• #1387 (no title)
  • 2024 நாடாளுமன்றத் தேர்தல்
  • About Us
  • Articales
  • Articles
    • දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
  • Contact USP
  • Donate
  • Join Us
  • May Day
  • MayDay
  • MAYDAY 1
  • MAYDAY 1
  • New Menu 1
  • Ratutaruwa
  • Ratutaruwa artical
  • Ratutharuwa
    • ratutaruwa
  • Ratutharuwa
  • Sri Lanka:Tremendous success of book launch in Jaffna
  • Tamil
  • The Left
  • this year
  • USP MAYDAY
    • MAY DAY 2017
  • උතුරේ මහ ඇමති විග්නේශ්වරන් ප්‍රමුඛ දෙමළ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් “එලුංග තමිල්” නම්න් පැවති උද්ඝෝෂණය කෙරෙහි උද්ගතව ඇති තත්වය ගැන එක්සත් සමාජවාදී පක්ෂය, වමේ හඬ සංවිධානය, අක්ෂය සාමූහිකය එක්ව පවත්වන ලද පුවත් පත් සාකච්ජාව
  • ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ
Lanka Socialists
No Result
View All Result
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

20 කාටද ? කා වෙනුවෙන්ද ?

dhammika by dhammika
June 19, 2015
in Articles
0
20 කාටද ?  කා වෙනුවෙන්ද ?

images

20 කාටද ?  

කා වෙනුවෙන්ද ?   

                පවතින මැතිවරණ ක‍්‍රමය යහපත් අයුරින් වෙනස් කර ගැනීමේ දේශපාලන අවශ්‍යතාව මේ සමාජයට කලෙක සිට තිබුණකි. එය වෙනස් කිරීමේ මූලික අවශ්‍යතාව තිබුයේ වඩා පිරිසිදු හා ශක්තිමත් ජනතා නියෝජනයක් සහිත දියුණු පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමටය. එ් සඳහා සමස්ථ මැතිවරණ කි‍්‍රයාවලිය duෂණයෙන් තොර මැතිවරණ කි‍්‍රයාලියක් විය යුතු අතර තරඟ වදින දේශපාලන පඏද පිරිසිදු මුදල් ගනුදෙනු සහිත ජනතාවට වග කියන්නාවු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පඏ විය යුතුය. එනිසා මැතිවරණ ක‍්‍රමයෙහි කෙලවර පමණක් වෙනස් කිරීමට 20 වන සංශෝධනය ලෙස යෝජනා කරන මේ ප‍්‍රතිසංස්කරණ කීපයෙන් මේ සමාජය ඉල්ලා සිටින යහපත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනස සිදුවන්නේ නැතැයි අපි පළමුව කියමු.

මැතිවරණ ක‍්‍රමයෙහි සියලූ දෝස මනාප ඡන්දයට බාරදීම පහසු වුවත් එය මුසාවකි. එ්වාට උත්තරයක් ලෙස පැරණි මන්ත‍්‍රී ආසන ක‍්‍රමය අනුපාත ක‍්‍රමයට බද්ධ කිරීමෙන් මැතිවරණ කි‍්‍රයාවලිය ශිෂ්ඨ වන්නේ නැතැයි ද අපි කියමු. මැතිවරණ ක‍්‍රමය එසේ ශිෂ්ඨ කළ හැකි නම් ඉන්දියාවේ පාර්ලිමේන්තුව වැදගතුන්ගෙන් පිරී සුපිරි පාර්ලිමේන්තුවක් විය යුතුය. එහෙත් අපරාධ චෝදනා ඇති මන්ත‍්‍රීවරුන් 186 ක් වර්තමාන ඉන්දීය පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත. ඉන්දියාවේද ප‍්‍රශ්නය වී ඇත්තේ ද duෂිත ව්‍යාපාරිකයන් හා කලූ සල්ලි අපුල්ලනවුන් සමග දේශපාලන පඏ හා දේශපාලඥයන් තබා ගන්න නොකියවෙන සම්බන්ධයයි. මැතිවරණ කි‍්‍රයාවලියේ එක කෙළවරක් වෙනස් කිරීමෙන් පමණක් එ් duෂිත මාවත් අහුරා දමන්නට නොහැක. එනිසා දේශපාලන පඏ විසින් ගොඩනගා ගන්නා මැතිවරණ අරමුදල් හා අපේඏකයන්ගේ මැතිවරණ අයවැය කල් තබා ප‍්‍රසිද්ධ කිරීමේ නෛතික කොන්දේසි අඩු තරමින් මැතිවරණ ක‍්‍රම ප‍්‍රතිසංස්කරණයට ඇතුලූ නොකළහොත් ඉදිරි මැතිවරණද duෂිත මන්ත‍්‍රීවරුන්ගෙන් පිරී පාර්ලිමේන්තුවක් පත්කරගනු ඇතැයි අපි අවධාරණයෙන් කියමු.

