• #1387 (no title)
  • 2024 நாடாளுமன்றத் தேர்தல்
  • About Us
  • Articales
  • Articles
    • දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
  • Contact USP
  • Donate
  • Join Us
  • May Day
  • MayDay
  • MAYDAY 1
  • MAYDAY 1
  • New Menu 1
  • Ratutaruwa
  • Ratutaruwa artical
  • Ratutharuwa
    • ratutaruwa
  • Ratutharuwa
  • Sri Lanka:Tremendous success of book launch in Jaffna
  • Tamil
  • The Left
  • this year
  • USP MAYDAY
    • MAY DAY 2017
  • උතුරේ මහ ඇමති විග්නේශ්වරන් ප්‍රමුඛ දෙමළ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් “එලුංග තමිල්” නම්න් පැවති උද්ඝෝෂණය කෙරෙහි උද්ගතව ඇති තත්වය ගැන එක්සත් සමාජවාදී පක්ෂය, වමේ හඬ සංවිධානය, අක්ෂය සාමූහිකය එක්ව පවත්වන ලද පුවත් පත් සාකච්ජාව
  • ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ
Lanka Socialists
No Result
View All Result
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ලංකාවේ දෙමළ ජාතික අරගලය සහ බ්‍රිතාන්‍යයේ නව විපක්ෂ නායක

dhammika by dhammika
May 30, 2018
in Articles
0
ලංකාවේ දෙමළ ජාතික අරගලය සහ බ්‍රිතාන්‍යයේ නව විපක්ෂ නායක

TAMIL

හැදින්වීම – බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝර්බින් පසුගිය දිනෙක විදෙස්ගත දෙමළ ජාතිකයන්ගේ සංවිධානයක් වන ‘කම්කරු පක්ෂය වෙනුවෙන් දමිළ ජනතාවʾ නම් සංවිධානය විසින් කැදවා තිබූ රැස්වීමකට සහභාගි විය. මෙම රැස්වීමේ දී කෝර්බින් ලංකාව දෙකඩ කිරීමට ශපථ කලේ යැයි මේ දිනවල සිංහල ජාතිවාදී මාධ්‍ය විශාල හා හූවක් ගෙන යමින් සිටී. පහත පලවන්නේ එම රැස්වීම පිලිබද බ්‍රිතාන්‍යයේ ජීවත් වන දේශපාලන ක්‍රියාකාරිකයෙක් වන ටී.යූ. සෙනන් සහෝදරයා විසින් රචිත ලිපියක සිංහල පරිවර්තනයයි.   බ්‍රිතාන්‍යය තුල දැනට ක්‍රියාවට නංවා තිබෙන නව ලිබරල් සුභසාධන කප්පාදු වැඩපිලිවෙත්වලට එරෙහි පදනමක් මත පසුගිය වසරේ කම්කරු පක්ෂ නායකත්වයට පත් ජෙරමි කෝර්බින් චිර ප්‍රසිද්ධ වාමාංශිකයෙකි. හෙතෙම ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රීය අභිලාෂයන්ට පක්ෂපාතී ස්ථාවරයක් දරයි. ටී.යූ. සෙනන්ගේ මෙම ලිපිය ලංකාවේ ජාතික ප්‍රශ්නය ගැන බ්‍රිතාන්‍යයේ දක්ෂිණාංශික කොන්සර්වෙට්වි පක්ෂය දරන මතය, එම මතයෙන් කම්කරු පක්ෂයේ වාමාංශික කොටස්වල මතය වෙනස් වන ආකාරය හා කම්කරු පක්ෂයේම වාම හා දක්ෂිණාංශික කණ්ඩායම් අතර මේ ගැන තිබෙන මතවාදී ගැටුම් පිලිබද කදිම අදහසක් සපයයි. තවද ජාතික ප්‍රශ්නයට ප්‍රවේශ විය යුතු ආකාරය ගැන දෙමළ ඩයස්පෝරාවේ විවිධ කණ්ඩායම් අතර තිබෙන මතභේද පිලිබදව ද මෙය අගනා ඉදිරිපත් කිරීමකි.නව ලිබරල් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමග සහයෝගයෙන් වැඩ කරන බ්‍රිතාන්‍ය කොන්සර්වෙටිව් පක්ෂ රජයට සමීප දෙමළ ඩයස්පෝරා කොටස් කෙරෙහි විවේචනාත්මක වන ලේඛකයා තර්ක කරන්නේ ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් දෙමළ ජනයා ලංකාවේ කරන අරගලයට සෙසු ජනකොටස්වල පහල පාංතික ජනතාවන්ගේ සහය ලබාගැනීමට නම් දෙමළ ජාතික අරගලය නව ලිබරල් වැඩපිලිවෙත්වලට එරෙහි ආස්ථානයක් ගත යුතු බවයි. කම්කරු ජාත්‍යන්තරයක් සදහා වූ කමිටුවේ බ්‍රිතාන්‍ය අංශය වන සමාජවාදී පක්ෂයේ ක්‍රියාධරයෙක් වන ටී.යූ. සෙනන් ලංකාවේ දෙමළ ජනයාගේ අරගලයට සහයෝගය දීම සදහා පිහිටවා තිබෙන ‘දමිළ සහයෝගීතාවයʾ(Tamil Solidarity) සංවිධානයේ ද සාමාජිකයෙකි. යාපනයේ උපන් ලාංකික දෙමළ ජාතිකයෙක් වන හෙතෙම යුදමය තත්වයේ බලපෑම මත බ්‍රිතාන්‍යයට විගමනය වූවෙකි.


බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක දෙමළ ජාතික සංවිධානයක් වන ‘කම්කරු පක්‍ෂය වෙනුවෙන් දමිළ ජනතාවʾ(Tamils for Labour) සංවිධානය පසුගිය අප්‍රේල් 11 වන දා එය මෙතෙක් පැවැත්වූ විශාලතම රැස්වීම පැවැත්වූයේය. එයට 400 ට අධික පිරිසක් සහභාගි වූ අතරඉන් බොහෝ පිරිසක් තරුණ දෙමළ ජාතකයින් විය. පිරිසගේ සහභාගීත්වයට ප‍්‍රධාන හේතුව වූයේ හමුවේ ප‍්‍රධාන කථිකයා වූ කම්කරු පක්‍ෂයේ නායක හා විපක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෙරමි කෝර්බින් ය. coque samsung pas cher   සුපරීක්‍ෂක විදේශ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිලරි බෙන් හා එඞ් මිලිබෑන්ඞ් නායකත්වය යටතේ හිටපු සුපරීක්‍ෂක ව්‍යාපාර ලේකම්ව සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී චුකා උමුන්නා ද තවත් කම්කරු පක්‍ෂ මන්ත‍්‍රීවරුන්ද මෙහිදී කථා පැවැත් වූ අතර, දෙමළ ජනතාවගේ දුක්ඛිත තත්ත්වය පිළිබඳව විස්තරාත්මකව ලියා ඇති මාධ්‍යවේදී කැලම් මැකරේ, ෆ‍්‍රැන්සස් හැරිසන් හා සෝන්යා සීකීට්ස් යන අයද මෙම වේදිකාවේ සිටියෝය. ( Shadow cabinet – සුපරීක්ෂක කැබිනෙට්ටුව. මින් අදහස් වන්නේ බ්‍රිතාන්‍යයේ ආණ්ඩු පක්ෂයේ කැබිනෙට්ටුවට සමගාමීව අමාත්‍යංශවල කටයුතු සුපරීක්ෂණය කිරීම සදහා විපක්ෂය විසින් පිහිටුවනු ලබන විපාක්ෂික මණ්ඩලයකි – පරිවර්තක)   මෙම රැස්වීමේ දී කැපී පෙනුනේ කම්කරු පක්‍ෂය තුළම විදේශ ප‍්‍රතිපත්තිය කෙරෙහි පවතින ප‍්‍රවේශයන්හි ඇති විශාල පරතරයයි. මන්ත‍්‍රී කීත් වාස්, කම්කරු පක්‍ෂය මූලධාර්මිකව පාලක කොන්සවේටිව් පක්‍ෂයෙන් වෙනස් වන්නේ යැයි පැවසීමට උත්සහා ගන්නා විට හිලරි බෙන් පෙන්වූයේ තම ස්ථාවරය, නොමද වෛරයට හා අපහාසයට පාත‍්‍ර වූ කොන්සවේටිව් පක්‍ෂයේ හිටපු විදේශ ආමාත්‍ය ලියම් ෆොක්ස් හා ඔහුගේ අනුප‍්‍රාප්තිකයින්ගෙන් ප්‍රතිපත්තියෙන් වෙනස් නොවන බවයි.   පසුගිය දෙසැම්බරයේදී කම්කරු පක්‍ෂය තනිවීම වළක්වා ගත යුතු යැයි තර්ක කරමින් සිරියාවට බෝම්බ දැමීමට පක්ෂව හිලරි බෙන් කොර්බින්ට එරෙහිව ඍජු ප‍්‍රහාරයක් දියත් කළේය. ඔහු පාර්ලිමේන්තුවේදී කරන ලද ”අප නපුරට අභිමුඛ විය යුතුයි” කථාව දැන් කුප‍්‍රකටය. එම කථාවෙන් අනතුරුව කම්කරු පක්‍ෂයේ දක්‍ෂිණාංශිකය හා සංස්ථාපිතයේ මාධ්‍යය ඔහුව කොර්බින්ට විරුද්ධ වූ අභියෝගයක් ලෙස අභිෂේක කළේය. පසුව පැවති සුපරීක්‍ෂක කැබිනට්ටුව නැවත තේරීමේදී බෙන්ව සුපරීක්ෂක කැබිනෙට්ටුවෙන් ඉවත් නොකිරීම පිළිබඳව යුධ විරෝධී ක‍්‍රියාකාරීන් කළකිරුණු නමුත් ඔහු තම විදේශ ප‍්‍රතිපත්තිය වෙනස් කොටගෙන නැති වීම ගැන පුදුම වූයේ නැත.   