lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

අවස්ථාවාදි දේශපාලනයට නැතුව බැරි මල්වතු අස්ගිරි වන්දනාව

New Admin by New Admin
August 13, 2026
in ලිපි
0
Share on FacebookShare on Twitter

අවස්ථාවාදි දේශපාලනයට නැතුව බැරි මල්වතු අස්ගිරි වන්දනාව

ලාංකේය දේශපාලනයේ අලුත් කලාව වන්නේ දේශපාලන නායකයින්ගේ මල්වතු අස්ගිරි – දේශපාලන වන්දනා පෝලිමයි. බලයේ සිටින දේශපාලකයින්ද විපක්ෂය හා විවිධ තනතුරුවලට පත්වන උදවියද මහනුවර මල්වතු – අස්ගිරි මහානායකවරුන් බැහැදැකීම නිතර සිදුවන දෙයක් බවට දැන් පත්ව ඇත. මෙම ප්‍රවනතාවය කොතරම් දුරට බරපතල කාරණයක්වී තිබෙනවාද යන්න තේරුම් ගතහැකි වන්නේ දැන් මහනායක දෙපොල හමුවීමට අවස්ථාව ලබාගැනීම අපහසු හෙයින් ධනපති දේශපාලකයින්ගේ දෙවන තුන්වන හෝ ඊටත් පහතින් සිටින දේශපාලකයින්ට අවස්ථාව ලැබෙන්නේ අනුනායකහිමිවරු හමුවීමටය.
මහනායකහිමිවරු බැහැදැකීමේ සම්ප්‍රදාය ඉඳහිට සිදුකෙරෙන දෙයක් වශයෙන් අපරටේ දේශපාලන ඉතිහාසයේ පැවැතුනද එහෙත් එය මේ වන විට නොකරම බැරි අත්‍යවශ්‍ය ක්‍රියාවක් බවට පත්ව ඇත.

ඇමතිවරයෙකු අලුතින් දිව්රුම්දීමේ සිට මන්ත්‍රිවරු – ආණ්ඩුකාරවරුල හමුදාපතිවරු හා පොලිස්පතිගේ සිට යම් තනතුරකට පත්වන සියල්ලෝ මහානායක වන්දනාවට පුරුදුවී සිටිති. මෙම ක්‍රියාදාමයේ පුරෝගාමියා වන මහින්ද රාජපක්ෂ වැනි අය මහනුවරට යන හැම අවස්ථාවකම පාහේ මහානාහිමිවරු හමුවීම පුරුද්දක් කරගෙන සිටි. මෙම නායකහිමි වන්දනාව තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නේ තමන් කොයිතරම් දුරට බෞද්ධාගමට ලැදිව වැඩකරනවාද යන්න ගැන මතයක් සාමාන්‍ය ජනතාව තුළ පැලපදියම් කිරිමටය. එය සිංහල බෞද්ධ ජනයාගේ ඡන්දය තමන් වෙත ලබා ගැනීම සඳහා ලැබෙන වරමක් ලෙස ඔවුන් සලකති. මාධ්‍යකරුවන් හා කැමරාව ඉදිරියේ දනින් වැටී මහනාහිමි වන්දනා කිරීමේ මහින්දගේ ශිල්පය රනිල් වික්‍රමසිංහටද තදින් බෝවී ඇති බවක් දක්නට ඇත. ආගම කෙරෙහි විශේෂ ලබැදියාවක් නොමැති ලෙස හැසුරුණ රනිල් වික්‍රමසිංහද මේ වන විට තරඟයට මෙන් මහනායක හිමිවරු බැහැදැකීම හා පන්සල් ගානේ යෑම සිදුකරනු පෙනේ. මාක්ස්වාදින් වශයෙන් පෙනී සිටිමට උත්සාහ කරන ජනතා විමුක්ති පෙරමුණද බෞද්ධ මහානායක වන්දනාවේ නොඅඩුව දක්නට ලැබේ. පසුගිය කාලය පුරා ජවිපෙ මැතිවරණයෙන් මැතිවරණයට (එකිනෙකට සම්බන්ධයක් නොමැති) එළිදක්වන වැඩපිළිවෙලවල් මහානායකවරුන්ට පිළිගැන්වීම සාමාන්‍ය දෙයක් බවට පත්කර ගෙන ඇත.

