lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

එහෙනම් 2048ට දැන් ඔක්කොම හරිද රනිල් ?

Taniya by Taniya
August 13, 2026
in ලිපි
0
එහෙනම් 2048ට දැන්  ඔක්කොම හරිද රනිල් ?
Share on FacebookShare on Twitter

වත්මන් රනිල් වික්‍රමසිංහ පාලනය මේ වනවිට වසරක් සම්පූර්ණ කර තිබේ. 2022 වසරේ මුල් කාලයේදී රටට බලපෑ ඉන්ධන, ගෑස් සහ ආහාර හිඟය නැතිකර ඇත. සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙමින් සිටී. මීට මාස කීපයකට පෙර සියයට 90ක මට්ටමට නැග තිබූ උද්ධමනය මේ වනවිට සියයට 4ක තනි ඉලක්කමක් දක්වා පහළ බැස තිබේ. ජනතාව එදිනෙදා කටයුතුවල සුපුරුදු පරිදි යෙදී සිටී. රට සාමාන්‍ය තත්ත්වයට පත්වී ඇති සෙයකි බැලූ බැල්මට පෙනෙන්නේ. මේ නිසා රනිල් වික්‍රමසිංහ පාලනයට රටේ ප්‍රශ්න විසඳා ආර්ථිකය නගා සිටුවන්නට හැකි බවට ඹභඡ පාක්ෂිකයන් පමණක් නොව පොහොට්ටුවේ මැති ඇමතිවරුන් පවා කියන්නට පටන්ගෙන ඇත. එයම සත්‍යය ලෙස ඇතැම් මාධ්‍ය සහ විචාරකයන් විසින්ද හඳුන්වා දෙනු ලබයි.

මේ අතරේ ජනාධිපතිවරයා මේ වසරේ සහ ලබන වසරේ රටේ සිදුවන සංවර්ධනයක් ගැන කතා නොකරයි. ඔහු කතා කරන්නේ 2048 සිදුවන සංවර්ධනයක් ගැනය. ඔහු රටේ පාලනය භාරගත් පසුගිය වසරේ ජූලි මාසයේ සිට සංවර්ධනය පැත්තෙන් බැලූ වි සිදුවී ඇත්තේ අව වර්ධනයකි. කාර්තුවෙන් කාර්තුවට මනින වර්ධන වේගය 2022 ජූනි මාසයේ සිට මේ දක්වාම අඩුවී තිබේ. වික්‍රමසිංහගේ පූර්ණ බලය සහ ග්‍රහණය යටතේ පැවති මේ වසරේ පළමු කාර්තුවේ එනම් ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ මෙරට ආර්ථිකය 11.4 % කින් සංකෝචනය වී ඇත. තත්ත්වය කොතරම් උග්‍ර වී ඇත්ද යත් දෙවැනි කාර්තුවේ වර්ධන වේගය පිළිබඳ සංඛ්‍යා ලේඛන මාස දෙකක් පසුවීත් තවම නිකුත් කර නැත. එහෙත් දෙවැනි කාර්තුව පිළිබඳ ඉඟියක් දක්වන සංඛ්‍යා ලේඛනයක් මෑතකදී නිකුත් විය. ඒ අනුව පසුගිය ජූලි මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයනය ජූනි මාසයට සාපේක්ෂව සියයට 2.18 කින් වර්ධනය වී තිබුණද එය ගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව සියයට 11.79ක පහත වැටීමක් පෙන්නුම් කරයි. රට දැඩි අර්බුදකාරී තත්ත්වයක පැවති ගිය වසරේ ජූනි මාසයේ අපනයනයට වඩා රට සාමාන්‍ය ලෙස පැවති මේ ජූලි මාසයේ අපනයනය සියයට 11කටත් වැඩි අගයකින් පහත වැටීම කියාපාන්නේ මතුපිටින් පෙන්වන තරම් ප්‍රගතියක් රටේ ආර්ථිකයේ සිදුවී නැති බව නොවේද ?

