lankasocialist
Monday, September 14, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

Taniya by Taniya
August 14, 2026
in දේශීය, ලිපි
0
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු
Share on FacebookShare on Twitter

මීගමුව හා මහර හා කුරුවිට බන්ධනාගාරවල ඇතිවූ ගැටුම් වලින් රැඳවියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය වූ අතර බන්ධනාගාර නිලධාරීන්ද ඝාතනයට ලක්විය. නිරායුද්ධ රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව සැපයීමට ආණ්ඩුවේ මූලික වගකීමය. එම ගැටුම්කාරී තත්වය ඉන් නොනැවති අනෙකුත් බන්ධනාගාර දක්වා පැතිරෙන නොසන්සුන්කාරී තත්වයක් පැන නැගී තිබෙන බවට වාර්තා වෙමින් පවතී. මෙම තත්වයට ආණ්ඩුව මැදිහත්ව වහාම විසඳුම් ඉදිරිපත් නොවන්නේ නම් ඉදිරියේ මෙය තවත් නරක තත්වයකට වර්ධනය වීමට බොහෝ ඉඩ ඇති බව පෙනේ.

මාසයක් ඇතුලත මීගමුව, මහර හා කුරුවිට බන්ධනාගාර වල සිදුවීම් හුදකලා හෝ අහම්භ සිදුවීම් ලෙස සුඵවෙන් සැලකිය නොහැකිය. මෙයින් පෙන්වන්නේ නිසි පරිපාලන ක්‍රම වේදයකින් තොරව දුර්වලව පවතින කළමණාකාරිත්වය මෙයට හේතුවී ඇති බවයි. මෙම තත්වය උදා වීමට මූලික හේතුව වී තිබෙන්නේ සිරකරුවන් හා රැඳවියන්ට අවශ්‍ය මූලික පහසුකම් පවා නොමැතිව සතුන්සේ ඔවුන් සිරමැදිරි තුල ගාල් කර තබා ගැනීමය. එකලොස් දහසක සිරකරුවන් රදවා තබා ගත හැකි සිරමැදිරි පද්ධතිය තුල හතලිස් හතර දහසක් වැනි 4 ගුණයකින් වැඩි සිරකරුවන් සිටීමෙන් මෙම තත්වය පැහැදිලිවේ. බන්ධනාගාර වල පවතින අධික තදබදය වැලැක්වීම සඳහා මෙම ආණ්ඩුව විසින් ගත් හදිසි පියවර වූයේ ගාල්ල මහමෝදර පැරණි රෝහල හා මහනුවර වසා දමා තිබුණ බන්ධනාගාරය නැවත විවෘත කිරීමය. මෙවැනි පැලැස්තර විසඳුම් වලින් බන්ධනාගාර අර්බුදයට විසඳුම් ලබාදිය නොහැකි බව බන්ධනාගාර ඇමති හා මෙම ආණ්ඩුව තේරුම් නොගැනීම මහා ඛේදවාචකයකි. යම් කිසි වරදක් සිදු කිරීම හේතු කොටගෙන සිර දඩුවමකට යටත් කෙරෙන පුද්ගලයෙකුට ඔහුගේ සාමාන්‍ය නිදහස අහිමිවන නමුත් ඔහුගේ ගරුත්වය සිරමැදිරිය තුල අහිමි නොවිය යුතුය.

ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම්, අර්ථවත් පුනුරුත්තාපන වැඩපිළිවෙල් මෙන්ම ලිවීම හා කියවීමේ නිදහස ඔවුන්ට හිමිවිය යුතුය. එසේ වුවද මෙහි පවතින බන්ධනාගාර තුල මෙම පහසුකම් සහිත තත්වයක් පවතින්නේ නැත. එබැවින් ආණ්ඩුව තත්වය පාලනය කිරීම සඳහා ක්ෂනික පියවර ගැනීමට අමතරව දිගු කාලීනව බන්ධනාගාර වල ප්‍රශ්ණ විසදීමට මැදිහත්විය යුතුය. එහි අත්‍යවශ්‍ය පියවරක් වන්නේ මේ වන විට හිස්ව පවතින බන්ධනාගාර කොමසාරිස්ධූරය සඳහා වහාම ස්ථිර කොමසාරිස්වරයෙකු පත් කිරීමය. අනෙක් පැත්තෙන් උතුර හා නැගෙනහිර පවතින මහා පරිමාණ හමුදා ඉඩම් හා කඳවුර බන්ධනාගාර තදබදය වලක්වා ගැනීම සඳහා යොදා ගැනීමය. එසේම ඉතාම සුඵ වැරදි වලට ඇප මුදල් ගෙවීමට නොහැකිව මාස ගනන් බන්ධනාගාර වල හිරවී සිටින සිරකරුවන් පොලිස් විමර්ශනයකට යටත් කර නිදහස් කිරීමට පියවර ගැනීමය. බන්ධනාගාර වල කිසිදු මූලික අයිතිවාසිකමක් පවා නොදෙමින් සතුන් මෙන් හිරකර තබා ගැනීමේ කුරිරු මර්ධනකාරී තත්වය වෙනස් කිරීමට පියවර ගැනීමට අසමත් වන්නේ නම් මෙම තත්වය ඉදිරියටත් ඇති වන බව ආණ්ඩුව හා ඇමතිවරයා තේරුම් ගත යුතුය. ඒ වෙනුවට ආණ්ඩුව සියලු‍ දෙය විපක්ෂයේ කුමණ්ත්‍රණය බව පෙන්වා ඇඟ බේරාගැනීමේ උත්සාහය විලිලැජ්ජා නැති වැඩකි.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.

August 13, 2026
Next Post
අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.