පැරණී සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ නායකයින් ධනපති හවුල් දේශපාලනයට ඇතුල්වීමට පෙර ආගමික නායක වන්දනාවට සම්බන්ද නොවුහ. මෙය වමේ නායකයින් තුළ පවතින ඔවුන්ට ආවේනික ආගමික විරෝධයක් පිළිබද ප්‍රශ්නයකින් පැනනගින දෙයක් නොවේ. බෞද්ධාගම හෝ ක්‍රිස්තියානි හා මුස්ලිම්ල හින්දු වැනි ආගම් හා රටේ දේශපාලනය සමඟ එකට ගමන් කළ හැකි ආයතන නොවේ. එය එසේ වන්නේ ආණ්ඩු පාලනය හා රටේ දේශපාලනය ආගමික බැඳීම් වලින් මුලුමනින්ම ස්වාධීන විය යුතු නිසාය. එකිනෙකට ඇඟිලි ගැසීම් හෝ බලපෑම් කිරිම්වලින් තොරව ආණ්ඩු පාලනය පැවතිය යුතු අතර ආගමික ආයතන ස්වාධිනව තමන්ට අයත් කාර්්‍යයයන් කළ යුතුව ඇත.

දේශපාලනය හා ආගම වෙන්ව පැවතිය යුතු බව මාක්ස්වාදය පිළිගන්නා වාමාංශික විප්ලවවාදින්ගේ අදහසක් පමණක් නොව දියුණු ධනපති දේශපාලකයින් පවා පිළිගන්නාවූ පොදු සත්‍යයකි. එහෙත් අප රටේ මෙම විද්‍යාත්මක දියුණු අදහස විවෘතව කථා කිරීමට ඉඩක් නොමැති අතර එම අදහස් වෙනුවෙන් පෙනී සිටින්නේ ආගම් විරෝධි වාමාංශික විප්ලවවාදින්ය යන අදහස සමාජය තුල තහවුරු කර ඇත.
මැතක සිට වර්ධනයවී තිබෙන සාධකය වන්නේ බුද්ධාගම හා අපරටේ ජනප්‍රියවාදී දේශපාලනය එකට බැඳී පවතින බවය. ඊට තිබෙන අලුත්ම උදාහරණය බවට මේ වන විට පත්ව ඇත්තේ හිරදඩුවම් ලබා සිටින ඥනසාර හිමි බැලීමට යැමද මාධ්‍යයන්ට ප්‍රකාශ නිකුත් කිරිමද තවත් රඟපැමකි. ආගම් බේදය වපුරවන බවට ඥනසාරට ප්‍රසිද්ධියේ බැණ වැදුන දේශපාලකයින් පවා දැන් ඔහු බැලීමට වැලිකඩට යන අතර අන්‍යාගමික අසාත්සාලි වැනි උදවියද ඥනසාර වන්දනාවේ යනු පෙනේ. මෙම සිදුවීම් හුදකලාව සිදුවන සාමාන්‍ය දේවල් වශයෙන් බැහැර කළ නොහැකිය. මෙවැනි සිදුවීම් හරහා නැවත පෙන්නුම් කරන්නේ බුද්ධාගමට සලකන බව පෙන්වීමට ධනපති අවස්ථාවාදි දේශපාලනයේ පවතින ප්‍රෝඩාකාරී ස්වභාවයයි.

එසේ වුවද අප රටේ අනෙකුත් ප්‍රධාන ආගම් වශයෙන් සැලකෙන ක්‍රිස්තියානි හින්දු හා මුස්ලිම් වැනි ආගම්වල නායකයින් විවිධ දේශපාලන නායකයින් සමග බැඳීම් පැවතුනද එම තත්වය බෞද්ධාගමට තිබෙන බැඳීම තරම් ඉහවහගිය තත්වයක් දක්නට නැත. නිතර බෞද්ධාගමික නායකයින් බැහැදිකීම සහ රටවටා පන්සල් ගානේ යමින් දේශපාලනය කිරිමෙන් බුද්ධාගමට හෝ එම ජනතාවට වන සේවයක් නැත. ඇත්ත වශයෙන් මෙම දේශපාලන නායකයින් කරන්නේ ජනතාවත් රවටා ආගමික නායකයින්ද රැවටීමය. මෙලෙස සුදුපිරුවට ඇදගෙන පන්සල් ගානේ යමින් ජනතාව හා ආගමික නායකයින් රවටන නායකයින් නිතර කතරගම වන්දනාවේ යන ඊනියා බැතිමතුන් වගේය. මෙවැනි කතරගම යන බැතිමතුන් සුදුවතින් සැරසී ස්නානය කර මතුපිටින් ඉතා පිරිසිදු සැදැහැවතුන් බව පෙන්වා තමන්ට මිලදී ගත හැකි ඉහලම පුජාවට්ටියද රැගෙන කතරගම දේවාලයට යති. පසුව කිරිවෙහෙරද වැදපුදා ගැනීමෙන් අනතුරුව කඩිමුඩියේ නවාතැන්පොලට පැමිනෙන්නේ ගෙරිමස් කටගැස්මට ගෙන රහමෙරවලින් සප්පායම්වීම සඳහාය. ධනපති ජනප්‍රිය දේශපාලනයේ යෙදෙන ඊනියා බෞද්ධ වෙස්ගත් උදවියගේ සිට ව්‍යාපාරිකයින් හා සාමාන්‍ය ජනතාව දක්වා මෙම රැවටිල්ල නොඅඩුව පවතී.

