lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

පෝරකයට ගමන් කරන රනිල්

Taniya by Taniya
August 13, 2026
in ලිපි
0
පෝරකයට  ගමන් කරන රනිල්
Share on FacebookShare on Twitter

රනිල් රාජපක්‍ෂ මේ දිනවල හැසිරෙන්නේ එල්ලුම් ගසට දින නියමව සිටින මිනීමරුවෙකු ලෙසිනි. තමන් හට ජීවත් වීමට තිබෙන දින ගනන එකින් එක ගෙවී යන බව ඇගට දැනෙන විට මහත් බියකින් පසුවීම එවැනි සිරකරුවෙකුගේ සාමාන්‍ය ස්වාභාවයයි. රනිල් රාජපක්‍ෂ ගත කරමින් සිටින්නේද එවැනි මානසිකත්වයකින් බව ඉතා පැහැදිලිය. එල්ලා මැරීමෙන් බේරීම සඳහා විවිධාකාර සිහින මැවීම එල්ලා මැරීමට නියමිත අය විසින් සිදු කරන බව කවුරුත් දනිති. තමන් හට පිනට ලැබුණු ජනාධිපතිධූරයේ කාලය අහෝසි වීමට තිබෙන දින ගනන දින පතා ගෙවී යන බැවින් කෙසේ හෝ ජනාධිපතිධූරය රැක ගැනීම සඳහා විවිධාකාර උපාය උපක්‍රම ගැන ඔහු හා ඔහුගේ සමීපතයින් දිවා රාත්‍රි නොබලා කටයුතු කරන්නේ එම නිසාය. රටේ පවතින ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය මෙම වසරේ සැප්තැම්බර් 18 සහ ඔක්තෝම්බර් 18 අතර දිනකදී පැවැත්විය යුතුය. නියත වශයෙන්ම තමන් බලයේ සිටීමේ ආයු කාලය එයින් අහෝසි වන බව හා ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැකි බව රනිල් හොඳින් අවබෝධ කරගෙන තිබේ.

මෙම පසුබිම තුල විපක්‍ෂය අවුල් කිරීම සඳහා ඔවුන්ට ලනු දීමට විවිධාකාර ප්‍රවෘත්ති මැවීම රනිල් කඳවුරේ එක් උපායක් බව පැහැදිලිය. ජනාධිපතිවරණය නියමිත කාලයේදී පවත්වන බව එක් පැත්තකින් ප්‍රකාශ නිකුත් කරන ජනාධිපති ලේකම් කාර්යාලය අනෙක් පැත්තෙන් ජනාධිපතිධූරය අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට අදහසක් රටතුල නිර්මාණය කර ඇත. මේ රටේ ජීවත් වන අතිමහත් බහුතරයක් ජනතාව රටට කොඩිවිනයක් බවට පත්ව තිබෙන ජේ.ආර්. ජයවර්ධන හඳුන්වා දුන් විධායක ජනාධිපති මර උගුල අහෝසි කිරීම සඳහා වන උවමනාවෙන් පසුවෙන බව නොරහසකි. ජනතාව තුල පවතින මෙම කැකැරෙන බරපතල වෛරය කොල්ල කමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන රනිල් කරන ප්‍රකාශය මිදි වැල දෙස බලා කපටි නරියා විසින් කරන ලද ප්‍රකාශයට වඩා විහිලු සහගතය. ඇත්ත වශයෙන්ම ජන වරමකින් තොරව බලහත්කාරයෙන් බලයේ රැදී සිටින රනිල් – රාජපක්‍ෂ කල්ලියට කිසිදු මැතිවරණයක් ජය ගැනීමට නොහැකි බව රට පුරා පවතින ජන විරෝධතා වලින් විද්‍යාමානවෙයි. රනිල් හා රාජපක්‍ෂ කල්ලිය එකතු වී ගිය වසරේ මාර්තු මස පැවැත්වීමට නියමිතව තිබු පළාත් පාලන ඡන්දය කල් දමන ලද්දේ ඔවුනට අත්වන පරාජය නියත වශයෙන්ම පෙන්නුම් කළ බැවිනි. මෙම පසුබිම තුල මෙම කල්ලියේ ඇත්ත අවශ්‍යතාවය වී ඇත්තේ කුමන හෝ කුමන්ත්‍රණකාරී තත්වයක් හරහා ඡන්ද නොපවත්වා තව අවුරුදු 5ක් වත් බලයේ සිටීමය. ජනාධිපතිවරණයට පෙර හදිසි මහා මැතිවරණයක් පැවැත්වීම ගැනද මත ප්‍රචාරය කරන්නේ ඡන්ද නොතැබීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කර ගැනීම සඳහාය.