බෙන් මෙම රැස්වීමට එකතු වී සිටි පිරිස අමතා විවිධාකාර දෑ දේශනා කල නමුත් හමුවට පැමිණි පිරිස සතුටු කල හැකි කිසිවක් පැවසීමට අසමත් වූවේය. යම් කිසි අනාගත දිනකදී ‘සලකා බැලිය හැකිʾ දේශපාලන විසඳුමක් ලෙස ඔහු ”ස්වයං පාලනය” යන වචනය භාවිතා කළද, ඔහුගේ කේන්ද්‍රීය තේමාව වූයේ තීරණාත්මක ප‍්‍රතිපත්තියක් ලෙස ශ‍්‍රී ලංකාව හා වෙළඳ ගිවිසුම් අඛන්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කමයි. ඔහු මෙසේ පවසන්නේ වධ බන්ධනයෙන් නිදහස (Freedom from torture) සංවිධානයේ සෝන්යා සීකීට්ස් හා තවත් ක‍්‍රියාකාරීන් බොහොමයක් දෙනා ශ්‍රී ලංකාවේ දැනටමත් සිදුවන වධ බන්ධනයන්, අසාධාරණයන් හා දැනට පවතින රජය කිසිදු දේශපාලනික සහනයක් ලබා දීමට පළ කර ඇති අකැමැත්ත පිළිබඳව කරුණුමය විස්තර කිරීම්ද සිදු කිරීමෙන් අනතුරුවය.   කෙසේ වෙතත් ඔහු පළ කළ අදහස් ඔහුට පසුව කථා කළ ජෙරමි කෝබින්ගේ තියුණු විවේචනයට ලක් වූවේය. සත්‍ය වශයෙන්ම මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම යන්න කුමක්ද යන්න පිළිබඳව පාඩමක් ජෙරමි කෝබින් හිලරි බෙන්ට කියා දුන්නේය. ”වෙළඳ ගිවිසුම්වල මානව අයිතිවාසිකම් වල අර්ථයන් ඇතුළත් විය යුතුයි. වෙළඳ හවුල්කරුවෙකු මොනම යම් ආකාරයක හෝ බල කිරීමක එනම් වධ හිංසා පැමිණවීම් ආදී ක්‍රියාවල නිරත වී සිටී නම් ඔවුන් සමාන වෙළඳ හවුල්කරුවන් සේ නොසැලකිය යුතුයි” යැයි පවසමින් කෝර්බින් වක‍්‍ර ලෙස බෙන්ට යහපත හා නපුර වෙන් කිරීමට ඇති හැකියාව ප‍්‍රශ්න කළේය. ඔහු පැහැදිලි කළේ තමන් ස්වයං නිර්ණය අයිතිය දිනා ගැනීම සඳහා වූ දෙමළ ජනතාවගේ අරගලයට සහය දක්වන බවයි.   මෙම හමුවට විශාල පිරිසක් ආකර්ශනය කරන ලද්දේ මේ වෙනස විසිනි. කම්කරු පක්‍ෂයේ නායකත්වයට කෝර්බින් පත් වීමට පෙර කලු ජාතිකයින් හා ආසියානුවන් කම්කරු පක්‍ෂ රුස්වීම්වලට මෙතරම් උද්යෝගයෙන් සහභාගී වූයේ නැත. කොන්සවේටිව් පක්‍ෂය විසින් ක්‍රියාවට දමා තිබෙන අත්‍යාවශ්‍ය සේවා කප්පාදු කිරීමේ වැඩපිලිවෙත්වලින් වැඩිපුරම පීඩා විඳිනා කලු ජාතික හා ආසියානු ජනතාව ස්ථාපිතයේ දේශපාලන පක්‍ෂවලින් බැහැර වී සිටිති.   