lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ඔබේ නෙළුම් පෙහොට්ටුවේ ඊලම පිපෙනු ඇත

New Admin by New Admin
August 13, 2026
in ලිපි
0
Share on FacebookShare on Twitter

ඔබේ නෙළුම් පෙහොට්ටුවේ ඊලම පිපෙනු ඇත

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පසුගියදා පාර්ලිමේන්තුවෙදී කළ කතාවේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් පළකළ අදහස් අප අවධානයට යොමුකළ යුත්තේ මේ රට එක්සත් රටක් වශයෙන් එකට තබාගැනීමට කතා කරන කාටත් එය වැදගත් නිසාය. සම්බන්ධන් සහ ඔහු නායකත්වය දෙන දෙමළ ජාතික සන්ධානය සමග වමේ අපට කිසිදු දේශපාලන සම්බන්ධයක් නැත. දෙමළ ජාතික ධනපති පන්තිය නියෝජනය කරන්නේ ඔභ් සංවිධානයයි. ඔවුන් සිංහල ධනපති පන්තිය සමග එකට ගැටගැසී සිටිති. එසේ වුවද දෙමළ ජනයා පෙළන ජාතික පීඩනය එම ජනයාගේ ඡුන්දයෙන් තේරී පත්වන නියෝජිතයෙකු වශයෙන් ඔහුට නොතකා සිටිය හැක්කක් නොවේ. මේ මැතිවරණයේ (පසුගිය පළාත් පාලන මැතිවරණය* ප‍්‍රථිපල අනුව ඊලම බිහිවනු ඇති බවට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප‍්‍රචාරක රැුස්වීම්වලදී නිතර කියූ ප‍්‍රකාශයන්ට සම්බන්ධන් පාර්ලිමේන්තුවේදී ප‍්‍රතිචාර දක්වමින් රාජපක්ෂගේ පොදුජන පෙරමුණේ ඡුන්ද සලකුණ වූ පොහොට්ටුව උපුටා දක්වමින් කියා සිටියේ ඔබේ නෙළුම් පොහොට්ටුව ඊලම ලෙස පිපෙනු ඇති බවය. එදා සමසමාජ නායක කොල්වින් ආර්. ද සිල්වා, එක භාෂාවක් නම් රටවල් දෙකයි. භාෂා දෙකක් නම් එක රටකි, යනුවෙන් කළ ප‍්‍රකාශය සේම සම්බන්ධන්ගේ මේ ප‍්‍රකාශයද එක්තරා විදියක අනාගත වාක්‍යයක් වීමට බැරි නැත. මහින්ද රාජපක්ෂ, දිනේෂ්, වීරවංශ, ගම්මන්පිල වැනි ඔහුගේ ගෝලබාලයනුත් මෙම මැතිවරණ ව්‍යාපාරය පුරාම ගෙනගියේ අතිශය ජාතිවාදී ප‍්‍රකාශයන්ය. තමන් විසින් බේරාගන්නා ලද රට නැවත කොටින්ට භාරදෙනවා වැනි ප‍්‍රකාශයන්ය රාජපක්ෂ කණ්ඩායම සිදුකළේ. ඇත්ත වශයෙන්ම ඔවුන් මෙහිදී කොටින් යනුවෙන් සඳහන් කෙරෙන්නේ සමස්ථ දෙමළ ජනතාවයි. එම ඡුන්ද විමසීම සඳහා රාජපක්ෂ නිකුත් කළ ප‍්‍රකාශය ඇරෙඔන්නේ, වීරෝදාර රණවිරුවන් දිවිපුදා ආරක්ෂා කළ මාතෘභුමිය…, ආදී වශයෙනි. රණවිරුවන්, මාතෘ භූමිය, එ්කීය රාජ්‍යය වැනි වචන භාවිතයෙන් තොරව ඔවුන්ට කතාවක් කරන්නටවත් හැකියාවක් නැත. මොන යම් හේතුවක් මත හෝ අහම්බයෙන් හෝ බස්රථයක හමුදාවේ බෝම්බයක් පිපිරුනත් මේ ජාතිවාදී නඩය පස්වනක් පී‍්‍රතියෙන් පිනායයි. අශූචි ගොඩකට වහන නිල මැස්සන් මෙන් මොවුහු එවැන්නක් වෙත කඩාපනිති. රාජපක්ෂ තම ප‍්‍රකාශය අවසන් කරන්නේද,… මවුබිම සුරැුකීමේ ජනතා අරගලයට එකතු වන මෙන් …, ජනතාවට ආරාධනා කරමිනි. Coque pour Samsung මේ අයුරින් දෙමළ ජනතාවට කිසියම් හෝ සහනයක් බලය බෙදීමේ දිශාවෙන් ලබාදීමට එරෙහිව දකුණේ සිංහල ජන මනස සකස් කිරීමටය ඊනියා එ්කාබද්ධ විපක්ෂය මේ ඡුන්දය යොදාගත්තේ. සිංහලයන් අතර ජාතිවාදය ඇවිස්සිමට ඔවුන් කොතරම් සමත්වීද යත් බෞද්ධයන් මෙන් ජාතිවාදයට එකවිට නැඔුරු නොවන කතෝලිකයන් බහුතරය වෙසෙන මීගමුව තීරුවේ පවා ඡුන්ද ඩැහැගැනීමට පොහොට්ටු කල්ලිය සමත්විය. ජාතිවාදී බලවේග පොහොට්ටුවේ ජයග‍්‍රහණයෙන් සතුටු වනු ඇති නමුදු එය කිසිසේත්ම සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු විවිධ ජාතීන් ජිවත්වන මේ රටේ අනාගතයට සුභදායක නොවනු ඇත. coque huawei soldes දකුණේ සිංහලයන් ජාතිවාදයට නැඔුරු වනු යනු ඔවුන් දෙමළ ජනයාගේ හැඟීම්, සිතුවිලි, දුක් ගැනවිලි ගැන වඩ වඩාත් අසංවේදී වීමක් බව පැහැදිලි කරුණකි. coque samsung galaxy pas cher එ් හරහා උතුරු නැගෙනහිර දෙමළ ජනයා බහුතර ජාතියෙන් වෙන්වූ තමන්ගේම සිමාවක් තුළට ගාල් කරනු ලැබීමට මුල් වන්නේ දුර දැක්මේ හැකියාවක් නැති, ජාතිවාදය කරපින්නා ගත් මේ මෝඩ දේශපාලකයන්ය. මේ තත්වයට උතුරේ දෙමළ ජනයා ප‍්‍රතිචාර දක්වා ඇත්තේ කෙසේද? දෙමළ ජනයාගේ ප‍්‍රධාන දේශපාලන පක්ෂය ලෙස පැවති දෙමළ ජාතික සන්ධානය අනුගමනය කළේ නොබෙදුනු රටක් තුළ බලය බෙදාහැරිය යුතු බවට වන ප‍්‍රතිපත්තියකි. coque samsung pas cher දකුණේ නායකයන් එකඟ වන්නේ නම් එ්කීය රාජ්‍යය සහ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දිම පවා පිළිගෙන බලය බෙදන විසඳුමකට පවා ඔවුන් කැමැත්ත පළ කොට තිබිණි. එසේ වුවද එ් වෙනුවෙන් පවා අරගලයක් ගෙන නොගිය ඔභ් නායකත්වය යුද්ධයෙන් පසු දෙමළ ජනයාට බලපෑ ප‍්‍රධාන කරුණු වූ හමුදාවට අත්පත් කරගෙන ඇති ඉඩම් ආපසු ලබා ගැනීම, අතුරුදහන් වූවත් පිළිබදව සත්‍යය හෙළිදරවු කර ගැනීම සහ ඔවුන් වෙනුවෙන් සාධාරණය ඉටුකිරීම සහ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම යන කරුණුවලදිවත් ඵලදායි ලෙස