lankasocialist
Tuesday, August 25, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

හුස්ම ගත්ත වසර 3ක් – උන්ට හරිම ජොලී

New Admin by New Admin
August 13, 2026
in ලිපි
0
Share on FacebookShare on Twitter

2015 අගෝස්තු මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය බලයට පත්වී වසර තුනක් සපිරිනි. මැතිවරණයෙන් පසු පිහිටුවන ලද ආණ්ඩුව එජාපයේ මෙන්ම ශ‍්‍රීලනිපයේද කොටස් එකතු කරගෙන ”ජාතික ආණ්ඩුව” නමින් අටවාගත් හවුල් ආණ්ඩුවක් වූ අතර වසර තුනක් අවසානයේ එම ආණ්ඩුවේ එක පතුරක් ගැලවී ගොස් ශ‍්‍රීලනිපයේ කණ්ඩායමක් විපක්ෂයේ වාඩිවිය. ආණ්ඩුවට වසර දෙකහමාරක් ගෙවෙන විට පවත්වන ලද පලාත්පාලන මැතිවරණයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දෙකටම ජනතාව වෙතින් එල්ල වූයේ දරුණු පාපහරකි.

කෙසේ වෙතත් ආණ්ඩුවේ තුන්වස් සැමරුම එක පක්ෂයකට විතරක් සීමාවිය. UNP ය ”හුස්ම ගත්ත වසර තුනක්” යන තේමාවෙන් එය සැමරූ අතර ආණ්ඩුවේ හවුල්කාර ශ‍්‍රීලනිපය හෝ වෙනත් කිසිදු සුළු පක්ෂයක් හෝ එම සැමරුමට එකතු වූයේ නැත. ඔවුන්ට එය හුස්ම ගත්ත වසර තුනක් නොවුයේද?
එජාපය මෙම තේමාව යොදාගත්තේ එයට පෙර පැවති මහින්ද රාජපක්ෂගේ එ්කාධිපති පාලනය යටතේ තිබූ තත්වය පදනම් කරගෙන බව පැහැදිලියග රාජපක්ෂ පාලනය යටතේ ජනතාවට හුස්ම ගැනීමටවත් ඉඩක් නොතිබූ බව එක අතකට සැබෑවකි. මහින්දල ගෝඨාභයල බැසිල්ල නාමල් ඇතුළු රාජපක්ෂවරුන්ට එරෙහිව එකම වචනයක් කතාකිරීමට අවසන් හුස්ම හෙලිමට හෝ අතපය කඩා ගැනීමට තුඩුදෙන කාරණයක් විය. ජාතියේ මුරදේවතාවන් යැයි කියාග න්නා චිවරධාරි පරපුර පවා එදා ”හ්ම්” ශබ්දයක්වත් නොකර රාජපක්ෂලාට එහෙයි කියන තත්වයට පත්වී තිබිණි. 2015 ජනවාරි 8දා මහින්ද රාජපක්ෂ ”සිහසුනෙන්” එළවුදා පොදුජනයා අතුරින් මුලින්ම මතුවූ අදහස වූයේ ”හුස්ම ගන්න පොඩි ඉඩක්” ලැබුණා කියාය. එ් තරමට එදා රාජපක්ෂ පාලනය විසින් ජනතාව පිටපටවා තිබූ පීඩනය දරුණු විය.
එහෙත් මෙම තත්වය මෙම ආණ්ඩුවේ නායකයන් පිනට දුන් දෙයක් නොව රාජපක්ෂ පාලන සමය තුල ලේහලා දිවිපුදා කරන ලද සටන්වල ප‍්‍රතිඵලයක් වශයෙන් පොදු ජනයා විසින් දිනා ගන්නා ලද ජයග‍්‍රහණයක් බව අවධාරණය කළ යුතුය. වත්මන් පාලකයන් එදා ඡුන්දය ඉල්ලූවෙත් ජනයා ඔවුන්ට ඡුන්දය දුන්නෙත් එ් වෙනස ඇති කිරීමටය. එමනිසා රාජපක්ෂ ආණ්ඩුව පලවාහැර ජනයාට යම් සහනයක් සැලසුනේ නම් එය ජනතා බලයේ ජයග‍්‍රහණයක් මිස ඹභඡු නායකයන්ගෙ අතපල්ලෙන් වැටුනු දෙයක් නොවන බව කිවමනාය. රනිල් වික‍්‍රමසිංහ ඇතුළු ඹභඡු නඩය එ් ජනතා බලයේ මහිමයෙන් අද යෙහෙන් වැජඹෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

