lankasocialist
Monday, June 29, 2026
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

මාක්ස් එදා මෙන්ම අදද නිවැරදිය

dhammika by dhammika
July 6, 2015
in From the Press
0
මාක්ස් එදා  මෙන්ම  අදද නිවැරදිය
Share on FacebookShare on Twitter

 

ආර්ථිකය පිළිබඳව පැහැදිලිකර ගැනීමටත් ලෝකයේ වර්ධනය වෙමින් පවත්නා ධනේෂ්වර අර්බුදය නැතිනම් ගැටුම් නොසන්සුන් බව කුමන හේතු මත ඇති වන්නක්ද යන්න පහදා ගැනීමටත් ලෝකයපුරා බොහෝ විචාරකයෝ මාක්ස්ගේ සංකල්ප වෙත නැවත නැඹුරුවීමේ ප‍්‍රවනතාවයක් දකින්නට තිබේ.

නව ලිබරල් ධනවාදයේ අර්බුදය සමග සමහර විචාරකයන්ගේ දෑස් අතරට යථාර්ථය පිවිසෙන්නට පටන්ගෙන ඇත. මේ හේතුවෙන් ධනවාදයේ අර්බුදයේ ස්වභාවය පිළිබද මාක්ස්ගේ විශ්ලේෂණයන් අර්ධ වශයෙන් හෝ හඳුනා ගැනීමට මෙම විචාරකයන්ට සිදුවී තිබේ. මාක්ස් පැහැදිලිකර දුන් පරිදි මෙම අර්බුද එම ධනේෂ්වර පද්ධතියට නිසර්ගයෙන්ම අන්තර්ගත වෙයි.

ධනවාදය යනු චක‍්‍රීය පද්ධතියකිග විවධාකාර හේතු නිසා හදිසියේම හෝ ඏණිකව ධනේෂ්වර ක‍්‍රමයේ අර්බුද ඇතිවිය හැක. එය මුල්‍යමය කඩා වැටීමක් හෝ දේශපාලනික අස්ථාවරත්වයක් මත වුව සිදුවිය හැකිය. කෙසේ වුවද මාක්ස් විසින් මුලදීම විස්තර කරන ලද අයුරින් අර්බුදයක් ඇතිවීමට යටි තලයේ ගැබ්වූ හේතුන් වන්නේ ධනවාදය තුලම ඇති මුලික ප‍්‍රතිවිරෝධතාවයන්ය නැතිනම් පරස්පර විරෝධයයි.

එක් අතකින් නිෂ්පාදනයේ සමාජමය සමූහමය ස්වභාවයත් අනෙක් අතින් නිෂ්පාදන මාර්ගවල පෞද්ගලික අයිතියත් අතර එලිපිට පවත්නා ගැටුමකිග ඊට අමතරව ලෝක වෙළදපොල හා ජාතික රාජ්‍ය මගින් නිර්ණය කර ඇති සීමාවන් අතර එලිපිට පවත්නා ගැටුමකි. ධනවාදය පදනම් වන්නේ සමාජමය අවශ්‍යතා මත නොව ලාභය සඳහා නිෂ්පාදනය කිරීමයි. නව අගයන් නිර්මාණය කරන්නේ කම්කරු පන්තියයි. එසේ වී නමුත් ඔවුනට වේතනය වශයෙන් ලැබෙන්නේ එම නව අගයෙන් ඉතා සුලූ කොටසක් පමනකි.

ඉතිරිය එනම් අතිරික්ත වටිනාකම ධනපති පංතිය අත්පත්කර ගනිති. එහි ප‍්‍රතිපලයක් ලෙස තමා විසින්ම නිෂ්පාදනය කරන භාණ්ඩ ආපසු වෙළද පොළ තුලදී මිලදි ගැනීමට සාමුහික ලෙස කම්කරු පන්තියට ආර්ථික වශයෙන් හැකියාවක් නැත. ධනපතින් අර්ධ වශයෙන් මෙය විසඳන්නේ අතිරික්තයේ එක්තරා අනුපාතයක් කර්මාන්තවල වර්ධනය සඳහා යොදවමිනි. එහෙත් එයින් සිදු වන්නේ තව තවත් භාණ්ඩ නිෂ්පාදනය වැඩිවීමයි. එමගින් සිදු වන්නේ එක්තරා අවස්ථාවකදීද ගැටළුව මහත් සේ උග‍්‍රවීමයි. වලක්වාලිය නොහැකි ප‍්‍රතිපලය වන්නේ අධිනිෂ්පාදනය හා අධිධාරිතාවය දිර්ඝකාලීන වශයෙන් ධනවාදීන්ට පාලනය කල නොහැකි ලෙස මෙම ගැටළුව වර්ධනය වීමය. එහි ප‍්‍රතිපලයක් වන්නේ අර්බුදය නිසා ඉරිතලා පුපුරා ගිය පද්ධතියක් බවට ධනවාදය පත්වීමයි.

