lankasocialist
Sunday, June 28, 2026
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

රනිල්ගේ ඊනියා සවිමත් අනාගතයකට – 2024 අය වැය සහ IMF

Taniya by Taniya
November 21, 2023
in Articles
0
රනිල්ගේ ඊනියා සවිමත් අනාගතයකට  –  2024 අය වැය සහ IMF
Share on FacebookShare on Twitter

ඔහු මුලින් කිව්වේ 2048දී සංවර්ධිත රටක් ගොඩනැගීම ගැනය. ඊට පසුව කිව්වේ 2048දී ස්මාට් රටක් හදනවා කියාය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔහු යන යන රැස්වීමක් ගානේ කියන්නට අලු‍තෙන් දෙයක් ගොතාගනී. ඒ අලු‍ත් වචනයකට, පදයකට මේ රටේ ජනතාව රවටාගත හැකියයි ඔහු සිතන බවක් පෙනේ.

මේ පිං ජනාධිපතිවරයාගේ අලු‍ත්ම තේමාව වී ඇත්තේ සවිමත් අනාගතයකට පෙරවදනක් යන්නයි. 2024 අයවැය කතාවට තේමාව වශයෙන් යොදාගෙන ඇත්තේ එයයි. කාගෙන් හෝ ණයට ඉල්ලාගත් තේමාවක් බව පෙනෙන මෙයින් ඔහු කොයිතරම් වසඟයට පත්වූයේද යත් අයවැය කතාවට පසුදිනම තම ගෝලබාලයන් ලවා තමාට ප්‍රශංසා කරන පෝස්ටර් රට පුරා අලවා ගැනීමට ක්‍රියා කළේය.

බුදු බණින් පටන් ගෙන අයවැය ඉදිරිපත් කළ රනිල් අන්තිමට කළේ පොදු ජනයාගේ පසුම්බිය පික් පොකට් ගහන වැඩකි. රටේ ඉදිරි ගමනට කිසිදු ආකාරයකින් ඉවහල් නොවන නිරර්ථක හිස් යෝජනා රැසකින් ගහන මේ අයවැයේ එකම පලදායී යෝජනාව ලෙස පෙනීයන්නේ කොළඹ නගරයේ මහල් නිවාස අඩු ආදායම් ලාභී නිවැසියන්ට පවරා දීමට කළ යෝජනාව පමණි. රබන් ගසා රතිඤ්ඤා පත්තු කර එය පිලිගත්තද ක්‍රියාත්මක කිරීමේදී ගැටළු රැසක් මතුවනු ඇති බව සැඟවිිය නොහැකි වනු ඇත. සරලම අර්ථයෙන් කිවහොත් අදාළ අඩු ආදායම් ලාභීන් තෝරා ගැනී⁣මේ⁣ සිට මෙය ප්‍රශ්නවලට තුඩු දෙනු ඇත.

මුලු‍ අයවැය කතාව පුරාම අහන්නට ලැබුණේ අරකට මෙච්චර මුදලක්, මේකට මෙච්චර මුදලක් වෙන් කරනවා වැනි ප්‍රකාශයන්ය. වෙන් කරන්නට මුදල් තිබිය යුතුය. එසේ ඇති මුදලක් නැත. මුදල් සොයා ගන්නේ ජනතාව මත බර පැටවීමෙනි. වැට් බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩිිකරන බව අයවැයට කලින්ම ප්‍රකාශයට පත්කෙරිනි. මෙතෙක් වැට් බද්දට යටත් කර නොතිබූ හාල්, ළදරු කිරිපිටි, ඛනිජ තෙල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලද මෙම සියයට 18 වැට් බද්දට යටත් කිරීමෙන් පෙනීයන්නේ වික්‍රමසිංහ – රාජපක්ෂ පාලනය ඉතාම කෲර ලෙස පොදු ජනයාගේ රීරි මාංසයම උරා බොන්නට සැදී පැහැදී සිටින ආකාරයයි. ෆිච් රේටින්ස් ආයතනය ගණන් බලා ඇති අයුරු සියයට 3කින් වැට් බද්ද වැඩිිකිරීම නිසා භාණ්ඩ මහ සේවා මිල සියයට 8.7කින් ඉහළ යනු ඇත. සීනි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සත 25 සිට රුපියල් 50 දක්වා වැඩිිකිරීම නිසා සීනි මිල ඉහළ ගොස් ඇති අයුර බැලීමෙන් මේ කාරණය පැහැදිලි වේ.

