lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

රනිල්ගේ ඒකාධිපති සිහිනය

Taniya by Taniya
August 13, 2026
in ලිපි
0
රනිල්ගේ  ඒකාධිපති සිහිනය
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය අගෝස්තු 4 වන දින පොල් වගාකරුවන්ගේ වාර්ෂික සමුලුව අමතා කළ ප්‍රකාශයද, ඊට දින කීපයකට පසුව මහින්ද යාපා අබේවර්ධන කතානායකයා ලෙස අගෝස්තු 9 වන දින පාර්ලිමේන්තුව අමතා කළ ප්‍රකාශය ද අධිකරණයේ ස්වාධීනත්වය හා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම අරභයා එල්ල කරන ලද බලවත් අභියෝගයක් හා තර්ජනයක් වන්නේය. අනතුරුව අගෝස්තු මස 10 වෙනි දින 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අමතා කළ ප්‍රකාශයද එකිනෙකට සම්බන්ධ ඒවා බව පෙනේ.

පොල් වගාකරුවන්ගේ සංවත්සරය අමතා රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කලේ ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලියේදී කටයුතු කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට පමණක් බවය. ඒ අනුව ඔහුගේ ප්‍රකාශය සෘජු ලෙසම අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කළ බලවත් තර්ජනයකි. එසේම කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබන දේවල් ගැන අධිකරණයට මැදිහත් වීමට බලයක් නොමැති බවය. ඔහුගේ මෙම ප්‍රකාශය සාධාරණය කිරීම පිණිස කතානායක වරයා විසින් මෙයට වසර කීපයකට පෙර අනුර බණ්ඩාරනායක කථානායක වශයෙන් සිටියදී කරනු ලැබූ ප්‍රකාශයක් (තීරණයක්) තමන්ගේ වාසියට වැරදි ලෙස යොදා ගන්නා ලදි. වත්මන් කථානායක මහින්ද යාපා විසින් කරනු ලැබුවේ අනුර බණ්ඩාරනායක විසින් දෙනු ලැබූ තීන්දුවේ හරය ඉවත් කර මතු පිට ප්‍රකාශණය වැරදි ලෙස උපයෝගී කර ගනිමිනි. අග විනිසුරුවරයාට සිටි සරත් එන් සිල්වාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට නියමිතව තිබියදී සරත් එන් සිල්වා විසින් ඔහුගේ හෙන්චයියන් යොදා ගනිමින් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට භාජනය වී තිබෙන දෝෂාභියෝගය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ගනු ලැබු අවස්ථාවේදී අනුර බණ්ඩාරනායක විසින් එය ප්‍රතික්ශේප කිරීමට කතානායක ලෙස දෙනු ලැබු ඵෙතිහාසික තීන්දුවක් විය.