ජනාධිපතිවරයා මාසයකට සැරයන් විදෙස්ගත වෙයි. රට ව⁣ටේ යමින් කතා පවත්වයි. කෘෂිකර්මය නවීකරණය ගැන දොඩවයි. විශ්ව විද්‍යාල පුළුල් කිරීම සහ අධ්‍යාපනයේ සංවර්ධනය ගැන නිතරම කතා කරයි. ඒ අතරේ ”ආජු තපර ලාහිලා…” ගීතය ගැන නිතර සඳහන් කරයි. ඒ එම ගීතයේ එන ”අප පමණක් එක තැන කැරකෙන්නේ – අප පසුකර ලෝකය දිව යන්නේ…” යන කොටස උපුටා දක්වමිනි. මේ අයුරින් ජනාධිපතිවරයා රටේ ජනතාව සිහින ලොවක සංචාරයක රැගෙන යයි.
එහෙත් රටේ පවතින යථාර්ථය රනිල් වික්‍රමසිංහ මවන සිහින ලෝකයට වඩා බෙහෙවින් වෙනස් එකකි. යථාර්ථය අපේ ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය විසිනි. එක අතකට බාල ඖෂධ ගෙන්වීම, නිසි කාලයට අවශ්‍ය තරම් ඖෂධ නොගෙන්වීම, ඒ ඔස්සේ හදිසි මිලදීගැනීම් තුලින් දූුෂිත ගනුදෙනු හරහා මහජන මුදල් ගසාකෑම, ඖෂධ පිළිබඳ නිසි තත්ත්ව පරීක්ෂණ පැවැත්වීමට අපොහොසත් වීම ආදී ගැටළු රැසක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පැනනැගී ඇති අතර එම ප්‍රශ්න විසඳීමට සෞඛ්‍ය ඇමතිවරයාට නොහැකි බවත් මේ වනවිට පැහැදිලිව පෙනී ගොස් තිබේ. ජනාධිපති වික්‍රමසිංහ මේ කිසිත් නොදන්නා සේ තැන තැන මොකක් හෝ බයිල ගසමින් යනු පෙනේ. එහෙත් නිදහස් සෞඛ්‍ය සේවය තුළින් ප්‍රතිකාර ලබාගන්නා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට මෙය ජීවිතය සහ මරණය අතර කාරණයක් බවට පත්වී තිබේ.
කෙටියෙන් කිව්වොත් සෞඛ්‍ය ක්ෂේත්‍රය අද එකම හොර ගුහාවකි. ඇත්ත වශයෙන්ම නම් වික්‍රමසිංහ – රාජපක්ෂ පාලනය සමස්තයක් වශයෙන්ම හොර ගුහාවකි. එයින් අද වඩාත්ම ඉස්මතු වී පෙනෙන්නේ මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයයි. හැම දෙයක් ගැනම දන්න බවක් පෙන්නන හැම දෙයක් ගැනීම කටමැත දොඩවන මේ ජනාධිපතිවරයා පොදු ජනයාට ඍජු ලෙස බලපාන සෞඛ්‍ය සේවයේ ගැටලු අර්බුද ගැන වචනයක් වත් නොකියා නිහඬව සිටී. මෙයින් පෙන්වන්නේ ඔහුත් මේ දූෂිත චෞර වලල්ලේ කොටස්කරුවෙක්, හවුල්කරුවෙක් බවද?

