lankasocialist
Thursday, November 5, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ධනවාදයේ නිර්මිතයක් වන දේශගුණික අර්බුධය

Prasad Welikumbura by Prasad Welikumbura
October 28, 2026
in ගෝලීය, රතු තරුව, ලිපි
0
Climate Crisis is Capitalist Crisis
Share on FacebookShare on Twitter

පසුගිය අගෝ. 26 වෙනිදා නෙපාලයේ ත්‍රිෂූලි නිම්නයට හිරු උදා වූනේ අනේ සියලුම දියන්හි හිරු උදා වූ ආකාරයෙන්ම වුවද එම දිනය අන් අන් කිසිඳු දිනයක් හා සමාන කළ හැකි වන්නේ නැහැ. එම ප්‍රදේශයේ සියළුම දෙනා කලින් සැළසුම් කර තිබූ වැඩ රාජකාරි සඳහා පිටත් වූ නමුත් ඔවුන්ට ඒවා ඒ ආකාරයට ඉටු කරන්නට හැකියාවක් ලැබුනේ නැහැ. මිනිත්තු කිහිපයක් ඇතුළත ඒ සෑම දෙයක්ම සුනු විසුනු කර දමන්නද ස්වබාවධර්මය කටයුතු කළා. ටිබෙට්-නේපාල දේශසීමාවේ දී ග්ලැසියරයක් නායයාමෙන් ඇති වූ ක්ෂණික ගංවතුර මුළු ත්‍රිෂූලී නිම්නයම සෝදාපාළුවට ලක්කරමින් පහලට ගලා ගියා.

මෙය ගැලැසියර නායයාම නිසා ඇති වූ පළමු ගංවතුර නොවන නමුත්, ලෝකය පුරාවට ආන්තීය කාලගුණික සිදුවීම් සහ ස්වාභාවික විපත් ඇතිවීමේ සීග්‍රතාවය වැඩිවී ඇති බව අපිට දැකිය හැකි කාරණාවකි. පසුගිය වසර පුරාවට ලංකාවට, ඉන්දුනීසියාවට බලපෑ දැවැන්ත සුළි කුණාටු, උතුරු අර්ධගෝලය පුරා පැතිර ගිය ලැව් ගිණි සහ දැඩි උණුසුම් තත්වය, ඇතුළුව ලොව පුරා මෙවැනි සිදුවීම ගණණාවක් පසුගිය වසරක පමණ කාලය තුළ අපට අසන්නට ලැබුනි. පසුගිය වසර තුළ පමණක් ලොව පුරා මිනිසුන් 700,000ක් පමණ දේශගුනික අර්බුදයේ සෘජු බලපෑම නිසා මියගිය බව ලාන්ස්ලට් කවුන්ට්ඩවුන් ඇත්තමේන්තු කරයි. මෙය පෙනහළු පිලිකාවලින් වසරකට මියයන ප්‍රමාණයෙන් ආසන්න වශයෙක් අඩකි.

ලොව පුරා පරිසර විද්‍යාඥයන් පවසන ආකාරයට 2030 වන විට අප විමෝචනය කරන කාබන් ප්‍රමාණය 45%කින් අඩුකර නොගතහොත් සහ ගෝලීය සාමාන්‍ය උෂ්නත්වය 1.50C කට වඩා ඉහළ ගියහොත් නැවත හැරවිය නොහැකි ලෙස අපගේ පාරිසරික සහ දේශගුණික පද්දතිය බිඳවැටෙනු ඇති.

එකිනෙකට බැඳී ඇති පරිසර පද්දතියේ බිඳවැටීමත් ජෛවගෝලයේ බිඳවැටීමත් සමඟ මේ වන විට අප සිටින්නේ සමූහ වඳ වී යාමේ සංසිද්ධියක් තුළ බව බොහෝ පරිසර විද්‍යාඥයන්ගේ මතය වි තිබේ. මීට පෙර පෘථිවි ඉතිහාසය තුළ මෙවැනි වඳවීයාම් 5ක් සිදුව ඇති අතර පෘථිවියේ ජීවත් වූ ජීවී කොට්ඨාෂ වලින් 75%කට වඩා වඳවීමට ලක්වන අවස්ථාවන් මෙසේ සැළකේ. නමුත් මෙවර මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම සමූහ වඳ වී යාමේ සංසිද්ධියට බලපාන ප්‍රධාන හේතුව මිනිස් ක්‍රියාකාරකම් වීමයි.

දේශගුණික අර්බුධය ඔපපාතිකව පහළවූවක්ද?

