lankasocialist
Tuesday, August 25, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

1938 -2018 4වන ජාත්‍යන්තරයේ 80 වන සංවත්සරය

New Admin by New Admin
August 28, 2018
in ලිපි
0
1938 -2018  4වන ජාත්‍යන්තරයේ 80 වන සංවත්සරය
Share on FacebookShare on Twitter

 

 

 

1938 -2018
4වන ජාත්‍යන්තරයේ 80 වන සංවත්සරය

ලියෝන් ට්‍රොට්ස්කි සහෝදරයාගේ නායකත්වයෙන් 4 වන ජාත්‍යන්තරය පිහිටවනු ලැබුවේ 1938 සැප්තැම්බර මස 3 වන දින පැරීසියේදීයග මෙම 2018 වසරේ සැප්තැම්බර් මස 3 වෙනි දිනට 4 වන ජාත්‍ය්නතරය පිහිටුවා වසර 80ක් සැපිරේ.

4වන ජාත්‍යන්තරය පිහිටුවීම හුදු අහම්බයක් නොවන අතර ලෙනින්ගේ මරණයෙන් පසු සෝවියට සංගමයේ නායකත්වයට පත්වූ ජෝෂප් ස්ටැලින් විසින් 3 වන ජාත්‍යන්තරයේ මුලික ප‍්‍රතිපත්ති හා දේශපාලන කි‍්‍රයාමාර්ගය විනාශ කරමින් ගෙනගිය ප‍්‍රතිවිප්ලවවාදී වැඩ පිළිවෙලට එරෙහිව වසර ගනනාවක් පුරා දියත් කළ අරගලයක ප‍්‍රතිපලයක් විය. එසේම 1917 දී ලෙනින් හා ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් ජයග‍්‍රහණය කළ ඓතිහාසික රුසියානු බොල්ෂේවික් විප්ලවයේ ජයග‍්‍රහණයන් ආපසු හැරවීමේ කි‍්‍රයාදාමයට එරෙහිව ගෙනගිය න්‍යායාත්මක අරගලයක ප‍්‍රතිපලයකි. ධනපති පංතිය පෙරලා දමා කම්කරු පංතික නායකත්වයකින් පිහිටවූ ලෝකයේ ප‍්‍රථම කම්කරු රාජ්‍යයේ ගමන් මග ස්ටැලින්ගේ නායකත්වය යටතේ සිඝ‍්‍ර පිරිහිමකට ගමන් කරන්නට විය. ජාත්‍යන්තරවාදය හා නොනවතින විප්ලව න්‍යාය ඉවත දමා ”තනි රටේ සමාජවාදය” නැමැති ස්ටැලින්ගේ නිර්මාක්ස්වාදී වැඩ පිළිවෙලට එරෙහිව 1923දී ලියෝන් ට්‍රොට්ස්කිට ජාත්‍යන්තර වාම විරුද්ධ පාර්ශ්වය (ilo නමින් සංවිධානයක් ගොඩනගා පක්ෂ අභ්‍යන්තරයේ අරගලයක් දියත් කිරිමට සිදුවිය.