නූතන ආර්ථිකයේ මුලික ලක්ෂණ කුමක් වනු ඇද්දැයි යනුවෙන් ඉතා හොදින් මාක්ස් විසින් අනාවැකි පලකර ඇති බව සමහර මධ්‍යස්ථ විචාරකයන් පිලිගන්නී. නමුත් පොදුවේ ගත්කල මාක්ස්ගේ නිගමනයන්ගෙන් ඈත් වීමට ඔවුහු යත්න දරතිග මාක්ස් ඉතා ප‍්‍රසිද්ධ ලෙසම මෙසේ ප‍්‍රකාශ කළේය. ,දාර්ශනිකයන් මෙම ලෝකය පිළිබඳව අර්ථ නිරූපණයක් පමණක් කර ඇත. එසේ වුවද වැදගත්ම කරුණ වන්නේ ලෝකය වෙනස් කිරීමයි.

මෙයින් ගම්‍ය වන්නේ ධනවාදය ඓතිහාසිකව සිදුකළ කාර්යභාරය පිළිබඳව කිසිදු ධනාත්මක දෙයක් මාක්ස් නුදුටු බවක් නොවේ. ධනවාදයට ආවේනික සියළු කෲරත්වය තිබියදී වුවද නිෂ්පාදන බලවේගයන් හා වෙළද පොල වර්ධනය කිරීමේ ලා අවශ්‍ය ඓතිහාසික කාර්යභාරය ධනවාදය විසින් ඉටුකරන ලද බවද ඔහු හඳුනා ගත්තේය. එහෙයින් එය පෙර පැවති වැඩ වසම් යුගයට අයත් සමාජයන් පසුකර ඉදිරියට යාමකි. අද වන විට ධනපති විරෝධී ව්‍යාපාරයේ නිරතවන බොහෝ දෙනෙකුට ධනවාදය යන සංකල්පය ප‍්‍රගතිශීලී බලවේගයක් ලෙස සිතීමට දෙයක්වත් ඉතුරුවී නොමැත. එසේ වුවද එමෙන්ම මහා ධනස්කන්ධය විසින් විද්‍යාව හා තාඏණික ක‍්‍රමවේද වැඩි දියුණුවීම හරහා සමාජවාදී සමාජයක් බිහි කිරීම සඳහා අත්තිවාරම දමා ඇති බවද තේරුම් ගත යුතුය. ධනේෂ්වර ක‍්‍රමය විසින් කම්කරු පංතියක් බිහිකර ඇතිවා පමණක් නොව ධනේෂ්වර පංතියේ මිනීවල හෑරීමද එම කම්කරු පංතිය විසින් සිදු කරන බව මාක්ස් ප‍්‍රකාශ කළේ එබැවිනි.
එසේ නමුත් ධනවාදය යටතේ වස්තුව හා බලය සුලූ පිරිසගේ එනම් ධනපතීන් අතලොස්සකගේ හස්තයන් තුල සැමවිටම එ්කරාශවී සාන්ද්‍රණය වී ඇත. එමෙන්ම තාඏණය හා විද්‍යාවේ ප‍්‍රගතියට මුලික වි තිබෙන්නේ තර්කානුකූල හේතුන් නොව පුද්ගලික ලාභ ලබා ගැනීමේ අවශ්‍යතාවයයි. ඔවුන් විසින්ම පණ පෙවූ නිෂ්පාදන බලවේග පූර්ණ වශයෙන් උපයෝගී කර ගැනීමට ධනවාදයට කොහෙත්ම හැකියාවක් නැත. ධනවාදී ක‍්‍රමය මුහුණදෙන එක් ප‍්‍රධාන ගැටලූවක් වන්නේ එයයි.

