහි ප්‍රයෝජනය ඇත්තේ මේ රටේ ලක්ෂ 30ක් පමණ වන පාසල් සිසුන්ගෙන් සියයට 10ක පමණ සුළු පිරිසකට පමණි. එක අතකට ක්‍රිකට් යනු ඉතාම සුළු පිරිසක් සම්බන්ධ වන වියදම් ඉතාම අධික ක්‍රීඩාවකි. අනෙක් අතට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසු තරම් විශාල පිට්ටනි බොහෝ පාසල්වල නැත. ඒ නිසා කළ යුතුව තිබුණෙ ග්‍රාමීය පාසල්වල පොදුවේ ක්‍රීඩා සංවර්ධනය සඳහා මුදලක් වෙන් කිරීමයි.ජනාධිපතිවරයාගේ මේ යෝජනාව මගින් අනෙක් ක්‍රීඩා සියල්ලම නොසලකා පැත්තකට දමා ඇත.

මේ අයුරින් එකින් එක යෝජනා ගෙන බලන විට ඒ බොහොමයක් නිරර්ථක, ඇතැම් විට විකාර සහගත ඒවා බවට ඕනෑ තරම් කරුණු දැක්විය හැකිය. එහෙත් වැදගත් වන්නේ අයවැය සමස්තයක් ලෙස ගෙන බැලීමයි. සමස්තයක් වශයෙන් මේ අයවැය ද 1977න් පසු පටන්ගත් අසාර්ථක නව ලිබරල් මර උගුලේම රට හිර කරන අයවැයකි. රුපියල් මිලියන 3900ක්ව පැවති රාජ්‍ය ණය සීමාව රුපියල් මිලියන 7300ක් දක්වා වැඩි කිරීමට යෝජනා කිරීමෙන් පෙනීයන්නේ රට තවත් ණය උගුලක හිර කොට නූපන් දරුවන් පවා ණයකරුවන් කිරීමට මේ පාදඩ පාලනය පසුබට නොවන බවයි.

රනිල් වික්‍රමසිංහ ආර්ථිකය ගොඩනැගීමට සමත් විශ්ව කර්මයකු ලෙස හුවා දැක්වූ පොහොට්ටුවේ සහ රනිල්වාදී බැලයන් අයවැය ඉදිරිපත් කළ මුල් දින කීපයේ දැක්වූ ජයග්‍රාහී මුහුණුවර මේ වනවිට දකින්නටවත් නැත. මේ අයවැයේ පුස්ස බින්දාක් මෙන් ගන්නට කිසිදෙයක් නැති නිකම් ප්‍රලාප ගොන්නක් පමණක් බව රටටම පැහැදිලි වී ඇත. ආර්ථිකය විනාශ කළ ආර්ථික ඝාතනයන් සමග සැතපෙන රනිල් වික්‍රමසිංහට රට වෙනුවෙන් කළහැකි කෙන්ගෙඩියක් නැති බව ඔහුගේ ⁣මේ අයවැය ලේඛනය මොනවට කියාපායි.

Related Posts

Education or Work
From the Press

ශිෂ්‍ය ප්‍රජාවට හිමි අධ්‍යාපනය ද ? නැතිනම් දවසේ වැටුපද ?

by Saliya Kanugala
October 18, 2026
0

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවගේ අර්ධකාලීන රැකියා අරගලය රටේ ආර්ථිකය “යථා තත්ත්වයට පත්වෙමින්” ඇතැයි සංඛ්‍යා කියයි....

Read moreDetails
Anura Kumara

අනුර කුමාර හා NPP ආණ්ඩුවේ වසර දෙකක ශේෂ පත්‍රය

October 15, 2026
මෛත්‍රෙයි රාමකිෂ්ණන් ට එරෙහිව වර්ගවාදී ප්‍රහාරයන් සහ ලාංකේය නූතන සමාජ මාධ්‍යයේ ජාතිවාදී දේශපාලනය

මෛත්‍රෙයි රාමකිෂ්ණන් ට එරෙහිව වර්ගවාදී ප්‍රහාරයන් සහ ලාංකේය නූතන සමාජ මාධ්‍යයේ ජාතිවාදී දේශපාලනය

October 15, 2026
ජ.වි.ප.යේ දිවි නසා ගැනීම

ජ.වි.ප.යේ දිවි නසා ගැනීම

October 15, 2026
PSTA මර රකුසාමරා දැමීමට පෙළ ගැසෙව්!

PSTA මර රකුසාමරා දැමීමට පෙළ ගැසෙව්!

October 15, 2026
Next Post
මහජන කවුන්සිලය – රාජ්‍ය බලය සහ  ජනතා පරමාධිපත්‍යය

මහජන කවුන්සිලය - රාජ්‍ය බලය සහ ජනතා පරමාධිපත්‍යය

රනිල්ගේ අලුත් Smart සෙල්ලම

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.