දැන් උද්ගතව ඇත්තේ එවැනි පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර ක්‍රියාමාර්ගයකට විරුද්ධව අධිකරණය ඉදිරියට යෑමක් නොවේ. ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාමාර්ගක් හේතුකොටගෙන තමන්ට හෝ තමන් නියෝජනය කරන ජන රාශියකට අගතියක් සිදුවන බව පෙන්වා අධිකරණයේ පිහිට පැතීමය. එනම් රනිල් හා මහින්ද යාපා පවසන්නේ සාමාන්‍ය පුරවැසියෙකුට තිබෙන එකම අයිතිය සඳහා අධිකරණය කටයුතු නොකළ යුතු බවය. මෙය රටේ පවතින සාමාන්‍ය නීතිය උල්ලංගනය කරමින් ඒකාධිපති වියරුවකින් පසුවන උද්දච්ච හා උඩගු පාලකයෙකුගේ උවමනාවට ප්‍රසිද්ධියේ පෙන්නුම් කිරීමකි. පුද්ගලික අංශයේ ලක්‍ෂ 70කට පමණ බලපාන සේවක අර්ථසාදක අරමුදල හා සේවක භාරකාර අරමුදලට අයත් කම්කරු පංතිය තම ලේ දහඩිය වගුරා උපයාගත් මුදල මංකොල්ල කෑමට රනිල් – රාජපක්‍ෂ ආණ්ඩුව ගෙන යන කූට වැඩපිළිවෙලට එරෙහිව අධිකරණයේ පිහිට පැතීමට වෘත්තිය සමිති හා කම්කරු පංතියට තිබෙන අයිතිය උදුරා ගැනීමට පාලකයින්ට ඉඩ නොදිය යුතුය. ඒ වෙනුවෙන් අධිකරණ ක්‍රියාවට සීමා නොවී දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය මුවාවෙන් රනිල්ගේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) උවමනාවන්ට අනුව කම්කරු පංතියට අයත් මුදල් සංචිතය කොල්ලකෑම සඳහා ගෙන වංචනික ක්‍රියාව නතර කිරීම සඳහා මේ වනවිටත් කම්කරු පංතිය වෘත්තිය සටන් ක්‍රියාමාර්ග වලට අවතීරණ වී ඇත. තමන්ගේ අභිමතයට එරෙහිව අධිකරණයට විසින් තීන්දු දුන් අවස්ථාවේදී අධිකරණ විනිසුරුවරුන්ගේ නිවෙස් වලට ගල් ගැසීමට රනිල්ගේ මාමණ්ඩිය වූ ජේ.ආර්. ජයවර්ධන කටයුතු කළ බව ඉතිහාසයේ සටහන්ව ඇත. බැසිල් රාජපක්‍ෂගේ උවමනාවන්ට අනුව දිවිනැගුම පනත සම්බන්ධව රාජපක්‍ෂ පාලනයට අනුමත නොකරන තීන්දුවක් අධිකරණය දුන් අවස්ථාවේ මහින්ද රාජපක්‍ෂ පාලනය (විමල් වීරවංශලා, වාසුදේවලා, ඩලස්ලා ඇතුලු අය) එවකට අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක පාර්ලිමේන්තුවේ අනීතික ක්‍රියාමාර්ගයක් මගින් අග්‍රවිනිශ්චයකාර ධූරයෙන් බලහත්කාරයෙන් නෙරපා හරින ලදි. රනිල් වික්‍රමසිංහද ඔහු මේ වන විට අනුගමනය කරන කටයුතු හරහා පෙන්නුම් කරන්නේ ඒ අනීතික, සදාචාර විරෝධී හා වනචර මාර්ගයේ ගමන් කිරීමට ඔහු සුදානම් බවය. මෙම භයානක අනතුර තේරුම් ගනිමින් එයය තවත් තහවුරු වීමට ඉඩ නොතබා පරාජය කිරීම සඳහා ආණ්ඩු විරොධී සියලු බලවේග එක සටන් පෙරමුණක් ගොඩ නගා එක්ව පහර දිය යුතු බව අපි අවධාරණයෙන් කියා සිටිමු.