           මාස ගණන් විලිවැද අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කළ බවට ප‍්‍රකාශ කෙරෙන වර්තමාන ප‍්‍රතිසංස්කරණ සැකසීම පවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාවලියකින් තොරව හදා ගත්තාවූ අංක ගණිතමය සුත‍්‍රයකි. එ්වා පාර්ලිමේන්තුවේ පඏ නායකයින් හා ඔවුන්ගේ හිතවතුන් කිහිප දෙනෙකුට සීමාවු රහස්‍ය සාකච්ජා විය. පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී සංඛ්‍යාව 225 සිට ඉහළට තීන්දු කෙරෙන්නේ ජනතා නියෝජනය ශක්තිමත් කිරීමේ වුවමනාව අනුව නොවේ. එ් ගැන සඳහන් නොකරන ආණඩුවේ පා පුවරුවට නැග ගත්තවුන් ආසන සංඛ්‍යාව ගැන කියන්නේ එය කුඩා පඏ වලටත් කාන්තා හා තරුණ නියෝජනයටත් ඉඩදීමට වැඩි කිරීමක් බවය.

           එ් අනෙක් බරපතල මුසාවය කාන්තා හෝ තරුණ නියෝජනය තීන්දු වන්නේ ආසන සංඛ්‍යාව අනුව නොව දේශපාලන පඏ කාන්තාවන්ට හා තරුණයන්ට දේශපාලනය කිරීමට කෙතරම් ඉඩ දෙන්නේද යන්න අනුව පමණී. ප‍්‍රධාන ධාරාවේ ධනපති දේශපාලන පඏ එවැනි නිදහසක් නොදෙන බව ඉතා පැහැදලිය. කුඩා පඏ සංකල්පය අනුපාත ක‍්‍රමයට මාරුවීම සඳහා ජයවර්ධන ජනාධිපති ඉදිරිපත් කළ පල් බොරුවකි. මැතිවරණයෙන් මැතිවරණයට දේශපාලන පඏ ලොකු කුඩා යැයි තීන්දු කරන්නේ ඡන්දදායකයාය.

           සුළු ජාතික ආගමික හෝ වෙනත් එවැනි විශේෂ ජන නියෝජනයක් ගැන කතාව ඇත්ත අවධාරණයක් ලැබිය යුත්තකි. ඒ නිසාම මේ මැතිවරණ ක‍්‍රම ප‍්‍රතිසංස්කරණ සාකච්ජාව පාර්ලිමේන්තුවට සීමා නොකල යුතු යැයි අපි කියමු. මේ රටේ ඕනෑම මැතිවරණ ක‍්‍රම ප‍්‍රතිසංස්කරණයක් ගැන කතා කල යුත්තේ පළාත් සභා සතු ජනතා නියෝජනයද හවුල් කර ගනිමින්ය. පළාත් සභා දැන් ආණ්ඩු පාලනයේ දෙවැනි තට්ටුව වන බැවිනි. මැතිවරණ ක‍්‍රම ප‍්‍රතිසංස්කරණ එළෙසින් ගෙන කතා කරන්නේ නම් සියලූ සුළු ජාතික ආගමික හා වෙනත් සුළුතර ප‍්‍රජාවන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නියෝජන ව්‍යුහයන්ට ඇතුලූ කර ගැනීමේ වැදගත් ශිෂ්ඨ ක‍්‍රම ගැන කතා කළහැක. මේ කරන්නට යන්නේ එ් කිසිත් නොවේ මේ කරන්නට යන්නේ අවජාතක අශිලාචාර පාර්ලිමේන්තුවක ඉන්නා කණඩායම් ඊළඟ මැතිවරණයෙන් තම අනාගතය සහතික කර ගැනීමේ උප්පරවැට්ටිය 20 වන සංශෝධනය ලෙසින් ජනතාවට විකිණීමය. යෝජනා කෙරෙන හා සම්මත කිරීමට අවශ්‍ය යැයි කියන්නාවු එම 20 වන සංශෝධනය ඊළඟ මැතිවරණයට අදාල නොවන්නේ නම් මේ හදිස්සිය කුමක්දැයි අපි අසමු. 