මැතිවරණ ක්‍රියාවලිය දෙස බැලීමේදි පෙනී යන්නේ රනිල් මැතිවරණ එක පිට එක පරාජය අත් කර ගත් වාර්තාගත පරාජිකයෙකු ලෙසිනි. නමුත් ඔහු කපටි කමින් එජාපයේ බලය රැක ගැනීම සඳහා කටයුතු කළ ඉතිහාසයකට උරුමකම් කියනු ලැබේ. එකින් එක මැතිවරණ පරාජය ලබන පරිසරය තුල එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වීමට කෙරුණු විශාල බලපෑම් නොතකා තවමත් එජාප නායකයා ලෙස රැදි සිටින්නේ ඔහුට බූදලයෙන් ලද උරුමයට අනුවය. අහම්බයෙන් ජනාධිපතිධූරයට පත් වීමෙන් අනතුරුව රනිල් ලබාගත් එකම ජයග්‍රහණය වනුයේ රාජපක්‍ෂවරුන්ගේ පොහොට්ටු පක්‍ෂය කැබලි වලට කඩා තීන්දුවක් ගත නොහැකි අසරණ තත්වයකට ඇද දැමීමය. බැසිල්ගේ ඉතා සමීප පුරෝහිතයෙකුවූ මීගමුවේ නිමල් ලන්සා කණ්ඩායම ගොඩ නැගූ අතර ඇමති මණ්ඩලය නියෝජනය කරන පොහොට්ටුවේ ප්‍රබලයින් වන ප්‍රසන්න රණතුංග ඇතුලු කණ්ඩායම රනිල්ගේ අනුග්‍රහයෙන් ප්‍රසිද්ධියේ රනිල්ගේ අපේක්‍ෂකත්වය වෙනුවෙන් පෙනි සිටින්නේ ඒ අනුවය. 2022 වසරේ දියත් වු ඨදඒ ඨද ්‍යදපැ අරගලය සමග පාරට බැසීමටවත් නොහැකිව අන්ත අසරණ වී බිංදුවට ඇද වැටුන පොහොට්ටුවේ දේශපාලන නායකයින්ට ජනතාව අතරට නැවත යාම සඳහා අවශ්‍ය ආරක්‍ෂාව හා ශක්තිය ලබාදුන්නේ රනිල් බව ඔවුන්ට අමතක කළ නොහැකිය. මේ අනුව පොහොට්ටුවේ රාජපක්‍ෂවරුන්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රනිල්ගේ නායකත්වය ආරක්‍ෂා කිරීමට සිදුවීම ඉතිහාසයේ සරදමකි. රනිල් ක්‍රමානුකූලව රාජපක්‍ෂවරුන්ගේ හා පොහොට්ටුවේ දේශපාලන අනාගතය විනාශ කරමින් සිටින බව පෙනුනද මේ මොහොතේ ඔවුනට රනිල් හැර වෙනත් විකල්පයක් නොමැති තත්වයට ඔවුන් පත් කරනු ලැබ ඇත.

මෙම පරිසරය තුල පළාත් පාලන ඡන්දය කල්දැමු අන්දමට කූඨ උපක්‍රමයක් හරහා ජනාධිපතිවරණය නොපවත්වා බලය රැක ගැනීම සඳහා රනිල් සමග පොහොට්ටුව එකතු වී කටයුතු කළහොත් එය පුදුමයට කරුනක් නොවේ. පොහොට්ටුව පක්‍ෂයක් ලෙස ස්වාධීන පැවැත්ම අහෝසි කරගනිමින් සිටින අතර දිනෙන් දින රාජපක්‍ෂවරුන්ගේ ග්‍රහණයෙන් මිදී පොහොට්ටු මන්ත්‍රිවරුන් රනිල් පිලට හේත්තු වන්නේ යථාර්තයට මුහුණ දීම සඳහාය. නමුත් රනිල් බලය රැක ගැනීම සඳහා ගෙන යන කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා පොහොට්ටුවේ සහයෝගය ප්‍රමාණවත් වන්නේ නැත. දේශපාලන අනාථයින් බවට පත්ව සිටින මෛත්‍රිපාල හා චන්ද්‍රිකා වැනි අය පවා එකතු කර ගැනීමට රනිල් උත්සාහ කරන්නේ පිදුරු ගස උනත් අර්බුදයේදී පිහිට විය හැකි දන්නා නිසාය. එසේ වුවද රට මුහුණ දෙන ගැඹුරු සමාජ ආර්ථිකය හා දේශපාලන අර්බුදයෙන් ගොඩ ගැනීමට මේ ධනපති කල්ලි වලට හැකියාවක් නොමැති බව මෑත ඉතිහාසයේ සිදුවීම් වලින් තහවුරු කරනු ලබයි.

