lankasocialist
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ජීවන වියදම දරන්න බෑ!

Taniya by Taniya
January 11, 2023
in Articles, USP Statements
0
ජීවන වියදම දරන්න බෑ!
Share on FacebookShare on Twitter

ජීවන වියදම දරන්න බෑ!
වැටුප් වැඩි කරනු!

ලැබෙන වැටුපෙන්
ජීවත් වන්න බෑ!
ජනතාවට සහන දෙනු !

අධික ජීවන වියදම දරා ගැනීමට නොහැකි බැවින් වැටුප් වැඩි කිරීමක් හා ජනතාවට සහන ලබා දෙන ලෙස ඉල්ලමින් කම්කරු පංතිය හා සාමාන්‍ය ජනතාව ඒකාබද්ධ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් පැවැත්වීම සඳහා සාකච්ඡා කෙරෙමින් පවතින බව රතු තරුවට වාර්තාවේ. ජනතාව පිට විවිධාකාරයේ බදු බර පටවා රජයේ වියදම් පියවා ගැනීමට කටයුතු කරන ආණ්ඩුව දූෂණය නාස්තිය තවදුරටත් පවත්වාගෙන යමින් මැති ඇමතිවරුන් වෙනුවෙන් අති විශාල මුදලක් කාබාසිනියා කරමින් සිටී.

මේ අතර රාජ්‍ය සේවය කප්පාදූ කිරීම ගැන කථා කරන ආණ්ඩුව රටට ඔරොත්තු නොදෙන අති විශාල හමුදාවක් නඩත්තු කිරීම සඳහා වියදම් කරන විශාල මුදල ගැන මුනිවත රකිති. යුද්ධය අවසන්ව වසර 12ක් ගතව තිබෙන නමුත් හමුදාව වෙනුවෙන් අයවැයෙන් වෙන් කරන විශාල මුදල අඩු කිරීමකින් තොරව පවත්වාගෙන යනු ලබන්නේ ඇයිද යන්න බරපතල ප්‍රශ්නයකි. එසේම රාජ්‍ය උත්සව පැවැත්වීම නොඅඩුව සිදු කරමින් පවතින අතර ලංකාව වැනි කුඩා රටකට ඔරොත්තු නොදෙන විශාල ඇමති හා රාජ්‍ය ඇමතිවරු සංඛ්‍යාවක් නඩත්තු කරති. රට බරපතල ආර්ථික අර්බුදයක ගිලී සිටින තත්වය ඉදිරියේ පොලීසියට ඉන්දියාවෙන් ජීප් රථ 500ක් ගෙන ඒම සඳහා ඇමරිකානු ඩොලර් 7.887.500ක් ගෙන ඒමට මුදල් වැය කිරීම පෙන්නුම් කරන්නේ පොලීසිය බාර ඇමති වන ටිරාන් අලස් වැනි අයගේ මුග්ධබාවයයි.

මෙම පසුබිම තුළ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාම සඳහා විශාල වශයෙන් ප්‍රශ්න වලට මුහුණ දෙන ජනතාව දේශපාලන පක්‍ෂ බේද පසෙකලා සහන ලබා දෙන ලෙස ඉල්ලා සැලසුම් කරන ඒකාබද්ධ උද්ඝෝෂණය සඳහා උතුරේ දෙමළ ජනතාව, නැගෙනහිර මුස්ලිම් ජනතාව හා කඳුකරයේ වතු කම්කරු ජනතාව ඒකාබද්ධ කිරීමට කටයුතු කළ යුතු බව රතු තරුව අවධාරණය කර සිටී.

Related Posts

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි
Articles

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා...

by Taniya
August 31, 2025
“ AI Bot” තාක්‍ෂණය  නිවැරදිව හඳුනා ගනිමු
Articles

“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු

ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ...

by Taniya
December 11, 2024
මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024
Articles

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ...

by Taniya
December 4, 2024
ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා
Articles

ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා

කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ හා බි්‍රතාන්‍ය හා වේල්සයේ සමාජවාදී පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ලින් වොල්ෂ් සහෝදරයා පසුගිය නොවැම්බර් 15...

by Taniya
December 4, 2024
Next Post
2023 March issue of RATHUTHARUVA out now.

2023 March issue of RATHUTHARUVA out now.

Lanka Socialists

එක්සත් සමාජවාදී පක්ශය හා "රතු තරුව" පුවත්පත ලාකේය සමාජවාදීන් වෙතට සිංහල භාශාවෙන් ගෙනෙන දේශීය හා ගෝලීය සමාජවාදී විග්‍රහය | නිර්ධන පාංතික ජනයාගේ විප්ලවය වෙනුවෙන් අප අතර අවබෝධය වඩ වඩාත් තීව්‍ර කිරීමට අප lankasocialist.net වෙබ් අඩවිය කැපවී සිටියි.

Subscribe Our Newsletter

Facebook Youtube

© 2025 සමාජවාදීන් වෙනුවෙන් සයිබර් අවකාශයෙන් ඉඩක්…

No Result
View All Result
  • Buy JNews
  • Homepage
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
  • Men
  • Women

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.