lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

20 කාටද ? කා වෙනුවෙන්ද ?

New Admin by New Admin
August 13, 2026
in ලිපි
0
20 කාටද ?  කා වෙනුවෙන්ද ?
Share on FacebookShare on Twitter

images

20 කාටද ?  

කා වෙනුවෙන්ද ?   

                පවතින මැතිවරණ ක‍්‍රමය යහපත් අයුරින් වෙනස් කර ගැනීමේ දේශපාලන අවශ්‍යතාව මේ සමාජයට කලෙක සිට තිබුණකි. එය වෙනස් කිරීමේ මූලික අවශ්‍යතාව තිබුයේ වඩා පිරිසිදු හා ශක්තිමත් ජනතා නියෝජනයක් සහිත දියුණු පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමටය. එ් සඳහා සමස්ථ මැතිවරණ කි‍්‍රයාවලිය duෂණයෙන් තොර මැතිවරණ කි‍්‍රයාලියක් විය යුතු අතර තරඟ වදින දේශපාලන පඏද පිරිසිදු මුදල් ගනුදෙනු සහිත ජනතාවට වග කියන්නාවු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පඏ විය යුතුය. එනිසා මැතිවරණ ක‍්‍රමයෙහි කෙලවර පමණක් වෙනස් කිරීමට 20 වන සංශෝධනය ලෙස යෝජනා කරන මේ ප‍්‍රතිසංස්කරණ කීපයෙන් මේ සමාජය ඉල්ලා සිටින යහපත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනස සිදුවන්නේ නැතැයි අපි පළමුව කියමු.

මැතිවරණ ක‍්‍රමයෙහි සියලූ දෝස මනාප ඡන්දයට බාරදීම පහසු වුවත් එය මුසාවකි. එ්වාට උත්තරයක් ලෙස පැරණි මන්ත‍්‍රී ආසන ක‍්‍රමය අනුපාත ක‍්‍රමයට බද්ධ කිරීමෙන් මැතිවරණ කි‍්‍රයාවලිය ශිෂ්ඨ වන්නේ නැතැයි ද අපි කියමු. මැතිවරණ ක‍්‍රමය එසේ ශිෂ්ඨ කළ හැකි නම් ඉන්දියාවේ පාර්ලිමේන්තුව වැදගතුන්ගෙන් පිරී සුපිරි පාර්ලිමේන්තුවක් විය යුතුය. එහෙත් අපරාධ චෝදනා ඇති මන්ත‍්‍රීවරුන් 186 ක් වර්තමාන ඉන්දීය පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත. ඉන්දියාවේද ප‍්‍රශ්නය වී ඇත්තේ ද duෂිත ව්‍යාපාරිකයන් හා කලූ සල්ලි අපුල්ලනවුන් සමග දේශපාලන පඏ හා දේශපාලඥයන් තබා ගන්න නොකියවෙන සම්බන්ධයයි. මැතිවරණ කි‍්‍රයාවලියේ එක කෙළවරක් වෙනස් කිරීමෙන් පමණක් එ් duෂිත මාවත් අහුරා දමන්නට නොහැක. එනිසා දේශපාලන පඏ විසින් ගොඩනගා ගන්නා මැතිවරණ අරමුදල් හා අපේඏකයන්ගේ මැතිවරණ අයවැය කල් තබා ප‍්‍රසිද්ධ කිරීමේ නෛතික කොන්දේසි අඩු තරමින් මැතිවරණ ක‍්‍රම ප‍්‍රතිසංස්කරණයට ඇතුලූ නොකළහොත් ඉදිරි මැතිවරණද duෂිත මන්ත‍්‍රීවරුන්ගෙන් පිරී පාර්ලිමේන්තුවක් පත්කරගනු ඇතැයි අපි අවධාරණයෙන් කියමු.

           මාස ගණන් විලිවැද අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කළ බවට ප‍්‍රකාශ කෙරෙන වර්තමාන ප‍්‍රතිසංස්කරණ සැකසීම පවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාවලියකින් තොරව හදා ගත්තාවූ අංක ගණිතමය සුත‍්‍රයකි. එ්වා පාර්ලිමේන්තුවේ පඏ නායකයින් හා ඔවුන්ගේ හිතවතුන් කිහිප දෙනෙකුට සීමාවු රහස්‍ය සාකච්ජා විය. පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී සංඛ්‍යාව 225 සිට ඉහළට තීන්දු කෙරෙන්නේ ජනතා නියෝජනය ශක්තිමත් කිරීමේ වුවමනාව අනුව නොවේ. එ් ගැන සඳහන් නොකරන ආණඩුවේ පා පුවරුවට නැග ගත්තවුන් ආසන සංඛ්‍යාව ගැන කියන්නේ එය කුඩා පඏ වලටත් කාන්තා හා තරුණ නියෝජනයටත් ඉඩදීමට වැඩි කිරීමක් බවය.