කලු ජාතික හා ආසියානු ජනතාව අතර කම්කරු පක්‍ෂයට ඇති සහය කවරදාටත් වඩා පහළ බැස ඇති බව චුකා උමුන්නා පිළි ගත්තේය. මෑත කාලීනව මෙය සීමිත ලෙස වෙනස් වී ඇත්තේ කම්කරු පක්‍ෂයේ සිදු වී ඇති මූලික වෙනසක් නිසා නොවජාතික සෞඛ්‍යය සේවය ආරක්‍ෂා කිරීම, නිදහස් අධ්‍යාපනය හා අඩු වැටුප් වලට එරෙහි අරගලය වැනි බි‍්‍රතාන්‍ය කම්කරු පන්තියේ සමහර ඉල්ලීම් වෙනුවෙන් සටන් කිරීමට ජෙරමි කෝර්බින් දක්වා ඇති කැමැත්ත හා ඔහු විසින් නිර්මාණය කර ඇති උද්යෝගය හා ශක්තිය නිසාවෙනි.   අප කෝර්බින්ගෙන් දකින්නේ විදේශ ප‍්‍රතිපත්ති නිසාවෙන් පක්‍ෂ නායකත්වයේ බහුතරයක් හා ගැටුමක් ඇති කර ගැනීමට සිදු වී ඇති නායකයෙකි. වෛරයට පාත‍්‍රව ඇති හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් ජෙරමි කොර්බින්ට ඡන්දය දීමට සිටි අය අමතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ”ඔබේ හදවත ජෙරමි කොර්බින් සමඟ නම් වෙනත් හදවතක් බද්ධ කර ගැනීම වඩා උචිතʾʾ බවයි. Coque huawei Pas Cher උමුන්නාගේ කථාව පුරාම පැවතියේ උද්දච්චකම හා නොදැනුවත්කමයි. කම්කරු පක්‍ෂයේ නායකත්වය ඩැහැ ගැනීමට තැත් කරන තම ව්‍යාපාරයේ කොටසක් ලෙස ඔහු මෙම රැස්වීම දුටුවා වැනිය. ඔවුන් සියලු දෙනා මාන බලන්නේ 2020ට පෙර කොර්බින්ව පක්ෂ නායකත්වයෙන් පලවා හැරීමටයි.   මෙම තත්ත්වය දෙමළ ඩයස්පෝරාව මෙන්ම ශ‍්‍රී ලංකාව තුළ සිටින නව ලිබරල් කප්පාදු ප‍්‍රහාරයන්ට ප‍්‍රතිරෝධය දැක්වීමට අපේක්‍ෂා කරන පිරිස්වලටද වැදගත් උපායමාර්ගික ප‍්‍රශ්න මතු කරයි. coque samsung pas cher වර්තමාන ශ‍්‍රී ලංකා රජයට බටහිර බලවතුන්ගේ සියලුම සහය ලැබෙන්නේ බෙන් පෙන්වා දුන් හේතුව නිසාය. එනම් බටහිර සමඟ වෙළඳාම් කිරීමේ ප‍්‍රවේශයේ සිදු වී ඇති වෙනස නිසාය.   නැවත ලංකාවට පැමිණ මානව හිමිකම් පිළිබඳව ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රගතිය සියසින්ම බලා ගන්නා ලෙස විදේශ අමාත්‍ය හියුගෝ ස්වයර් බි‍්‍රතාන්‍ය දෙමළ ජාතකයින්ට පැවසූ විට ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙන්ම මානව හිමිකම් ක‍්‍රියාකාරීන්ද විමතියට පත්විය. යුද්ධයෙන් පීඩාවට පත් වූවන්ට යුක්තිය සොයන අයට දැන් තෝරා ගැනීමක් අභිමුඛ වී ඇත. ඔවුන්ට කොන්සවේටිව් පක්‍ෂය හා එහි ශ‍්‍රී ලාංකීය හවුල්කරු වන එක්සත් ජාතික පක්‍ෂය සමඟ අවශ්‍ය නම් ඉදිරියට ගමන් කළ හැකි අතර එම චාරිකාවේ ගමනාන්තය වැසුණු පාරකි. එසේ නැතිනම් මානව හිමිකම් මත අචල ලෙස පදනම්ව දෙමළ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ජාතික ඉල්ලීම් වෙනුවෙන් සහය ගොනු කරගැනීමේ මාවත තෝරාගත හැක.   