මේ ජනතා ප්‍රශ්න ගැන කිසිදු තැකීමක් නොකරන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කොතරම් උද්ධච්ච සහ අසංවේදී පුද්ගලයකුද යන්න පෙනීගිය හොඳම අවස්ථාවක් වූයේ පසුගිය මාසයේ උද්ගත වූ නියඟය අවස්ථාවේ ඔහු ක්‍රියා කළ ආකාරයයි. පීදී පැසෙන්නට ඉතා ආසන්නව පැවති ගොයම බේරාගන්නට සමනල වැවෙන් අවශ්‍ය ජලය නිකුත් නොකොට උද්ධච්ච ලෙස නෑ ඒ වතුර තියෙන්නෙ විදුලිය නිපදවන්න යයි ඇමැතිවරයාගේ කටින් කියවුනේ ජනාධිපතිවරයාගේ අහංකාර පරවශ ස්වභාවයයි. රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බත සරුකර ගැනීම සඳහා ගොවි ජනතාව ඉතා දුක් මහන්සියෙන් වගාකළ කුඹුරු ටික බේරාගැනීම මේ පාලකයාගේ අවශ්‍යතාවක් නොවේ. එහෙත් රට පුරා නැග ආ විරෝධය නිසා අන්තිමේදී ගොවිබිම්වලට ජලය නිකුත් කිරීමට ආණ්ඩුවට සිදුවිය. එහෙත් ඒ වනවිට වී වගාවට සිදුවූ හානිය සිදුවී හමාරය. එහෙත් ජනාධිපතිවරයා ඒ කිසිවක් සිදුනොවූ ලෙස රට වටේ යමින් කටමැත දොඩවයි. විදුලිය නැතුව පැය කීපයක් අඳුරේ ඉන්නට බැරිවූ ජනාධිපතිවරයකු සහ ආණ්ඩුවක් නිසා අද රටේ සමස්ත ජනතාවටම වන්දි ගෙවන්නට සිදුවී තිබේ. ඒ එක අතකින් වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවන්නට සහ අනෙක් අතට විදුලිය හදිසි මිලදී ගැනීම් සඳහා මුදල් ලබාදීමට සිදුවීමෙනි. කලකට පෙර ඵරගක්‍කැ්බ ලෙස හැඳින්වූ රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ දූෂණය වංචාව හොරකම පැටවු ගසා ඇත්තේ මෙපරිද්දෙනි.

මේ අයුරින් මතුපිටින් පෙනෙන නිහඬතාව රට හරිමගට පිවිසීමක් ලෙස පාලක පක්ෂයේ කපටි දේසපාලුවන් සලකනවා විය හැකිය. එහෙත් උගත් වෘත්තිකයකු ලෙස සැලකෙන මහ බැංකුවේ අධිපතිවරයා මේ බොරුව සමාජගත කිරීමේ මූලිකත්වය ගෙන කටයුතු කිරීම එක අතකට ප්‍රහසනයකි, අනෙක් අතට ඛේදවාචකයකි. එහෙත් නව ලිබරල්වාදයේ ඍජු නියෝජිතයකු වන ඔහුට මේ දේ හැර කළහැකි අන් දෙයක් නැත. අද මේ රටේ ආර්ථික ප්‍රශ්නවලට කෝකටත් තෛලය වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටට වඩම්මවීම සඳහා වැඩිම කාර්ය භාරයක් ඉටුකළ පුද්ගලයා ඔහුය. මේ ආණ්ඩුව වැඩ කරන ජනතාව ප්‍රමුඛ පීඩිත ජනයා මතම උන් ඇති කළ ආර්ථික අර්බුදයේ බර පටවන්නේ මූල්‍ය අරමුදලේ කොන්දේසි සහ නියමයන් අනුව බව රටම දනී.

එබැවින් රනිල් – නන්දලාල් නඩය මේ කරගෙන යන කප්පාදු වැඩපිළිවෙළ නතර කළ හැක්කේ ඔවුන් සමග සාකච්ඡා පැවැත්වීමෙන් නොවේ. ඍජු ලෙස මුහුණට මුහුණ හැප්පීමෙනි. එහෙත් ඒ සඳහා මේ නඩයේ දේශපාලනයට විරුද්ධ ජන තීරුවේ එනම් වැඩකරන පන්තියේ ජනයාගේ බලයක් ගොඩනැගිය යුතුය. අගෝස්තු 28 ගොඩනැගුණු විරෝධය ඒ සඳහා දොරටු විවර කරන පියවරක් ලෙස සැලකිය හැකිය. එය එතනින් ඉදිරියට ගෙනයාම වමේ ව්‍යාපාරයේ වගකීමයි.

 

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
රනිල්ගේ  ඒකාධිපති සිහිනය

රනිල්ගේ ඒකාධිපති සිහිනය

BOOK LAUNCH- Eelam Struggle  A Marxist View & 1981  Burning Jaffna

BOOK LAUNCH- Eelam Struggle A Marxist View & 1981 Burning Jaffna

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.