මාක්ස්වාදයේ ආරක්ෂාව වෙනුවෙන් වාම විරුද්ධ පාර්ශ්වය හරහා ට්‍රොටස්කි දියත් කළ න්‍යායික මතවාදයට මුහුණදීමට අපොහොසත්වූ ස්ටැලින්වාදී නිලධරය 1927දී ඔහු සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වයෙන් දමනු ලැබීය. එයින් සැහිමකට පත්නොවූ ස්ටැලින්වාදින් 1929දි ඔහු සෝවියට් දේශයෙන් පිටුවහල් කරන ලදී. එතැන් පටන් ට්‍රොට්ස්කිට එක් රටකින් තවත් රටකට යමින් ජීවත්වීමට සිදුවූයේ රටක් නොමැති පුද්ගලයෙකු හැටියටය. එසේ වුවද අතිමහත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් මාක්ස්වාදයේ ආරක්ෂාව වෙනුවෙන් අප‍්‍රතිහත ධෛර්යයකින් කටයුතු කිරීමට ඔහු සමත් විය.
1929දී ඇමරිකාවෙන් ආරම්භවූ ධනපති ආර්ථික අර්බුදය සමග යුරෝපය පුරා ඇතිවු පංති අරගලයන් වල ස්වභාවය ඉතා සමිපව අධ්‍යයනය කළ ට්‍රොට්ස්කි 1930 සිට 33 පමණ කාලය තුළ ජර්මනියේ දේශපාලන වර්ධනයන් ගැන විශේෂ අවධානයක් යොමු කිරීමට සමත්විය. මෙම අර්බුදය සමග හිට්ලර්ගේ ජාතික සමාජවාදී පක්ෂය (නාසි පක්ෂය* ජනතාව අතර ව්‍යාප්තවීමට පදනම් දමාගනු ලැබීය. පැසිස්ට්වාදී වැඩ පිළිවෙලක් මත බලය ලබා ගැනීමට උත්සාහකරමින් සිටි හිට්ලර්ට බලයට පත්වීම වැලැක්වීම සඳහා එවකට ලක්ෂ සංඛ්‍යාත සාමාජිකත්වයකට හිමිකම් තිබූ ජර්මන් කොමියුනිස්ට් පක්ෂය (KPD සහ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය SPD අතර එක්සත් පෙරමුනක් ගොඩනැගිය යුතු බව ට්‍රොට්ස්කි ඉතා දැඩි ලෙස අවධාරණය කළේය.

එසේ වුවද ස්ටැලින්ගේ මගපෙන්වීම අනුව 3 වන ජාත්‍යන්තරයේ සාමාජිකයෙකුව සිටි ජර්මන් කොමියුනිස්ට් පක්ෂය සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය සමග එක්සත් පෙරමුණක් ගොඩනැගීමට විරුද්ධ විය. එය සාධාරණය කිරීම පිණිස කොමියුනිස්ට් පක්ෂ නායකයින් විසින් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය හිට්ලර්ට සහයෝගය දෙන සමාජ පැසිස්ට්වාදින් ලෙස හංවඩු ගසන ලදී. පැසිස්ට්වාදී හිට්ලර් බලයට එ්ම වැලැක්වීම සඳහා කටයුතු කරනවා වෙනුවට කොමියුනිස්ට් පක්ෂ නායකයෝ හිට්ලර් බලයට පත්වීමෙන් අනතුරුව කොමියුනිස්ට් පක්ෂයට බලය ලබා (හිට්ලර්ට පසු අපි යනුවෙන් සටන් පාඨයක් හදුන්වා දෙන ලදී* ගැනිමට අවස්ථාව උදාවන බවට මරණීය ලෙස වැරදි සහගතවූ ඉදිරි දර්ශණයක් ඉදිරිපත් කරන ලදී. මෙම කි‍්‍රයාදාමය ඉදිරියේ හිට්ලර්ට පහසුවෙන් 1938දී ජර්මනියේ බලය ලබාගැනීමට අවස්ථාව උදාකෙරින.

මාස කීපයක් ගතවීමට මත්තෙන් හිට්ලර් භිෂණය දියත් කළ අතර වෘත්තිය සමිති සහමුලින්ම කඩාබිඳ දමන ලදි. ලක්ෂ සංඛ්‍යාත කොමියුනිස්ට්වාදින් හා යුදෙව් ජනතාව සමුල ඝාතනය කිරිමට හිට්ලර් කි‍්‍රයාත්මක විය. හිට්ලර්ගේ පැසිස්ට්වාදය නැගිමෙන් පඩම් ඉගෙන ගැනිමට 3 වන ජාත්‍යන්තරයේ නායකත්වය අපොහොසත්වූ අතර ජර්මන් කෙමියුනිස්ට් පක්ෂය හිට්ලර්ට එරෙහිව එක්සත් පෙරමුණ ගොඩනැගිමට විරුද්ධව ගත්තාවූ තින්දුව තවදුරටත් ආරක්ෂා කරන ස්ථාවරයක පිහිටා සිටියේය. මෙම පසුබිම තුළ 3 වන ජාත්‍යන්තරය නැවත ප‍්‍රතිසංස්කරනය කළ නොහැකි තරමට පිරිහිමකට ලක්ව ඇති බැවින් නැගිඑන විප්ලවාදී අරගලයන්ට නායකත්වය සැපයීම සඳහා නව ජාත්‍යන්තරයක් ගොඩනැගිමේ අවධියකට පත්ව ඇති බව 1933 අවසානයේදී ට්‍රොට්ස්කි විසින් ප‍්‍රකාශයට පත්කරන ලදී . මේ අතර 1936 වන විට ස්ටැලින්වාදි නිලධරය විසින් 1917 බොල්ෂේවික් විප්ලවයට නායකත්වය දුන් සියලූ දෙනාම කුප‍්‍රකට බොරුනඩු පටවා ඝාතනය කර දැමූ අතර විප්ලවයට නායකත්වය දුන් අයගෙන් ඉතුරු වුයේ බලයේ සිටි ස්ටැලින්ම පමණි.