සියලූම ජාතීන් වල ජනතාවගේ අයිතිවාසිකම් මත ප‍්‍රහාරයන් එල්ල වන සමයක, පෙනෙන තෙක් මානයේ ඇති සියලු දේ පෞද්ගලීකරණය කිරීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් වන සමයක, දෙමළ ඩයස්පෝරාව සිට ගන්නේ කොතැනද යන්න අතිශයින් වැදගත් වේ. අප ශ‍්‍රී ලංකාවේ වැඩ කරන ජනතාවගේ තත්ත්වයන් පරිහානියට පත් කිරීමට දායක වීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිට ගන්නේද නැතිනම් ඔවුන්ට එරෙහිව තිරසාර ලෙස සිට ගන්නේද?සිංහල, දෙමළ, මුස්ලම් හා කඳුකරයේ වැඩ කරනා ජනතාව ඇතලු සියලුම ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කිරීම හැර එය කිරීමට වෙනත් මාර්ගයක් නැත. එසේ නොකරන්නේ නම් ඉදිරියේදී පැමිණෙන ප‍්‍රහාරයන්වලින් බැට කෑමට නියමිත ජනයා ඉදිරියේ ජාතික අයිතීන් සඳහා ඇති ඉල්ලීම්වලට කිසිදු සදාචාරාත්මක බලයක් නොපවතිනු ඇත. අප සිටගන්නේ පීඩකයින් සමඟ නම් ස්වයං නිර්ණය සඳහා වූ ඉල්ලීමට ශ‍්‍රී ලංකාවේ පුලුල් ජනයාගෙන් සහය ඉල්ලීමට නොහැකි වනු ඇත.   අපගේ සියලු අයිතාවාසිකම් දක්‍ෂිණාංශික ජාත්‍යන්තර ආණ්ඩු මාර්ගයෙන් දිනා ගත හැකිය යන්න ඉතාමත්ම රැවටිලිසහගත ප‍්‍රකාශයක් වේ. කම්කරු පක්‍ෂයේ රැස්වීමටද නොපැමිණිබි‍්‍රතාන්‍ය දෙමළ සංසදයමෑත කාලීනව විශාල වශයෙන් උත්සහ කරන ලද්දේ කොන්සවේටිව් පක්‍ෂය සමඟ ළඟින් සම්බන්ධ වීමටයි (British Tamil Forum – බ්‍රිතාන්‍ය දෙමළ සංසදය බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක විදෙස්ගත දෙමළ ජාතිකයන්ගේ ප්‍රමුඛ පෙලේ සංවිධානයකි – පරිවර්තක) .වර්තමාන ශ‍්‍රී ලාංකික රජය සමඟ ද එහි සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමේ ක‍්‍රියාවලියක ඔවුන් නිරත වී සිටී. එවැනි උපායමාර්ග වලන් සිදු වනු ඇත්තේ පැවති රෙජීමය වැනි ස්වෝත්තමවාදී බලවේග ශක්තිමත් කිරීම පමණි. දකුණු ශ‍්‍රී ලංකාවේ සිදු වන්නේ කුමක්දැයි තමන්ට අදාළ නොවන බව බි‍්‍රතාන්‍ය දෙමළ සංසදය පවසන්නේ යැයි සිතූවත්, ඔවුන්ගේ මෙම උපායෙන් දෙමළ ජනතාවට කිසිදු අයිතිවාසිකමක් දිනා ගත