lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

condemn the brutal police attack

New Admin by New Admin
May 30, 2018
in ලිපි
0
condemn the brutal police attack
Share on FacebookShare on Twitter

බඳගිරිය -හම්බන්තොට ජනයාගේ පානීය ජල ප‍්‍රශ්නය විසඳනු

පිරිසිදු පානීය ජලය යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවයකි. රාජපඏ රෙජිමය රට පාලනය කළ සමයේ පිරිසිදු ජලය ඉල්ලා සාමකාමි ලෙස උද්ඝෝෂණය කළ වැලිවේරිය – රතුපස්වල ජනතාවට හමුදාව යොදවා පහරදී තිදෙනෙකු ඝාතනය කළ සිදුවීමට සමාන තත්වයක් දැන් මෛත‍්‍රී – රනිල් යහපාලන ආණ්ඩුව යටතේ බඳගිරියේ ජනතාවට මුහුණපෑමට සිදුව තිබේ. පානීය ජලය ඉල්ලා වීදි උද්ඝෝෂණයක යෙදුන හම්බන්තොට බඳගිරියේ ගම්වාසී ජනතාවට පොලිසිය විසින් පහරදී කඳුලූ ගැස් ප‍්‍රහාරයක් එල්ල කර දරූණු මර්ධනයක් දියත් කර ඇත. coque samsung pas cher බඳගිරියේ ජනතාව පිරිසිදු ජලය ඉල්ලා කාලයක් තිස්සේ උද්ඝෝෂණයන් වල යෙදුනි. එහෙත් රජයේ නිලධාරීන් හා දේශපාලඥයින් එම ප‍්‍රශ්නයට විසදුම් ලබා දෙන බවට පොරොන්දුවී ඇතත් එයට පිළියම් නොලද බැවින් ප‍්‍රදේශයේ ජනතාවට වීදි බැසීමට සිදුව ඇත. දේශපාලඥයින් මෙලෙස ජනතාවගේ දැවෙන ජල ප‍්‍රශ්නයට විසදුම් දීමට අපොහොසත් වන විට ජනතාවට සාමකාමී උද්ඝෝෂණයන් කරනවා හැර වෙනත් දෙයක් කිරීමට නොමැතිය. පසුගිය රාජපඏ පාලන සමයේ නගර අලංකාරය සඳහා හංසයින්ට දිය නෑම සඳහා කෘතීම ජල තටාංග ඉදිකෙරුනේ හම්බන්තොට වැසියන් ජල පිපාසාවෙන් පෙලෙමින් සිටියදීය. coque iphone France සජිත් පේ‍්‍රමදාසලා වැනි හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ නායකයින් රාජපඏලාගේ පවුල් ආශාවන් සඳහා විශාල වශයෙන් මහජන මුදල් කාබාසිනියා කරද්දී එදා විවේචනය කළේය. coque iphone en ligne සජිත් පේ‍්‍රමදාසලා එදා ජනතාවට පෙරොන්දු වුයේ රාජපඏලාගේ පිරිහුණු දේශපාලන සංස්කාතිය වෙනස් කර ජනතාවගේ අවශ්‍යතාවයන්ට ඔවුන් මූලිකත්වය දෙන බව පවසමිනි. එහෙත් දැන් සිදුව ඇත්තේ රාජපඏලාගේ මර්ධනය වෙනුවට යහපාලනයේ මර්ධනයට බඳගිරියේ ජනතාවට මුහුණදිමටය. හම්බන්තොට බඳගිරියේ ජනතාව දිගු කාලයක් පුරා උද්ඝෝෂණය කර අවසානයේ තිස්ස – හම්බබන්තොට මහා මාර්ගයට පැමින කුඩා දරුවන්, වැඩිහිටියන් සමග දහස් ගනනක් පාරට බැස උද්ඝෝෂණය කරන විට ප‍්‍රදේශයේ මැති ඇමතිවරු රාශියක් සිටියත් කිසිදු දේශපාලඥයෙක් එතැනට නොපැමිනීම පෙන්නුම් කරනුයේ ඔවුන්ගේ බංකොලොත් දේශපාලනයයි. coque samsung බඳගිරියේ උද්ඝෝෂණයේදී අත්අඩංගුවට පත් ජනතාවට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීම වහා නවතා දමන ලෙසත් එම ප‍්‍රදේශයේ ජනතාවගේ ජල ප‍්‍රශ්නය විසදිමට කඩිනම් පියවර ගන්නා ලෙසත් එක්සත් සමාජවාදී පඏය බලධාරින්ට හා ආණ්ඩුවට බලකර සිටී.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
චෝදනා නොමැතිව රඳවා සිටින සිරකරුවන් නිදහස් කරනු

චෝදනා නොමැතිව රඳවා සිටින සිරකරුවන් නිදහස් කරනු

75 වන Trotsky සැමරුම

75 වන Trotsky සැමරුම

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.