lankasocialist
Wednesday, August 26, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ඉන්දු ලංකා ගිවිසුමෙන් වසර 30කට පසු ජාතික ප‍්‍රශ්නය කොයිබටද?

New Admin by New Admin
August 13, 2026
in ලිපි
0
Share on FacebookShare on Twitter

ඉන්දු ලංකා ගිවිසුමෙන් වසර 30කට පසු ජාතික ප‍්‍රශ්නය කොයිබටද? 1987දී ඉන්දු – ලංකා ගිවිසුම රජිව් ගාන්ධි හා ජේ.ආර්. ජයවර්ධන අතර අත්සන් කරනු ලැබූවේ ජාතික ප‍්‍රශ්ණය විසදීම සඳහා ධනපති පංතියට දිය හැකි පිළිතුර වශයෙනි. එහිදී පළාත් සභා ස්ථාපිත කිරීම පිළිබඳ සංකල්පය ඉදිරිපත් විය. දෙවනුව දෙමළ ජනතාවගේ නිජබිම ලෙස සලකා උතුර හා නැගෙනහිර එ්කාබද්ධ කිරීම සිදු කෙරින. එසේ වුවද දෙමළ ජනතාවගේ අනුමැතියකින් තොරව අධිකරණ තීන්දුවකින් උතුර හා නැගෙනහිර වෙන්කර දමා ඇත. ධනපති රටවල් දෙකක් වශයෙන් ඉන්දියාව හා ලංකාව අතර අත්සන් කරනලද ඉන්දු ලංකා ගිවිසුම තුලින් ජාතික ප‍්‍රශ්ණයට විසදුමක් ලැබෙනු ඇතැයි මාක්ස්වාදින් වශයෙන් අපි විශ්වාස නොකලෙමු. එසේ වුවද ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කල පෙත්සමට විරුද්ධව අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ එක්සත් සමාජවාදී පක්ෂය පමණි. මේ වන විට උතුරේ පළාත් සභාව ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමට බලයක් නොමැති සුදු අලියෙකු බවට පත්ව ඇත. ඉන්දු – ලංකා ගිවිසුම ප‍්‍රකාරව සිදුකරන ලද 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් සභාවට නීතියෙන් හිමිවිය යුතු ඉඩම් පිළිබද බලතල හා පොලිස් බලතල ධනපති ආණ්ඩු විසින් උදුරාගෙන ඇත. ජනතාව රැුවටීම වෙනුවෙන් වේදිකාවල නොයෙකුත් දේවල් ඇසෙන නමුත් චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ හා වත්මන් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන යන අය පළාත් සභාවලට නීතියෙන් පවරන ලදී. ඉහත සඳහන් බලතල පවා නොදී සිටිති. coque samsung galaxy ඇත්ත තත්වය මෙයයි. දෙමළ ජනතාවට යම් ආකාරයක සොච්චම් සහනයක්වූ හා 13 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් බිහිවූ පළාත් සභා ස්ථාපිත කිරීම අහසින් පහත්වූ දෙයක් නොවේ. එය දෙමළ ජනතාව ලේ හා ජීවිත පරිත්‍යාගයෙන් අත් නොහල ගෙනගිය කටුක අරගලයක ප‍්‍රථිපලයකි. ලංකාවේ ධනපති ආණ්ඩුවලට දෙමළ ජනතාවගේ එම අරගලයන් හරහා කිසියම් දෙයක් දීමට බලකෙරුනි. coque samsung s7 එහෙත් වසර 30ක යුද්ධයක් හා යුද්ධය අවසන්වී වසර 8ක් ගතවන විට ජාතික ප‍්‍රශ්නය පිළිබද කථිකාව ගව්ගානක් ආපස්සට ඇඳදමා ඇත. එසේම ඉතිහාසයේ අපි අත්දකිනුයේ 1956 දී චෙල්වනායගම් සමග ගිවිසුමක් අත්සන් කිරීමට බණ්ඩාරනායකට