නොහැකි වනු ඇත. හියුගෝ ස්වයර් ඉහත කී ප‍්‍රකාශය සිදු කරන ලද්දේ බි‍්‍රතාන්‍ය දෙමළ සංසද රැස්වීමක වුවද එයට එම සංසදය බරපතල අභියොගයක් එල්ල කළේ නැත. දේශපාලන විසදුමක් පිළිබඳව තම ආකල්පය කොන්සවේටිව් පක්‍ෂය විසින් කිහිප වතාවක්ම සුපැහැදිලිව පෙන්වා ඇත. ඕනෑම ගැටුමක් ”විසඳීම” සදහා වූ ඔවුන්ගේ ප‍්‍රතිගාමී ප්‍රවේශය දේශපාලනයේ හෝඩිපොත යම්තම් දන්නා ශිෂ්‍යයෙකුට වුව වටහා ගත හැක්කකි. රැස්වීමේදී මතු කළ ප‍්‍රශ්නයකට හිලරි බෙන් ලබා දුන් පිළිතුරට අනුව කම්කරු පක්‍ෂයේ දක්‍ෂිණාංශයද ඉදිරියට යාමට මාවතක් පෙන්වා නොදේ. ඔහුගේ පක්‍ෂ නායකයාගේ කථාව ඔහුගේ ස්ථාවරයේ කිසිදු වෙනසක් ඇති කළේ නැත. Coque huawei En Ligne   යුද්ධය අවසන් වී වසර හතක් ගත වී ඇතැයි හිලරිට මතක් කළ විට ඔහු ලබා දුන් පිළිතුර ශ‍්‍රවණාගාරය හා ක‍්‍රියාකාරීන්ව මවිතයට පත් කළේය. ඔහු අපට මතක් කර දුන්නේ ”ලේ වැකි ඉරිදා” (Bloody sunday) දිනයට පසුව යුක්තිය ඉටු කිරීමට කොපමණ කාලයක් ගත වූයේද යන්නයි. (Bloody Sunday – ලේ වැකි ඉරිදා – 1972 දී උතුරු අයර්ලන්තයේ පැවැති පෙලපාලියකට බ්‍රිතාන්‍ය හමුදා වෙඩි තැබූ අතර නිරායුධ සිවිල් වැසියන් 26 දෙනෙක් ඉන් මරුමුවට පත්විය. මෙම සංහාරය අයර්ලන්ත ජාතික අරගලයේ සන්ධිස්ථානයක් ලෙස සැලකේ – පරිවර්තක) කවුරුන් විසින් කවුරුන්ව මරා දැම්මෙද යන්න කතා කිරීමට දශක ගණනාවක් ගත වීම පිළිකුල් සහගතය. එය තුවාල සුව කිරීම වෙනුවට තුවාල තව තවත් නරක් කළේය. බෙන් තම මොට්ට ප්‍රකාශයෙන් කලේ යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ වැසියන්ට පමණක් නොව අයර්ලන්ත ජාතිකයින්ටද නිග‍්‍රහ කිරීමකි.   යුක්තිය පසිඳලීමකින් තොරව හුදෙක් කාලයත් සමඟ තුවාල හොඳ වන්නේ නැත. යුක්තිය දැකීමට නම් දෙමළ ජනතාව දශක ගණනාවක් බලා සිටිය යුතු යැයි පැවසීම ඔවුන්ට යුක්තිය ප‍්‍රතික්ෂේප කොට අපරාධකාරයින්ට ගැලවී යාමට ඉඩ සැලසීමකි. මේ සියල්ල කුමක් සඳහාද? පැනමාවේ රහසිගත ගිණුමක් විවෘත කිරීමට විශාල සමාගම්වලට ධනය සොයා දෙන වෙළඳ ගිවිසුම් සඳහාද? අප මෙම විදේශ ප‍්‍රතිපත්තියට විරුද්ධ විය යුතුයි. එය බි‍්‍රතාන්‍යයේ වැඩ කරන ජනතාවට වාසි ගෙන නොදෙනවා මෙන්ම ශ‍්‍රී ලංකාවේ සිංහල හා දෙමළ ජනතාවට රාජ්‍ය සේවා අහිමි කරයි, දෙමළ ජනතාවට යුක්තිය හා ජාතික අයිතිවාසිකම් අහිමි කරයි.   