මෙම කාරණා වලින් තේරුම්ගත යුතු වන්නේ අප සමාජය ආගම් කෙරෙහි දැඩි භක්තියකින් පසුවන බව මතුපිටින් පෙන්වන එහෙත් ඔවුන් කොයිතරම් බොරුවෙන් හා මිත්‍යා විශ්වාසයන්ගෙන් තමන්ද ඇතුලුව අන්‍යයන් රවටා ගැනීම්වලද නිරතව සිටිනවා යන්නයග අස්ගිරි – මල්වතු නායක වන්දනාවේ ඉහලින්ම සිටින පහත රට ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂ කොයිතරම් මල්වට්ටි රැගෙන එහි ගියද තම පරම්පරාවේ එකෙකුට උඩරට සියම් නිකායේ මහණකම ලබාගත නොහැකි බව ඔහු හොදින් දන්නෙහිය. එය කිසිදු දිනක ඉටුකළ නොහැකි වුවද ඔවුන්ට මල්වතු අස්ගිරි වන්දනාවේ නොගොස් ජනතාව රැවටිය නොහැකි හෙයින් එය දිගටම සිදුකරනු ඇත. මල්වතු අස්ගිරි පන්සලට මැතිවරණ ප්‍රකාශණය රැගෙන ආශිර්වාද ලබා ගැනීමට මහනුවරට යන ජවිපෙ ටිල්වින් සිල්වාටද එම ඉරණම අයත්ය.

තමනුත් රවටාගෙන ජනතාවත් රවටන අතර ආගමික නායකයින්ද රවටන දේශපාලන නායකයින්ගෙන් පිරි මෙවැනි රටකට පවතින ජරා තත්වයට වඩා හොඳ දේශපාලනයක් බලාපොරොත්තු විය නොහැකිය. ඇත්ත කථා කරන නිවැරදි දෙය වෙනුවෙන් පෙනී සිටින ආගම හා දේශපාලනය වෙන්ව තබා ගැනීමට කටයුතු කිරිමට ශක්තිය තිබෙන සමාජ විඥනයක් බිහි කිරිම ලාංකිය සමාජය ගොඩනගා ගැනීමේ ආරම්භක පියවරක් විය යුතුය. මෙවැනි පියවරක් කරා ගමන් කිරිමේදී මාධ්‍යට හිමිවන වගකිමද විශාලය. එසේ වුවද අප රටේ විශේෂයෙන්ම රුපවාහිනි මාධ්‍ය වලින් සෑම දිනකම උදැසන විකාශණය වන්නේ ජන විඥනයට නිගරු කරන බොරු ග්‍රහපලාපල විස්තර කෙරෙන තරඟකාරි වැඩ සටහන්ය. කිසිම වගකිමකින් තොරව ඔවුන් දිනපතා පලාපල ගැන දෙසාබාන පල්බොරු විශ්වාස කරන ජනතාව අන්තිම වශයෙන් තම ජිවිත විනාශකර ගැනිමට නොදැනුවත්වම ඇදවැටෙති. තම ආත්ම ශක්තිය හා භෞතික පදනම් කෙරෙහි විශ්වාස නොතබා විඥනවාදී ඇදහිලි වලට ගමන් කිරිම හරහා සිදුවනු ඇත්තේ මහා විනාශයකි. ධනපති දේශපාලඥයින් මෙම පසුගාමී තත්වය ජනතාව තුළ පවත්වාගෙන යාමට සැලසුම් සහගතව කටයුතු කරති. ඔවුන් එසේ කරනුයේ ජනතාව ගැඹුරෙන් සිතන පතන හා දියුණු සංකල්ප කෙරෙහි පදනම්වීම වලක්වා ගැනිම ඔවුන්ට ඡන්ද ලබා ගැනිම සඳහා ප්‍රයෝජනවත් වන නිසාය. මෙම තත්වය වෙනස් කිරිම සඳහා අප ජීවත්වන සමාජ වටපිටාව තුළ ගැඹුරු සංවාදයක් ආරම්භ කිරිම සැබෑ සමාජවාදින්ගේ වගකීම බවට පත්ව ඇත. මෙය ජය ගැනීමට සමාජවාදින් අපොහොසත් වන්නේ නම් ලාංකිය සමාජය අද අත්දකින විනාශයෙන් මුදවා ගැනිමට නොහැකිවනු ඇත

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
කාන්තා විමුක්තිය සහ ස්ත්‍රී වහල්භාවය

කාන්තා විමුක්තිය සහ ස්ත්‍රී වහල්භාවය

USP මාර්තු 21 උද්ඝෝෂණය

USP මාර්තු 21 උද්ඝෝෂණය

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.