1938 සැප්තැම්බර් මස 4 වන දින ජාත්‍යන්තරය ප‍්‍රකාශයට පත් කෙරෙනුයේ ඉහත සඳහන් වටපිටාවක් තුළය. මෙම උත්සාහය විනාශ කිරිම සඳහා ස්ටැලින්ගේ රහස් පොලිසිය (GPU) විදේශයන් වල ජීවත් වන ට්‍රොට්ස්කිවාදින් සොයමින් විශාල ඝාතන වැලක් සිදු කරන ලදී ග ට්‍රොට්ස්කි ජීවත් වන රටක් රටක් පාසා පීරමින් සෝවියට් රහස් පොලිසිය ඔහු පසුපස ලූහු බඳින්නට විය. (අවසානයේදී 4 වන ජාත්‍යන්තරය පිහිටුවා යන්තම් වසර දෙකක් යාමට මත්තෙන් 1940 අගෝස්තු මස 21 වන දින ස්ටැලින්වාදී සහචරයින් විසින් මෙක්සිිකෝවේදී ට්‍රොට්ස්කි ඝාතනය කර දමනු ලැබීය. ට්‍රොට්ස්කි සමග 4 වන ජාත්‍යන්තරය ගොඩනැගිමට කි‍්‍රයාකාරීව දායකවූ සහෝදරවරු කිපදෙනෙක්ම ස්ටැලිවාදින් විසින් ඝාතනය කරන ලදී. ට්‍රොට්ස්කිගේ දේශපාලන ලේකම් වරයාවු අර්වින් වුල්ෆ් 1937 සැප්තැම්බර් මස ස්පාඤ්ඤයේදී මරාදමනු ලැබීය. ට්‍රොට්ස්කිගේ ප‍්‍රධාන හවුල්කරුවා වුද හිතවතාවුද දේශපාලන ප‍්‍රචාරක වැඩ පිළිවෙලේ නියමුවා වුද සමිපතමයාවුද ට්‍රොස්කිගේ වැඩිමහල් පුතාවූ ලියෝන් සෙඩෙව් ජී.පී.යූ මිනිමරුවන් විසින් 1938 පෙබරවාරි මස පැරීසියේදී මරා දමනු ලැබීය. ඉන් නොනැවතුනු ස්ටැලින්වාදීන් 1938 ජුලි මස 4 වන ජාත්‍යන්තර කමිටුවේ ලේකම් මණ්ඩලයේ ප‍්‍රධානියාවූ රැුඩොල්ෆ් කෙලමන්ට් පැරීසියේදී පැහැරගෙන ගොස් මරා දමා තිබුනි.
4 වන ජාත්‍යන්තරය නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට ආසන්න කාල පරාසය තුළ එහි නායක්වය ගෙන කටයුතු කළ සහෝදරවරු ගනනාවක්ම ඝාතනයට ලක්වීම හේතුකොට ගෙන ආරම්භක සම්මේලනයට සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරිමට පවා නොහැකිවිය. එබැවින් විශාල බාධක මධ්‍යයේ දැඩි ආරක්ෂාවක් සහිතව පැවැත්වූ මෙම සම්මේලනය එක්දිනකට සීමා කිරිමට ඔවුන්ට සිදුවිය. සම්මේලනය අවසානයේ වසරක් පමණ කාලයක් ඇතුලත මරා දමනු ලැබූ ලියෝන් සෙඬේව් අර්වින් වුල්ෆ් හා රැුඩොල්ෆ් කෙලමන්ට් යන සහෝදරවරු ජාත්‍යන්තරයේ ගරු සභාපතිවරු වශයෙන් පත්කර ගැනිමටද පියවර ගැනින.

