lankasocialist
Monday, June 29, 2026
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

පළාත් සභා අද නොවේ හෙට

Prasad Welikumbura by Prasad Welikumbura
January 12, 2021
in Articles, Local, Ratutharuwa
0
පළාත් සභා අද නොවේ හෙට
Share on FacebookShare on Twitter

මේ ආණ්ඩුව බලයට පත්වු මුල් දිනවල දෙනු ලැබූ පොරොන්දුවක් වූයේ යහපාලන ආණ්ඩුව විසින් කල්දමා තිඛෙන පළාත් සභා ඡන්දය ඉතා ඉක්මණින් පවත්වන බවය. මහින්ද හා බැසිල් යන ආණ්ඩුවේ ප්‍රබලයින් මේ ගැන නැවත නැවතත් පොරොන්නදු දෙනු ලැබීය. අලූතෙන් පත්කරනු ලැබු මැතිවරණ කොමිෂමේ සභාපති ඇතුලූ සෙසු සාමාජිකයින් මුණ ගැසුණු අවස්ථාවේ අගමැති මහින්ද ප්‍රකාශ කළේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු ඉක්මනින් කරන ලෙසය. ඒ අතර පළාත් පාලන විෂය බාර ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්  විසින් පළාත් සභා ඡන්දය ඉක්මනින් පැවැත්වීම සදහා අවශ්‍ය කටයුතු කරන මෙන් ඉල්ලා සිටින කැබිනට් පත්‍රි‍රකාවක්ද දෙසැම්බර් අගදී ඉදිරිපත් කරන ලදී .

මේ සමග දෙබරයට ගල් ගැසුවාක් මෙන් පැරණි පළාත් සභා විරෝධින් අවදි වී ඊට එරෙහිව උද්ඝෝෂණය අරඹා ඇත. මෙම විරෝධතා කණ්ඩායමට අලූතෙන්ම එකතුවුයේ බුද්ධ ශාසන මණ්ඩලයයි. පළාත් සභා අහෝසිකර යුතුය යන දැඩි මතවාදයක සිටින ගුණදාස අමරසේකර නලින් ද සිල්වා වැනි අය සමග රංචු ගැසී සිටින පළාත් සභා විරෝධින්ගේ උපායික පියවර වන්නේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරිමෙන් පසුව ඒ ගැන සළකා බලන ලෙසය. දැඩි සිංහල ජාතිවාදීන් හරහා පළාත් සභා විරෝධය මතුවිම සමග ආණ්ඩුව ඇතුලත සිටින වීරවංශ ගම්මන්පිල හා දිනේෂ් වැනි අයද තම විරෝධය ඉස්මත්තට ගෙන තිබේ.

මෙම පසුබිම තුළ ජනාධීපති ඇතුලූ පිරිසක අදහසවී ඇත්තේ කොවිඩ් වසංගතය අවසන් වන තුරු පළාත් සභා ඡන්දය කල්දැමිය යුතු බවය. කබරගොයා තලගොයා කර ගැනීමේ න්‍යාය යොදා කොවිඩ් පෙන්වා පළාත් සභා ඡන්දය කල් දැමිමට සියලූ දෙනා අවසානයේ එකඟතාවය පලකර ඇත . කොවිඩ් වසංගතය මධ්‍යයේ මහ මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් වාචාලකම් දෙසු ඇමතිවරු සියලූ දෙනාම ජාතිවාදී බලවේග වල උවමනාවට පළාත් සභා ඡන්දය කල් දැමිම එහි පළාත් සභා නැවත යථාර්තයක්වීමේ අවසානය පෙන්නුම් කිරිමක් විය හැකිය.

Related Posts

2026 Ratutharuwa June Issu
From the Press

2026 Ratutharuwa June Issu

by Taniya
June 2, 2026
2026 April Ratutharuwa
Ratutharuwa

2026 April Ratutharuwa

by Taniya
May 21, 2026
ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.
Articles

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.

ජාතික ජන බලවේගය බලයට පත්වූයේ දැවැන්ත පොරොන්දු තොගයක් සමග බව අපි කවුරුත් දනිමු. ”‍පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ ප්‍රකාශනයේ අන්තර්ගත...

by Taniya
February 3, 2026
2026 Ratutharuwa February  Issu
Ratutharuwa

2026 Ratutharuwa February Issu

by Taniya
February 2, 2026
Next Post
ගෝඨා ෆේල්වීම හා සජිත් චම්පික මංගල කරු කලඑළි බැසීම

ගෝඨා ෆේල්වීම හා සජිත් චම්පික මංගල කරු කලඑළි බැසීම

Lanka Socialists

Separated they live in Bookmarksgrove right at the coast of the Semantics, a large language ocean. A small river named Duden flows by their place and supplies it with the necessary regelialia. It is a paradisematic country, in which roasted parts of sentences fly into your mouth.

Subscribe Our Newsletter

  • From the Press
  • Articles
  • Activities
  • Ratutharuwa
  • USP Statements
  • Upcoming Events
  • World News
  • Books
  • Other
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.