අද වන විට ඇත්ත තත්වය වන්නේ ජනතාව විසින් පාදඩ දුෂ්ඨ පාලනයක් පෙරළාදමා හුස්ම ගැනීමට පාදාගත් ඉඩකඩ වත්මන් ඊනියා යහපාලන ආණ්ඩුව විසින් කෙමෙන් අකුලා දමමින් සිටින බවයි. රනිල් එය පටන්ගත්තේ ජනතාවට ”තිත්ත බේත්” බොන්නට සිදුවන බව කීමෙනි. රාජපක්ෂ පාලනය රටට කළ විනාශයේ සියලූ බර තමන්ට ඡුන්දය දුන් පොදු ජනයා මත පටවන්නට රනිල් ඇතුළු UNP නඩය පැකිළුනේ නැතග රනිල්ගේ හාම්පුතුන් වන බටහිර දියුණු ධනපති රටවල ජනතාවගෙන් පවා ප‍්‍රතික්ෂේප වෙමින් පවතින නව ලිබරල් ගෝලීය වැඩ පිළිවෙල මේ රට තුළ යළි තහවුරු කිරීමට ඔහුට ඇති තදියම ඡුන්ද දිනීමටත් වඩා ප‍්‍රබලය. ජේ.ආර් ජයවර්ධනගෙන් පටන්ගෙන පේ‍්‍රමදාස විසින්ද කි‍්‍රයාත්මක කොට ඉතිරිවූ වැඩ කොටස තමා ඉටුකරන බව රනිල් වරක් පැවසුවේ ගෝලීය ධනවාදයේ කුණු ගොඩගහන මධ්‍යස්ථානය බවට මේ රට පත්කිරීමට ඔහු තුළ ඇති උවමනාව මනාව ප‍්‍රකට කරමිනි.
පසුගිය තෙවර තුළ මේ ආණ්ඩුව විසින් ජනයා මත පටවා ඇති බදු බර උහුලා ගන්නට බැරි තරම්ය. වැට් බද්ද සියයට 11 සිට 15 දක්වා වැඩි කිරීමෙන් පටන්ගෙන එය එතෙක් බදු පනවා නොතිබුණු බොහෝ භාණ්ඩ හා සේවාවන් වෙතද ව්‍යාප්ත කරමින් පොදු මහජනයාගේ රීරිමාංශය හුරාකන ආණ්ඩුවක්ය යන මතය සමාජගත වන්නට විය.

මහබැංකු බැඳුම්කර මගඩියේ වගකීමෙන් මිදෙන්නට රනිල්ට කිසිසේත්ම නොහැකිය. එහි මහමොලකරු වූ අර්ජුන් මහේන්ද්‍රන් අන්තිම මොහොත දක්වාම ආරක්ෂා කළේ රනිල් සහ රවිය යන දෙන්නාය. අනෙක් අතට ජනයාට තිත්ත බේත් බොන්න කියමින් තමන්ටත් තම හෙන්චයියන්ටත් සැප කාර් අරන්දීමේ රෝගයකින් මේ ආණ්ඩුව පෙළුනේය. මන්තී‍්‍ර වැටුප් 215%කින් වැඩි ගතහැකිදැයි ”බෝලය ඔබා” බැලූවේය.
අනෙක් කාරණය වන්නේ ආණ්ඩුව ඉදිරිපත් කළ ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රයයිග තොරතුරු දැනගැනීමේ සහ බොහෝ පමාවී සම්මත කරගත් විගණන පනත හැර හැබෑ දේශපාලන ප‍්‍රතිසංස්කරණයක් කිරීමට ආණ්ඩුව කි‍්‍රයාකළේ නැත. විශේෂයෙන්ම නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන බවටත් එ් අනුව එ්කාධිපති විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන බවත් උතුරේ දෙමළ ජනයාගේ මූලික ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බවටත් වූ පොරොන්දු ගඟට කැපූ ඉනි මෙන් ගසාගෙන ගොස් ඇතග ජනයා රැුවටීම සඳහා එ් ගැන විටින් විට කතා කරමින් යෝජනා ඉදිරිපත් කරන බව කියමින් හැබෑවට කළ කිසි දෙයක් නැත.

මෙහිලා යළි යළිත් තහවුරු වන කාරණය වනුයේ ලංකාව වැනි අඩු දියුණු රටක ධනපති පන්තියේ පවත්නා පසුගාමී දුබල හා අසංවර්ධිත භාවයයි. ටයි කෝට් ඇඳ චතුර ලෙස ඉංගිරිසි කතාකරමින් සුද්දන්ට සමාන ලෙස හැසිරෙන්නට උන් දැන සිටියත් අඩු දියුණු රටක පවත්නා සමාජයීය පසුගාමිත්වයෙන් මිදී නොබියව දෙපයින් සිට ගන්නට උන්ට ශක්තියක් නැතග මැතිවරණ දිනන්නට පෙර තිබූ ධනපති ඉදිරිග ාමීත්වයවත් මැතිවරණ ජයගත් පසු දක්නට නැතග එබැවින් සමාජය ඉදිරියට ගෙනයාහැකි කිසිදු ප‍්‍රතිසංස්කරණයක් කිරීමට යූඑන්පීයේ ශ‍්‍රීලනිපයේ හෝ පොහොට්ටු පෙරමුණේ ධනපති නායකත්වයන්ට හැකියාවක් නැති බව පැහැලිය.
එබැවින් මේ රටේ දකුණ මෙන්ම උතුරේ නැගෙනහිර වතුකරය ද ඇතුළත් සියලූ ජනයාට නිදහසේ හුස්ම ගන්නට නම් මේ සියලූ ධනපති බලවේග පරාජය කොට පීඩිත පන්තියේ බලයක් ගොඩනැගිය යුතුය. එය කළහැකි වන්නේ සූරාකෑම සහ ලාභගරා ගැනීම පිටු දකින කම්කරු පන්තිය මූලික කරගත් පීඩිත ජනතා බලවේගයක් තුළින් පමණි. එම කි‍්‍රයාමාර්ගය අනිවාර්යයෙන්ම සමාජවාදී වැඩපීලිවෙලක් මත පදනම් විය යුතුය. 70 වසරක් තිස්සේ මේ රට වැනසු එජාප – ශ‍්‍රීලනිප ධනපති පන්ති පාලනය ඉදිරි වසර කීපය තුළ පෙරළා දැමීමෙන් තොරව අපේ අනාගත දරු පරපුරට හුස්ම ගැනීමට ඉඩක් ඉතිරි නොවනු ඇත.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post

කලාවාරණයට එරෙහි වෙමු

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.