lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

රටම අනාතයි කුජීතයි

Prasad Welikumbura by Prasad Welikumbura
August 13, 2026
in ලිපි
0
රටම අනාතයි කුජීතයි
Share on FacebookShare on Twitter

කෙරෝනා වසංගතය මේ වන විට රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර එය පාලනය කර ගැනීමට නොහැකි බංකොලොත් තත්වයට ආණ්ඩුව පත්ව ඇත. වයිරසය පාලනය කර ගැනීමට ගතයුතු පියවර කුමක්ද යන්න සම්බන්ධව ජනාධිපතිවරයා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දරන්නේ එකිනෙකට පරස්පර අදහස්ය. මේ අතර තවදුරටත් ගෝඨාභය හමුදා යාන්ත්‍රණය මත කොවිඩ් 19 පාලනය කිරීමේ ක්‍රියාන්විතය දිගටම පවත්වාගෙන යනු ලැබීම නිසා අර්බුදය තවත් උග්‍රවී ඇත. මේ සමග රට ක්‍රමයෙන් හමුදා පාලනයකට යටත් කිරීමේ වැඩ පිළිවෙල ආරම්භ කර ඇති බව පැහැදිලිය. වසංගතය පාලනය කිරීමට ආණ්ඩුවේ නොහැකියාව පසුගියදා ජනාධිපති ගෝඨාභය ප්‍රසිද්ධියේ පිළිගනිමින් කියා සිටියේ යුද්ධය ජය ගැනීම තමන්ට කළහැකිවුවද මෙම වසංගතයක් නිසා එලෙස මැඩ පැවැත්විය නොහැකි බවය. යුද්ධය ජය ගත්තාසේම මෙම වසංගතය මැඩ පවත්වන බවට ගැසු කයිවාරුවේ සැබෑ තත්වය ඔහුගේ කටින්ම ප්‍රකාශවීම හාස්‍යජනකය.

බස්නාහිර පළාත ඇතුලූ දිවයිනේ ප්‍රදේශ ගනනාවක් දින 11ක් පමණ වසා දැමීමෙන් කොවිඩ් වයිරසය පැතිරිම පාලනය කිරිමට නොහැකිවු අතර මෙම කාලය තුළ වසංගතය හේතුකොට ගෙන මිය යන සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහල යමින් තිබේ. එසේම රෝගීන් නිවෙස් තුළම මරණයට පත්වීම පෙන්නුම් කරන්නේ පාලනය කිරීමට නොහැකිවිම හා තත්වයේ බරපතල ස්වභාවයයි. කොරෝනා පළමු රැල්ල පාලනය කල බවට උදම් ඇනු ආණ්ඩුවට දෙවන වටයේ මෙය ව්‍යාප්තවීමට තිඛෙන හැකියාව හා ඉඩ ගැන කිසිදු ඉදිරි දැක්මක් නොතිබු බව ඉතා හොදින් ප්‍රදර්ශණය විය. සෞඛ්‍ය අංශයට 2021 ඉදිරි අයවැය ඇස්තමේන්තු බැලීමේදී එම තත්වය හොදින් පැහැදිලිවේ. 2020 අයවැය ලේඛණය සඳහා රුපියල් බිලියන 178ක් වෙන්කර තිබූ අතර 2021 ඉදිරි වර්ෂය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන්කර තිඛෙන මුදල රුපියල් බිලියන 20කින් කප්පාදු කර තිබේ. ඇත්ත වශයෙන් කොවිඩ් වසංගතය ලෝකය පුරා ව්‍යාප්ත වන අන්දම බැලීමේදී කළ යුතුව තිබුණේ සෞඛ්‍ය අංශයට අයවැයෙන් වෙන්කරන මුදල වැඩි කිරීමය. නමුත් ආණ්ඩුව කර ඇත්තේ තිබුණු මුදලත් කප්පාදු කර ජනතාවට කොකා පෙන්වීමය.

මේ අතර ආණ්ඩුව කොවිඩ් ආසාදිතයන් හදුනා ගැනීම සඳහා යොදා ගන්නා PCR පරීක්ෂණය කප්පාදු කිරීම සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය හදුන්වා දීමට පියවර ගෙන ඇත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය PCR පරීක්ෂණයට ආදේශකයක් ලෙස යොදාගත නොහැකිබව වෛද්‍ය විශේෂඥයින්ගේ අදහස බව ප්‍රකාශකර තිබියදී ආණ්ඩුවේ තැරැව්කාරයින්ගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් මෙම පියවර ගැනීම ගැන බරපතල විරෝධයක් මතුව ඇත. හිතුවක්කාර හා දඩබ්බර අන්දමට ගෝඨාභයගේ ආණ්ඩුව ගෙනයන මෙම අමනෝඥ පියරයන් නිසා මුලූ රටම බරපතල අනතුරකට ඇදවැටිය හැකිය. මෙම පසුබිම තුල දෙවන වටයේ වසංගතයේ ව්‍යාප්තිය ජනතාව පිට පටවා ඇඟබේරා ගැනීමට ගෝඨාභය ඇතුලූ ආණ්ඩුවේ නායකයින් කටයුතු කිරිම ආණ්ඩුවේ බංකොලොත්කම පෙන්නුම් කරන අතර රෝගීන් නිවෙස් වලට සිමා කිරීම හරහා ජනතාවට මරණය තෝරා ගැනීමට ඉඩහැර ඇත.

මේ අතර කොවිඩ් වසංගතය මුවාවෙන් රැකියා අහිමි කෙරෙන කම්කරුවන්ගේ ප්‍රශ්ණය උග්‍ර වන අතර වැටුප් කප්පාදුව හා වැඩි පැය ගනනක් සේවයේ යෙදවීම ධනපති පාලකයින් පියවර ගනිමින් සිටී. උග්‍රවන ආර්ථීක අර්බුදය හමුවේ ජීවත්විය නොහැකි අන්දමට ජීවන වියදම ඉහල නැගීමද සිදුවෙයි. රැකියා අහෝසිය හා අධික ජීවන වියදමට එරෙහිව කම්කරු පංතිය හා ජනතාව අතර මතුවෙමින් එන විරෝධය එක්සත් ජනතා බලයක් බවට පත් කිරිම සඳහා වෘත්තිය සමිති ව්‍යාපාරය පියවර ගතයුතු බව රතුතරුව අවධාරණය කර සිටී.

Tags: Covid 19Job LossSri Lanka

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
කොවිඩ් 19ට මුවා වී රට මිලිටරීකරණය කිරීමේ උත්සාහය පරදවමු.

කොවිඩ් 19ට මුවා වී රට මිලිටරීකරණය කිරීමේ උත්සාහය පරදවමු.

අවනඩුව 153

අවනඩුව 153

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.