           එ් අනෙක් බරපතල මුසාවය කාන්තා හෝ තරුණ නියෝජනය තීන්දු වන්නේ ආසන සංඛ්‍යාව අනුව නොව දේශපාලන පඏ කාන්තාවන්ට හා තරුණයන්ට දේශපාලනය කිරීමට කෙතරම් ඉඩ දෙන්නේද යන්න අනුව පමණී. ප‍්‍රධාන ධාරාවේ ධනපති දේශපාලන පඏ එවැනි නිදහසක් නොදෙන බව ඉතා පැහැදලිය. කුඩා පඏ සංකල්පය අනුපාත ක‍්‍රමයට මාරුවීම සඳහා ජයවර්ධන ජනාධිපති ඉදිරිපත් කළ පල් බොරුවකි. මැතිවරණයෙන් මැතිවරණයට දේශපාලන පඏ ලොකු කුඩා යැයි තීන්දු කරන්නේ ඡන්දදායකයාය.

           සුළු ජාතික ආගමික හෝ වෙනත් එවැනි විශේෂ ජන නියෝජනයක් ගැන කතාව ඇත්ත අවධාරණයක් ලැබිය යුත්තකි. ඒ නිසාම මේ මැතිවරණ ක‍්‍රම ප‍්‍රතිසංස්කරණ සාකච්ජාව පාර්ලිමේන්තුවට සීමා නොකල යුතු යැයි අපි කියමු. මේ රටේ ඕනෑම මැතිවරණ ක‍්‍රම ප‍්‍රතිසංස්කරණයක් ගැන කතා කල යුත්තේ පළාත් සභා සතු ජනතා නියෝජනයද හවුල් කර ගනිමින්ය. පළාත් සභා දැන් ආණ්ඩු පාලනයේ දෙවැනි තට්ටුව වන බැවිනි. මැතිවරණ ක‍්‍රම ප‍්‍රතිසංස්කරණ එළෙසින් ගෙන කතා කරන්නේ නම් සියලූ සුළු ජාතික ආගමික හා වෙනත් සුළුතර ප‍්‍රජාවන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නියෝජන ව්‍යුහයන්ට ඇතුලූ කර ගැනීමේ වැදගත් ශිෂ්ඨ ක‍්‍රම ගැන කතා කළහැක. මේ කරන්නට යන්නේ එ් කිසිත් නොවේ මේ කරන්නට යන්නේ අවජාතක අශිලාචාර පාර්ලිමේන්තුවක ඉන්නා කණඩායම් ඊළඟ මැතිවරණයෙන් තම අනාගතය සහතික කර ගැනීමේ උප්පරවැට්ටිය 20 වන සංශෝධනය ලෙසින් ජනතාවට විකිණීමය. යෝජනා කෙරෙන හා සම්මත කිරීමට අවශ්‍ය යැයි කියන්නාවු එම 20 වන සංශෝධනය ඊළඟ මැතිවරණයට අදාල නොවන්නේ නම් මේ හදිස්සිය කුමක්දැයි අපි අසමු. 

              මැතිවරණයෙන් පසු පත්වන පාර්ලිමේන්තුවට මේ ප‍්‍රතිසංස්කරණ ඉදිරිපත් කර සම්මත කර ගැනීමේ ඇති අවුල කුමක්දැයි විමසිය යුතුය. එනිසා ඉදිරියේද මන්ත‍්‍රීකම් ඇමතිකම් බලාපොරොත්තු වන දේශපාලඥයින් හා ඔවුන්ගේ පුරෝහිතයින් කිහිප දෙනෙකුට 20 වන සංශෝධනය හදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අයිතියක් නැතැයි අපි කියමුග තමන් කෙසේ නියෝජනය විය යුතුද යන්න තීන්දු කළ යුත්තේ ඡන්ද දායකයන්ය. මේ සමාජයට මැතිවරණ ක‍්‍රමයේ වෙනස් කිරීම් පිළිබඳ හදිස්සියකින් තොර කතිකාවක් අවශ්‍යව ඇත. එසේ කිරීමට 19 වන සංශෝධනය සම්මත කිරීමේදී මෙන් කළ අන්දමට නොව මේ ප‍්‍රතිසංස්කරණ විශේෂයෙන් සිංහල හා දෙමළ බසින් සමාජයට ඉදිරිපත් කළ යුතුය. මෙම ගැටලූව විසඳිය හැකි වන්නේ මහජන ව්‍යවස්ථාදායක සභාවක් කැඳවා කම්කරු පංතිය ඇතුලූ සමාජයේ සියලූ ස්ථරයන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සාකච්ජා කිරීමට අවස්ථාව උදාකර දීමෙනි. වමේ ව්‍යාපාරය හා වෘත්තිය සමිති එ් වෙනුවෙන් හඩනැගිමට වහාම පියවර ගත යුතුය.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
නිමක් නුදුටු වමේ පාවාදීම් එදා සහ අද

නිමක් නුදුටු වමේ පාවාදීම් එදා සහ අද

Ratutharuwa Paper June & July

Ratutharuwa Paper June & July

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.