දේශගුණික අර්බුදය ඔපපාතිකව පහලවූවක් නොවේ. ධනවාදී නිශ්පාදන ක්‍රමය තුළ වැඩි ලාභය අරමුණු කරගනිමින් පරිසරයට දූෂක ටොන් බිලියන ගණනින් දිනපතා මුදාහැරීම තුළ අප ජීවත්වන පරිසරය මිනිස්සුන්ට පමණක් නොව සමස්ථ ජෛව වර්ගයාටම ජීවත්විය නොහැකි වටපිටාවක් බවට අප විසින් පත් කරමින් සිටිති.

මාක්ස් ප්‍රකාශ කළ පරිදි

“ධනේශ්වර නිෂ්පාදනය විසින් තාක්ෂණය සහ විවිධ ක්‍රියාවලීන් එකිනෙක සම්බන්ධ කරමින් සමස්ත සමාජීය පද්ධතියක් නිර්මාණය කරනු ලබන්නේ, සියලු ධනයේ මූලික උල්පත් දෙක වන පස සහ කම්කරුවා විනාශමුඛයට පත්කරමිනි.”

මෙය වර්ථමානයට ආදේශකළහොත් ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය එනම් අසීමිත ලාභය මූලික කරගත් කරන ප්‍රාග්ධන සමුච්චයනය ධනවාදය සතු ප්‍රධානතම සම්පත් දෙක වන මිනිස් ශ්‍රමය සහ ස්වාභාවික පරිසරය යන දෙකම විනාශයට පත්කරයි.

කාර්මික විප්ලවය ආරම්භයේ සිට ධනවාදයේ නැඟීම සමඟ කාර්මික දියුණුව අත්පත් කරගත් සෑම රටක්ම ඒ ක්‍රියාවළිය සඳහා අවශ්‍ය බලශක්තිය ලබාගැනීමට ඛණිජතෙල් සහ ගල් අඟුරු අසීමිතව දහනය කිරීම තුලින් හරිතාගාර වායූන් නිකුත් කිරීමේ සිට ඒ සඳහා අවශ්‍ය ඛණිජ නිස්සාරනය සඳහා දැවැන්ත පතල් කැනීම, වනාන්තර විනාශ්‍ය ආදී වශයෙන් නොයෙක් ආකාරයෙන් පරිසරය විනාශ කිරීමට කටයුතු කරන ලදී. මෙසේ සිදුකරන ලද පරිසර විනාශය හේතුවෙන් ප්‍රාදේශීය මට්ටමන් ගැටළු උද්ගතවන විට ඔවුන් එම ක්‍රියාවලියන් සිය දේශ සීමාවෙන් එපිට ගෝලීය දකුණේ රටවල් කරා ගෙනයාමට කටයුතු කරන ලදී. අප්‍රිකාව, ආසියාව සහ දකුනු ඇමෙරිකාව මෙම ක්‍රියාවලියේ ප්‍රධානතම ගොදුරු බවට පත්විය. නමුත් පාරිසරික අර්බුධය තනි රටකට හෝ කළාපයකට පමණක් බලපාන්නක් නොව සමස්ත ගෝලීය පරිසර පද්දතියටම බලපාන ගැටළුවක් බව අනාවරණය වීමෙන් පසුවත් ධනවාදී නිශ්පාදන යාන්ත්‍රණය එයට ස්ථිරසාර පිළියම් සෙවීමට කල්මරමින් සිටිති. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දේශගුණික අර්බුදය යනු බොරුවක් බව පැවසූයේ මීට වසර කිහිපයකට කලිනි. එමෙන්ම ලොව පුරා විහිද ඇති නව ලිබරල් ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කරන ඛනිජතෙල් සහ පතල් කර්මාන්තය හා සම්බන්ද සමාගම් වලින් යැපෙන ඇට්ලස් නෙට්වර්ක් වැනි පර්යේෂන ආයතන දේශගුණික අර්බුධයේ සැබෑ අවදානම පිළිබඳ කතාබහ තනුක කිරීමට මෙන්ම අමු අමුවේ ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරමින් සිටිති.

ධනවාදී සංස්ථාපිතය යෝජනා කරන දියාරු විසඳුම්

මේවන විට ධනවාදී යාන්ත්‍රණය විසින් මේ වෙනුවෙන් ඉදිරිපත් කර ඇති විසඳුම වන්නේ මේ මොහොතේ සිට සළකමින් අඩු කාබන් විමෝචනයක් සිදුකරන රටවලට ඔවුන් විසින් ලබාගත් ණය ඒ වෙනුවෙන් හිලව් කරගැනීමට හැකි මූළ්‍ය ක්‍රමවේදයක් හඳුන්වාදීමයි.