මේ අයවැයේ යෝජනා කීපයක් පරීක්ෂා කිරීමේදී ඒවායේ හිස් බව පෙනීයයි. මහා විහාර විශ්ව විද්‍යාලයක් ඇරඹීම සඳහා රුපියල් මිලියන 400ක් වෙන්කොට ඇත. පාසල් ක්‍රිකට් සංවර්ධනයට රුපියල් බිලියන 1.5කි. හිඟු‍රක්ගොඩ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ඉදකිරීම සඳහා මූලික කටයුතු ඇරඹීමට රුපියල් බිලියන 2කි. ලොකුම විහිලු‍වක්⁣ ලෙස දැක්විය හැක්කේ 2042ට යෙදෙන පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සියවස් සමරුව සඳහා මූලික පියවර ගන්නට රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට යෝජනා කිරීමයි. 2042, 2048 වැනි දුර ඈත නොපෙනෙන ඉලක්ක කරා ජන මනස යොමු කර ඒ තුළින් ජනයා රැවටිය හැකියයි රනිල් කල්පනා කරන බවක් පෙනේ. ජනාධිපතිවරයාගේ මේ යෝජනාවලින් පෙනෙන්නේ ඔහු කොයිතරම් ිඅසංං⁣වේදී ⁣දේශපාලකයකුද යන්නයි. කෙනෙකුට හොඳ යෝජනාවක් ලෙස පෙනී යාහැකි ක්‍රිකට් සංවර්ධනය කිරීම පිළිබඳ යෝජනාව ගෙන බැලු‍වහොත් එහි ප්‍රයෝජනය ඇත්තේ මේ රටේ ලක්ෂ 30ක් පමණ වන පාසල් සිසුන්ගෙන් සියයට 10ක පමණ සුළු පිරිසකට පමණි. එක අතකට ක්‍රිකට් යනු ඉතාම සුළු පිරිසක් සම්බන්ධ වන වියදම් ඉතාම අධික ක්‍රීඩාවකි. අනෙක් අතට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසු තරම් විශාල පිට්ටනි බොහෝ පාසල්වල නැත. ඒ නිසා කළ යුතුව තිබුණෙ ග්‍රාමීය පාසල්වල පොදුවේ ක්‍රීඩා සංවර්ධනය සඳහා මුදලක් වෙන් කිරීමයි.ජනාධිපතිවරයාගේ මේ යෝජනාව මගින් අනෙක් ක්‍රීඩා සියල්ලම නොසලකා පැත්තකට දමා ඇත.

මේ අයුරින් එකින් එක යෝජනා ගෙන බලන විට ඒ බොහොමයක් නිරර්ථක, ඇතැම් විට විකාර සහගත ඒවා බවට ඕනෑ තරම් කරුණු දැක්විය හැකිය. එහෙත් වැදගත් වන්නේ අයවැය සමස්තයක් ලෙස ගෙන බැලීමයි. සමස්තයක් වශයෙන් මේ අයවැය ද 1977න් පසු පටන්ගත් අසාර්ථක නව ලිබරල් මර උගුලේම රට හිර කරන අයවැයකි. රුපියල් මිලියන 3900ක්ව පැවති රාජ්‍ය ණය සීමාව රුපියල් මිලියන 7300ක් දක්වා වැඩි කිරීමට යෝජනා කිරීමෙන් පෙනීයන්නේ රට තවත් ණය උගුලක හිර කොට නූපන් දරුවන් පවා ණයකරුවන් කිරීමට මේ පාදඩ පාලනය පසුබට නොවන බවයි.

රනිල් වික්‍රමසිංහ ආර්ථිකය ගොඩනැගීමට සමත් විශ්ව කර්මයකු ලෙස හුවා දැක්වූ පොහොට්ටුවේ සහ රනිල්වාදී බැලයන් අයවැය ඉදිරිපත් කළ මුල් දින කීපයේ දැක්වූ ජයග්‍රාහී මුහුණුවර මේ වනවිට දකින්නටවත් නැත. මේ අයවැයේ පුස්ස බින්දාක් මෙන් ගන්නට කිසිදෙයක් නැති නිකම් ප්‍රලාප ගොන්නක් පමණක් බව රටටම පැහැදිලි වී ඇත. ආර්ථිකය විනාශ කළ ආර්ථික ඝාතනයන් සමග සැතපෙන රනිල් වික්‍රමසිංහට රට වෙනුවෙන් කළහැකි කෙන්ගෙඩියක් නැති බව ඔහුගේ ⁣මේ අයවැය ලේඛනය මොනවට කියාපායි.

Related Posts

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.
Articles

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.

ජාතික ජන බලවේගය බලයට පත්වූයේ දැවැන්ත පොරොන්දු තොගයක් සමග බව අපි කවුරුත් දනිමු. ”‍පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ ප්‍රකාශනයේ අන්තර්ගත...

by Taniya
February 3, 2026
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි
Articles

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා...

by Taniya
August 31, 2025
“ AI Bot” තාක්‍ෂණය  නිවැරදිව හඳුනා ගනිමු
Articles

“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු

ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ...

by Taniya
December 11, 2024
මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024
Articles

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ...

by Taniya
December 4, 2024
Next Post
මහජන කවුන්සිලය – රාජ්‍ය බලය සහ  ජනතා පරමාධිපත්‍යය

මහජන කවුන්සිලය - රාජ්‍ය බලය සහ ජනතා පරමාධිපත්‍යය

Lanka Socialists

Separated they live in Bookmarksgrove right at the coast of the Semantics, a large language ocean. A small river named Duden flows by their place and supplies it with the necessary regelialia. It is a paradisematic country, in which roasted parts of sentences fly into your mouth.

Subscribe Our Newsletter

  • From the Press
  • Articles
  • Activities
  • Ratutharuwa
  • USP Statements
  • Upcoming Events
  • World News
  • Books
  • Other
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.