මේ වන විට මුලු රටම එකම අරගල භූමියක් බවට පත්ව ඇත. සජිත්ගේ සමගි ජන බලවේගය හා අනුරකුමාරගේ ජාතික ජන බලවේගය ජනාධිපතිවීමේ ඡන්ද සිහිනය තුල ජීවත් වෙමින් රට පුරා මෝදු වෙමින් තිබෙන ජනතාවගේ අරගලයට පිටුපා කටයුතු කරති. පාර්ලිමේන්තු විපක්‍ෂය ලෙස පෙනී සිටින මෙම මහත්වරුන්ගේ පාවාදීම් නොතකා කම්කරු පංතිය දිනෙන් දින වැඩ වර්ජන හා උද්ඝෝෂණ වැනි ක්‍රියාමාර්ග වල යෙදී සිටී. ටෙලිකොම්, විදුලිය, වරාය, රක්‍ෂණය, තැපැල්, රෝහල් හා ගුරුවරුන් ඇතුලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශ වල කම්කරුවන් වැඩ බිම් මට්ටමේ ඒකාබද්ධ සංවිධාන ගොඩ නගා ගනිමින් ආණ්ඩුවේ දැවැන්ත මර්ධනය නොතකා පංති අරගලය පෝෂණය කිරීම ඉතා සාධනීය වර්ධනයකි. එපමණක් නොව රට පුරා ගොවි ජනතාව, ධීවරයින් සමග එක්වෙමින් තම ඉල්ලීම් ජයග්‍රහණය කරන තුරු සටන් ක්‍රියාමාර්ගය අත් නොහරින බවට සපථ කරමින් සිටී. අනුරාධපුර මහකනදරාව ගොවි ජනතාව රාජ්‍ය මර්ධනය බිඳ දමා රනිල්ගේ මුලිකත්වයෙන් පැවැති ජලය බෙදා හැරීමේ උත්සවයට විරෝධය දැක්වීම පෙන්නුම් කරන්නේ රනිල්ගේ වැඩ පිළිවෙලට එරෙහිව සමස්තයක් ලෙස ගොවි ජනතාව තුල පවතින දැඩි විරෝධයයි.

උතුරේ දෙමළ ජනතාවද ජාතිකත්ව අයිතින් උදෙසා නැවත උද්ඝෝෂණ ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වී ඇති අතර යුද්ධ සමයේ අතුරුදහන් කළ තම නැසියන්ට සාධාරණය ලබා ගැනීම වෙනුවෙන් ගෙන යන උද්ඝෝෂණය අඛණ්ඩව තවමත් ඉදිරියට ගමින් තිබේ. කඳුකරයේ ජීවත් වන මලායාහම් දෙමළ ජනතාවට ලබා දෙන බවට රාජපක්‍ෂවරු පොරොන්දු වූ රුපියල් 1000/- දෛනික වැටුප ලබා දීමට ධනපති ආණ්ඩුවට නොහැකි වී ඇත. ඇමතිධූර කටු කැබැල්ලක් සඳහා වතු ජනතාව පාවාදෙමින් කටයුතු කරමින් සිටින ජීවන් තොන්ඩමාන්ලාට වතු ජනතාව වෙතින් නැගී එන විරෝධය මැඩ පැවැත්වීම සඳහා ඉන්දියානු ආණ්ඩුවෙන් ලැබෙන වතු කම්කරු නිවාස කීපයක් තොරොම්බල් කර ඇඟ බේරා ගත හැකි වන්නේ නැත. ජීවන්ගේ සීයා හා තාත්තාද පසුගිය කාලය පුරාම සිදු කලේ වතු ජනතාවගේ ඡන්දයෙන් බලයට ඇවිත් ධනපති පංතියට හා ආණ්ඩු වලට එම ජනතාව පාවාදීමේ දේශපාලනයයි.