මේ හරහා අඩු කාබන් විමෝචනයක් සිදුකරන අප වැනි රටවල් එලෙසින් අඩු කාබන් විමෝචනයක් පවත්වාගෙන යෑම වෙනුවෙන් අප මෙතෙක් ලබාගෙන ඇති ණය වලින් කොටසක් කපාහැරීමට ඔවුන් යෝජනා කරති.

මේ ක්‍රියාවලිය හරහා ඔවුන් දේශගුනික අර්බුදය නිසා වැඩියෙන්ම බැටකෑමට ලක්වන අඩු කාබන් විමෝචනයක් සිදු කරන ගෝලීය දකුණේ රටවල් පිළිබඳ වගකීමෙන් බැහැරවීමට සූක්ෂම ලෙස කටයුතු කරමින් සිටිති.

මේ යෝජනාව තුළ මෙතෙක් කාලයක් සිදුකරගෙන ආ කබන් විමෝචනය, දිගුකාලීනව සිදුකරන ලද සූරාකෑම, ඒ හෙුත්වෙන් ඇතිව ඇති අසමාන සංවර්ධනය ගැන කිසිඳු අවදානයක් යොමු නොකරනවාක් මෙන්ම අදාළ අඩු කාබන් විමෝචනයක් පවත්වාගෙන යාම අතරතුර සංවර්ධන ඉලක්ක කරා ළඟාවීමට අවශ්‍ය පුනර්ජනනීය බලශක්ති විසඳුම් හඳුන්වාදීම හෝ හරිත තාක්ෂණය බෙදාගැනීම හෝ ගැන කිසිඳු කතාබහක් සිදු කරන්නේ නැත. එමෙන්ම මේ හරහා අධි පරිභෝජනයක් සිදුකරන රටවල් අධෛර්‍ය කරන්නේද නැත. එමෙන්ම දේශගුණික අර්බුධය නිසා එල්ලවිය හැකි ව්‍යසන වලට මුහුන දීමට හැකියාව අඩු අප වැනි ගෝලීය දකුණේ රටවලට වගවීමක් මේ විසඳුම් තුළ අඩංගුවන්නේ ද නැත.

මෙහිදී අප ප්‍රධානකොටම සැළකීමට ගතයුතු කරාණාව වන්නේ මේ අර්බුධය ඇතිවීමට වගකිවයුතු වන්නේ අපවැනි ගෝලීය දකුණේ රටවල් නොවන බවයි. අප වැනි ගෝලීය දකුනේ රටවල් අති බහුතරයක් ඉතා අඩු කාබන් විමෝචනයක් සිදුකරන අතරම අපගේ පරිභෝජනයට ඇත්තේ ඉතාම අවම මට්ටමකය. එමෙන්ම චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, වැනි රටවල් වැඩි කාබන් විමෝචනයක් සිදුකරන නමුත් ඉන් වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ පරිභෝජනය සඳහා සිදුකරන ලද කාබන් විමෝචනයක් නොවේ. එම රටවල පවතින ලිහින් පාරිසරික සහ කම්කරු රෙගුලාසිවල ප්‍රයෝජනයට ගැනීමේ අරමුණෙන් ප්‍රධාන ධනපති අධිරාජ්‍යවාදී රටවල් තමන්ගේ නිශ්පාදන ක්‍රියාවලිය එම රාජ්‍යවලට ගෙනයනු ලැබීය. උදාහරණයක් ලෙස ගතහොත් ඉන්දියාව විසින් සිදුකරන කාබන් විමෝචනයෙන් 20%කට ආසන්න ප්‍රමාණයක් ඔවුන්ගේ පරිභෝජනය හා සම්බන්දයක් නැති අපනයනය හා සම්බන්ද කාබන් විමෝචනයන් වේ.

මෙහි ඇති වඩාත්ම කැපීපෙනෙන දෝෂය නම් මේ ක්‍රියාවලිය තුළ ගෝලීය උතුරේ රටවල් මේ දක්වා දේශගුණික අර්බුධය සඳහා ඔවුන් විසින් සිදුකරන ලද දායකත්වය සම්බන්දයෙන් වගකීමක් ගැනීම සම්පූර්ණයෙන්ම මඟහැරීමයි.

දේශගුණික අර්බුදය සම්බන්දයෙන් ධනවාදී සංස්ථාපිතිය විසින් මේ ඉදිරිපත් කර ඇති යෝජනාව සමස්ථ මනුෂ්‍ය සංහතියේ පැවැත්ම අතිශ්‍ය අවදානම්ව පවතින අවස්තාවක පවා ලාභය උපරිම කරගැනීමට ඇති හැකියාව සම්බන්දයෙන් කටයුතු කරන යෝජනාවකි.