13 හා සර්ව පාක්‍ෂික ප්‍රෝඩාව

ජුලි මස අවසන් සතියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 13 වන ව්‍යවස්ථාව පූර්ණ ලෙස ක්‍රියාවට නැංවීම සඳහා පාර්ලිමේන්තුවේ සිටින සියලු දේශපාලන පක්‍ෂ කැඳවා ඊට සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටීම මෑත යුගයේ සිදුවූ ලොකුම විහිලුව ලෙස සැලකිය හැකිය. අන්ත සිංහල ජාතිවාදී බලවේගයන් වන රාජපක්‍ෂලා, වීරවංශලා, රතනලා, ගම්මන්පිලලාගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ 13 වන ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් බල ගැන්වීම සඳහා කිසිසේත් අනුමැතිය නොලැබෙන බව හොදින් දැන ගෙන ඊට සහයෝගය ඉල්ලා සිටීමම රනිල්ගේ කපටි උත්සාහය තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය. එහිදී ජනාධිපති රනිල් ප්‍රකාශ කළේ තම පක්‍ෂයට පාර්ලිමේන්තුවේ ඇත්තේ එක් ඡන්දයක් බවත් ඒ නිසා සියලු පක්‍ෂ වල සහය තමන්ට අවශ්‍ය බවත් කියමින් ප්‍රෝඩාව සාධාරනය කර ගැනීමට උත්සාහ කිරීමට.
රනිල් ගෙන යන පට්ට බොරුව මෙම ප්‍රකාශය තුලින්ම තේරුම් ගත හැකිය. ශ්‍රිලංකන් ආයතනය, ටෙලිකොම්, රක්‍ෂණ සමාගම විකිණිමට හා රටේ ජනතාව සතු සියලු දේපොල ටික විකුණා දැමීමට ඔහුට තිබෙන එක ඡන්දයකින් කළ හැකි නම් රටේ පවතින නීතියේ කොටසක් බවට පත්ව තිබෙන 13 ක්‍රියාත්මක කිරීමට ඔහුට බලය තිබියදී සියලු දෙනාගේ සහය ඉල්ලා සිටින්නේ දෙමළ ජනාතාව නොමඟ යැවීම සඳහා බව පැහැදිලිය.

ඇත්ත වශයෙන් 13 ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දෙනාගේ සහයෝගය තමන්ට නොලැබෙන බව රනිල් ඉතා හොඳින් දන්නෙහිය. එසේ නම් ඔහුගේ මෙම කුරුමානම කුමක් සඳහාද යන්න තේරුම් ගත යුතුය. රනිල් උතුරේ දෙමළ ජනාතවට පෙන්වන පිංතූරය වන්නේ තමා දෙමළ ජනතාවට බලතල ලබා දී 13 ක්‍රියාවට නැංවීමට කැමති නමුත් අනෙක් පක්‍ෂ එයට අකමැති නිසා එය ක්‍රියාවට දැමීමට නොහැකි බවය. රනිල්ගේ මෙම ලනුව සාමාන්‍ය දෙමළ ජනාතාවගේ සැලකිය යුතු කොටසක් ගිල දමා තිබෙන බව පෙනෙන්නට ඇත. දෙමළ ජනතාවගේ වීරයෙක් වශයෙන් දේශපාලනයට ඇතුල් වූ විග්නේෂ්වරන් වැනි අවස්ථාවාදී නායකයින්ගේ වර්තමාන ක්‍රියාකලාපය දෙමළ ජනතාව රවටා ගැනීමේ රනිල්ගේ උප්පර වැට්ටියට විශාල තල්ලුවක් දෙමින් ඇත.

එසේ වුවද උතුරේ දෙමළ ජනතාව බරපතල ලෙස තේරුම් ගත යුතුව තිබෙන්නේ රනිල් විසින් සිදු කරන්නේ දෙමළ ජනතාව රවටා ඡන්ද ගොඩ වැඩි කර ගැනීමේ කූට උපක්‍රමයක බවය. රනිල්ට 13 සැබෑ ලෙස ක්‍රියාවට නැංවීමට උවමනාවක් තිබෙන්නේ නම් ඔහුට එක පෑන් පහරින් එය ක්‍රියාවට දැමීමට අවශ්‍ය සියලු බලතල ඔහු සතුව තිබේ. ඒ සඳහා බොරු සර්ව පාක්‍ෂික සාකච්ඡා කැඳවීමට කිසිම අවශ්‍යතාවයක් නොමැති බව දෙමළ ජනතාව තේරුම් ගැනීම මෙම මොහොතේ ඉතා වැදගත් කරුණකි.