              මැතිවරණයෙන් පසු පත්වන පාර්ලිමේන්තුවට මේ ප‍්‍රතිසංස්කරණ ඉදිරිපත් කර සම්මත කර ගැනීමේ ඇති අවුල කුමක්දැයි විමසිය යුතුය. එනිසා ඉදිරියේද මන්ත‍්‍රීකම් ඇමතිකම් බලාපොරොත්තු වන දේශපාලඥයින් හා ඔවුන්ගේ පුරෝහිතයින් කිහිප දෙනෙකුට 20 වන සංශෝධනය හදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අයිතියක් නැතැයි අපි කියමුග තමන් කෙසේ නියෝජනය විය යුතුද යන්න තීන්දු කළ යුත්තේ ඡන්ද දායකයන්ය. මේ සමාජයට මැතිවරණ ක‍්‍රමයේ වෙනස් කිරීම් පිළිබඳ හදිස්සියකින් තොර කතිකාවක් අවශ්‍යව ඇත. එසේ කිරීමට 19 වන සංශෝධනය සම්මත කිරීමේදී මෙන් කළ අන්දමට නොව මේ ප‍්‍රතිසංස්කරණ විශේෂයෙන් සිංහල හා දෙමළ බසින් සමාජයට ඉදිරිපත් කළ යුතුය. මෙම ගැටලූව විසඳිය හැකි වන්නේ මහජන ව්‍යවස්ථාදායක සභාවක් කැඳවා කම්කරු පංතිය ඇතුලූ සමාජයේ සියලූ ස්ථරයන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සාකච්ජා කිරීමට අවස්ථාව උදාකර දීමෙනි. වමේ ව්‍යාපාරය හා වෘත්තිය සමිති එ් වෙනුවෙන් හඩනැගිමට වහාම පියවර ගත යුතුය.

Previous Post

වැලිකඩ සිරකරුවන් ඝාතනය කළේ කව්ද ?

Next Post

නිමක් නුදුටු වමේ පාවාදීම් එදා සහ අද

Next Post
නිමක් නුදුටු වමේ පාවාදීම් එදා සහ අද

නිමක් නුදුටු වමේ පාවාදීම් එදා සහ අද

Categories

  • Activities
  • Articles
  • Books
  • From the Press
  • Local
  • Other
  • Persepectives
  • Ratutharuwa
  • Upcoming Events
  • USP Statements
  • Video/Audia
  • World News
  • අවනඩුව

Archives

  • February 2025
  • December 2024
  • November 2024
  • October 2024
  • September 2024
  • August 2024
  • July 2024
  • May 2024
  • April 2024
  • March 2024
  • February 2024
  • November 2023
  • October 2023
  • September 2023
  • August 2023
  • July 2023
  • June 2023
  • May 2023
  • April 2023
  • March 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • October 2022
  • September 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • April 2022
  • February 2022
  • December 2021
  • November 2021
  • April 2021
  • February 2021
  • January 2021
  • December 2020
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • June 2017
  • May 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • November 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • September 2015
  • August 2015
  • July 2015
  • June 2015
  • May 2015
June 2015
M T W T F S S
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May   Jul »

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.