තත්වය මෙසේ වෙද්දී ශ්‍රී ලංකාවේ වත්මන් රජය මේ යෝජනාව හිස්මුදුනින් පිලිගැනීමට කටයුතු කරමින් සිටී.

විසඳුම

දේශගුණික අර්බුධයට ධනවාදයට විසඳුම් සැපයිය නොහැකි බව අවබෝධකරගැනීමට මාක්ස්වාදියෙකු වියයුතු නොවේ. වරක් ජනප්‍රිය පරිසර ක්‍රියාකාරිනියක් වන ග්‍රෙටා තන්බර්ග් ප්‍රකාශ කළ පරිදි

“දේශගුණික අර්බුධය යනු සීමිත ලෝකයක් තුළ අසීමිත වර්ධනයක් අත්පත් කරගත හැකිය යන වැරදි ආකල්පය මත පදනම්ව ඇති අපගේ වර්ථමාන ආර්ථික ක්‍රමයේ නිර්මානයකි.”

දේශගුණික අර්බුධය ඇතිවීමට හේතුසාධක වූ ආර්ථික ක්‍රමය තුළින් ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කළ හැකියයි සිදීම විහිළුවකි. එයට විසඳුමක් ඉදිරිපත් කළ හැක්කේ ලාභය සහ ප්‍රාග්ධන පොදිබැඳගැනීම වෙනුවට සමාජීය වගකීම සහ අන්යෝන්‍ය පැවැත්ම පෙරදැරි කරගත් මාක්ස්වාදී ආර්ථික ක්‍රමයක් තුළිනි.

ධනවාදී සංවර්ධන ක්‍රියාවලිය තුළ ඇති අසමාන සංවර්ධනය හේතුවෙන් ඇතිව ඇති විශමතා අවම කිරීමට සඳහා ගෝලීය දකුණේ රටවලට වඩා පරිසර හිතකාමී නවීන තාක්ෂණය බෙදාගැනීම, පුනර්ජනනීය බලශක්තිය ඇතුළු වඩාත් කාර්‍යක්ෂම සහ අවම පාරිසරික බලපෑමක් ඇතිවන ලෙසට යටිතළ පහසුකම් නිර්මාණය කිරීම. දේශගුණික අර්බුධය නිසා ඇතිවිය හැකි හදිසි ආපදා සඳහා අවැසි යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම ඇතුළු සාමූහිකව දේශගුණික අර්බුධයේ වගකීම බෙදාගැනීමට සහ එයට මුහුනදීමට ධනවාදයට හැකියාවක් නැත.

දේශගුණික අර්බුධයට මුහුණදියහැකි ආර්ථික වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට හැකිවන්නේ ජාත්‍යන්තර දැක්මක් සමාජවාදී වැඩපිළිවෙලක් මත පදනම් වන සහිත කම්කරු පන්තියේ පාලනයක් තුළින් පමණි.

ප්‍රසාද් වැලිකුඹුර

Related Posts

Education or Work
From the Press

ශිෂ්‍ය ප්‍රජාවට හිමි අධ්‍යාපනය ද ? නැතිනම් දවසේ වැටුපද ?

by Saliya Kanugala
October 18, 2026
0

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවගේ අර්ධකාලීන රැකියා අරගලය රටේ ආර්ථිකය “යථා තත්ත්වයට පත්වෙමින්” ඇතැයි සංඛ්‍යා කියයි....

Read moreDetails
Anura Kumara

අනුර කුමාර හා NPP ආණ්ඩුවේ වසර දෙකක ශේෂ පත්‍රය

October 15, 2026
මෛත්‍රෙයි රාමකිෂ්ණන් ට එරෙහිව වර්ගවාදී ප්‍රහාරයන් සහ ලාංකේය නූතන සමාජ මාධ්‍යයේ ජාතිවාදී දේශපාලනය

මෛත්‍රෙයි රාමකිෂ්ණන් ට එරෙහිව වර්ගවාදී ප්‍රහාරයන් සහ ලාංකේය නූතන සමාජ මාධ්‍යයේ ජාතිවාදී දේශපාලනය

October 15, 2026
ජ.වි.ප.යේ දිවි නසා ගැනීම

ජ.වි.ප.යේ දිවි නසා ගැනීම

October 15, 2026
PSTA මර රකුසාමරා දැමීමට පෙළ ගැසෙව්!

PSTA මර රකුසාමරා දැමීමට පෙළ ගැසෙව්!

October 15, 2026
Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.