සිදුවිය. ඉන් අනතුරුව 1966 දී නැවත චෙල්වනායගම් සමග ගිවිසුමක් ගැසීමට ඩඞ්ලි සේනානායකට සිදුවිය. එම ගිවිසුම් යථාර්තයක් නොවූ බව වෙනම කරුණකි. එසේ වුවද මේ රට පාලනය කල එක්සත් ජාතික පක්ෂය හෝ ශ‍්‍රීලංකා නිදහස් පක්ෂය වැනි සිංහල ධනපති නායකයින්ට දෙමළ ජනතාවගේ නායකයින් සමග වරින්වර ජාතික ප‍්‍රශ්ණය වෙනුවෙන් සාකච්ජා කිරීමට හා යම් යම් ගිවිසුම් ගැසීමට සිදුවිය. Samsung coque එහෙත් වර්තමානයේ පවතින්නේ ඉතා කණගාටුදායක තත්වයකි. අද දෙමළ ජනතාවගේ ජාතික ප‍්‍රශ්ණය ගැන සාකච්ජාවක් සිදුවන්නේ නැත. Coque huawei එ් වෙනුවට පෙනෙන්නට ඇත්තේ නැවත වරක් වසර 30ක යුද්ධයට පෙර ඉතිහාසයේ සිදුවූ දෙයමය. එනම් රට පාලනය කරන සිංහල ධනපති නායකයින් පසුපස දෙමළ නායකයින් හිඟමනේ යෑමකි. ඊට අමතරව ඉන්දියාව හා අධිරාජ්‍යවාදී යුරෝපීය බලවතුන් ඉදිරියේ කන්නලව් කිරීමකි. විනාකාරී යුද්ධයක් සඳහා දෙමළ තරුණයින් තල්ලූකරනු ලැබුවේ සිංහල ධනපති පක්ෂ පිටුපස හිඟමනේ යෑමේ දේශපාලන කි‍්‍රයාදාමය අසාර්ථකවීමෙන් පසුව බව වර්තමාන දෙමළ දේශපාලන නායකයින්ට අමතකවීම කණගාටුදායක කරුණක් පමණක් නොව ඛේදවාචකයකි. coque iphone 7 ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කර වසර 30කට පසු මේ කරුණු ගැන ගැඔුරු සමාලෝචනයක් කිරීම අත්‍යවශ්‍යය. එසේ වුවද වසර 30කින් පසු එදා. ඉන්දු ලංකා ගිවිසුම වෙනුවෙන් පෙනී සිටී දකුණේ ධනපති දේශපාලන නායකයින්ටද එහි කොටස්කරුවන්වූ සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය හා නව සමසමාජ නායකයින්ට පමණක් නොව උතුරේ දෙමළ සන්ධානය ඇතුලූ දෙමළ නායකයින්ටද එ් ගැන සාකච්ජා කිරීමට උවමනාවක් ඇත්තේ නැත. මේ ගැන යම් ආකාරයක හෝ සංවාදයක් කිරීමට පියවර ගත්තේ එක්සත් සමාජවාදී පක්ෂය පමණි. පසුගිය ජුලි මස 27 වෙනිදින කොළඹදී එ් ස`දහා ආරම්භක සාකච්ජාවක් සිදුකෙරින. ජාතික ප‍්‍රශ්ණය තවමත් අප රටේ දේශපාලනයේ විසදා ගැනීමට නොහැකිවූ ප‍්‍රධානතම ප‍්‍රශ්ණයයි. එහෙත් බරපතල සාකච්ජාවක් වර්තමානයේ නැත්තේද ජාතික ප‍්‍රශ්ණය ගැනය. ජාතික ප‍්‍රශ්ණයට විසදුම් ලබා ගැනීම උතුරේ ජනතාවගේ ප‍්‍රශ්ණයකට සීමාකළ නොහැකිය. එය සමස්ථ ලාංකීය ජනතාවගේ ප‍්‍රශ්ණයකි. එබැවින් උතුරේ දෙමළ ජනතාවගේ ජාතික නිදහස හා විමුක්තිය දිනා ගැනීමේ අරගලය දකුණේ කම්කරු පංතිය, ප‍්‍රගතිශීලි ජනතාව හා ස්වයංනිර්ණය අයිතිය වෙනුවෙන් සටන් වදින වමේ පක්ෂ සමඟ එක්සත් අරගලයක් බවට පත්කළ යුතුය.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post

දෙමළ ජනයා : කඳුළු අතුරින් සටන් මගට

Against Donald Trump

Against Donald Trump

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.