කුරුන්දි විහාරය හා ජාතිවාදී වියරුව

සාමාන්‍යයෙන් ඡන්ද පෙරහැරවල් ලංවෙන විට සුපුරුදු සිංහල ජාතිවාදය දකුණේ මතු කිරීම ගැන පුදුම විය යුතු දෙයක් නොවේ. මේ ලිපිය ලියන අවස්ථාව වන විට ජාතිවාදී උවමනාවන් විවිධ ස්වරූපයෙන් මතුවීම පෙනෙන්නට ඇත. ජාතික ගීය මුල්කරගෙන පසු ගිය දිනවල කෘතිම ලෙස මතු කරන ලද සංවාදය ඉන් එකකි. එයින් පෙන්නුම් කරන්නේ ලංකාව තවමත් කෙතරම් පසුගාමී අදහස් වලින් අනුන රටක්ද යන්නය. මෙම සිදුවීම මතුවූයේ පසු ගියදා (LPL) ක්‍රිකට් තරඟාවලිය ආරම්භයේදී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය වැරදි ලෙස උච්චාරණය කළේය යන්න ගැන මහා ඝෝෂාවක් මතුවීම සමගය. උමාරා සිය ගායනයේදී ඔපෙරා ශෛලයට ජාතික ගීය ගායනය කිරීම හේතුකොට ගෙන බොහෝ අය විසින් ඇයව දඩුකඳේ ගැසීමට උත්සාහ දරණු පෙනේ. ඇත්ත වශයෙන් උමාරා “මා” සහ “තා” අතර “හ” යන්නක් ශබ්ද කළේද යන්න කෘතිම ප්‍රශ්ණයක් වන අතර එය ඇයගේ ගායන විලාශය තුලින් මතු වූ කාරණයක් බව තේරුම් ගැනීමට තරම් සිංහල ජාතිවාදයේ ආරක්‍ෂකයින්ට නොතේරීම පුදුමයක් නොවන්නේද. බොහෝ අත්දැකීම් සහිත ලංකාවේ ඔපෙරා ශෛලයේ ගායනයේ ප්‍රමුඛයෙකු වන ඉන්දිකා උපමාලි උමාරාගේ ගායනය ගැන කර තිබෙන විග්‍රහය විශිෂ්ඨ බව සඳහන් කළ යුතුය.

උමාරාගේ සිදුවීම වෙනත් කාරණා මතුවීම නිසා යටපත් වී ගියද සිංහල ජාතිවාදයේ කප්පිත්තන් විසින් කුරුන්දි විහාරය සම්බන්ධ ප්‍රශ්ණය දකුණේ ජනතාව උසි ගැන්වීම සඳහා නිරන්තරයෙන් යොදා ගනිමින් සිටි. මාධ්‍ය මගින් එතරම් ප්‍රචාරයට ලක් නොවුවද ගෝඨාභය ආණ්ඩුවේ හිටපු පොලිස් ඇමති උදර්පණ පනත ගැන ඇති වූ විවාදයේදී කළ ප්‍රකාශය ඉතා බරපතල එකක් වෙයි. ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ කුරුන්දි ප්‍රදේශයට අයත් මහේස්ත්‍රාත් වරයාගේ තීරණය ඔහු ප්‍රතික්‍ෂේපකරන බව කියමිනි. කුරුන්දි විහාරය ආශ්‍රිතව මතු වි තිබෙන ප්‍රශ්නය වෙනම ලිපියකින් කළ යුතු එකකි. එසේ වුවද මෙහිදි කෙටියෙන් සඳහන් කළ යුතු වන්නේ කුරුන්දි විහාරය පැරණි සෙල්ලිපි වලට අනුව මුලතිව් ප්‍රදේශයේ පැවති එකක් බවය. එසේම කුරුන්දි විහාරය එම ප්‍රදේශයේ ජීවත් වූ දෙමළ බෞද්ධයන් විසින් ඉදිකර වැඳුම් පිඳුම් කළ ස්ථානයක් බවත් දෙමළ බෞද්ධයන් එම ප්‍රදේශ වල සිටි බව ජාතිවාදී උන්මත්තකයින් තේරුම් නොගැනීමය. එපමණක් නොව බෞද්ධ විහාරයක් ඕනෑම ස්ථානයක තිබේනම් එය සිංහල බෞද්ධ විය යුතුය යන පටු මානසිකත්වයක් ඔවුන්ට තිබීමය. කුරුන්දි විහාරය අයත් ප්‍රදේශය සිංහලයින්ට අයත් ප්‍රදේශයක්ය යන්න වැරදි පදනමක් මත ගෙන යන මතවාදයකි. උතුර – නැගෙනහිර ප්‍රදේශවල සිදු කරන පුරා විද්‍යා කැණීම් වලදි මෙවැනි පූජනීය ස්ථාන ඉදිරි කාලයේ තවත් සොයා ගැනීමට බොහෝ විට ඉඩ ඇති අතර ඒවා පිළිබඳව ඵෙතිහාසික සන්දර්භයන් තුල විනිශ්චය කළ යුතුව ඇත.