ජනතාවට දැනෙන තෙරපුමක් ආණ්ඩුවට ඇති කිරීමට කි‍්‍රයාකලේ නැත. උතුරේ දෙමළ ජනයා මේ තත්වයට ප‍්‍රතිචාර දක්වා ඇත්තේ වඩා සටන්කාමී ලෙස ජනයා ඉදිරියේ පෙනී සිටී ගජේන්ද්‍රකුමාර්ගේ සමස්ත ලංකා දෙමළ කොන්ග‍්‍රසය වෙතට නැඔුරු වන බවත් පෙන්නුම් කරමිනි. දෙමළ සන්ධානය අඩු ඡුන්ද පදනමකින් හෝ ජයගත් බොහෝ පළාත් පාලන ආයතනවල දෙමළ කොන්ග‍්‍රසය දෙවැනි තැනට පත්වූ අතර සභා කීපයක බලය දෙමළ සන්ධානය වෙතින් උදුරා ගැනීමටද එය සමත්විය. ගජේන්ද්‍රකුමාර් පසුගිය කාලය තුළ උතුරේ මහඇමති විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් ගොඩනැගුනු දෙමළ මහජන සභාවේ කි‍්‍රයාකාරී වැඩ කොටසක් ඉටු කළ අතර ඔභ් දේශපාලනයට එරෙහිව දැඩි ලෙස ප‍්‍රචාරයෙහි නිරත විය. සම්බන්ධන් සුමන්තිරන් නායකත්වය විසින් දෙමළ ජනයා පාවාදී ඇතැයිද දෙමළ ජනයාගේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා සටන්මගට පිවිසිය යුතුයයි යන මතවාදය සෘජු ලෙස ඔහු ඉදිරිපත් කළේය. චාවකචචේරිය, පේදුරුතුඩුව නගර සභා ඇතුළුව පළාත් පාලන ආයතන කීපයක දෙමළ සන්ධානය අභිබවා පළමුවැනි තැනට එ්මටත්, තවත් ස්ථාන ගණනාවක දෙවැනි තැන දිනාගැනීමටත් ඔහුගේ දෙමළ කොන්ග‍්‍රසය සමත්විම නොසලකා හැරිය නොහැකි සාධකයකි. දකුණේ සිංහල පාලකයන් විසින් දිගින් දිගටම දෙමළ ජනතාව රවටනු ලැබීමත්, රාජපක්ෂ කල්ලිය ඔස්සේ දකුණේ සිංහල ජාතිවාදය තහවුරු වීමත්, සම්බන්ධයෙන් උතුරේ ප‍්‍රතිචාරය වී ඇත්තේ මේ අයුරින් දෙමළ ජාතිකවාදය ඉස්මත්තට එ්මයි. විශේෂයෙන්ම පසු ගිය ජනාධිපතිවරණයේදී දෙමළ ජනයා දස දහස් ගණනින් මෛති‍්‍රපාලට ඡුන්දය දෙමින් සහ මහමැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය ඉහළින් දිනවීමෙන් බලාපොරොත්තු වූයේ මෙවරවත් දෙමළ ජනයාගේ ජාතික අභිලාශයෙන් යම් තරමකින් හෝ සපිරෙන යම් දේශපාලන වැඩ පිළිවෙලක් සිංහල ධනපති නායකයින් ඉදිරිපත් කෙරෙනු ඇත කියාය. එ් සම්බන්ධයෙන් නොයෙකුත් බලාපොරොත්තු උපදවන කතා සිදු කොට පසුව නව ව්‍යවස්ථාවක් සම්බන්ධව අතුරු යෝජනාවලියක් ඉදිරිපත් වුවද පසුගිය පළාත්පාලන ඡුන්ද ව්‍යාපාරය එළබීමක් සමගම එය අභාවයට ගිය බවක් පෙනේ.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post

Local Election

future of china

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.