ට්‍රොට්ස්කි ඝාතනය කිරීමට ස්ටැලින්වාදීන්ට හැකිවුවද ට්‍රොට්ස්කි විසින් මාක්ස්වාදයේ ආරක්ෂාව සඳහා ගෙනගිය අරගලය මරා දැමීමට ඔවුන්ට නොහැකි විය. සොවියට් දේශය තුළ දේශපාලන විප්ලවයක් සඳහා සටන් වැදීම මාක්ස්වාදින්ගේ කාර්්‍යයභාරය බව පැහැදිලි කළ ට්‍රොට්ස්කි එය සාර්ථක නොවන්නේ නම් සෝවියට් දේශය තුළ ප‍්‍රතිවිප්ලවයක් දියත්වීමට ඉඩ පවතින බව අනාවැකි පළකිරීමට හැකිවූ අග‍්‍ර ගණයේ මාක්ස්වාදී බුද්ධිමතෙකු විය. එසේම ඔහු විසින් කල ගැඔුරු විග‍්‍රහයන් නොවන්නට 1989 කාලයේදී සමාජවාදයේ නමින් පැවැති සෝවියට් දේශයේ කඩාවැටීම විග‍්‍රහ කිරිමට අපහසු වනු ඇත. 1960 ගණන් වල මැද භාගය වන විට 4වන ජාත්‍යන්තරය අභ්‍යයන්තරයේ න්‍යායික වෙනස්කම් ගනනාවක් මතුවිය. එහි ප‍්‍රධාන වෙනස්කම් මතු වුයේ එක්සත් ලේකම් මණ්ඩලයේ (USFI) නායකත්වය දැරූ ස්ථාවරයන් සමගය. ඔවුන්ගේ ප‍්‍රධාන අවධාරණය වූයේ එක්සත් යුරෝපයක් ගොඩනැගිම පිළිබද ඉදිරි දර්ශණය විය. එසේම කැස්ත්‍රෝගේ නායකත්වයෙන් යුත් කියුබාවේ ට්‍රොට්ස්කි අවධාරණය කළ දේශපාලන විප්ලවයක අවශ්‍යතාවය තව දුරටත් මතු නොවන බව ඔවුන්ගේ අදහස විය. චීනය සම්බන්ධයෙන්ද මෙයට සමාන අදහසක් එක්සත් ලේකම් මණ්ඩලයේ අර්නස්ට් මැන්ඩෙල් පියරේ ෆැන්ක් හා මෙයිතාන් යන නායකයින් විසින් දරණ ලදි. මේ සමග ජාත්‍යන්තර වශයෙන් ඇතිවූ විශාල න්‍යායික මතබේදයන්ගෙන් 4වන ජාත්‍යන්තරය ගොඩනැගීමේදී ට්‍රොට්ස්කි අවධාරණය කළ කරුණු විශාල වශයෙන් අභියෝගයන්ට හ සංවාදයන්ට බඳුන් විය. ට්‍රොට්ස්කි විසින් ජාත්‍යන්තරයේ ආරම්භක සමුලූව සඳහා ඉදිරිපත් කළ ඓතිහාසික ලියවිල්ල වූයේ ”ධනවාදයේ මරලතෝනිය සහ 4 වන ජාත්‍යන්තරයේ කාර්තව්‍යයෝ” යනුවෙනි. එහි අන්තර්ගතවූයේ වර්තමානයේ පවතින දේශපාලන අර්බුදය නිර්ධන පංති නායකත්වයේ ඓතිහාසික අර්බුදයක් බවය. එම පුරෝකථනය මෙයින් වසර 80කටත් වඩා අද දේශපාලනයට කාලෝචිත වුවකි.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
Ratutharuwa

Ratutharuwa

හුස්ම ගත්ත වසර 3ක් - උන්ට හරිම ජොලී

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.