“කුරුන්දි ප්‍රශ්ණය වෙනුවෙන් මහේස්ත්‍රාත්වරයාගේ තීරණය ගැන අපට කිසිසේත්ම සෑහිමකට පත්වන්න බැහැ. දැනට දින කීපයකට පෙර කුරුන්දි විහාරයට මෙම දෙමළ ජාතික මහේස්ත්‍රාත්වරයා නිරීක්‍ෂණ චාරිකාවකට ආවා. මමත් එතැන සිටියා. මේක බෞද්ධ රටක් කියන එක අපි මහේස්ත්‍රාත්වරයාට මතක් කර දිය යුතුයි. සාමය කඩවෙන්න, ජාතීන් අතර ආගම් අතර ගැටුම් ඇතිවෙන්න, බෙදුම්වාදී දෙමළ දේශපාලඥයින් වගේම මේ වගේ ආකල්ප තියෙන මහේස්ත්‍රාත්වරුත් වග කියන්න ඕනෑ” සරත් වීරසේකර මන්ත්‍රිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට සැඟවී සිදු කළ මෙම ප්‍රකාශය අධිකරණයේ ස්වාධිනත්වයට එරෙහිව හා දෙමළ ජනතාවට එරෙහිව සිදු කරන ලද ඉතා දැඩි ප්‍රකාශයක් වෙයි. සැබෑ ලෙස ඔහු අධිකරණයට අපහාස සිදු කිරීම සම්බන්ධයෙන් නීතිය හමුවට පැමිණ විය යුතු වුවද කිසිවෙකු මේ ගැන සඳහනක් නොකිරීම තුලින් පෙන්නුම් කරන්නේ තවමත් යටිතලයේ තිබෙන සිංහල ජාතිවාදයේ පරිමාවය.

පංති අරගලය දිගටම

වියලි කාලගුණය නිසා රටේ ගොවි ජනතාවගෙන් අති විශාල ප්‍රමාණයක් කර කියා ගත නොහැකි අර්බුදයකට මුහුණ දෙමින් සිටිති. මෙම තත්වට ස්වාභාවික හේතුමත ඇතිවූ නියඟයක් නොවන අතර මෙම ආණ්ඩුවේ ඇමති මණ්ඩලය නිසි තීන්දු නියමිත අවස්ථාවන්හිදී නොගැනීම නිසා ඇතිවූවකි. කෘෂිකර්ම ඇමතිවරයා සහ වාරිමාර්ග ඇමතිවරයා තමන්ගේ වඟකීමෙන් බේරීම සඳහා වාරි මාර්ග ඉංජිනේරුවන් පිට වරද පටවා ඇග බේරා ගැනීමට උත්සාහ දරමින් සිටී. උදාහරණයක් ලෙස සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට වතුර මුදා හැර ගොවීන්ගේ අස්වනු බේරා ගැනීමට තිබු අවස්ථාව විදුලි බල ඇමති කංචන විජේසේකරගේ පන්ඩිතකම් නිසා අහිමි වී ගියේය. ජලය නිසි කලට ලබා දීමේ පොරොන්දුව මත වී වගාව ආරම්භ කළ ගොවීන්ගේ වගාවන් වලින් හරි අඩකට වැඩි ප්‍රමාණයක් මු`ඵමනින්ම විනාශ වී ගොස් ඇත. ආණ්ඩුව දැන් වගා හානි ගෙවීම ගැන කරනු ලබන ප්‍රකාශයන් ගෙන් අසරණ බාවයට ඇද වැටුණු ගොවි ජනතාව නඟා සිටුවිය නොහැකිය.