ජනතාව තුලින් නොනවත්වා නැගී එන ආණ්ඩු විරෝධය හේතුකොට ගෙන අවසාන වශයෙන් ජනාධිපතිවරණයක් කරා යෑමට රනිල් – රාජපක්‍ෂ පාලක කල්ලියට සිදුවිය හැකිය. එවැන්නක් ලබා ගත හැකිවන්නේ ව්‍යවස්ථානූ කූලව ලැබෙනු ඇතැයි සිදු කරන තර්ක නිසා නොව රට පුරා මතුවෙමින් එන මහජන විරෝධය වෙනතකට යොමු කිරීම සඳහා වන උපායක් වශයෙනි. මෙම පරිසරය තුළ රටේ ජනතාවගෙන් බහුතරයක් ඉල්ලා සිටින ක්‍රම වෙනසක් උදා කර ගැනීම සඳහා කටයුතු කිරීම සැබෑ වාමාංශිකයින්ගේ වගකීම වන්නේය. එනම් කුණුවී ගඳ ගසන ධනේෂ්වර ක්‍රමය පෙරලා දමා සැලසුම් සහගත ආර්ථික වැඩ පිළිවෙලක් මත පදනම්ව ගොඩ නගන සමාජවාදී පාලනයක් සඳහා පෙරමුණ ගෙන සටන් කිරීමය. විප්ලවවාදී වේශයෙන් පසුගිය කාලය පුරා ජනතාව රැවටු ජනතා විමුක්ති පෙරමුණ හා ඔවුන්ගේ ඊනියා මැතිවරණ සන්ධානය වන ජාතික ජන බලවේගය තවත් මාදිලියක වෙස් වෙලාගත් ධනපති දේශපාලන බළල් අතක් බව මේ වන විට උවමනාවටත් වඩා ඔවුන් විසින්ම ප්‍රදර්ශණය කරමින් සිටී. මැතිවරණ පෙන්වා කම්කරු පංතියෙන් නැගී එන විරෝධය හා රට පුරා ගොවි ජනතාවගෙන් නැගී එන විරෝධය මොට කිරීමට කටයුතු කිරීම ඉතා භයානකය. සියලු දේ අපි මැතිවරණයෙන් පසු බලාගන්නම් යනුවෙන් ජාතික ජන බලවේගයේ නායකයින් තහවුරු කිරීමට වෙර දරණ අදහස සහමුලින්ම පරාජයට පත් කළ යුතුය.

මෙවැනි තත්වයක් ඉතා පිරිහුණු පරිසරයක් තුල පවා පැරණි වමේ නායකයින්ගෙන් ප්‍රදර්ශණය වුයේ නැත. මෙයින් පෙන්නුම් කරන්නේ පාර්ලිමේන්තුවාදී පක්‍ෂයක් බවට ජනතා විමුක්ති පෙරමුණ වර්ධනය වීම තුල ඇතිවන ප්‍රතිගාමී දේශපාලන නැඹුරුවයි. වමේ විලාශයෙන් කාලයක් කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරන ධනේෂ්වර දේශපාලනයට යටත් වීමේ අතිශය භයානක ප්‍රවනතාවය පංති ව්‍යාපාරය තුල සහ මුලින්ම පරාජය කළ යුතුව ඇත. මැතිවරණ ව්‍යාපාරය පවා පංති අරගලයේ කොටසක් බවට පරිවර්තනය කර ගනිමින් රට මුහුණ දෙන ගැඹුරු අර්බුදයට විසදුම ධනපති ක්‍රමය තුලින් විසඳුම් නොලැබෙන බව පෙන්වා දිය යුතුය. නව ලිබරල් වාදී වැඩ පිළිවෙල පරාජය කර සමාජවාදී වැඩ පිළිවෙලක අවශ්‍යතාවය ජනතාව තුල තහවුරු කිරීමට මැතිවරණ භූමිය යොදා ගත යුතුව ඇත. සමාජවාදි ලේබලය තව දුරටත් අලෙවි කිරීමට මෙවැනි සු`ඵ ධනේශ්වර බලවේග වලට ඉඩ නොදිය යුතුව ඇත. උතුරේ දෙමළ ජනතාව මුහුණ දෙන ජාතික ප්‍රශ්ණයට ආරම්භක විසදුම වශයෙන් දෙමළ ජනතාවගේ ස්වයං නීර්ණ අයිතිය පිළිගනිමින් උතුර හා දකුණ එක්සත්ව ගොඩ නැගෙන ධනපති විරෝධී බලය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කිරීම සියලු විමුක්තිකාමී හා ප්‍රගතිශීලි ජනතාවගේ ඓතිහාසික කාර්්‍යභාරය වන්නේය.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
ඉන්දීය ධනපති නායකයන් සමග ජවිපෙ මගුල් කෑම

ඉන්දීය ධනපති නායකයන් සමග ජවිපෙ මගුල් කෑම

කාන්තා දේශපාලනය සිහිවන්නේ March 8 විතරද ?

කාන්තා දේශපාලනය සිහිවන්නේ March 8 විතරද ?

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.