ධනේෂ්වර ක‍්‍රමය විද්‍යාව හා තාඏණය අර්ධ වශයෙන් හා අප‍්‍රමානවත් අයුරින් භාවිතා වන පද්ධතියකි. එමෙන්ම ධනවාදී වෙළද පොළේ සමාජමය හා දේශපාලන ව්‍යාකූලත්වය විසින් දරිද්‍රතාවයෙන් පිරුණු පීඩිතයින් බොහෝ දෙනා විස්තාපනය කර සම්පත් හා බලය වැඩිකරගත් ධනවතුන් කිහිප දෙනෙකු බිහිකිරිමට සමත් වනු ඇත.

මාක්ස් හා එංගල්ස් 19 වන සියවසේදී ලියන ලද සියල්ලම දැන් සිදුවන දේ නිසා එලෙසින්ම තහවුරුව ඇතැයි මෙයින් අදහස් කරන්නේ නැත. සමාජවාදී විප්ලවයේ ආසන්නතාවය හා කාලසීමාව පිළිබඳව සහ එවැනි තවත් සමහර අනාවැකි පළකිරීම වැනි කරුණුවලදී ඔහු සම්පූර්ණයෙන් නිවැරදි වූයේ නැත.

1848දී සකස් කරන ලද ඉල්ලීම් මේ වන විට එ් අයුරින්ම කි‍්‍රයාවට නැගිය නොහැකිය. එමෙන්ම ඒ දවස පැවති සමාජයට වඩා අද සමාජය බොහෝ අයුරින් සංකීර්ණය. එ් කෙසේ වුවද සමාජය ගැන විධමත් ලෙස ඔවුන් පලකල පුදුම විය හැකි තරම් වන අදහස් රාශියක් එදා එ්වා ලේඛණගත කළ දිනයේදී මෙන්ම අදටත් වලංගුවේ. අතිරික්ත වටිනාකම පිළිබඳ න්‍යාය ධනේෂ්වර ක‍්‍රමය පවතින තාක් තිබෙන නිරපේක්ෂ සත්‍යයකි.

දාර්ශනිකයන් මෙම ලෝකය පිළිබදව අර්ථ නිරූපණයක් පමණක් කර ඇත. එසේ වුවද වැදගත්ම කරුණ වන්නේ එය වෙනස් කිරීමයි යනුවෙන් මාක්ස් විසින් පලකල අනාවැකිය එදාටත් වඩා වර්තමාන ලෝකයට වඩා උචිත වන බව නොකිවමනාය.

– ටානියා සමාධිනී –

Related Posts

2026 Ratutharuwa June Issu
From the Press

2026 Ratutharuwa June Issu

by Taniya
June 2, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්
From the Press

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

කම්කරු පන්තියේ කාන්තාවන්ගේ පීඩනය ජය ගැනීම සඳහා වැඩ පිළිවෙලක් ලොව පුරා සිටින කාන්තාවන් විවිධ ආකාරවලින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු...

by Taniya
March 6, 2026
The Left and the Presidential Election 2024
From the Press

The Left and the Presidential Election 2024

  Original Article: Socialistworld.net The United Socialist Party (USP), the Sri Lankan section of the Committee for a Workers’...

by dhammika
September 10, 2024
AI –  කෘතිම බුද්ධිය   කම්කරු පංතියට  ඇති කරන බලපෑම -‘The Socialist’ ලිපියක් ඇසුරෙන් – ප්‍රසාද් වැලිකුඹුර –
Articles

AI – කෘතිම බුද්ධිය කම්කරු පංතියට ඇති කරන බලපෑම -‘The Socialist’ ලිපියක් ඇසුරෙන් – ප්‍රසාද් වැලිකුඹුර –

මේ වන විට ලොව පුරා කතාබහට ලක්ව පවතින කෘතිම බුද්ධියේ ''Artificial Intelligence (AI)''නවතම විකාශනයන් පිළිබඳ ලංකාවේ වමේ ව්‍යාපාරය තුළ...

by Taniya
February 16, 2024
Next Post
Nominations for Elections

Nominations for Elections

Lanka Socialists

Separated they live in Bookmarksgrove right at the coast of the Semantics, a large language ocean. A small river named Duden flows by their place and supplies it with the necessary regelialia. It is a paradisematic country, in which roasted parts of sentences fly into your mouth.

Subscribe Our Newsletter

  • From the Press
  • Articles
  • Activities
  • Ratutharuwa
  • USP Statements
  • Upcoming Events
  • World News
  • Books
  • Other
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.