අර්ථසාදක අරමුදල(EPF) සේවක භාරකාර අරමුදල (ETF) යන අරමුදල් දෙකට අයත් වැඩ කරන ජනතාව විසින් ජීවිත කාලය තුල උපයා ගත් මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ක්‍රියාවට දැමීම සඳහා ණය ප්‍රතිව්‍යුහකරණය යන පල් බොරුව තුල මංකොල්ල කෑමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. රටේ මුදල් මංකොල්ල කෑ දේශපාලඥයින් හා මහා ධන කුවේරයින්ගේ මුදල් වලට අත නොතබා වැඩ කරන ජනතාවගේ මුදල හොරකම් කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙලට එරෙහිව සමස්ථ වැඩ කරන ජනතාවට සටන් ක්‍රියාමාර්ගයන්ට මේ වන විට අවතීරණවී සිටී. ඒකාධිපති වියරුවෙන් පෙලෙන රනිල්ගේ ආණ්ඩුව කම්කරු පංතියේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එරෙහිව පොලීසිය යොදවා මර්ධනය දියත් කර ඇත. රාජ්‍ය මර්ධනය තුලින් වැඩ කරන ජනතාවගේ විරෝධය මැඩ පැවැත්විය නොහැකි බව පන්ති සටන් ඉතිහාසය පෙන්වා දෙනු ලබයි.

ජනාධිපති සිහිනය හා පාර්ලිමේන්තු සිහිනය තුල කාලය මරා දමමින් සිටින සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය යන පාර්ලිමේන්තු විපක්‍ෂයට කම්කරු පංතිය ඇතුලු සමස්ථ පීඩිත ජනතාව තුලින් නැගී එන දැවැන්ත විරෝධය නොපෙනීම බරපතල ප්‍රශ්ණයකි. ඔවුන් මෙම විරෝධතා වලට සම්මාදම් වනුයේ ඇඟ බේරා ගැනීම සඳහා පමණක් බව සටන්කාමී කම්කරු පංතික ජනතාව හොදින් තේරුම් ගනිමින් සිටි. ඔවුන්ගේ මෙම ක්‍රියාවට ප්‍රධාන හේතුව වන්නේ ඔවුන්ට රනිල් ගෙන යන නවලිබරල් වැඩ පිළිවෙලට විකල්පයක් ඉදිරිපත් කිරීමට තිබෙන අසමත් භාවයයි. ලෝක බැංකුව, මූල්‍ය අරමුදල හා ඇමරිකාව, බි්‍රතාන්‍ය, චීනය, ඉන්දියාව යන රට වලට ගෙවීමට තිබෙන සියලු ණය මුදල් ගෙවීම අහෝසි කිරීමට බල කිරීම එම වැඩ පිළිවෙලේ ප්‍රධාන අංගයකි. මෙම පරිසරය තුල රට පුරා නැගී එන ජන අරගලයට පණ පොවන සමාජවාදී වැඩ පිළිවෙලක් පදනම් කරගත් සැබෑ විකල්පයක් ගොඩ නැගීම වම ඉදිරියේ පවතින අභියෝගය වන්නේය.

 

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
BOOK LAUNCH- Eelam Struggle  A Marxist View & 1981  Burning Jaffna

BOOK LAUNCH- Eelam Struggle A Marxist View & 1981 Burning Jaffna

New Books

New Books

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.