බෙන්ගේ ප‍්‍රකාශයට එරෙහිව රැස්වීමේ නැගුණු විරෝධයට හඬක් ලබා දුන්නේ කැලම් මැකරේ විසිනි. ඔහු රැස්ව සිටි පිරිසට මතක් කර දුන්නේ ”යුක්තිය ලැබෙන තුරු බලා සිටිය යුතු නැති බව”හා තවදුරටත් ගැටුම් හා පවතින ගැටලු වැඩි වීම් වළක්වා ගැනීමට නම් යුක්තිය පසිඳලීම ඉතාමත්ම වැදගත් බවත්ය. විවාදය දිනුවේ කව්ද?තරුණ පිරිස රැස්වීමෙන් පසුව වට වූයේ කැලම් වටේටය. ඔහු ගොඩනැගිල්ලෙන් පිට වූයේ පැය ගණනාවකට පසුවයි. Achat coque huawei මෙය කම්කරු පක්‍ෂය තුළ සිටින වාමාංශයටද පාඩමකි. කලු ජාතිකයින්ගේ හා ආසියානුවන්ගේ හදවත් දිනා ගැනීමට නම් කොන්සවේටිව් පක්‍ෂයට හා හිලරි බෙන් නියෝජනය කරන කම්කරු පක්‍ෂයේ දක්ෂිණාංශයට අභියෝග කළ යුතුම වේ.

Previous Post

Sathyagraha Camping was held in of Colombo fort Railway station

Next Post

Ratutaruwa

Next Post

Ratutaruwa

Categories

  • Activities
  • Articles
  • Books
  • From the Press
  • Local
  • Other
  • Persepectives
  • Ratutharuwa
  • Upcoming Events
  • USP Statements
  • Video/Audia
  • World News
  • අවනඩුව

Archives

  • February 2025
  • December 2024
  • November 2024
  • October 2024
  • September 2024
  • August 2024
  • July 2024
  • May 2024
  • April 2024
  • March 2024
  • February 2024
  • November 2023
  • October 2023
  • September 2023
  • August 2023
  • July 2023
  • June 2023
  • May 2023
  • April 2023
  • March 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • October 2022
  • September 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • April 2022
  • February 2022
  • December 2021
  • November 2021
  • April 2021
  • February 2021
  • January 2021
  • December 2020
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • June 2017
  • May 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • November 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • September 2015
  • August 2015
  • July 2015
  • June 2015
  • May 2015
May 2016
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Apr   Jun »

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.