lankasocialist
Wednesday, August 26, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

දෙමළ ජනයා : කඳුළු අතුරින් සටන් මගට

New Admin by New Admin
August 13, 2026
in ලිපි
0
Share on FacebookShare on Twitter

දෙමළ ජනයා : කඳුළු අතුරින් සටන් මගට ජනතාව වීදිබැස සටන් කිරීම මෛත‍්‍රී පාලනයේ හෝ යහපාලනයේ හොඳකම නිසා සිදුවුනු දෙයක් නෙවෙයි. එ්ක ජනතාව දිනාගත්ත අයිතියක්. coque iphone outlet store මේ අයිතිය දිනා ගන්න වැඩියෙන්ම දායක වුනේ මේ රටේ දෙමළ සහ මුස්ලිම් ජනතාවයි. ඔවුන් 2015 ජනවාරියේදීත් අගෝස්තුවේදීත් කෙලින්ම යහපාලනයට හෝ යහපාලනය වෙනුවෙන් තොග වශයෙන් ඡුන්දය දුන්හ. එහෙම ඡුන්දය දිල ඔවුන් වසර දෙකක් පමණ කල්බලා හිටිය ඇඟට දැනෙන් වෙනසක් ප‍්‍රතිඵලයක් ලැබෙයිද කියල. මෛති‍්‍රපාල නිදහස් දිනයට, එහෙම නැත්නම් උතුරට ගිහිල්ල සංහිදියාව ගැන ,මසුරං, කතා කිව්වට මහ පොලොවෙ කිසිදෙයක් වුනේ නැහැ. යුධ සමයේ බලහත්කාරයෙන් හමුදාවට පවරා ගත්ත ඉඩම් ටික ආපසු දෙයි කියලා, වසර ගනනාවක් තිස්සේ ත‍්‍රස්ත පනත යටතේ රඳවාගෙන සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරයි කියල. වසර 30ක කුරිරු යුද්ධය අතරතුර පැහැරගෙන යන ලද හෝ අතුරුදහන් කරන ලද තම ¥පුතුන්ට මොකද වුනේ කියල ඇත්ත කියයි කියල. යුද්ධයේ අවසන් අදියරේදී මරාදමන ලද දහස් ගණනක් දෙනා වෙනුවෙන් යුක්තිය ඉටු කරමින් යුධ අපරාධ කළ අයට දඩුවම් කරයි කියල, දෙමළ ජනයා ඇස් කන් ඇරගෙන බලා හිටිය. මෙයින් ඇතිවුනු අපේක්ෂා භංගත්වය විසින් තමයි දෙමළ ජනයා තම අයිතිය ඉල්ලා පාරට බැස්සෙ. offre coque huawei මුලතිව් කෝප්පාපිලවු, මන්නාරමේ මුල්ලකුලම් වැනි තැන්වල අල්ලාගත් තම ඉඩම් ආපහු දෙන ලෙස ඉල්ලලා. coque iphone france කිලිනොච්චිය, වව්නියාව වැනි තැන්වල අතුරුදහන් කළ තම ¥දරුවන්ට මොකද වුනේ කියා විමසමින් ජනතාව අඛණ්ඩ උද්ඝෝෂණ වලට යොමු වුනේ මේ අනුවයි. මේ හැම තැනකම මේ වන විට දින 100කට වැඩි කාලයක් ජනයා වාඩිලාගෙන සත්‍යග‍්‍රහ උද්ඝෝෂනවල යෙදී ඉන්නව. විශේෂයෙන්ම කිලිනොච්චියෙ මව්වරු තම ¥දරුවන් ඉල්ලමින් ගෙනයන අරගලය ඉතාම සජීවී එකක්. එ් අරගලයට දින 100ක් පිරීම නිමිත්තෙන් පසුගිය මැයි 30දා තිබුණු උද්ඝෝෂණයට විශාල ජන සහභාගීත්වයක් තිබුණ. උතුර පදනම් කරගත් දේශපාලන පක්ෂවලට අමතරව දේශපාලන පක්ෂයක් වශයෙන් එයට සහභාගිවූයේ එක්සත් සමාජවාදී පක්ෂය පමණයි. මැයි මාසය මේ වන විට දෙමළ ජනයාට සුවිශේෂී මාසයකි. 27 වසරක් පුරා පැවති යුද්ධය තිරශ්චීන ලේ වැගිරීමකින් අවසන් වූයේ 2009 මැයි මාසයේදීය. දහස් ගණන් දෙමළ ජනයා තම ජාතික අයිතිය ඉල්ලා ගෙනගිය අරගලයේදී දිවිපිදුහ. එම ජීවිත ජුජාවන් සිහි කරමින් කඳුලක් හෙන්නටවත් රාජපක්ෂ පාලන සමයේදී ඔවුනට අයිතියක් නොවීය. පහනක් දැල්වීම සාපරාධී වරදක් විය. එ් පාපතර පාලනය පෙරළා දැමුවද තම මළවුන් සිහිකර පහනක් දල්වන්නට අයිතිය ලබා ගැනීමට දෙමළ ජනයාට තවමත් සටන් කරන්නට සිදුව තිබේ. කෙසේ වෙතත් මෙවර මැයි 18දා ඔවුහු වෙල්ලමුල්ලිවයික්කාල්හිදී සිය ගණනින් රැුස්වී පහන් දල්වා තම මළවුන් සිහි කළහ. එය අපට වැදගත් වන්නේ දෙමළ ජනයා යුද්ධයේ පරාජයෙන් පසු තම අයිතීන් ඉල්ලා නැවත නැගිටීමට යොමුවීමක් නිසාය. දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා වූ අරගලයද අප අතනොහැර ඉදිරියට ගෙනයා යුතුයි. දේශපාලන සිරකරුවන් වූ නිමලරූබන් සහ දෙල්රුක්ෂාන් ඝාතනයට ලක්වූ වව්නියාව බණ්ධනාගාරයට හමුදාව සහ ීඔත්‍ පහරදුන්නේ 2012 ජුනි 27දා වන අතර මේ ගැන තාමත් නිසියාකාර පරීක්ෂණයක්වත් සිදුවී නැත. එක්සත් සමාජවාදී පක්ෂය දෙමළ ජනයාගේ මේ සියලූ ප‍්‍රශ්න වෙනුවෙන් තීරනාත්මක ලෙස මැදිහත් වන්නේ දෙමළ ජනයාගේ ජාතික පීඩනයට එරෙහි අරගලය කම්කරු පන්තියේ සමස්ත අරගලයේම කොටසක් බව සලකමිනි. coque de telephone samsung galaxy j5 කම්කරු පන්තිය එ් සඳහා බද්ධ කරගැනීම මෙහිලා අත්‍යවශ්‍ය අංගයකි.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
Against Donald Trump

Against Donald Trump

protest in front of Myanmar embassy

protest in front of Myanmar embassy

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.